මේ තියෙන්නේ පසුගිය දිනක ඇස ගැටුන කහ කුරුල්ලෙක් ගේ කුඩුවක්. මේ කුඩුව පිහිටලා තිබුන ස්ථානය අනුව මට ඡායාරුප හත කිරීමට ලැබුනේ එකම කෝණයකින් පමණයි. එමෙන්ම එදා කාලගුණ තත්වයත් ඉතාම අයහපත්ව තිබුනේ. එම නිසා ඉතා සාර්ථක ඡායාරුප ගැනීමක් සිදු නොවුනා.
මගේ ජිවිතයේ පළමු වතාවට තමයි කහකුරුළු කුඩුවක් දැක්කේ. ඉතින් මේ ෆොටෝ කීපය බ්ලොග් මිතුරන් සමග බෙදාගන්න හිතුනා.
|
ගේ ඇතුලටම වෙලා ඉන්න කියලා අම්මා කිවා.. |
|
අම්මා කීවට බැහැ අප්පා.., පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕන. |
|
ම්හු... මොනවත් පෙනෙන්න නැහැ.. තව ටිකක් බෙල්ල දික්කරලා බලමු .... |
|
ඕන කෙන්ගෙඩියක් වෙච්චාවේ.. මම ඔන්න එලියටම ආවා.... |
|
පොඩ්ඩක් එලියට යන්න නැහැ... අම්මා එතනට ඇවිත් අපහු මාව ඇතුලටම දානවා. |
|
කෑම හරිම රසයි අප්පා... |
ඊට පසු වෙනිදා කාලගුණ තත්වය යහපත් උන නිසා සියලුම කැමරා ආම්පන්න ටික උස්සගෙන් එතනට ගියා, නමුත්....... මහා පාළුවක් හිස්බවක් විතරයි .... කුරුළු පැටියා දකින්නට හිටියේ නැහැ. මහ කිරිල්ලි විටින් විට කුඩුව වෙත ඇවිත් කෑ ගැසුවා......
පරිසරය සුන්දර කරන්න බිහිවූ වටිනා ජිවිතයක් අහිමි වී ඇති බව මට දැනුනා....
අද තමයි අයිලාෂ්ගේ පැත්තේ ආවේ. මෙහෙම හරි කුරුල්ලන් ආරක්ෂා වෙලා සිටීම සතුටක්.
ReplyDeleteස්තුතියි සුදික, දිගටම එන්න. මමනම් ඒ පැත්තේ ඉස්සර ඉඳන්ම එනවා.
Deleteඅප්පට සිරි නැග්ගා වත්ද ගැරඩියෙක්
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙමයි අටමෝ
Deleteඅනේ පව්.... අපේ වත්තෙත් කහ කුරුල්ලෝ නම් ඉන්නවා. කුඩුවක් ඇතුලේ පැටව් ඉන්නවා දැක්කේ නම් මේ පින්තූර වලින්....
ReplyDeleteබොහොම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ/
Deleteඌ පියාඹලා ගියා වෙන්න බැරිද? මාත් කහ කුරුලු කූඩුවක් දැක්කෙ අද.
ReplyDeleteනැහැ චම්ස්, ඌට පියාඹලා යන්න තරම් වයසක් නැහැ අර පැටියා එළියේ ඉඉන ෆොටෝ එක බලන්න උගේ ඔලුවේ පිහාටු ඇවිල්ලත් නැහැ. අනිත් කාරණය තමයි ඌ පියාඹලා ගියානම් ලොකු කිරිල්ලි ඔය කුදුව ලඟට සැරින් සැරේ ඇවිත් කෑ ගහන්නේ නැහැ. අනිවාර්යයෙන් පැටියාට කරදරයක් වෙලා.
Deleteහ්ම් ... අපිට බලන්න උවමනාවක් තියෙනව නම් ස්වභාවදහම කොයිතරම් දේවල් පෙන්නන්න ලැහැස්තිද.
ReplyDeleteඒකනම් සැබෑවක්මයි මිත්‍රයා.
Deleteපින්තුර ටිකනම් බොහොම අපුරුයි අයියා.
ReplyDeleteඅපි කණගාටුඋනාට ඕක ස්භාවදහමේ එක තියරියක් තමයි.
ඔව් මල්ලි ඒ තමයි ස්වභාවධර්මයේ හැටි. නමුත් කහ කුරුල්ලා කියන්නේ දැන් බොහොම දුලබ සතෙක්.
Deleteඅන්තිම වාක්‍යෙයන් හදවත කටන් වැටුණා වගේ වුණා...
ReplyDeleteඔබේ සංවේදී බව එයින් පෙනෙනවා නලින්.
Deleteමොනවා කරන්නද සොබාදම් තියරිය නොවැ..
ReplyDeleteස්තුතියි මිත්‍රයා අදහස් දැක්වීමට. අපිට මේ තියරියට පිටින් යන්න බැහැ නෙව.
Deleteඅපරාදේ, ගොඩක් සතුටෙන් මුල් ෆොටෝ ටික බැලුවේ.
ReplyDeleteමොනා කරන්නද යාළු.. ඕවා ඔහොම තමයි.
Deleteසොබාදහමේ නියමයන්ට අනුගත වෙන්නට කාටත් සිදුවෙනු ඇත.
ReplyDeleteඑසේය.. එසේය...
Deleteකහ කුරුලු පැටියා....අනේ පව් අප්පා....!!!
ReplyDeleteමටත් හරි දුකක් දැනුනා, මොනා කරන්නද?
Deleteඅයියෝ බං. මූ වැටුනා වත්ද කූඩුවෙන්? එක පැටියෙක් විතරද හිටියේ?
ReplyDeleteමම මේ කුඩුව තිබුන ගෙදර අයගෙන් විමසා සිටියා, උන් දන්නෙත් නැහැ එතන කුඩුවක් තිබුන බව.ඊට පස්සේ උන් එක්ක එකතුවෙලා වටපිටාව පොඩ්ඩක් බැලුවා . බිම වැටුන බවට නම් සලකුණක් හොයාගන්න බැරි වුනා. මම හිතන්නේ ගැරඩියෙක් වැඩේ දෙන්න ඇති.
Deleteමම දකිනකොට හිටියේ එක පැටියයි මචං.
මටත් හිතෙන්නේ පැටියා මැරිලා වගේ..
ReplyDeleteමටත් හිතෙන්නේ පැටියා ස්වර්ගස්ථ වෙලා කියලා.
Deleteඅපරාදෙ..මොනවා කරන්නද ඔය වගේ ඒවා කීයක් නම් වෙනවා ඇත්ද අපි නොදැනුවත්ව... සමහර විට ඌ උඩට නාවා වෙන්නත් පුළුවන්...
ReplyDeleteකැප්ෂන් ටික දැක්කම මම හිතුවෙ අකමවත් මේ පැත්තෙ ඇවිත්ද කියලා.. මෙදා සැරේ අයිලාෂ්ගෙම ඒවා වගේ නේද ? අරූ තාම පේන්න නෑ..
අඩෝව් මේ, අරූ මූ ගාන්න එන්නෙපා ඩෝ. අපිත් නම්බුකාර පොරවල්. උස්සනව මේම ගානකොට සුදු වෑන් ඒකින්. හරිය.
Deleteනැහැ සෙන්නා මම සෑහෙන් වෙලාවක් එතන ගතකරා, පැටියා හිටියේ නැහැ. ඔව් ඔව් මෙදා සැරේ මගේ කැප්ෂන් :D
Delete@ AKM
අපෝ බයේ බැහැ......
පොලිතින් නිසා පරිසරයට වෙනහානියට දැන් සතුන් අනුගතවෙන්න පුරුදුවෙලාද මන්ද,මේ කුදුව හදන්නත් පොලිතින් කැබලි යොදාගෙන තියෙනවා.
ReplyDeleteඅමිල ඒ පොලිතින් වගේ පෙනෙන්නේ රෙදි කෑලි වගයක්.
Deleteකහ කුරුළු කූඩුවක් මීට කලින් එක වතාවක් දැකල තියනව.. පැටියා ට මොකක් හරි වෙන්න ඇති. හරිම අඩුයි නේද උන් දැන්.
ReplyDeleteමේ ලඟදි බට්ටිච්චො පැටියෙක් අපේ මිදුලෙ වැටිල හිටිය. ඌ ලඟට යනකොට ඉගිලෙන්න බැරි නිසා බිම දිගේ දුවනව. අල්ල ගත්තට පස්සෙ ටිකක් කෑ ගහල අල්ල උඩ නිදා ගත්තා. කූඩුව තිබිල තියන්නෙ මිදුලෙ තියන ගහක මුදුනෙ. එතනට යන්න බැරි නිසා ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන රෙදි කෑලි ටිකක් දාල පැටිය ඒක ඇතුලට දාල ගහේ එල්ලල තිබ්බ. ලොකු කුරුල්ලා පැටියා ඉන්න තැන හොයා ගත්තෙ සෑහෙන වෙලාවකට පස්සෙ. දවස් දෙකක් විතර ගිහින් බලද්දි ඒ පැටියත් කෝප්පෙ ඇතුලෙ හිටියෙ නෑ.
ඔයා කරලා තියෙන්නේ බොහොම හොඳ වැඩක්. නමුත් වෙනත් විලොපියෙක් ඒ පැටියාව ගොදුරු කරගන්න ඇති.
Deleteආසාවෙන් රසවිඳ විඳ ආවෙ. අන්තිම පේලිය කියවද්දී ඒ සතුට එකපාරටම නැතුව ගියා. :(
ReplyDeleteගිය සතියෙ උදේක මට කුස්සිය පැත්තෙන් අමුතු කෑ ගැහිල්ලක් ඇහුණා. ක්‍රීස් ක්‍රීස් ගාලා. ගිහින් බලනකොට පොඩි කුරුමිණියෙක් මකුළුවෙක් අල්ලගෙන හොඳට ඔතලා. ඌ මකුළු දැල කඩාගෙන බිමට වැටිලා, එතනින් එහා ගේම කුඹි භාර අරගෙන.
මම ඌව අතට අරගෙන හැට්ට කට්ටකින් ඌව වෙලලා තිබුණු මකුළු දැල් අයින් කළා. කූඹි දෙතුන් දෙනෙකුත් මැරුණා. අන්තිමේදී ඌ සතුටින් ඉගිල්ලිලා ගියා. ඒත්... මං සොබා දහමට පිටින් ගියා. ඒක සතෙක්ගේ පණ බේරගන්න තව සත්තු දෙතුන් දෙනෙක් මරලා උන් රන්චුවකගේම කෑමත් නැති කළා.
ඔතන වැරැද්ද කූඹියා පොඩි හින්දද? උන්ගේ කෑ ගැහිල්ල අපිට ඇහෙන්නැති හින්දද? එහෙමත් නැත්නම් ඇහැට පෙන එකාගේ දුක පේන නිසාද? කොහොම උනත් අන්තිමේදී පොඩි එකාටම තමයි.......
මේ පැටියා නැතිවීම් ස්වභාව ධර්මය උනාට මටත් හරියට දුක හිතුනා.
Deleteඔයා කුරුමිණියා බේරාගෙන කරලා තියෙන්නේ ලොකු පිනක්. අභය දානය දීමක්. ඒ අවස්ථාවේදී ඔයාට කූඹි මැරීමේ චේතනාවක් තිබුනේ නැහැ නේ, එකම චේතනාව උනේ කුරුමිණියා බේරීම පමණයි. ඒ නිසා කූඹි දෙතුන් දෙනෙකුත් මැරුණ එක අචේතනිකව සිදුවුන දෙයක්, ඒ නිසා එයට පවක් වෙන්නේ නැහැ.
හැකි සම විටකම එවැනි සතුන් මරණයෙන් ගලවන්න, එය විශාල කුසලයක්.
අයිලාෂ්,
Deleteඒක මට ගැටළුවක්. අපි සතෙක්ව මරණයෙන් බේරණ එක කුසලයක් වුනාට, තව සතෙක්ගෙ ආහාරවේල නැති කරනවා නේද ? සමහර විට සත්තු රංචුවකගේම කෑම වේලක් වෙන්න පුළුවන්.. ඒක අකුසලයක් වෙන්න පුළුවන් නේද ?
ඔය කොහොම කිව්වත් කුරුළු පැටියෙක්ව කන්න එන ගැරඩියෙක් දිහා බලාගෙන ඉන්නත් මට බෑ..
සෙන්නා; මම කලින් AKM ට දුන්න පිළිතුර බැලුවා නේද? කුසල් අකුසල් දෙක සිදුවන්නේ චේතනාව මත මිසක් ක්‍රියාව මත නොවේ. ඉතින් ඔබ තව සතෙක්ගේ ආහාර වේල නැති කරනවා යන අදහසින් සතෙක් මරණයෙන් නිදහස් කලත්, එහිදී ඔබගේ චේතනාව වන්නේ කෙනෙකුගේ ආහාර වේල නැති කිරීම නිසා පවක් සිදුවෙනවා.
Deleteනමුත් ඔබගේ චේතනාව වන්නේ සතෙකුගේ ජීවිතය බේරීම නම් එය කුසලයක්.
ඔබගේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත හැකි පොතක් තමයි රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින්වහන්සේ විසින් රචිත "ධර්ම විනිශ්චය" නමැති පොත. ඉතාම සරල ලෙස ප්‍රශ්න උත්තර ක්‍රමයට මේ පොත ලියලා තියෙනවා. ත්‍රිපිටකයට අමතරව ඉතාම නිවැරදි ලෙස ධර්මය ලියා තියෙන්නේ මේ උත්තමයන් වහන්සේ විසින්. ඔබ අසන ලද පැනයට විසඳුමද එහි 139 වෙනි පිටුවේ තියෙනවා. පහත ලින්ක් එකට ගිහින් ඒ පොත කියවන්න.
ධර්ම විනිශ්චය
පහත ඇති පොතද හැකිවිටක ටිකෙන් ටික කියවන්න
බෞද්ධයා ගේ අත්පොත
අය්යෝ! හරිම දුක හිතුනා. මොකෙක් හරි සතෙකුට අහුවෙන්න ඇති... මොනා කරන්නද....
ReplyDeleteබොහෝම ස්තුතියි!
මටත් හරිම දුක හිතුනා, නමුත් මොනවා කරන්නද මිත්‍රයා.
Deleteජීවිතේ අනියත බව හිතට වදින්නෙ හෙණයක් ගහනවා වගේ අන්තිම පේලියෙන්..
ReplyDeleteඇත්තෙන්ම සරත් මේ දේවල් වලින් උනත් අනියත බව මොහොතකට හරි වැටහෙනවානම් කෙතරම් අපූරුද, අද බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැති විදිහට.
Deleteහිතට හරියට දැනුනා..ඒත් ගැරඩියෙක් ආව නම් කුරුළු අම්මා අවධානයෙන් ඉන්නවා නේද../
ReplyDeleteපව්..මොනවා වුනත්...
ලොකු කුරුල්ලා කොපමණ අවදානයෙන් හිටියත් සර්පයන්ගෙන් බේරාගන්න අපහසුයි.
Delete