වනජීවී ඡායරුපකරණය ඉතාම සිත්ගන්නා සුළු සහ අභියෝගාත්මක කාර්යයක් වුවද, ඒ සඳහාම වන උයන් වෙත පිවිසීම වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, කාර්ය බහුලත්වයත් නිසා බොහෝ ආධුනික ශිල්පින් වෙත මෙම අවස්ථාව අහිමි වී ඇත. එයට විකල්පයක් ලෙස ආධුනික ඡායාරුප ශිල්පින් හට සත්වෝද්‍යානයන් යොදාගත හැක. එබැවින් සත්වෝද්‍යානයක් තුල දී ස්වභාවික අයුරින් මෙම සතුන් ඡායාරුපගත කරගන්නේ කෙසේදැයි කෙටියෙන් විමසා බලමු.
1. කැමරා සහ ලෙන්ස් වර්ග
ඔබ භාවිතා කිරීමට අදහස් කරන්නේ DSLR කැමරාවක් නම් ඒ සඳහා මි.මි. 70 - 300 දක්වා වන zoom ලෙන්ස් එකක් යොදාගත හැකිනම් ඉතා මැනවි එමෙන්ම මැක්‍රෝ කාචයක් රැගෙන යාමද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත.. එමෙන්ම මේ වෙනුවෙන් බ්‍රිජ් හෝ Point and Shoot කැමරාවක් උවද හොදගත හැක. (මෙහි දැක්වෙන සියලුම ඡායාරුප ගනු ලැබුවේ Fuji HS20 EXR වර්ගයේ බ්‍රිජ් කැමරාවකින් ය)2. Tripod එකක්
3. Lens Hood :
සත්වෝද්‍යානයක් තුල දී ඔබට ඡායාරුප ගතකිරීමට ලැබෙන කෝණයන් සීමාසහිත වේ. සමහර අවස්ථාවන්හිදී ඍජුවම හිරු එලිය ලැබෙන දිශාව වෙතටම කැමරාව යොමුකිමට සිදුවන අතර එවැනි අවස්ථාවන්හිදී ඇතිවන glare එක මගහැරවීමට Lens Hood එක ඉතා ප්‍රයෝජනවත් වේ.ඔබගේ ඡායාරුප ගනු ලැබුවේ ස්වභාවික පරිසරයක දී බව දැනෙන පරිදි රූ ගත කරන්න. ඒ සඳහා මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ රූ ගත කරන්න. එසේ කිරීමෙන් ඔබගේ ඡායාරුප සත්වෝද්‍යානයක් තුලදී ගන්නා ලද බව නොහැඟෙන අතර එම ඡායාරුප ස්වභාවික පරිසරයක් තුලදී රූ ගත කල ආකාරයක් පෙන්නුම් කරනු ඇත.
- ඔබගේ වස්තුවට හැකිතරම් සමීප වන ලෙස zoom කරන්න.
- මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ කැමරාව හසුරුවන්න
- විශාල කාච විවරයක් දීමෙන් පසුබිම හැකිතරම් බොඳ කරන්න.
සහතික ඇත්ත.නර සත්තු නිදාගෙන ඉන්න සත්තුන්ට ගල් ගහනවා,එක එක සද්ද කරනවා උන්ව අවුස්සනන හදනවා මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ප්‍රෙකා්ප කරන්න උත්සාහ ගන්න උදවිය අද රටේ කොච්චරවත් ඉන්නවද? එවිට අර හිර කරලා ඉන්න අහිංසක සතුත් දරුණු සතුන් වෙන කිසිම දවසක නවතන්න හැකිවෙන්නෙ නෑ
ReplyDeleteඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.
Deleteඅපි ඒ සත්තුංව කලබල කරල ෆොටෝ ගත්තොත් ඒක කිසිම වෙලාවක ස්වාභාවික ගතියක් එන්නෙ නෑ. ඔය ඇනිමල් ප්ලැනට් වගේ වැඩසටහන්වල ඒ සත්තු ස්වාභාවික පරිසරයෙ හැසිරෙන ආකාරය රූපගත කරන්න ඒ මිනිස්සු කොච්චර කට්ටක් කනව ඇද්ද.
ReplyDeleteඊගාව පාර සූ එකට ගියාම මේ වැඩේ කරල බලන්න ඕන.
වැඩේ කරලා බලල අපිටත් පෙන්නන්න කො ප්‍රසන්න.
Deleteසමහර පින්තූර zoo එකක ගත්ත පින්තූර කියල කියන්නත් බැරි තරම්. කොහොම උනත් සත්තුන්ට හිරිහැරයක් නොවෙන විදිහට පින්තූර ගන්න එක නම් ගොඩක් වැදගත්.
ReplyDeleteස්තුතියි ච්ම්ස්.
Deleteඇත්ත ඉවසීමක් නැතිව මොනම හොද පින්තුරයක්වත් ගන්න බෑ.. සහතික ඇත්ත
ReplyDeleteහැමදෙටම ඉවසීම තියෙන්න ඕන, ෆොටෝ ගන්න විතරක් නෙවේ.
Deleteසත්තු කිව්වම ඒක මනු සතාටත් අයිති වෙනවා යන්න මගේ හැගීමයි
ReplyDeleteඒ උනාට වැව් මලේ, මනු සතා zoo එකේ කුඩු කරලා නැහැ නේ.
Deleteහ්ම්ම්...දෙහිවල පැත්තේ පොඩි රවුමක් දැම්මොත් හොඳයි වගේ...
ReplyDeleteදාමු... දාමු.. මමත් එන්නම්.
Deleteමාත් ආසයි සත්තුන්ගේ පින්තූර ගන්න....
ReplyDeleteඉතින් ඔයාගේ ෆොටෝ එකක්ම ගන්නකො, සමනලයත් සතෙක් තමයි. :D
Deleteනිර්මාණශීලී උනොත් සත්ව උද්‍යානයක ගත්තු ඒවා කියලා හිතාගන්න බැරි තරම් ස්වාභාවික පින්තූර ගන්න පුලුවන්, මලේ. එඩිට් කරන කොටත් හුඟක් අනවශ්‍ය දේවල් ඉවත් කර ගන්න පුලුවන්.
ReplyDeleteඔව් අය්යේ, එඩිට් කරන කොට බොහෝ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න පුළුවන්. මම අන්තිමට දාලා තියෙන ෆොටෝ එකේ ඒ වගේ ඉවත් කරන්න ඕන පොඩි කොටසක් තියෙනවා.
Deleteචායාරුපකරණයට ඉහලම සංයමයක් තිබිය යුතුමයි ඒ වගේම හොඳ හදවතකුත් අර මල නොතලා රොන් ගන්නවා වගේ සුන්දරත්වය පමණක් කැමරා කාචය තුලට උරා ගන්නවා ඒ අතින් ඔබ විශිෂ්ටයෙක් ඒ බවට ඔබේ චායාරුප සාක්කි දෙනවා...
ReplyDeleteස්තුතියි සහෝදරයා, ඔබගේ ඇගයීම ඉතා නිහතමානිව පිලිගන්නවා.
Deleteහෙහ් හෙහ්, හරියට උඹ අප්‍රිකාවට ගිහින් ගත්ත ඒවා වගේ. අපි පුතත් මෙතනින් යනකොට දැකලා නැවතිලා ඇහුවා මොනවා මේ අපේ zoo එකද කියලා.
ReplyDeleteඑළ ඈ.
තාත්තගෙනේ ඉතින් වැරැද්ද..
Deleteමචං මම ඔය ෆොටෝ කීපයක enlargements කීපයක් ගන්න ගියාම උන් කියුවා ඔයා කෙන්යා පැත්තේ ට්‍රිප් එකක් ගහලා වගේ කියලා. :D
Deleteපුතන්ඩියට පෙන්නපන් අර කොන්ඩ කුරුල්ලා බිත්තර දාල තියෙන ෆොටෝ සෙට් එක.
අගනාම උපදෙස් ටිකක් අයිලාෂ් මේ ටික බොහොම ප්‍රෙයා්ජනවත් වෙනවා ඉදිරියේදි
ReplyDeleteස්තුතියි නලින්.
Delete\\\සත්වෝද්‍යානයක් තුල සිරගත වී ඇති මෙම අහිසක සතුන්\\
ReplyDeleteකියන්න ගිය දේත් අමතක උනා මට මේක දැක්කම...මේ සත්තු හරි දුකක විඳින්නේ අපේ සතුට සඳහා.. ( කරත්තෙට බඳින සතෙක්ට සාපේක්ෂව නම් සෑහෙන්න තැනක ඉන්නේ.ඒක වෙනම කතාවක් )
හරිම පවු වැඩක් නේද මල්ලි, නමුත් මට හිතෙන්නේ සමහර සත්ත්ව විශේෂ තාමත් මේ මිහිපිට රැඳිලා ඉන්නේ සත්වෝද්‍යාන නිසා කියලා.
Deleteබොරු මොකටද, සත්තු හිරකරන් තියන් ඉන්න ඔය සත්වෝද්‍යාන නම් මට අරහන්. උන් ඉන්න තැන්වලම උන්ගෙ ස්වභාවික පරිසරයෙ ඉන්න ඇරියනම් තමා වඩා හොඳ.
ReplyDeleteකමක් නෑ, කාට හරි බැරියැ දැන් ෆොටෝ ටිකක් ගහන් ගිහින් පෙන්නල කියන්න මම කෙන්යා සෆාරියක් ගියා කියල. ඒකත් ලොකු දෙයක්නේ. :)
මමත් කැමති නැහැ මලේ සතුන් හිරකරන් ඉන්න එකට. නමුත් මට හිතෙන්නේ සමහර සත්ත්ව විශේෂ නම් රැදිලා ඉන්නේ zoo නිසා කියලා.
Deleteඔය ෆොටෝ ටිකත් මම කෙන්යා ගිය වෙලේ ගත්ට් ඒවා තමයි බන්. :D
අන්තිම ෆොටෝ එකේනම් මිනිස් නිර්මාණයක් තියනවා වගේ...
ReplyDeleteගල් බැම්මක් වගේ එකක් නේද
Deleteනෑ, පොඩි පටියක් වගේ එකක්.. වලහා අත්දෙක දාන් ඉන්නෙ ඒක උඩින්..
Deleteඅත්දෙක දාන් ඉන්න එක නම් හරි, ඒත් බදාම පතුරක් වගෙත් මට පෙනුනා. පොකුණක බැම්මක් වෙන්නත් පුළුවන්.
Deleteඅන්තිම ෆොටෝ එකේ තියෙන්නේ පොඩි කොන්ක්‍රීට් කෑල්ලක්. ඒක එඩිට් කිරීමෙන් අයින් කරන්න ඕන දෙයක්. මේ ෆොටෝ එඩිට් කරපුව නෙවේ.
Deleteස්තුතියි අයියේ.
ReplyDeleteසත්තු පෙන්නුවටද?
Deleteඇත්තටම අපේ රටේ ඒවද කියලා හිතාගන්නවත් බෑ. අයියගේ පෝස්ට් 2, 3 ක් ම බලන්න බැරි වුනා... ඔන්න සමාව භාජනයක දාලා දුන්නා..
ReplyDeleteස්තුතියි නදිනි.
Deleteලිපියේ අන්තිමට ලියා ඇති ටික තමයි මගේ හිතට වැදුනේ.. සියලු සතුන්ට මෛත්‍රී කරන්න හිතන හුඟක් අපි නොහිතාම කරන හිරිහැර බොහොමයි අයිලාස්.
ReplyDeleteස්තුතියි සරත්.
Deleteහැක්, මට නම් ගන්ඩ වෙන එක්ක නෑ, ඉවසීම කියන එක තමයි අඩුම, ඒ වුනාට සූ එකේ බැරි නම් බව්වෙක්ගෙ එක්ක හරි ගන්ඩ ට්‍රයි කරන්ඩ ඖනි අප්පා.. :(
ReplyDeleteකලින් කිවා කපුටෙක් ගේ ෆොටෝ එකක් ගන්න ඕන කියලා දැන් කියනවා බව්වෙක් ගේ ෆොටෝ එකක් ගන්න ඕන කියලා, අනේ අපරාදේ කැමරාවට වියදම් කරපු සල්ලි.
Deleteකපුටෙක්ගේ නෙවෙයි, කුරුල්ලෝ කීප දෙනෙක්ගේම ගත්තා.. කොට්ටේරුවෙකුයි, පිළීහුඩුවෙක්ගෙයි, ම්ම්, අනිත් එකාගේ නම දන්නෑ,, කෝම හරි ආආ ගිරවෙක්ගෙයි ගත්තා.. :D
Deleteකෝ ඉතින් ගත්ත ෆොටෝ? අපිට පෙන්නුවේ නැහැනේ.
Deleteසරත් අයියා කිව්වා වගෙ මටත් හිතට වැදුනෙ අන්තිමට කියපු ටික. සමහර වෙලාවට ඩිස්කවරි වගෙ වැඩසටහන් වල පෙන්වනව නේද සතුන්ගෙ පින්තූර ගන්න වෙන මහන්සිය. මං එක වතාවක් දැක්ක සමනලයින් ඉන්න ගහක් කිට්ටුවට කැමරාව යවන්න වෙනමම ඇටවුමක් පාවිච්චි කරන හැටි.
ReplyDeleteඋපදෙස් වලට ස්තුතියි අයියෙ..
ඔව් චන්දන, සතුන්ගේ ෆොටෝ ගන්න එක තමයි හරිම අමාරු.
Deleteමාත් Zoo ගියාම මෙහෙම photos ගන්න ඕන
ReplyDeleteරෙහානි ගොඩ දවසකින් නේද?, පුළුවන් වෙලාවට නැවත එන්න. ඔයාට ස්තුතියි,
Deleteඇත්තෙන්ම තාත්විකයි.ඔබ චයාරුඋප කරනයෛ ඩක්ශයෙක් වෙන්න ඔනි.මට මෛ තොරතුරු ගොඩක් වදගත් වුනා ,ගොඩක් ස්තුති කරනව,..
ReplyDeleteඔබට ගොඩාක් ස්තුතියි, මේ තොරතුරු වැදගත් වීම මට සතුටක්. දැනගත් යුතු දෙයක් තිබේනම් අහන්න, දන්නා පමණින් පිළිතුරු දෙන්නම්.
Delete