Tuesday, May 28, 2013

බුදු බණ ඇසුවා නිරන්තරේ.....


වෙසක් පෝය වෙනදා වගේම ගෙවිලා ගියා. වෙනදා වගේම කියලා කිවේ මුදලාලිලාට, දේශපාලකයන්ට වගේම හමහර  පන්සල් ආරාම වල ඕනා එපාකම් අනුව බුදු දහමේ නියම යථාර්තය යටපත් කරමින් වානිජ්‍යය කරණය වූ වෙසක් උත්සවයක් මෙවරත් දකින්නට ලැබුන නිසා. 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආමිස පුජාව කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකල දෙයක්, නමුත් ප්‍රතිපත්ති පුජාව වඩා උතුම් ලෙස උන්වහන්සේ වර්ණනා කළා. මේ ආමිසය, පුතිපත්තිය යන දෙක එකම කාසියක දෙපැත්තක් වගේ. 

තථාගතයන් වහන්සේ මේ ආමිස පුජාව අනුමත කලේ කුමන හේතුවක් නිසාද යන්න පළමුව විමසා බලමු. යමෙකු මල්, පහන්, සුවඳ දුම්, ආහාර, ගිලන්පස ආදිය හෝ වෙසක් කුඩුවක්, වෙසක් සැරසිල්ලක් සකස් කර එය තථාගතයන් වහන්සේ වෙනුවෙන් පුජා කරනු ලබයිද, එසේ කරන්නා වූ පුජාවකින් , පිරිනිවන් පා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට  ප්‍රයෝජනයක් නැත. නමුත් යමෙක් මෙලෙස යම් බුද්ධ පුජාවක් සිදු කිරීමේදී ඒ තැනැත්තා ගේ චිත්ත සන්තානයේ පහල වනුයේ අලෝභ,අමෝහ, අද්වේශ යන කුසල මුලයන්ය. එබැවින් එම පුජාව, පුජාව සිදුකරන්නාගේ සිත සුව පිණිසම  පවතී. මෙන්න මේ කාරණය නිසා තමයි තථාගතයන් වහන්සේ මේ ආමිස පුජාව අනුමත කලේ.

නමුත්  වානිජ්‍යය පරමාර්ථයන් සඳහා වෙසක් කුඩුවක්, සැරසිල්ලක් හෝ වෙසක් කලාපයක් සකස්  කරන්නේ නම් ඒ තුල මුලින් සඳහන් කල ආකාරයට චේතනා පහල වීමක් සිදු නොවේ. එකිනෙකා පරයා තමන්ගේ සැරසිල්ල පළමු ස්ථානයට පත්කරගැනීමේ චේතනාවේදී පහල වනුවේ අකුසල මුලයන් වන ලෝභ, ද්වේශ සහ මෝහ යන සිතුවිලි වේ. එවිට ඉන් සිදුවන්නේ අකුසලයක් මිස කුසලයක් නොවේ. එමෙන්ම එය  බුද්ධ පුජාවක්  ලෙසද සැලකිය හැකි නොවේ.

මේ වෙසක් කලාප නම්වූ ව්‍යාපාර තුලින් සිදුවන්නේ මෙලෙස අකුසල වර්ධනයක්  බව මහේ හැඟීමයි.  යම් යම් ආයතන , දේශපාලකයන් මෙන්ම සමහර  පන්සල්  ආරම ආදියෙන් වෙන් වෙන් වශයෙන් වෙසක් කලාප සංවිධානය නොකර තම තමන්ගේ නිවෙස් වල බුධ්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව වෙසක් සැරසිලි ආදිය කරමින් එය බුද්ධ පුජාවක් ලෙස පැවැත්වීමට  බෞද්ධයන් පෙළඹවීම වඩා සුදුසු බව මගේ වැටහීමයි.







34 comments:

  1. දැන් හැම තැනම මුදල් මුල්තැන ගන්නේ. වෙසක් කූඩු තරඟ පැවැත්වීම හා ජයගත්තවුන්ට තෑගි ලබාදීම ඊට හොඳම උදාහරණයකි.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි තරු මම කියන්නේ මේ වගේ දේවල් මුදලාලිලාගේ සහ දේශපාලකයන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට කරගැනීමට යොදාගෙන තියෙන්නේ.

      බලන්න මිට දශක ගණනාවකට කලින් ඔය වගේ වෙසක් කලාප තිබුනේ නැහැ.ඒ දේවල් තම තමන්ම ගම මට්ටමින් එකතු වෙලා කළා. වෙසක් කියන්නේ කලාප වලට බෙදන්න පුළුවන් දෙයක් නෙවේ මේක මුලු ලෝකෙටම පොදු දෙයක්.

      Delete
  2. පූජා විදි කියන්නෙ බුද්ධි හීන පුද්ගලයාට කල හැකි පහසු භාවනා විදියක්.. ආමිස පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි මම දකින්නෙ හරියට කේක් එකයි උඩින් ඇති අයිසින් වැඩ තට්‍ටුවයි වගෙ. ආමිස පූජාව අයිසින් තට්‍ටුව. අයිසින් විතරක් කාල යන මිනිස්සු කේක් එකේ රස විඳින්නේ නෑ.කේක් කොටස විශාලයි අයිසින් කොටස තුනීයි.. එහෙමයි සාමාන්‍ය විදිහට කේක් හදන්නේ .. හැබැයි දැන් අයිසින් ගොඩක් යටින් තියලා කේක් එක තුනී වෙලා .. ඒකෙ වැඩි වගකීම ගන්න ඕනෙත් එහෙම කේක් ප්‍රොමෝට් කරන බක්කරේලා තමයි..

    ReplyDelete
    Replies
    1. සරත් පහාරාද සුත්‍රය බලන්න.මහා සාගරය උපමා කරගෙන දේශනා කල ලස්සන සුත්‍රයක්. එකේදී පහාරාද අසුරයා බුදුරජාණන්වහන්සේට කියනවා, "ස්වාමිනි මේ මහා සමුද්‍රය නොගැඹුරු තැනින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් මහා ගැඹුරක් දක්වා යනවා එක මහා ආශ්චර්යයක්, ඒ නිසා අසුරයන් වන අපි මහා සමුද්‍රය කෙරෙහි ඇලි ගැලී වාසය කරනවා" කියලා. එවිට බුදුරජාණන්වහන්සේ පහාරාද අසුරයාට මේ විදිහට දේශනා කරනවා.
      "පහාරාද මාගේ මේ බුද්ධ සසනයත් ඒ වගේ තමයි, නොගැඹුරු තැනින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් මහා ගැඹුරක් දක්වා යනවා, ඒ නිසා බික්ෂු සංඝයා මේ සාසනයෙහි ඇලි ගැලී වාසය කරනවා"

      ඔය ආමිස පුජා ඒ වගේ නොගැඹුරු තැනක් මහා සාගරයට බහින්න. සමහර දෙනෙක් වැල්ලට ගිහින් කකුල තෙමාගෙන විතරක් ගොඩ එනවා. මේ යන ක්‍රමයට නම තම ටික කාලෙකින් පස්සේ ඊට වඩා දෙයක් වෙන එකක් නැහැ.




      Delete
  3. තරග ඇතිමුත් ලොවේ දස අත
    තරග කුමටද බුදුන් පිදුමට
    හතර රියනක තනිව සැතපෙන දා
    තරගයද කෙළවරක් වේ...

    ReplyDelete
    Replies
    1. බුදු දහම ලොවට දේශනා කල උත්තමයන් වහන්සේ කලේ, මිනිසුනට මේ තරගයෙන් ඉවත් වෙලා සැනසීම ලබාගැනීම පිණිස මග පෙන්වීම නේද? ඒ උත්තමයන් වහන්සේගේ නමින්ම තරග ඇතිකරවමින් ලොබ, ද්වේශ, මෝහ වැපිරීමට පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම මොනතරම් අනුවන කමක්ද?

      Delete
  4. සහතික ඇත්ත. මමනම් හරිම අකමැතියි අඩුතරමින් දන්සැලකට යන්නවත්. මන් හිතන්නේ බුදුන්ගේ සරණින් තවම දන්සැලකින් කන්නතරම් දුගියෙක් නෙවෙයි මම කියල, 2009 වසරේ පොසොන් පෝයට චාරිකාවක් ගිය අතරතුර නම් කෑවා මොකද ඒ වෙලාවේ මම කෑම ගන්න කඩයක්වත් නැති මගියෙක් නිසා, විලාසිතාවට දෙන දන්සල්වලින් කිසිවකුටත් පිනක් අනුමෝදන්වෙයියැයි නොසිතමි. අද දන්සලක දෙන්න මෙන්ම ලබන්නාද විලාසිතාවට මිසක් පින් දීමට හෝ ලැබීමට නොකරයි.
    වෙසක් කලාපයන් පොසොන් කලාපයන්ද ඔබ සදහන් කලාක් මෙන්ම මුදලාලිලාගේ මඩිය තදකරගන්න ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ඉතා සෝචනීය ලෙසය. පොහොදිනක නියම අර්ථය වටහාගෙන තමගුල සිහි කිරීම හෝ ඒ ඒ පොහොදිනවල ඇතිවෙනත් වටිනාකම් අර්ථවත්ව ස්මර්ණය කිරීම අද කින් කීදෙනෙක් නිසිආකාරයෙන් සිද්දකරනවාද කිය නොදනිම්

    ReplyDelete
    Replies
    1. මේදේ තේරුම් ගන්න ඔබ වගේ බොහෝ පිරිසක් තවමත් ඉන්න එක වාසනාවක්.

      Delete
  5. සියල්ල වානිජකරණයට ලක් වු මේ දෙරණේ වෙසක් මතු නොව බුද්ධාගමද වානිජකරණයට ලක්ව ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පෙරහැරවල් යන්නේ සිරසා නමාමි කියලා බෝඩ් ගහගෙන. මේවට ඉක්මනටම තිත තියන්න ඕන, නැතිනම් මහා විනාශයක් තමයි වෙන්නේ.

      Delete
  6. දැන් හැම දේම වාණිජකරණය වෙලා , හැමෝම බලන්නේ කොතනින් හරි සාක්කුව පුරවා ගන්න විතරයි , තව කාලයක් යනකොට මේ උත්සව ඔක්කොම වෙනස් වෙලා තියෙයි ..

    ReplyDelete
  7. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් යැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සිරා, නමුත් ආමිස පුජාව බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නෑ අර්ථ සම්පන්නව කනරවානම්.

      Delete
  8. හැමදෙයක්ම වාණිජකරණයට ලක් උන සමාජයක බුදු දහම උනත් වාණිජකරණයට ලක් නොවී තියෙන්නේ නැ.
    මාත් එකග වෙන කරුණක් ඔය වෙසක් කලාප ගැන අයිලාශ් අයියා දරන මතය....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න.. බුදු දහම නෙවෙයි බුද්ධාගම නමින් පවත්නා පූජාවිදිමුල්කරගත්ත සංස්කෘතිය වාණිජකරණය වෙලා. බුදු දහම ඒ නිසා යටපත්වෙමින් පවතිනවා. දහම පිරිසිදුයි .. ඒත් බුදුපියාණන් කී හැටියටම කලක් යනවිට දහම යටපත්වී විකාර සංස්කෘතියක් අරක්ගන්නවා. එහෙම පරිහානිවෙලා දහම සපුරා නිධන් උනාම බුදුකෙනෙක් ඉපදී නැවත දහම මතුකරනවා.

      Delete
    2. ඔබ හරි සරත්. නමුත් මේ අවස්ථාව ගිලිහි යා නොදී එයින් ප්‍රයෝජන ගැනීම තමයි කල යුත්තේ. මේ වාණිජ කරණය තුල දහම සැඟවී ගොස් පුජාවිධි ඉස්මතු වීම ඉක්මන් වෙන එක තමයි වෙන්නේ.

      Delete
    3. @ මනෝජ්

      එහෙම කියලා වැල යන පැත්තට මැස්ස ගැහුවොතින් මේ ධර්මය ඉක්මනින් අතුරුදහන් වෙනවා මල්ලි.

      Delete
  9. වෙසක් කලාප නම් අනේ මන්දා.... මාත් ගියා දෙකතුනකටම... කොල්ලෝ නලා පිඹ පිඹ, යක්කු වගේ වෙස් මූණු දාගෙන, අං පැළඳගෙන යනවා දැක්කා... එක එක ජාතියේ චයිනීස් බඩු විකුණන්න තියෙනව දැක්කා.. කූඩුත් තිබ්බා... භක්ති ගීතත් තිබ්බා.. පෙරහැරවලුත් තිබ්බා.....

    මං නම් ඉතිං ගත්ත සීලෙත් රැකගෙන මේවා දැකලා කළකිරෙන්නෙ නැතුව ආවා... මොකද ඒ තරමටම කළකිරෙන්න දේවල් තිබ්බ නිසා, කළකිරිලා වැඩක් නැති නිසා....

    ReplyDelete
    Replies
    1. එක තමයි මම කියන්නේ හිරු, අපේ අතින් වටිනාකම් ගිලිහිලා ගිහින්. මේවට වග කියන්න ඕන දේශපාලකයෝ සහ මුදලාලි පන්තිය.

      මමත් වෙනදා වගේම ෆොටෝ ටිකක් ගහගන්න කියලා ඊයේ රවුමක් දැම්මා. ඒ තුල සැණකෙළි ස්වභාවයක් මිසක් කිසිම් ආකාරයක බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙන ස්වභාවයක් නැහැ.

      Delete
    2. කොල්ලෝ නලා පිඹ පිඹ, යක්කු වගේ වෙස් මූණු දාගෙන, අං පැළඳගෙන යනවා දැක්කා.

      :D

      Delete
  10. අපි ගෙදර හදලා එල්ලන පොඩි කූඩුව දිහා බලල ලබන හිතේ සතුට මට නම් ලබෙන්නෙ නෑ ඔය වෙසක් කලාප, පොසොන් කලාප වලින්. සමහර වෙලාවට එවැනි දේ තව කෙනෙකුට කරදරයක් වෙන හැටිත් අපට දකින්න ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. එක තමයි මල්ලි මම කියන්නේ අපේ ගෙදර එක මැටි පහනක් හරි පත්තු කරලා ලබන සතුටට හේතුව වන්නේ ඒ කාර්යය කිරීමේදී චේතනා වශයෙන් පහල වෙන කුසල මුලයන්. නමුත් මේ මහා පරිමාන කලාප තුලින් ඒ වගේ චේතනාවන් පහල වෙන්න හැකියාවක් නැහැ.

      Delete
  11. බොරු කියන්න ඕනි නෑනේ, මම නම් ඔය වෙසක් බලන්න යන්න එහෙම එච්චර කැමැත්තක් නෑ, ඒත් පවුලේ කට්ටිය එකතු වෙලා යනවානම් මමත් ගිහින් එනවා. අර එක එක ෆෝබියා වගේ මට තියනවා සෙනග අස්සේ අතරමං වෙයි කියලා ෆෝබියා එකකුත්..

    ReplyDelete
    Replies
    1. මොකද නදිනි එහෙම බයක් හිතෙන්නේ? පොඩි එකෙක්නම් අතරමන් උනොත් ප්‍රශ්නයක් තමයි. නමුත් වැඩිහිටි කෙනෙක්ට එහෙම බහක් වෙන්න දෙයක් නැහැ.

      Delete
  12. දන්සල් තියෙන්නෙ කාර් වාහනවල යන උන්ට.. තොරණ තියෙන්නෙත් ඒ අයටමයි ටවුන්වල.. සරසන්නෙත් නගරමයි. ගමේ පන්සලට මැටි පහනක්වත් තියන්න එකෙක් නෑ
    පන්සලට ඉන්න එකම හාමුදුරුවොත් යනව වෙසක් බලන්න ටවුන් වලට.. ඕක තමයි ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ මේ ආමිස පුජාවේ හරය යටපත් වුන නිසා යසිත්. ඒ නිසා මේ ආමිස පුජාවේ නිවැරදි ක්‍රමය මතුකරගත යුතු වෙනවා.

      Delete
  13. අය්යෝ සල්ලි කියනවා හැර
    වෙන නම් කුමක් කියන්නද?

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි නෙවේ, කෝ අලුත් කැමරාවෙන් ගත්ත ෆොටෝ.

      Delete
  14. කාලෝචිත මාතෘකාවක් මතුකරලා තියෙන්නෙ. දැං තියෙන හැම සංකල්පයකම වෙළෙඳපොල වටිනාකමනෙ ඉස්මතු කරන්නෙ. වෙසක්, අලුත් අවුරුදු, වගේ හැම දෙයකම වෙළෙඳපොළ ප්‍රචාරණය තමයි තියෙන්නෙ. දැනුවත්භාවය වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි ඩ්‍රැකී.

      Delete
  15. ඕව ගැන කතාකරල වැඩක් නෑ අයියා. අපේ මිනිස්සු පින් තකා කරන වැඩවලිනුත් අන්තිමට පවු පුරෝගන්නව. හැම දේම විකිණෙන සමාජයක එයිට වඩා වෙන මොනව බලාපොරොත්තු වෙන්නද. වෙසක් කළාප සංවිධානය කරන සමහර ලොකු පුටුවල ඉන්න ඇත්තො හිතන්නෙ ‘උන්ගෙ එකට වඩා අපේ එක ඉහළින් තියෙන්න ඕන‘ කියල. ඔව්වයෙ හැටි ඔහොම තමා, අද ඉතිං සද්දෙටයි, විච්චූරණවලටයිනේ වැඩිය තැන තියෙන්නෙ. පන්සල්වලත් එහෙම තමා. ලොකුවට සද්දෙ නැති උනොත් හාමුදුරුවොන්ටත් හිතට මදි. දායකයොත් පුළුවන් තරම් සල්ලි වියදම්කරල විසූකදස්සන මවා පානවට තමා හාමුදුරුවොත් කැමති. නැත්නම් දායකයොන්ගෙන් සල්ලි එකතුකරල උන්නාන්සෙලම ඒව පවත්වල සතුටු වෙනව. කලියුගය නොවැ.

    අයියගෙ ඡායාරූපකරණ පාඩම් ටික කියවන්න හුඟකලක ඉඳන් හිතන් හිටියට තවම හිතට නිදහසක් ලැබුනෙ නෑ මඟඇරුනු ටික බලන්න. අදත් බ්ලොග් පැත්තට ඔළුව දැම්මෙ හුඟ දවසකින්. කොහොම හරි ඒක කරන්න ඕන කියල හිතාඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතාගෙන් සිටියේ මේ ධර්ම කරුණු බ්ලොග් එකේ ලියන්නේ නැහැ කියලා. නමුත් දැන්නම් හිතෙනවා මේවත් සටහන් වෙලා තිබුනොත් අඩුගානේ එක පුද්ගලයෙක් ට වත් එයින් ප්‍රයෝජනයක් වේවි කියලා.

      පහුගිය ටිකේ දිගින් දිගටම ධර්මයට සහ භික්ෂුන් වහන්සේලාට පහර ගැසීම බ්ලොග් අවකාශය තුල දකින්නට ලැබුනා. ඒ නිසා ධර්ම කරුණු ගැන ලියන්න හිතුනා. ධර්ම කරුණු ගැන ලිවීමේදී කිසිම් විටක මගේ මතයක් ඉදිරිපත් නොකරන අතර, ත්‍රිපිටකයට අනුව පමණක් කරුණු දැක්වීමට අදහස් කරනවා. එහෙම කරන්නේ ධර්මයේ හිමිකරු ධර්ම ස්වාමි වූ බුදුරජානන් වහන්සේ පමණක් වන බැවින් කිසිම කෙනෙකුට බුද්ධ වචනයට දෙයක් එකතු කිරීමටවත්, අඩු කිරිමටවත්, වෙනසක් කිරීමටවත් අය්තියක් නැති බව මා හොඳාකාරව දන්නා නිසා.

      නමුත් මෙසේ බුද්ධ වචනය සටහන් කිරීමේදී යම් යම් අයගේ මතවාදයන්ට පහර වදිනු ඇත, එයට මාහට කල හැක්කක් නොමැත.මම ඉන්දියාවේ ගිහින් බුද්ධ ධර්මය ඉගෙන ගත් කෙනෙක් නෙවේ. මට එලෙස කිරීමට ඇවැසි උනේද නැත. පසුගිය 19වසර කාලය තුල ත්‍රිපිටකය පරිහරණය කිරීම සහ උගත්, විනයගරුක බික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ ඇසුර මත ලබාගත් දැනුම මේ සඳහා යොදාගනිමි.

      Delete
  16. [ce]
    [si="5"]බොහොමයක් දෙනා පෝස්ටුව තේරුම් ගෙන තියෙනවා..ඒ හොඳටම ඇති..පෝස්ට් එක තේරුම් කරන්න උනා නම් වැඩක්ම නැති වෙනවා මේ ගැන කතා කිරීමත්..මට නම් මුළින්ම ඒ ගැන සතුටුයි...

    ඒකෙන් තව දෙයක් කියවෙනවා..ඒ තමයි හරියට දෙයක් කියලා දෙන්න ගුරුවරයෙක් ඉන්නවනම් ඕනේ තරම් ශිෂ්‍යයෝ ඉන්නවා ඇවිත් ඉගෙන ගන්න...

    [/si]
    [/ce]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි ඔබගේ අදහස් දැක්වීමට. ද්ද්ට් වෙනුවෙන් දුන්න කොමෙන්ට් එකත් පොඩ්ඩක් බලන්න. එකම අපහසුතාවයකට තියෙන්නේ පාලි යුනිකෝඩ් වලින් කොටන එක.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...