Friday, July 19, 2013

කැමරාවට හරියන බෑග් එක මොකක්ද ?


මෙතෙක් කල් ඡායාරුප ශිල්පය ගැන කතා කරාට වඩා ටිකක් වෙනස් නමුත් මේ ශිල්පයටම අදාළ මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ තමයි කැමරා බෑග් ගැන.  බොහෝ සුලබව භාවිතා වන කැමරා බෑග් වර්ග කීපයක් ගැන මෙම ලිපියෙන් සලකා බලමු. 

කැමරා බෑග් එකක් තෝරාගැනීම, කැමරාවක් තෝරාගැනීමටත් වඩා අපහසු කාර්යයක් බව මගේ අදහසයි. එයට හේතුව වන්නේ සෑම අවස්ථාවකටම ගැලපෙන ආකාරයේ කැමරා බෑග් එකක් සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුව නිසාම බොහෝවිට ඡායාරුප ශිල්පින් කැමරා බෑග් එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. 

කැමරා බෑග් එකක් තෝරා ගැනීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

1. ආරක්ෂාව - Safety
2. රැගෙන යාමේ  පහසුව - Comfort
3. කල් පැවැත්ම - Durability
4. පහසුවෙන් එහි ඇති කැමරා ආම්පන්න හැසිරවිය හැකි වීම - Accessibility
5. බෑගයේ ඇතුලත අවශ්‍ය පරිදි සකසාගත හැකි වීම  - Customize-able


ආරක්ෂාව - Safety 
කැමරා බෑගයක් තෝරා ගැනීමේදී  එහි මුලිකම කාර්යය විය යුත්තේ එය තුල අසුරා ඇති උපකරණ වල ආරක්ෂාව වේ. මේ සඳහා බැගය ඉතා හොඳින් පෑඩ් කල එකක් විය යුතුය.  ජලයට ඔරොත්තු දෙන  ලෙස නිමවා තිබීම හෝ  වැසි ආවරණයක් තිබීමද ඉතා වැදගත් වේ.

රැගෙන යාමේ  පහසුව - Comfort
ඔබගේ කැමරා ආම්පන්න අඩංගු බෑගය අනිවාර්යයෙන්ම කිලෝ ග්රෑම් කිහිපයක් බර වනු ඇත. බොහෝ  විට ඔබට මෙම  බැගය මුළු දවස පුරාවටම පැළඳ  සිටීමට සිදුවන අවස්ථාවන් උදාවනු ඇත. එබැවින් මෙම කැමරා බෑගය රැගෙන යාමේදී අනිවාර්යයෙන් එය ඉතා සුව පහසු එකක් විය යුතුමය.  එසේ නොවුනහොත් ඔබට ඉතා වෙහෙසකාරී බවක් ඇතිවීම නිසා, ඡායාරුප ගැනීම වෙනුවෙන් ඔබගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකරගැනීම අපහසු වනු ඇත.

කල් පැවැත්ම - Durability
බොහෝ විට තත්වයෙන් උසස් කැමරා බෑග් ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි වුවද, මිල අඩු තත්වයෙන් බාල බෑග් එකක් මිලදී ගැනීමේදී එහි කල්පැවැත්ම ඉතා අඩු බැවින්, ඉහල ප්‍රමිතියකින් යුත්, පිළිගත් සන්නාමයක්  සහිත කැමරා බෑග් එකක්ම තෝරාගැනීම වඩා පලදායක වනු ඇත. 

පහසුවෙන් එහි ඇති කැමරා ආම්පන්න හැසිරවිය හැකි වීම - Accessibility
ඉතා හොඳ කැමරා බෑග් එකක තිබිය යුතු තවත් ගුණාංගයක් නම් එය තුල අසුරා  ඇති කැමරාව සහ උපකරණ ඉතා ඉක්මනින් සහ පහසුවෙන් එයින් ඉවතට ගැනිමටත් නැවත ඇතුල් කිරිමටත් හැකියාව ය. ඉක්මනින් ඔබගේ කැමරාව බෑගයෙන් ඉවතට ගැනීමට නොහැකි වීමෙන්, බොහෝවිට  ඔබට  ඡායාරුපමය වටිනාමක් ඇති  අවස්ථාවන් අහිමි වීමට ඉඩ  ඇත.

බෑගයේ ඇතුලත අවශ්‍ය පරිදි සකසාගත හැකි වීම  - Customize-able
ඔබගේ කැමරා සහ ආම්පන්න වලට සුදුසු ලෙස බෑගයේ ඇතුලත සකස් කරගත හැකිවීම, කැමරා බැගයක අනිවාර්යය අංගයක් බව සලකන්න.

බොහෝ සෙයින් භාවිතා වන කැමරා බෑග් මාදිලි කිහිපයක් පිළිබඳව සලකා බලමු.

Waist pack / Belt pack

එක DSLR කැමරාවක් සහ කුඩා ලෙන්ස් 2ක් පමණක් රැගෙන යන්නේ නම් හෝ බ්‍රිජ් හෝ point and shoot වර්ගයේ කැමරා සඳහා මෙම බෑග් මාදිලිය සුදුසු වේ. මෙම මාදිලියේ බෑග් එකක් මිලදී ගැනීමේදී ප්‍රමාණයෙන් විශාල බෑග් මිලදී ගැනීමෙන් වලකින්න, වඩා විශාල බෑග් පැළඳ සිටීම අපහසු වනු ඇත.



Shoulder bag

මෙම මාදිලිය එක කැමරාවක්, ලෙන්ස් 2-3 ක් සහ ෆ්ලෑෂ් ගන් 1 සඳහා යෝග්‍ය වේ.  මෙම මාදිලියේ බෑග් එකක් මිලදී ගැනීමේදී එහි උරහිසට පළදින පටිය ඉතා හොඳින් පෑඩ් කල එකක් ගන්න. නැතිනම් එය  රැගෙන යාම ඉතා අපහසු වනු ඇත. 




Backpack

ඔබ වෙත  කැමරා ආම්පන්න වැඩි ප්‍රමාණයක් ඇත්නම් ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ බැක්පැක් වර්ගය වේ. මෙම මාදිලිය  රැගෙන යාමේ පහසුව  අතින් අනිකුත් සියලුම බෑග් මාදිලි වලට වඩා ඉහලින් සිටි.
කැමරා ආම්පන්න වැඩි ප්‍රමාණයක් අසුරා ඇති ආකාරය 


බැක්පැක්  එකක් පැළඳ ඇති ආකාරය ඉහත රුපයෙන් බලන්න. මෙම බැක්පැක්  එකෙන් කැමරාවක් හෝ උපකරණයක් ගැනීමට  සිදුවන සෑම විටම එය ගලවා බිම තබා එහි ඇති  උපකරණ හැසිරවිය යුතු වීම මෙහි ප්‍රධාන  අවාසිය වේ.

බැක්පැක්  මාදිලියේ ඇති හැසිරවීමේ අපහසුව මගහරවමින් ලොව අංක එකේ කැමරා බෑග් නිෂ්පාදකයන් වන lowepro බෑග් නිෂ්පාදකයන් නවතම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත. එය නම්කර ඇත්තේ Slingshot නමින්.

Lowepro Slingshot
මෙයද බැක්පැක් වර්ගයක් උවද එය උරහිසේ එල්ලාගැනීම සඳහා ඇත්තේ එක උර පටියක් පමණි. එමෙන්ම එහි බර උරහිසට පමණක් නොලැබී සමසේ බෙදීයන ආකාරයට බඳ පටියක්ද ඇත. මෙම බැගය උරහිසේ රඳවා තිබුනත් එය කරකවා ඉදිරිපසට ගෙන කැමරා උපකරණ පහසුවෙන් හැසිරවිය හැකි ලෙසට නිර්මාණය කර ඇත.

Tripod එකක් හෝ mono-pod එකක් රඳවා තැබීමේ පහසුව. 

මෙම Slingshot මාදිලිය ප්‍රමාණ තුනකින් නිර්මාණය කර ඇති අතර එය තුලම සකසා  වැසි ආවරණය සහ ට්‍රයි පොඩ් එකක් හෝ මොනෝ පොඩ් එකක් රඳවා තැබිය හැකි වීම මෙහි ඇති තවත් විශේෂ වාසි වේ. 

මෙහි කැමරා බැගයක් සතුවිය යුතු සියලුම අංග ඇතුලත් වීම නිසා, මං තුමාත් මෙතෙක් කල් භාවිතා කල shoulder bag එකට විශ්‍රාම දෙන්න හිතාගෙන  මේ වර්ගයේ බෑගයක් ඇනවුම් කරා. 

72 comments:

  1. ඉස්තූතියි අයිලාෂ්.වියදම තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. දොස්තර කෙනෙක්ට ඕකත් කජ්ජක්ද දිනුක....

      Delete
  2. දළ වශයෙන් හෝ මිළ සඳහන් කරන්න පුලුවන්ද ...? බෑග් එකක් කඩෙන් ගන්නවද , රෙදි ගෙනත් ගෙදරම මහගන්නවද කියලා ගෙදර ඉඳන්ම තීරණය කරන්න පුළුවන් නෙව..

    ReplyDelete
    Replies
    1. කඩෙන් රෙදි ගෙනත් මහන්න දෙයක් නැහැ ශත 50 හේ සිලි උරයක දාගෙන යන්න පුළුවන්. :ද

      ලංකාවේ සාමාන්‍ය backpack එකක් රු.15000/- විතර වෙනවා. නමුත් lowepro වලට ලංකාවේ ඒජන්ට් කෙනෙක් නැහැ. හිටියත් ඊටත් වඩා ගණන් කියයි. මම සිංගප්පුරුවට යන කෙනෙක් හරහා ගෙන්න ගන්නේ 85 USD විතර වෙනවා.

      Delete
    2. කතාව ඇත්ත..ලක්ෂ කීපයක් වෙන උපකරණ ටික පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕනේ. වටින පෝස්ට් එකක් අයියේ...ආසාවෙන් බැලුවා..DSLR වල මිළ අඩු වෙන එකක් නැද්ද ඉදිරියේදීවත් ...?

      Delete
    3. DSLR මිල දැන් බොහොම අඩුයි, ලෙන්ස් වල මිල තමයි දරන්න බැරි.

      Delete
  3. අන්න ප්‍රොෆෙෂනල් ඒවා..නියමයි.

    ReplyDelete
  4. අලියට කලින් හෙණ්ඩුව ගන්න එක ලාබයි වගේ.

    අයිලාෂ් මචං. ඔය හොඳ බ්‍රෑන්ඩ් නේම් තියෙනවා නේද. සමහර විට අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැති වෙලාවල් තියෙන්වා. මම ගත්තා Sony Company Agentගෙන් සෝනි හැන්ඩිකෑම් බෑග් එකක්. ඉස්සෙල්ලම කැඩුනේ අර ෂෝල්ඩර් ස්ට්‍රැප් එකේ පෑඩ් එක. ඊ ලඟට අර ඔරිජිනල් ලෙදර් වගේ තියෙන කොටස ඉරිතලලා හම ගියා. මම උඩ ලේයර් එක ඉරලා දාලා තමයි දැන් පාවිච්චි කරන්නේ.

    අනිකනම් කැමරා බෑග් එකක් නෙවෙයි, බැක්පැක් එකක් ලැප්ටොප් වලට. ඒකෙ නිශ්පාදකයා අර ස්විස් ආමි නයිෆ් එක හදන වුන්මයි. රතු කුරුසෙත් එක්ක. මාස දෙකය්ක් පාවිච්චි කරන්න බැරි වුනා බං. නොද්දකිං.

    ඇයි ඔය HP කාරයෝ දෙන ඔරිජිනල් කියන ලැප්ටොප් බෑගුත් ඔයවගේ. පාරේ කඩාවැටෙනවා බං.

    ReplyDelete
    Replies
    1. අලියට කලින් හෙන්ඩුව ගන්න එක. ඒක නියම වැඩක් මචං. මමත් එකපාරක් එහෙම වැඩක් කළා. මට Samsung Galaxy S ෆෝන් එකක් ගන්න මාර ආසාවක් තිබුනා, එක ආපු දවස් වල. මාර ගණන්, කොහොම හරි එකක් ගන්න කියලා හිතාගෙන ඉස්සෙල්ල ෆෝන් එකට කවර එකක් ගත්තා. මාස දෙකක් විතර කවරේ තියෙගෙන් හිටියා එතකොට ෆෝන් ගණන් ටිකක් අඩු උනා ඊට පස්සේ තමයි ෆෝන් එක ගත්තේ. කොහොමද වැඩේ......

      මචං ඔබ බෑග් කතාව මෙහෙමයෝ Sony, canon, Nikon, Fuji ඔය එකෙක් වත් කැමරා නිෂ්පාදනය කරනවා විනා බෑග් හදන්නේ නැහැ. උන්ට බෑග් ගහන්නේ චීනෙන්, චිනාගේ වැඩ දන්නවානේ.

      නමුත් මචං Lowepro කියන්නේ ලෝකයේ නොම්බර් එකේ බෑග් ගහන උන්. උන්ගේ කැමරා බෑග් මිල අධික උනාට නියම බඩු. පොඩ්ඩක් මේ පහත තියෙන ලින්ක් එකට ගිහින් බලහන්.
      Lowepro

      ඉස්සරන DELL උන් දුන්න නියම ලැප්ටොප් බෑග් එකක්, මේ ලඟදි මම DELL එකක් ගත්තා තූ විතරක් දුන්න හම්පඩ බෑග් එක.

      Delete
    2. මාත් බයික් එකට කලින් හෙල්මට් එකක් ගත්තා

      Delete
    3. ස්තිතියි අටමෝ මේ පැත්තේ ගොඩ උනාට.

      Delete
  5. වැදගත් පෝස්ට් එකක්. කොහොමත් ඉතිං අලිය ගත්තනං හෙණ්ඩුවක් ගන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. මේ අලියත් එක්ක එක හෙන්දුවක් මදි ප්‍රසන්න.

      Delete
  6. මේ බලන්නකෝ මට වෙච්ච දෙයක්..

    ReplyDelete
    Replies
    1. හයියෝ.. මොකෝ සහන් දැන්වීමක් එක්කම :)

      Delete
    2. සංසාරේ සංසාරේ ...

      Delete
    3. මොකෝ සහන් මේ.....

      Delete
    4. ඒකනේ කියන්නේ කොහොමට හිටිය මිනිහෙක්ද මොරේ( මොරබ්බා ) මම .. දැන් ඉතින් වෙච්චි දේවල් වෙලා ඉවරයි..

      Delete
    5. @ සහන්
      අන්තිම කොමෙන්ට් එකත් තිබුනේ ස්පෑම් එකේ :D
      ඕක තමයි කියන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ කියලා.

      Delete
    6. මේක වෙන්න හේතුව මම ඉන්ටර්නෙට් එන සිස්ටම් එක.. ඒ ක්‍රමේදී ගූගල් සර්වර් එකෙන් මාව අඳුනන්නේ ආර්ටිෆිෂල් සිස්ටම් එකක් විදිහට..

      Delete
    7. අපිටත් ඒ සිස්ටම් එක කියලා දෙන්න පුලුහන්ද ?

      Delete
    8. ආටිෆිෂල් ස්පෑම් සහන් (ස්පෑම් හොඳේ.... ) :D

      Delete
    9. මටත් දැන් හිතෙන්නේ සහන් කියන්නේ අර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් සිස්ටම් එකක් කියලා. බයත් හිතෙනවා වෙලාවකට.

      Delete
  7. දැනට නම් සුට්ටන් කැමරාවක් තියෙන නිසා බෑග් එකක් අවශ්‍ය නෑ.... ඉස්සරහට බලමුකෝ. කොහොම වුනත් වැදගත් පෝස්ට් එකක්.....

    ReplyDelete
  8. කවදත්වගේ වැදගත්වන ලිපියක් අයිලාෂ් අයියා, ගොඩක් අය අලියා ගන්න වියදම්කරාට හෙන්ඩුව ගන්න හරි කම්මැලියි. :)
    අයිලාෂ් අයියා මට කියන්න පුලුවන්ද Canon eos1100D එක ගැන ඔයාගේ අදහස, 18-55 mm ලෙන්ස් එකත් එක්ක එන්නේ මන් හිතන්නේ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල..

      Canon eos1100D තමයි මම මුලින්ම පාවිච්චි කරපු DSLR කැමරාව. මේක තමයි කැනොන් වල තියෙන මුල්ම DSLR කැමරාව (First Entry level) නමුත් මට මේ කැමරාව එතරම් හිතට ඇල්ලුවේ නැහැ. ප්‍රධාන හේතු දෙක තමයි වැඩි ISO එකකදී ඉතා විශාල ලෙස නොයිස් එන එක. අනිත් කරණය තමයි enlargement එකක් ප්‍රින්ට් කරාම ෆොටෝ එකේ ලයිව් ගතියක් නැති වීම.

      ඊට පස්සේ මම Nikon වලට මාරු උනා. මගේ පුද්ගලික අදහස නම් Nikon වල colours වඩා හොඳ බවයි. විශේෂයෙන්ම skin tones වඩා හොඳ බවයි. නමුත් canon වලට පුරුදු උන අය කියන්නේ canon වඩා හොඳ බවයි.

      මේ පහල තියෙන ලින්ක් එකට ගිහිල්ල Canon eos1100D සහ නිකොන් First Entry level කැමරාව වන 3100 එක ගැන comparison එක බලන්න.

      Canon eos1100D vs Nikon D3100


      Nikon D3100 එකෙත් ලොකු ISO එකකට යන්න බැහැ. ඒ නිසා මම මේ කැමරා එකත් හොඳයි කියන්නේ නැහැ. නමුත් ඊට ඉහල තියෙන කැමරා ඔක්කොම හොඳයි. අනිත් කාරණය තමයි නිකොන්, කැනොන් වලට සාපේක්ෂව මිල අඩුයි.

      Delete
    2. බොහොම ස්තුතියි අයිලාෂ් අයියා, මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා ඒ canon එකේ එකයි ඇහුවේ. එකපාරම හොද එකක් ගන්න බලන් ඉන්නේ. දැනට fuji FinePix SL240 එක පාවිච්චි කරන ඉන්නවා.

      Delete
    3. මේ දවස්වල 1100 එකක මිල කියද?

      Delete
    4. දැන් euro 340/ට තියෙන්නේ කලින් euro 470/ට තිබුන එක. Nikon D3100 එකත් euro440/තිබිල දැන් euro370/දෙනවා.

      Delete
    5. ඒ මිලට නම් වටිනවා. නමුත් ඔයාට Nikon D5100 එකක් වගේ ගන්න පුලුවන්නම් ඒ හොඳටම ඇති ඕනෑම ප්‍රොෆෙෂනල් වැඩකට. මිලනම් ටිකක් වැඩි වේවි.

      නමුත් ඉතින් ස්ටාර්ට් කරන්න නම් ඔය කැමරා දෙකෙන් එකක් හොඳයි.

      Delete
    6. බොහොම ස්තුතියි ලොකු උදවුවක් ඔයාකරේ, ගන්නේ මොකද්ද කියල හරියටම අදහසක් නැතුව හිටියේ, මටත් හිතෙනවා D5100 ගත්තනම් හරි කියලා euro 550/ මේදවස්වල.

      Delete
    7. ලංකාවේ ඒජන්ට් ළඟ මිල මිට වඩා අඩුයි. :)

      Delete
  9. අර අන්තිම බෑග් එකට නම් ආස හිතුන. අර පොල්ලක් වගෙ තියන එකෙන් කාට හරි නෙලන්නත් පුළුවන් වෙයි, ඔහෙ හිටු ෆොටෝ එක ගන්න කල් කියල :D

    ඒත් ඉතින් බෑග් එකක් ගන්න කලින් කැම් එකක් ගන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා විස්තර වලට.. !

      Delete
    2. ඒ තියෙන්නේ මොනෝ පොඩ් එකක්. ඕවගෙන් නෙලන්න බැහැ බොහෝ විට හදලා තියෙන්නේ ඇලුමිනියම් හෝ කබර් ෆෛබර් වලින්, බර අඩුකරන්න ඕන නිසා.

      Delete
  10. ඔය කොයි බෑග් එකත් ලස්සනයි. මම නම් කරන්නේ කැමරාවක් නැතුව ඔයවගේ බෑග් එකක් පිටේ එල්ලන් යන එක. එතකොට හොඳ කැමරාකාරියක් කියලා දකින අය හිතයිනේ. :D

    ReplyDelete
    Replies
    1. ඔය බෑග් වල විශේෂත්වය තමයි කැමරා බෑග් එකක් කියලා හඳුනාගන්න බැරි එක. ඒ නිසා ඔයාගේ අදහස හරියන එකක් නැහැ. නමුත් අර අන්තිම ෆොටෝ එකේ තියෙනවා වගේ මොනොපොඩ් එකක් අමුනාගත්තොත් නම් වැඩේ හරි.

      Delete
  11. මමනම් අද තමා මේකට ඉස්සෙලම ආවේ . හරිම වටිනවා . දිගටම කියවන්න එනවා . ඔබට සුභ පතනවා .

    ReplyDelete
    Replies
    1. ස්තිතියි ඔබට.
      ඔයා මිට කලින් ඇවිත් තියෙනවා වයලිනෝ.. අර මල් පහන් පුජාව පිලිබඳ පොස්ට් එකට ඔයා කමෙන්ට් කරලත් තියෙනවා.

      Delete
  12. චායාරුපකරණය ගැන මුල සිට අගට අග සිට මුලට අයිලාෂ් අයියගෙන්ම තමා

    ReplyDelete
    Replies
    1. ඡායරුපකරණය අනුලෝම ප්‍රතිලෝම ක්‍රමේට.... මහා මේකට හිනා හියා මොරබ්බා.

      ස්තිතියි ඔබට.

      Delete
  13. අයිලාෂ්.....මේ ලිපිය කියවන්නට නිදහස් වෙලාවක එන්නම්..ඔයා මගේ පොස්ටුවක කියලා තිබුනා..ෆොලොවින් ගැජට් එකක් දාන්න කියලා...එක කරන විදිය පොඩ්ඩක් කියා දෙනවද..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ පැමිණීමට, සාදරයෙන් පිලිගන්නවා. විවේක තියෙන වෙලාවල් වලට ඇවිත් කියවලා බලන්න.

      බ්ලොගර් ෆොලොවර් ගැජට් එකක් දාගන්න ඔයාට මෙහෙම් කරන්න වෙනවා.
      Layout එකට යන්න
      Add a Gadget ක්ලික් කරන්න, දැන් ඕපන් වන වින්ඩෝ එකෙන් Google+ FollowersNew! එක තෝරාගන්න.


      Delete
  14. බෑගයක් ගත්තත් ඒකට දාන්න කැමරාවක් ගන්නනම් බෑ.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ නිර්මල බෑග් එකක් ගන්න, ඔන්න ඔහේ ගඩොලක් හරි දාගෙන යන්න පුලුහන් නේ.

      Delete
  15. මෙට්‍රෙපාලිටන් එකේ මාත් එකක් ගිහින් බැලුවා.34000ක් විතර යනවා වියදම.

    ReplyDelete
    Replies
    1. අපෝ නලින් එච්චර වියදම් කරන්න එපා. අවශ්‍ය නම් කියන්න. Lowepro එකක්ම ගෙන්නලා දෙන්නම්.

      Delete
  16. ෂඃ අලුත් බ්ලොගර්ස් ල ටිකකුත් දැක්ක..

    මමත් ඉඳල ඉඳල ඔන්න කැමරා බෑග් එකක් ගත්ත ලෙන්ස් කට්ටකුත් එක්කම දැන් දවස් කීපෙකට කලින්.. මට ඕනේ උනේ ටිකක් ලොකු බෑග් එකක් ලෙන්ස් දෙකතුනක් එක්ක කැමරා බොඩි දෙකක් වත් ඔබාන යන්න. රේන් කෝට් එකක් බෑග් එකේම එනවා අමුතුම විදියකට. ඒක CaseLogic CDB 309 කියන මොඩල් එකක්. ලැපකුත් දාන්න පුළුවන් විදියට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම දවසකින් දැක්කේ මිත්‍රයා. CDB 309 එක ගත්තේ කොහෙන්ද? මිල ගණන් කොහොමද?

      Delete
    2. බෑග් එක ගත්තේ කටාර් වලින්ම තමා. ගාන නම් රියාල් 299 වගේ තමා වුනේ. ඩොලර් නම් 83 විතර. සමහර දවස් වලට කමෙන්ට් එකක් කොටන්න වෙලාව නැතිවුනත් (ඇත්තටම කිව්වොත් මගේ ගෝලයාගේ කම්පියුටරෙන් කියවල දුවනවා) ඇවිත් බලනවා. අද ටිකක් වෙලාව තියනවා. ඒ හින්ද පහුගිය ඒවා කියවනවා.

      Delete
    3. පොඩි ප්‍රශ්නයක් තියනවා. ප්‍රයිම් ලෙන්ස් එකක් මොකටද ඇත්තටම ඕනේ වෙන්නේ? කොහොමද ඒක භාවිතා කරන්නේ? ඒ කියන්නේ මොන විදියටද?

      Delete
    4. තව ප්‍රශ්නයක් තියනවා... (ඇණයක් නේ :) )

      ෆිල්ටර් වලින් මොකක්ද හරියටම කරන දේ?

      Delete
    5. ඔයා වගේ ඇණ වලට මම කැමතියි.

      ෆිල්ටර් වලින් බොහෝ දේවල් කරනවා මිත්‍රයා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පොස්ට් එකක්ම ලියන්න වෙනවා නමුත් කෙටියෙන් කරුණු කීපයක් කියන්නම්.
      * කැමරා ලෙන්ස් එකේ ආරක්ෂාවට හා UV කිරණ නැතිමිරිමට : UV ෆිල්ටර්
      * අධික ආලෝකය අඩු කිරීමට : ND ෆිල්ටර්
      * පොලරයිස් වන ආලෝකය නැති කිරීමට : පොලරයිස් ෆිල්ටර්
      * Special effect : star filter
      * මැක්‍රෝ සඳහා : මැක්‍රෝ ෆිල්ටර්
      * සොෆ්ට් ඉෆෙක්ට් එකක් ලබාගැනීමට: සොෆ්ට් ෆොකසින්ග් ෆිල්ටර්
      *නොයෙකුත් වර්ණ ලබාගැනීමට මෙන්ම වර්ණ උෂ්ණත්වය සකසා ගැනීමට : colour filters
      මේ පහළ තියෙන පොස්ට් එක බලන්න එ
      ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්

      තව නොයෙකුත් filters තියෙනවා...

      Delete
    6. Prime Lenses ගැන ඉතා සරලව කිවොතින් මෙහෙමයි

      ප්‍රයිම් ලෙන්ස් සෑදීමේදී එහි ඇති කාච භාවිතය zoom ලෙන්ස් වලට වඩා ඉතා සරලයි වගේම අවමයි . එබැවින් ප්‍රයිම් ලෙන්ස් සෑදීමේදී එයට යොදාගන්න කාච ඉතා ඉහල තත්වයෙන් යොදාගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසාම ලෙන්ස් වල ඇතිවන error එක ඉතාම අවමයි මේ හේතුව නිසා ප්‍රයිම් ලෙන්ස් වල image quality එක ඉතා ඉහලයි.

      අනිත් කාරණය තමයි ප්‍රයිම් ලෙන්ස් වලදී අඩු මිලකට වඩා ලොකු Aperture එකක් ලබාගන්න පුළුවන්. උදා: f 1.2 වගේ. මේ වගේ Aperture එකක් තියෙන Zoom ලෙන්ස් ඉතා මිල අධිකයි. රුපියල් ලක්ෂය ඉක්මවනවා.

      අනිත් කරණය තමයි එහි ඇති බර අඩු බව.

      Delete
    7. උත්තර ටිකට බොහොම ස්තුතියි. මං ඉල්ලනවා මේ ගැන පොඩි පෝස්ට් එකක්ම වෙලාවක ලියන්න කියල. මොකද මේවා අපිට වටිනවා.

      Delete
    8. ඉදිරියේදී එහෙම කරන්නම්.

      Delete
  17. මමත් කැමරාවක් ( ප්‍රොෆෙෂනල් එකක් නෙමේ, සාමාන්‍යය එකක් ) ගැන හිත හිත ඉන්නෙ මේ දවස්වල. බෑග්නම් ඉතින් පස්සෙ ගන්න බැරියෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෙන්නා නිතරම මේ පැත්තේ ගොඩවෙන එකට.

      Delete
  18. විස්තරේ වටිනවා අයියේ..
    වෙලා තියෙන්නේ මගේ සුට්ටන් කැමරාව දාන් යන්න මෙච්චර ලොකු බැග් එකක් ඕනේ නැති එකනේ..:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ, පොඩ කැමරාවකට නම් ඉතින් කැමරා බෑග් එකක් ඕනේ නැහැ. මේවා ඕන කරන්නේ සීරියස් ෆොටෝග්‍රෆි කරන අයට තමයි.

      Delete
  19. ගොඩක් වටින පොඑස්ටුවක් අයිලශ්.මමත් cඈමර බෑග් එකක් ගත්ත.එක හෑබෑයි යකඩ පෙට්ටියක් වගෙ එකක්.උඩ පොඩි මිටර් එකක් හයි කරල තියෙනව. cඈමරා එක සොඑනි ඈල්ෆා 77 කියල මොඩ්ල් එකක්. ඒ බෑඅග් එක අතට ගොඩක් අපහසුයි.පුලුවන් නම් මොන වගෛ බෑග් එකක් ද තොඑරගන්න ඔනෙ කියල කියනවද.

    ReplyDelete
    Replies
    1. ඔයා ගත්තේ කැමරා බෑග් එකක්ද? එහෙම නැතිනම් "ඩ්‍රයි බොක්ස්" එකක්ද?
      කැමරාව බේරාගන්න ඩ්‍රයි බොක්ස් එකක් හදාගන්න

      සමහර කැමරා බැග්ස් තියෙනවා ඇලුමිනියම්. නමුත් ඒවා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කැමරා ට්‍රාන්ස්පෝර්ට් කරනකොට අසුරගෙන් යන්න මිසක් ඔසවාගෙන යන්න නෙවේ. මේ බෑග් ඉතාම මිල අධිකයි. ඔයා ගත්තේ මෙයින් එකක්ද දන්නෙත් නැහැ.

      මම මේ පොස්ට් එකේ දීලා තියෙන Lowepro බ්‍රෑන්ඩ් එකෙන් කැමරා බෑග් එකක් ගන්න. මොඩල් එක ඔයා ළඟ තියෙන උපකරණ අනුව තීරණය වෙන්න ඕන දෙයක්.

      Delete
  20. අයියො අයිලාශ් මම මෙතෙක් කල් කෑමරා බෑඅග් එකක් කියල පාවිච්චි කරල ටියෙන්නෙ ඔයා ඔය කිව්ව එකක් තමා.හෑබෑයි ගත්තු කඩෛ එකා කිව්වෙ සිතල පඈහි වලට යන නිසා අනිවා පාවිච්චි කරන්න කියල.පොඩි උපදෙසක් දෙන්නකො මොකක්ද කරන්න ඔනෙ කියල... ඔය පෙට්ටිය පට්ට බරයි, මලම ඇනයක්...
    මෑක්රො ලෙන්ස් එකයි , 35mm f1.4 වයිඩ් ඈඅන්ගල් ලෙන්ස් එකයි ,1000mm ටෙලිෆොටො ලෙන්ස් එකයි තමා ලෙන්ස් විදිහට පාවිච්චි කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකද ඔය පෙට්ටගම ඔයාට විකුණුව එකා? ඔයා ඉන්නේ ලංකාවේ නෙවෙයිද?

      මෙන්න මේ සයිට් එකට යන්න

      lowepro.com දැන් Bagfinder ටැබ් එකට් ගිහින් ඔයාගේ කැමරා උපකරණ ටික ඇතුල් කරන්න. ඔයාට හරියන බෑග් කීපයක් එතැනදී පෙන්වයි ඉන් කැමති එකක් තෝරාගන්න.

      වඩා විශා එකක් තෝරාගන්න එපා, ඔසවාගෙන යන්න අමාරුයි, කැමරා ශිල්පියෙක් කියන්නේ බර ඔසවාගෙන යන මිනිහෙක් නෙවේ නේ.

      Delete
  21. කැමරාවක් නැති මට ඕකෙ මොනවද දාගෙන යන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. කැමරාවක් නැත්නම් බැගයක් ඕන නැහැ.
      ඕනෙම නම් බෑග් එකක් අරගෙන, ගඩොල් දෙක තුනක් දාගෙන යන්න :D

      Delete
  22. විස්තරවලට ස්තූතියි අයියෙ. කැමරාවක් ගත්ත දාක මේ විස්තර වැදගත් වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්.. සැමදාම වගේ ගොඩවෙලා අදහස් දක්වන එකට.

      Delete
  23. වඩෙඅ හරි අයිලාශ් ගොඩක් ස්තුතියි උපදෙස් වලට.ඔයාගෙ බ්ලොග් එක කියෙව්වෙ නෑත්නම් ඉටින් මම තාම බර පෙට්ටගමක් උස්සගෙන යනව.
    මම ඉන්නෙ නම් මෙහෙ නෙවෛ
    කෑමරා කඩෛ එකා මාව අන්දල ...

    ReplyDelete
    Replies
    1. මිට පස්සේ කඩවල් වල උන්ට ඔයාව අන්දන්න දෙන්න එපා.

      බොහෝවිට ඔහොම කරන්නේ ලංකාවේ උන්, පිටරටක ඔහොම දෙයක් ගැන ඇහුවමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...