Friday, May 31, 2013

දුශ්ශිල භික්ෂුව කෙරේ ගිහියන් පිළිපැදිය යුතු අයුරු.


අද බ්ලොග් අවකාශයේ පමණක් නොව බොහෝ මාධ්‍යයන් හරහා  භික්ෂුන් වහන්සේලාට ගැරහීම කලාවක් කරගෙන ඇති ආකාරයක් පෙනීයයි.  භික්ෂුවකට ගැරහීම තුලින් හෝ ධර්මයට ගැරහීම තුලින් තමා මහා වීරයකු බව පෙන්වීමට බොහෝ දෙනෙක් කිසිදු බියක් සැකක්  නැතිව කටයුතු කරනුයේ ඉන් අත්වන මහත්වූ දුර්විපාක පිළිබඳව නොදත් කම හෝ ඒ පිළිබඳව බියක් නැතිකම ම වේ. මෙම අකුසල කර්මය පිළිබඳව   නොදත්කම  හෝ කර්මය  කර්මඵලය පිළිබඳව විශ්වාශය නොමැති වීම,  එහි විපාකයෙන් මිදීමට හේතුවක් නොවනු ඇත.

එක්   භික්ෂුවකට හෝ ගැරහීම මුළු මහත් සංඝ රත්නයටම ගැරහීමක් වන්නේය. එය මහා නරකයෙහි දීර්ඝ කාලයක් දුක්විඳීමට සිදුවන බරපතල අකුසලයක් වන්නේය. 

බොහෝවිට චීවර ධාරියා ලෙස  භික්ෂුන් වහන්සේලාට අගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීම දක්නට ලැබේ. චීවර ධාරියා ලෙස හැඳින්විය හැක්කේ සතර පාරජිකාවන්ට ලක්වී, ඒ බව සඟවාගෙන සිටින කෙනෙකුන් හට හෝ විනයානුකුල නොවන ආකාරයට පැවිදි වූවකු හෝ තමන්ම සිවුරු පොරවාගත් කෙනෙකුන්  හට පමණි. මේ සතර පාරාජිකාව සිදුවන ආකාරය ගැන බොහෝ අය පැහැදිලි අවබෝධයක් නැති බව දක්නට ලැබේ. පසුගිය  දිනක මාරයා විසින් ලියන ලද "අපි දන්නේ ඉතින් වැදී බණ  නෙව .." පොස්ට් එක කියවීමෙන් මට හැඟී ගියේ, වසර ගණනාවක් පැවිදි ජිවිතයක් ගතකල මාරයා උනත් මේ ගැන හරි අවබෝධයකින් තොර බවයි.

(උපුටාගැනීම මාරයාගේ පොස්ට් එකෙන්.)

"භික්ෂුවකගේ භික්ෂූත්වය ගිලිහිලා යන කාරණා හතරක් තියෙනවා කියනවා නෙව... අර සතර පාරාජිකා කියලා හදුන්වන්නේ එව්ව තමා... ඕකට අයත් වන එක කාරණයක් තමා ප්‍රාණ ඝාතය... ඒ කියන්නේ පණක් නසන කෙනාට භික්ෂුත්වය අහිමි වෙනවා..."  (උපුටාගැනීම අවසන්)

එය ප්‍රාණ ඝාතය නෙවෙයි, මනුෂ්‍ය ඝාතනයයි. නමුත් සිය පණ නසාගැනීමෙන් පාරාජිකා ඇවතකට පත්වෙන්නේ නැහැ. අති පුජනිය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ පිටු අංක 55 හි  මේ ගැන පැහැදිලිව සඳහන්  කර ඇත. පාරාජිකා ඇවතට පත්වෙන ආකාරය ගැන සවිස්තරාත්මක සටහනක් පසුව ලිවීමට බලාපොරොත්තු වෙනවා.

කෙසේවුවත් දුශ්ෂිල භික්‍ෂුවකට හෝ අපහාස කිරීම නුසුදුසුය. එවැනි භික්ෂුන් කෙරෙහි පිළිපැදිය යුතු පිළිවෙල   තථාගතයන් වහන්සේ විසින් දක්වා තියෙනවා.

(උපුටාගැනීම: බෞද්ධයාගේ අත්පොත පි.38 - 39)

"අට්ඨහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතස්ස  බික්ඛුනෝ ආකඞඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං කතමෙහි අට්ඨහි? ගිහීනං  අලාභය පරිසක්කන්ති, ගිහීනං  අනත්ථාය  පරිසක්කන්ති, ගිහීනං අක්කොසති පරිභාසති, ගිහී  ගිහීහි භේදේති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඝස්ස අවණ්ණං භාසති, අගොචරේච  ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස බික්ඛුනෝ ආකඞඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්‍යුං"

යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ  කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන්  හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද භික්ෂුන්හට කැමති නම් අප්‍රසාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍රසාදය දැක්වීම යනු ඒ භික්ෂුන්ට ගර්හා කිරීම නොව දුටුකල හුනස්නෙන් නොනැගිට සිටීම, පෙර ගමන් නොකිරීම, නො වැඳීම, දන්  නොදීම යන මේවයින් තමාගේ නොසතුට දැක්වීමය.
(උපුටාගැනීම අවසන්)

කරුණු කාරනා එසේ හෙයින් භික්ෂුන්ගේ යම් වරදක් දුටු තැන ගර්හා නොකර, එම වරද කිරීම පුද්ගල දෝෂයක් ලෙස සලකා කැමති නම් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට තමාගේ නොසතුට දැක්වීම මගින් විශාල අකුසලයක් කරගැනීමෙන් වැලකිසිටිය හැක.

එමෙන්ම භික්ෂුන් වහන්සේලාගේ ශිලය පිළිබඳව බොහෝ සෙයින් උනන්දු වෙමින් ගර්හා කරන මෙම ගිහියන් , ගිහියකුගේ නිත්‍ය ශිලය වන පන්සිල් වත් රැකගත් අය  නොවන බව නොබියව කිව හැක. රාත්‍රී කාලයට හෝ උත්සව අවස්ථාවකදී උවත් මත් වතුර කටේ හලාගන්න අයගේ පංච ශිලය ගිලිහි ඇත. එමෙන්ම බොරුව කොතරම් භාවිතා කරනවද යන්න ඔබ ඔබම තමන්ගෙන් විමසා බලන්න. අවම වශයෙන් සිල්පද පහක්වත් රැකගත නොහැකි නම්, නව දහස් එකසිය අසු කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය ආරක්ෂා කිරීමට කැපවූ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ සීලය විමසීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එමෙන්ම භික්ෂුන් වහන්සේලා ගේ ශිලය ගැන විමසමින්  සහ ධර්මයට ගර්හා කරමින් තමන්ගේ බ්ලොගයේ පොස්ට් පලකිරීමට  අන්‍ය ආගමිකයකුට ඒ  ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?

කෙසේ උවත් බුද්ධිමත් බෞද්ධයන් විසින් කලයුත්තේ, භික්ෂුන් වහන්සේ නමක්  දුටු කල්හි, ඒ භික්ෂුව හේ ශිලය ගැන නොවිමසා, මේ භික්ෂුන් වහන්සේ දරා  ගෙන සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ චීවරයයි, සැරියුත්, මුගලන්, නන්ද, රාහුල වැනි අග්‍ර ශ්‍රාවකයන්,  මහා ශ්‍රාවකයන් වහන්සේලා මෙන්ම ආර්ය මහා සංග රත්නය දරු චීවරයයි කියා මහා සංග රත්නය කෙරේ හිත පහදවා ගැනීමයි. අනාගතයේදී පහල වන කසාව ඛන්ටක නම් වන සිවුරු පටියක් පමණක් අතේ ගැට ගසාගෙන, අනික් සියලුම කාර්යයන් ගිහියන් ගේ කරන්නා වූ කොටසට හෝ ආර්ය මහා සංග  රත්නය අරමුණු කරගෙන, දානයක් පිළිගැන්වීමෙන් ආර්ය මහා සංග රත්නය වෙත දානයක් පිළිගැන්වීමෙන් ලැබෙන ආනිසංස ම ලැබෙන බව බුද්ධ දේශනාවයි. එසේනම් භික්ෂුන් වහන්සේ නමක් මේ අරහත් ධජය දරා සිටීමම උන්වහන්සේ ගරු බුහුමනට ලක්වීමට ප්‍රමාණවත් නොවන්නේද? ( මේ පිළිබඳව වැඩි විස්තර ඇවැසි  කෙනෙකු ඇත්නම් මිලින්දප්‍රශ්නය විමසනු මැනවි)

තවද, අන් අයගේ ශීලයන් ගැන විමසීමට කාලය වැය නොකර තමන්ගේ ශීලයේ ඇති අඩුපඩු කම් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වෙමින්, එහි අඩුපාඩු සකස්කර ගනිමින් තමන්ගේ ශීලය ඍජු කරගැනීම වඩා බුද්ධිමත් ක්‍රියාවක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.

නොහික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් පනවන ලද පත්ත  නික්කුජ්ජන කර්මය නම් වූ දඬුවම ගැන දැනගැනීමද  ඉතා අගනේය.

(උපුටාගැනීම: බෞද්ධයාගේ අත්පොත පි.47 - 48)

මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්ත  නික්කුජ්ජනය කළ  යුත්තේය.
  1. භික්ෂුන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද,
  2. භික්ෂුන්ට අනර්ථ  කරනු පිණිස උත්සා කෙරේ ද,
  3. භික්ෂුන් වහන්සේලාට ආවාසයෙහි නො විසිය හැකි වනු පිණිස  උත්සා කෙරේ ද,
  4. භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව  කෙරේ ද,
  5. භික්ෂුන් භික්ෂුන් හා බිඳවා ද,
  6. බුදුන්ගේ අගුණ කියා ද,
  7. ධර්මයේ අගුණ කියා ද,
  8. සංඝයාගේ අගුණ කියා ද,
මහණෙනි මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්ත  නික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

පත්ත  නික්කුජ්ජනය  යන වචනයේ තේරුම පාත්‍රය මුනින් නැවිමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කලේ නම් එකල්හි සංඝයා රැස්ව කාර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ  යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලුම භික්ෂුන් විසින් පත්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකට වත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු  ලැබූ උපාසක  තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සංසිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂුන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මේ පමණ ය. 
(උපුටාගැනීම අවසන්)

භික්ෂුන් වහන්සේලාට ගර්හා වන පරිදි ප්‍රකාශ කරන අය  හට මෙම කර්මය සිදුකරනු ලැබුවහොත් ඉන් අත්වන අලාභය කොතරම් ද, නමුත් තමන්  වහන්සේලාට කොපමණ අපහාස කලත් ගිහියන් කෙරේ පතල කරුණාවෙන් භික්ෂුන් වහන්සේලා මෑත කාලයේදී මේ පත්ත  නික්කුජ්ජනය කර නොමැති බව මගේ වැටහීමයි.

බොහෝ විට භික්ෂුන් වහන්සේලාට ගර්හා වන පරිදි ප්‍රකාශ කරනුයේ බෞද්ධයන් යයි කියාගන්නා අයම වේ. අන්‍ය ආගමිකයන්ගේ දියුණුවට අදාළ මුලික කරුණක් වන්නේ ඔවුන් තමන්ගේ ආගමට කිසිම විටක ගර්හා නොකිරීමය. එසේ හෙයින් අන්‍ය ආගමිකයන්ගේ දියුණුවට ඉරිසියා නොකර ඔවුන්ගේ මෙම උතුම් ගුණාංගය වත් ඉගෙන ගෙන භික්ෂුන් වහන්සේලාට සහ ධර්මයට ගර්හා නොකර සිටින්නේ නම් ඉතා මැනවි.

මෙම ලිපි  කියවීමට නොහැකි වුවානම් ඒ ලිපි  කියවන්න, ඒවාට ලැබුන ප්‍රතිචාර සහ ඒ වෙනුවෙන් ලබාදුන් පිලිතුරුත් අනිවාර්යයෙන් කියවන්න.




සියලු දෙනාට ම ධර්මාවබෝධය ලැබේවා!!  තෙරුවන් සරණයි!!!.

125 comments:

  1. සිව්ර දාගත් පමණින් උසස් වු දෙයක් වන භික්ෂුවක් වන්නේ නම් මාද භික්ෂුවකි...

    ReplyDelete
    Replies
    1. දේශකයා සිවුරක් දාගත් කෙනෙක් බව දන්නේ දැනුයි. ඔබ විනයානුකුලව පැවිදි ජීවිතයකට පත්වී පරාජිකා නොවී සිටින්නෙක් නම් ඔබද භික්ෂුවකි.
      මේ කොටස නැවත බලන්න.
      //චීවර ධාරියා ලෙස හැඳින්විය හැක්කේ සතර පාරජිකාවන්ට ලක්වී, ඒ බව සඟවාගෙන සිටින කෙනෙකුන් හට හෝ විනයානුකුල නොවන ආකාරයට පැවිදි වූවකු හෝ තමන්ම සිවුරු පොරවාගත් කෙනෙකුන් හට පමණි. //

      Delete
    2. මං කිව්වේ සිව්ර දාං ඉන්න සමහර භික්ෂුන්ට වැඩිය මම හොද භික්ෂුවක් කියලයි එහෙනං..

      Delete
    3. ඔබට තවත් කෙනෙකුගේ ශිලය මනින්නට කිසිම හැකියාවක් නැහැ. ඔබට හැක්කේ ඔබගේ සිල්වත් බව පිළිබඳව තක්සේරුවකට ඒම පමණයි.

      Delete
    4. එතකොට භික්ෂුන් දිහා මම දකින දේ බොරුද. රෑට බොනවා. බඩු ගහනවා.. බ්ලු බලනවා.. තවන් නරකාදි වැඩ කරනවා. අර එක මෝලේක් වගේ බොරු ජාතිවාදි දේශපලනය කරනවා. මට ඒක දකින්න බැරිද? ඒක් දැකල ඔබ කියන විදියට පොතේ කරුණු එහෙමයි කියල හිතං කට වහං ඉන්න ඕනද? සිල්වත් භික්ෂුවත් අසංවර භික්ෂුවත් අතර කව්ද ශිලය මනින්නේ.. ඔබද පොතද මමද. නැත්නං වෙන කව්රුවත්ද

      Delete
    5. ඒ ගිල්ලන්ගේ ශිලය ඒ ගොල්ලන්ට මැනගන්න දීලා ඔබතුමාගේ ශිලය ඔබතුමා බලාගන්න. අනික ඔබ තුමා කියන විදිහට බඩු ගහනවා නම් ඒ බව ඔබ තුමාට කරුණු කාරනා සහිතප පැහැදිලිනම් ඔහි භික්ෂුවක් නොවේ.

      Delete
    6. දැනගන්නයි අහන්නෙ.

      දේශපාලනික අරමුණක අතකොලුවක් වෙලා මහජනතාව නොමඟ යවන, කඩ කඩන්න, මස් කඩ වලට ගහන්න, පොළඹවන, අන්‍යාගමිකයන්ට හිරිහැර කරන, සිවුරු දරන්නන් ගැන බෞද්ධ ගිහියන් මොකද කරන්න ඕනෙ?

      Delete
    7. ඒ ගැන පොස්ට් එකේ ලියලා තියනවා. මේ කොටස බලන්න
      ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද......

      ඔවුන් අයත් වන්නේ මේ කොටසට නේද? එහෙනම් ඒ අය පිළිබඳව ධර්මනුකුලව පිළිපදින්න ඕන හැටි පොස්ට් එකේ තියෙනවනේ.

      Delete
  2. සිවුරක් දා ගත්ත හැම හරකටම, හොරාටම. මදාවියටම, බඩුකාරයට, කොලුකාරයට, බිස්නස්කාරයටම භික්ෂුවක් කියන්න වෙන කරුමෙට වග කියන්නේ කව්ද?

    ReplyDelete
    Replies
    1. මේ කොටස නැවත කියවන්න. විවුර්ත මනසකින් මේ දෙස් බලන්න.

      //චීවර ධාරියා ලෙස හැඳින්විය හැක්කේ සතර පාරජිකාවන්ට ලක්වී, ඒ බව සඟවාගෙන සිටින කෙනෙකුන් හට හෝ විනයානුකුල නොවන ආකාරයට පැවිදි වූවකු හෝ තමන්ම සිවුරු පොරවාගත් කෙනෙකුන් හට පමණි. //

      ඔබ කියන අය මේ කොටසට අයත් බව ඔබ හොඳාකාරව දන්නේ නම් ඔවුන්ව භික්ෂුව ලෙස හඳුන්වන්න එපා.


      Delete
    2. ඒක තමා මම කිව්වේ.. මම කිව්ව නෙව ඔක්කොම අය ගැන නෙමෙයි කියලා. ඉතිං එහෙම හිතන්නැති එකෙකුට කොහොම කතා කරාම මොකද...

      Delete
    3. මහත්තයෝ මේ දේ තේරුම් ගන්න, බුදු දහමේ තියෙන්නේ අනුන් හදන වැඩ පිළිවෙලක් නෙවේ, තමන්ගේ සිත් සදා ගැනීමේ වැඩ පිළිවෙලක්. ඉතින් මේ දේ ත්රුම් අරගෙන් තමාගේ සිතේ තියෙන ද්වේශය පහකරගන්න උත්සහ කරන්න.

      අනිත් කරුණ මේ පොස්ට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුව කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය.

      //කැමති නම් අප්‍රසාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍රසාදය දැක්වීම යනු ඒ භික්ෂුන්ට ගර්හා කිරීම නොව දුටුකල හුනස්නෙන් නොනැගිට සිටීම, පෙර ගමන් නොකිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවයින් තමාගේ නොසතුට දැක්වීමය.//

      මෙලෙස කටයුතු කිරීම් මගින් සිදුවනුයේ ඔබගේ ගුණාංගයන් දියුණු වීමයි.

      Delete
    4. මං මොකටද දුෂ්සීල අයට ගෞරව කරන්නේ.. අප්‍රසාදය දක්වන්නේ... මෙහෙමයි... ඒකනේ බුදුන් වදාරන්නේ. ඒකත් එකයි භික්ෂුව ගැන කෙලින් කතා කිරීමත් එකයි.. කොතනද වැරුද්ද.. සිමාව.. ගෞරව නොකරනවනං හැම දේම එකයි.. පවත් එකයි. පිනත් එකයි. යාවත්කාලීන වූ බුදු දහමක් පමණයි අපට තියෙන්නේ.. ඔබ කොහොමද කියන්නේ බුදු දහම විකෘති නොවී පැවතෙනවා කියන එක..

      Delete
    5. මේ ධර්මය තියෙන්නේ තේරුම් අරගෙන තමන්ගේ දියුණුව සලසා ගැනීමට මිසක් වාද විවාද වලට නොවේ.

      Delete
    6. කව්ද කියන්නේ එහෙම.. ඔබද

      Delete
    7. ඔබතුමා එහෙමනම් මේක අල්ලගෙන් වාද කර කර ඉන්න.

      Delete
    8. මේ ආගමේ විතරයි තියෙන්නේ බුද්ධියෙන් විමසා බලා කටයුතු කරන්න කියලා. ඒ තියෙන නිදහස නැති කරන්න කාටවත් බෑ. ඔයාලට වෙලා තියෙන්නේ. බුද්ධාගම හරියට අවභෝධ කර නොගත්ත ප්‍රශ්ණයක්.. බුදු හාමුදුරුවෝ කොහේවත් කියලා නෑ භික්ෂුව තමයි උතුම් කියලා.. උන් සාසනේ වනසන කොට ඇස් කන් පියාගෙන ඉන්න කියලද කියන්නේ...

      Delete
  3. අයිලාෂ්ගේ අරමුණ සහ දැනුම ගැන පැහැදීමක් තියෙනවා.. ඒකට ගරු කරනවා...

    පැරණි පොත් පත් වල තියෙන දෙයකට උනත් හිතට එකඟව එකග වෙන්න බැරි වෙලාවට කරන්නේ කට වහගෙන පැත්තකට වෙන එක... මෙතනදිත් ඒකම කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදසස් දැක්වීමට ස්තුතියි හිරු.

      ධර්මය ගැන මින් ඉදිරියට ලියන පොස්ට් කීපය ගෝචර වන්නේ අන්තගාමි නොවන අයට පමණයි හිරු. ධර්මය ගැන මේ බ්ලොග් එකේ ලියන්න මේ අදහසක් තිබුනේ නැහැ. නමුත් පසුගිය ටිකේ සිදුවීම් මත මේ සම්බන්ධයෙන් නිවැරදි බුද්ධ වචනය පැහැදිලි කරලා දෙන්න හිතුවා.

      මේ පොස්ට් වලින් මම අදහස් කරන්නේ එක පුද්ගලයෙකු හෝ නිවැරදි ධර්ම කරුණු තේරුම් ගනීවි කියයි.

      Delete
    2. අන්තගාමී කියන එක, එක එක්කෙනා එක එක විදියට අර්ථ දක්වනවා මේ දවස්වල අයිලාෂ්...

      නමුත් මම බුද්ධ ධර්මය, ආගමක් විදියට දකින්න එච්චර කැමැත්තක් නෑ.... මම කැමති ප්‍රශ්න කරන්න, විචාරය කරන්න, විවේචනය කරන්න, තමන්ට තේරුම් ගන්න පුලුවන් වෙනකම් ප්‍රශ්න කරන්න නිදහස තියෙන, උසස්, දියුණු මනසක් තිබුන මනුස්සයෙක් තේරුම් අරන් අනිත් අයටත් කියලා දුන්න දර්ශනය අනුව යන්න.... දැන් ආගමක් වෙලා තියෙන්නේ එක එක කාලවල, එක එක දේවල් වල ආභාෂය ලැබිලා අච්චාරුවක් වෙච්ච දෙයක් විදියට මට පේන්නේ... ඒක නිසා ඔය ශතවර්ෂ ගානකට කලින් ලියවුණු පොත් පත් වල තියෙන දේවල්, ඒ විදියටම අරගෙන මේ කාලයට ආදේශ කරන්න යන එක ගැන මට එච්චර පැහැදීමක් නෑ.... සාසනය ගැනත් මට තියෙන්නේ එහෙම හැඟීමක්...

      මාත් කාලෙකට කලින් අනුගමනය කළේ ‘ මං වඳින්නේ සිවුරට“ කියන ක්‍රමය... ඒත් පස්සේ මට තේරුනා මේ සිවුර පොරවගෙන ඉන්නේ අපේ වැඳීම ලබාගන්න සුදුසු පුද්ගලයන්ට වඩා නුසුදුසු පුදුගලයෝ කියලා.. ඒ කියන්නේ සමහරු නම් මනුස්සකම් වත් නැති අය නිසා... සමහරු නිකම්ම අනුගාමිකයෝ කාණ්ඩයකට නායකත්වය දෙන අය... සමහරු සිවුරට මුවා වෙලා ලෞකික ජීවිතය සැප සහසුවෙන් ගත කරන්න උත්සාහ කරන අය... මෙහෙම අය වැඩි වෙනකොට පන්සල් වලින් ඈත් වෙලා හිටිය නිසා මට නම් හිතන්න බෑ මේ කෙනා හොඳ මනුස්සයෙක්ද කියලවත්.... සමහර පන්සල් වල හාමුදුරුවරුන්ට වැඩි බලතල තියෙන්නේ දායකයන්ට.... එහෙම පන්සල්වල රැකෙන්නේ බුද්ධාගමටකට වඩා වෙන මොනාද ආගමක්...

      කො‌ෙහාම උනත් බුද්ධාගම විවේචනය කරන්න මේක හරි කාලයක් නෙවෙයි.... අපි එක එක්කෙනා ලියන දේවල් අනුවත් වෙන්නේ තවදුරටත් බුදුදහම විවේචනයට ලක් වෙන එක කියලා මට හිතෙනවා.... ඒත් ඇස්පනාපිට සිද්ධ වෙන වැරදි දැක්කම නිකම්ම විවේචන හිතට එනවා... ඒවා ලියවෙනවා... ඒව හැබැයි සංවරව බේර ගන්න, මුහුණ දෙන්න පුලුවන් වෙන්න ඕනේ කියලා මං හිතනවා..... එක එක්කෙනාට නම් කිය කිය සත්තු වගේ හැසිරෙන්නේ නැතුව...

      Delete
    3. හරි.. මම කියන්න හදන දේ ඔබ සංයමයෙන් කියල තියෙනවා.. මම ඉතිං කුකුල් කේන්ති කාරය නෙව.. පොත් පත් වල තිබුන පලියට පිළිගන්නේ මක්කටෙයි හැම දේම.. විචාර බුද්ධියෙන් නොබල.

      Delete
    4. නැහැ හිරි මේ තමයි බුදු දහම ගැන කතා කරන්න නියම කාලය. බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා ධර්මය බබළන්නේ විවර වූ විට බව.

      මේ කාලයේ මේ දහම ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ඕන එතකොට තමයි දුර්මත් ඉවත් වෙන්නේ.

      Delete
    5. කතා කිරීමයි, විවේචනය කිරීමයි දෙකක් මං හිතන්‌ෙන් අයිලාෂ්...

      මට පැහැදිලිවම දැනට පවතින ජනප්‍රිය බුද්ධාගම ගැන විවේචනයක් තියෙනවා.... ඒක සංඝ සමාජයටත් අදාලයි.... විශේෂයෙන් පැරණි බෞද්ධ පොත පත, සිරිත් විරිත්, දැන් පවතින සාමජයට යම් යම් විදි වලින් ආදේශ කරන්න යන එක ගැනත් මට විවේචනයක් තියෙනවා..... නමුත් මම දවසක් කළකිරීමෙන් ලියපු පෝස්ට් එකකට තිසර පැහැදිලි උත්තරයක් දීලා තිබ්බා.... මේක දර්ශනයක් විදියට දකින කෙනෙකුයි ආගමක් විදියට දකින කෙනෙකුයි අතර ඇති වෙන සංවාදය අන්තිමට නවතින්නේ හිත් අමනාපකම් වෙලා කියලා .....

      දැන් අද මේ ඔයා ලියලා තියෙන දේවල් වලින් මට හිතෙන දෙයක් තමයි භික්ෂුවකට විතරක් නෙවෙයි, සාමාන්‍ය පුද්ගලයෙක්ට උනත් අපහාස කරන්න කාටවත් අයිතියක් නෑ.... නීතිය පැත්තෙන් ගත්තොත් කෙනෙක් වැරැද්දකට අහුවෙලා, සාක්ෂි ඇතුව ඔප්පු කරනකම් ඔහු සැකකරුවෙන් පමණයි... එහෙම කෙනෙක්ට අපහාස කරන්න තහනම්.... නමුත් සමාජයක් හැටියට ඒ කෙනාගෙන් ඈත්වෙලා ඉන්න, ඔහුව අනුගමනය නොකර ඉන්න ඕනේ කෙනෙක්ට අයිතියක් තියෙනවා.... මම හිතන්නේ අපේ සංඝ සමාජයට අද වෙලා තියෙන්නේ මේකයි....

      භික්ෂුව කියන්නේ ලංකාවේ සමාජයේ වැදගත් තනතුරක් එකක් නිසා, ( දැන් තියෙන තත්වය අනුව නම් ට්‍රේඩ් මාක් එකක් ) භික්ෂුව දේශපාලනය කළ යුතුද කියන එක ගැන කාලෙකට කලින් ලොකු කතිකාවතක් ගියා.... භික්ෂුව සමාජයේ ප්‍රශ්න වලට ක්‍රියාකාරීව මැදිහත් විය යුතුද කියන එක ගැනත් ඒ වගේම මතවාද ගියා..... ඒකට විරුද්ධ අයත් හිටියා, කැමති අයත් හිටියා.... නමුත් මම දන්න විදියට බුද්ධ දේශනයේ හැටියට භික්ෂුවට පුළුවන් රජුට රාජ්‍ය පාලනය පිළිබඳව අවවාද අනුශාසනා කරන්න මිසක් නීති රීති පනවන්න හෝ නීතිය තමන් අතට ගන්න බෑ.... ඔය සත්‍යග්‍රහ කරන එක, උපවාස කරලා බල කරන එක වගේ දේවල් බෞද්ධ සමාජයට ආවේ හින්දු සමාජයෙන් කියලා මට හිතෙන්නේ.....

      ඉතිං දැන් ඉන්න සංඝ සමාජයෙන් වැඩි ප්‍රතිශතයක් මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්නේ වත් නැත්නම්, අපි කො‌ෙහාමද ඒ දේවල් හරි කියන්නේ...? ඒ අය භික්ෂුන් කියලා වඳින්නේ...? සිවුරට වඳිනවා කියලා හිත හදාගන්න පුලුවන්ද...? එහෙම කරනවා නම් ඒක මිත්‍යා දාෂ්ටියක් පසුපස යනවා වගේම දෙයක් නෙවෙයිද...?

      Delete
    6. //ඉතිං දැන් ඉන්න සංඝ සමාජයෙන් වැඩි ප්‍රතිශතයක් මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්නේ වත් නැත්නම්, අපි කො‌ෙහාමද ඒ දේවල් හරි කියන්නේ...? ඒ අය භික්ෂුන් කියලා වඳින්නේ...? සිවුරට වඳිනවා කියලා හිත හදාගන්න පුලුවන්ද...? //

      මේ ගැන ක්‍රමවේදයක් බුදුන් වහන්සේ දක්වලා තියෙනවනේ හිරු. නැවත බලන්න ඒ ය කෙරේ අප්‍රසාදය පල කරන්න පුළුවන්, ඒ ක්‍රමයට. නමුත් සංඝ කියන වචනය තුල මේ සාසනයේ පහලවූ සියලුම සංඝරත්නය අයිති වෙනවා. එවිට චෝදනා කරන්නේ ඒ මහා රහතන් වන්සේලටත් සමගමයි.

      මෙවැනි අවස්ථාවන්හිදී එවැනි අය කෙරෙහි අප්‍රසාදය පලකල හැකියි. මමත් ඒ ආකාරයට එක් අයෙකුට අප්‍රසාදය පළකරනවා. එමෙන්ම මෙවන් අවස්ථාවන්හිදී කල හැකි තවත් දෙයක් තියෙනවා, එයනම් අපි සරණ ගිහින් ඉන්නේ සැරියුත්, පුගලන් ආදී ආර්ය මහා සංග රත්නයයි, ඒ උත්තමයන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් මෙයාකාර නොව ඉතා ප්‍රනිතයි යනුවෙන් මහා සංග රත්නයේ ගුණ සිහිකිරීමයි.

      Delete
    7. එහෙම හිතලා තමයි දැනටත් කට පියං ඉන්නේ අයිලාෂ්.... අඩුම ගානේ තමන් හරියට ඉන්න උත්සාහ කරන එක.... නමුත් මේ කළකිරීමට හේතුව මම නම් බොහෝ තැන් වල දකින්නෙ මූලධර්මවාදී බුද්ධාගමක් වීම... සිවුරට වැඳීම මට තේරෙන විදියට මිත්‍යා දෘෂ්ටියක්.... සමහර විට පිටින් බැලුවාම නම් මේක හරියට හරි කියලා හිතෙන්නේ පුලුවන්.. හෑමෝම සුදු ඇඳලා එනවා, උදේ හවස බණ දේශනා ලව්ඩ්ස්පීකර් වලින් දානවා... නමුත් අතුලතින් බැලුවාම මේවයි මුස්ලිම් පල්ලියි එකම වගේ තමයි.... නිකම් තව කෙනෙක් කියන දේ අන්ධානුකරණයෙන් කරනවා විතරයි...

      මාත් අහලා දැකලා තියෙනවා ඔය පත්ත නික්කුජ්ජනය කියන එක.... මේ වෙසක් එකට සිල් ගන්න ගිහින් ඔහොම කතාවක් ඇඳලා ආවානේ.... කමක් නෑ.. සිල් අරං ගොරව ‌ගොරවා නිදා ගන්න අය නම් වැඩිපුර ඉන්නේ එහෙම කරන එක කමක් නෑ... ඒ වගේම භික්ෂුන්ටත් ඔය කියලා තියෙන විදියට සලකන්න අපිට පුළුවන් නම් කමක් නෑ... ඒත් සමහර පන්සල් වල හාමුදුරුවරු දකින්නවත් ලැබෙන්නේ නෑ... සියල්ල මෙහෙයවන්නේ ප්‍රධාන දායකයෝ විතරයි...

      දැන් වෙලා තියෙන දේ මම මට තේරෙන හැටියට කියන්නද අයිලාෂ්... දැන් වෙලා තියෙන්නේ “ ශුද්ධ වූ බෞද්ධ” නිකායන් හැදිලා තියෙන එක.... එක පන්සලකට යන අය අනිත් පන්සලේ කරන හැමදේම විවේචනය කරනවා..... අපේ පන්සල තමයි හැමදේම හරියට කරන්නේ කියලා හිතාගෙන... අපේ හාමුදුරුවෝ තමයි හරියටම ධර්මය තේරුම් අරන් තියෙන්නේ කියලා මාන්නයෙන් මත් වෙලා ඉන්නේ.... උදේ හවස පන්සලට වැදිලා ඉන්නවා.... නමුත් දවසෙන් වැඩිම කාලයක් ඉන්නේ තමන් තමන්ගේ හිතින් යම් දෙයක් පැහැදිලිව දැකලා, තේරුම් අරගෙන, මනස උසස් තත්වයකට පත් කරගත්තා කියලා චිත්ත ප්‍රීතියෙන් නෙවෙයි.... තමන් අද දවසම පන්සලේ හිටියාය, තමන් ලොකු ලොකු පින්කම් කර ගත්තාය, දැන් තමන් අන් අයට වඩා උසස්ය කියන මාන්නයෙන් හිත දූෂිත කරගෙන.....

      මට හිතෙන්නේ අද පන්සල සහ භික්ෂුන් කියල සංකේත දෙකම ධාර්මික පැත්තෙන් දුෂිත වෙලා ඉවරයි කියලා.... හැබැයි ඒකට කළ යුත්තේ පරණ පොත් වලින් ජාතක කතා, ධර්ම දේශනා කුට්ටි පිටින් එළියට ඇද ඇඳ ගිල්ලවන්න හදන එක නෙවෙයි.... එදා සමාජයේ හැටියට පනවපු විනය නීති රීති අද සමාජයට ආදේශ කරන්න යන එකත් නෙවෙයි.... මේ වගේ දේවල් දැකලා කළ කිරිලා පැත්තකට වෙලා ඉන්න අය සහ, විවේචනය කරන අය වෙනුවෙන් මේ ධර්මයේ අර්ථය තේරුම් ගන්න පුළුවන් තරම් දෙනා පොළඹවන එකයි....

      පහුගිය ටිකේම මේ ගැන ලියවුනු පෝස්ට් වලට මම කතා කළේ නෑ වැඩිය.... ඒත් මේ පෝස්ට් එකට මේ ටික ලිව්වේ මේකේ යම් වැදගත් කමක් දැක්ක නිසයි.... ඒක නිසා මේ කමෙන්ට් වලින් එන විවේචන , දෝෂාරෝපන වගෙම පැසසුම් වලිනුත් ඔයාට ගන්න පුලුවන් යමක් තියෙනවා නම් අරගෙන මේ ගැන තව දුරටත් ලියන්න කියලා මං ආරාධනා කරනවා....

      ( අර උඩ දාලා තියෙන ධර්ම චක්‍රය වැරදියි කියලා මගේ මතකය කියනවා.... ධර්ම චක්‍රය කරත්ත රෝදයක් වගේ කැරකෙනවා කියලා නේද කියන්නේ...)

      Delete
    8. ඔයා හරි හිරු අද බොහෝ දෙනෙක්ට තරුවන් සරණ නැහැ. ඒ අය සරණ ගිහිල්ලා ඉන්නේ එක් එක් අය.

      උද දාලා තියෙන්නේ ධර්ම චක්‍රය නෙවේ. නැවක සුක්කානමක්. මේ ගැන පහළ දේශකයට දුන්න කොමෙන්ට් එක බලන්න. ඔයා තමයි මේක දැක්ක දෙවෙනි කෙනා.

      Delete
  4. අනික කව්ද ඔය සිවුර පොරවන්නේ.. සිව්ර පොරවන කොට හිටිය මිනිහටම නෙව.. වෙන දෙයක් කරනවද නෑ.. ආගම ගැන උනත් ඇත්ත කියන්න බය වෙන්න ඕනද.. රහතුන් වහන්සේලා ගැනවත් සුපේක්ෂශිල භික්ෂුන් ගැනවත් නෙමෙයි මේ කතාව. මාතලං කිව්ව වගේ බල්ලෙක්ට සිවුරක් පෙරෙව්වත් ඌ භික්ෂුවක් වෙන්න්නෑනේ. ඒ වගේ මිනිහට නිකං ආටෝපයක් වෙච්චි සිවුර පෙරවපු ගමන් භික්ෂුව කියන උත්තරීතර නම දෙන්න තරං අපේ දැනට තියෙන ආගම දුර්වලයි.. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කෙරේ භික්ෂුව ගැන ඔතරම් ද්වේශයක් තිබේනම් මින් ඉදිරියට ලියන පොස්ට් කීපය ඔබට ගොචරවන්නේ නැති බව නොඅනුමානයි.

      මිනිසුන් දහස් ගණනක් මැරු, මුළු රටටම අපරාධ කාරයෙක් උන අංගුලිමාල භික්ෂුවක් උනේ නැතිද?

      Delete
    2. ඔබ ඔය කියන බුදු හාමුදුරුවොම තමා.. එයා කිව්වත් පිළිගන්න එපායැ කියල අපිට දේශනා කරල තියෙන්නේ.. අගෞරව කරනවා නෙමෙයි මට අවංකව සත්‍යයැයි පිළිගත නොහැකි දෙය ඔබ ඔය පොත් පිටින් පුරවල ගෙනැත් දැම්මත් බුදු හාමුදුරුවෝ දේශනා කළ විදියට මම පිළිගන්නෑ.. භික්ෂුවක් වෙන්න සුදුසු විදි තියෙනවා. ඔබ දන්නවනේ. ඉතිං එහෙම වෙච්චි භික්ෂුව අපායට යන්නේ ඇයි... මට ඒකට උත්තරයක් දෙන්න.. ඇයි මැරුණට පස්සේ භික්ෂුවත් මම යන තැනටම යන්නේ. වෙනසකට තියන්නේ එයා සිවුරක් දාගෙන යන එක විතරයි. භික්ෂුව භික්ෂුව කියල එයාට බොරු ලොකු කමක් දෙන්න තරං බුද්ධාගම දුර්වල වීම ගැන කනගාටුවක් තියෙනවා... අංගුලිමාල රහත් වුනේ නැත්නං ඒත් වැඩක් නෑ නෙව...

      Delete
    3. //ඔබ ඔය කියන බුදු හාමුදුරුවොම තමා.. එයා කිව්වත් පිළිගන්න එපායැ කියල අපිට දේශනා කරල තියෙන්නේ.. //

      මහත්තයෝ මෙහෙම් දෙයක් කියලා තියෙන තැනක් මට පෙන්නන්න පුලුවන්ද?

      මහත්තයෝ අන්තගාමී නොවී මධ්‍යස්තව විවෘත මනසකින් යුක්තව මේ පොස්ට් එක නැවත කියවන්න. වැරදි කරන අය ගැන , පුද්ගල දෝෂ ලෙස දකින්න.නිවැරදි ක්‍රමයට පැවිදි වූ කෙනෙක් උනත් වැරදි කලොත් අපායේ යනවා. නමුත් පරජිකාවන්ට ලක් නොවුනොත් භික්ෂුත්වය අහෝසි වෙන්නේ නැහැ.

      Delete
    4. ඔබේ ඔය පරාරාජිකා මානසිකත්වයෙන් මිදෙන තාක් කල් භික්ෂුව පිළිබදව විවෘත මනසකින් දකින්න බෑ හිහි

      Delete
    5. ඔබට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න බැරි බවවත් තේරෙන්නේ නැතිද?

      Delete
    6. හෙහ්.. දුෂ්ෂිල භික්ෂුව කියන්නේ බුදුනු අනුදැන වදාල කරුණු පමණද??? ඔබ තාම අවුරුදු 2500 කින් මෙහා පැත්තට පැමිණ නැද්ද.. ධර්ම කරුණු එක උනත් ස්වරූපය වෙනස් නෙව දැං... මට කියන්න අපි භික්ෂුවක් විදියට පුද්ගලයෙක් ශාසනයට බදව ගන්න විදිය. මට කියන්න එපා ඔය අහවල් නිකායේ චාරිත්‍රය මෙන්න මෙහෙමයි කියලා.. මං කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි ඇත්ත දේ...

      Delete
    7. පැහැදිලිවම බුදුන් වහන්සේ අනුදැන වලා කරුණු වලින් මෙපිට අපිට කතා කරන්න අපි බුදු වෙලා නැහැ.

      ඔබට මේ දහම ගැන මේ තරම් ද්වේශයෙන් කතා කිරීමේ නිදහස ලැබිලා තියෙන්නෙත් ඒ ධර්මයේ ඇති ගම්භිර ස්වබාවය නිසයි. වෙනත් ආගමක් ගැන මේ ලෙස විවේචනය කළා නම් ඔබ දැනටමත් මරණ දඬුවමට කැපකරලා අවසානයි, දෙවියන්ගේ නාමයෙන්.

      Delete
    8. මචන් දේශා අයිලෂ් අයියා කියන්නේ ආවට ගියාට බුද්ධ ධර්මය සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාව ගැරහීමට ලක් කරන්න එපා කියන දේයි .. අද ගොඩක් දෙනා කට ඉස්සර කරගන්නවනේ..ඒක ගැන මේ කියන්නේ ...

      අපිම අපිට කෙළ ගසාගැනීමෙන් වෙන්නේ තව තවත් පිරිහීම මිසක් බෞද්ධ ධර්මය රැක ගන්න පුළුවන් වීම නෙවේ.. සද්භාවයෙන් , තමන්ද සීලයක පිහිටා වැරද්දක් ඇති තැනක් පෙන්වා දීම වෙන එකක් , ඔහේ බැනගෙන බැනගෙන යෑම තව එකක් නෙව...

      Delete
    9. ඒක නේ වටින්නේ. නැත්නං මම වෙන් මගුලක් අදහනවා නෙව. මට සිහි නුවනින් දකින්න කියල දීලා තියෙනවා. බුදු දහමෙන්. අපි ඒවා ඉගෙන ගත්තා. දහම්පාසැල් ගිහින් අන්තිම විබාගෙත් වෙනකං. ඊට පස්සේ පන්සල් ගානේ රස්තියාචෙදු වෙවි දහම් පාසැල් වල ඉගැන්නුවා. නොදන්න මගුල් අහගත්ත ඔය හාමුදුරුවරුන්ගෙන්. ඒගොල්ල පොත් පත් අරව මේවා දුන්නා. අන්තිමට පාලි සංස්කෘත් නැතිව කියවන්න බැරි උනාත ඒත් ඉගෙන ගෙන කියෙව්වා ධාරණය කරා. මොක උනත් අන්තිමට බණයි, දේශනායි එක්ක බැලුවම රියල් භික්ෂු සාසානය ෆැන්ටසි යක් විතරයි. ඒකට බුදුන්ට කරන්න දෙයක් නෑ.. අපි මක්ක හරි කරනව මිසක්.. මම නං හිතන්නේ නෑ මම පවක් කරනවා කියලා.. අතුගාලා දාන්න ඕන ඔය වැඩ කට නැති භික්ෂුන්.. ධර්මය තියෙන්නේ අදහන්න නෙමෙයි.. හොද නං අරගන්න විතරයි. පව් පින් සාපේක්ෂයි.. හොද නරකත් සාපේක්ෂයි.. හැම දේම සාපේක්ෂයි.. හැමයි අභිධරණාත්මක කරුණු අවිවිදිතයි..

      Delete
    10. @ සහන්
      අයිලාෂ් අයියා කිව්වත් වැඩක් නෑ.. හරක් වගේ බෞද්ධයන් හා සමාජයක් ඉන්නකං.. ඔබ කියන්නේ බොරු විනීත කමක් මවා පාන්න කියලද. ඒකත් බොරුවක් නෙව...

      Delete
    11. ඔන්න ඔය කරුණ සම්බන්ධයෙන් මම ඔබත් එක්ක එකඟයි. දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ මම මිට කලින් හෙන්රිගේ පොස්ට් එකකට කොමෙන්ට් කරලා කියලා තියෙනවා. මම සම්පුර්ණයෙන්ම ඔය දහම්පාසල් අධ්‍යාපනයට විරුද්දයි. මගේ ළමයි යවන්නෙත් නැහැ. මේ පේනවනේ ඒ අධ්‍යාපනයට ලබල දහම් පාසලේ උගන්නපු දේශකයාට වෙලා තියෙන දේ.

      Delete
    12. මම නිදාගන්න යනවා... හැක් හැක්... අපි ඉතිං මේවා කතා නොකර කව්රු කතා කරන්නද, අනික අයිලාෂ්.. මේවා කියවලා මිනිහෙක් ධර්මය තේරුම් ගත යුතුයි. නැතිව ඔබ කිව් පලියට ඔබ ධර්ම කරුණු ඇදබාන පලියට නෙමෙයි. අනික බුදු දහම අවිවිදිතයි කියන්නේ අපි.. ඒත් ඒක අවිවිදිත නෑ.. දැනට ඇති... මදෑ කොලා.. මගේ වැඩෙත් ගහල ගියා.. අයිළාෂ් උඹ මට සල්ලි දීපන් මෙච්චර වෙලා කොට කොටෙ හිටියට.. හැක් හැක්... තරහා වෙනු එපා.. කුනුහරුප එහෙම ධර්මේ නාමයෙන් කිව්වේ නෑනේ ඔයා... හැක්...

      Delete
    13. සහන් ඔබ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොලේ කලඳක් වත් තියෙන කෙනෙකුට පමණයි.

      Delete
    14. සුබ නින්දක් ප්‍රර්ථනා කරනවා මිත්‍රයා. ධර්මයේ නාමයෙන් කිසිම කෙනෙකුට කුණුහරුප කියන්න පුලුවන්ද මහත්තයෝ. අනික මේ කරුණු ලිවේ මගේ අත්තනොමතයන්ට අනුව නෙවේ.

      Delete
    15. ඔබලා සාපේක්ෂව බුදු දහම ඔළුවේ තබා ගෙන වැද නමස්කාර කරමින් ඊට එහා ගිය නිරපේක්ෂ දහමක් තැතෙයි කියන තැන ඉද කතා කරන අය. ඒකයි වැරුද්ද. මගේ වැරැද්ද මම බුදු දහම කියවා එය දැක.. නමස්කාර නොකර හිතින් එය විචාරය කරමින් කටයුතු කරන අයෙක් වීමයි.. ඔය දෙකෙන් හරි එකා කව්ද වැරදි එකා කව්ද යන්නත් සාපේක්ෂයි. අනික මොලේ කළදක් මට නැති එක හැබෑව. මොකද මට ඔය කට පාඩං කරං දෙසා බාන්න බෑනේ... තාර්කිකව මොකක් හරි දෙයක් ඒ වෙලාවට ගොඩනගා ගන්නව මිසක. අනික දෙයක් හරිය කියල හිතල කතා කරොත් ඒක වැරදියි කියල හිතන්න තරං විචාර බුද්ධියක් නැති වෙනවා නෙව. අල්ලල දාන්න අයියේ.. ඔය කොළඹ එහෙනං දැං තියෙන්නේ සැණකෙලි බුද්ධාගමක් නෙව.. කව්ද කතා කරන්නේ.. බුදු දහමක් දැං තියේද්. අපි අපිට වල කපාගන්නේ කතා නොකර මගුල් පොත් පත් වල කරුණු ඇද බබා ඉන්න නිසා. මට නං ඔයිට වඩා කියන්න බෑ. ඕගොල්ලන්ට තියෙන එකම අවුල... හැක්... බුදු දහමයි කියල හිතං ඉන්න දේකට අගෞරව කරනවයි කියන බොරු පීචං මානසිකත්වය. නැතිව රියල් බුදු දහම ගැන ඔය කාටවත් කතා කරන්න බෑ.. මේ මටත්... සහතිකයි බොරුද මං කියන්නේ.. අදට ඇති..

      Delete
    16. @ දේශා

      මේකනේ බන් වෙසක් පෝය දවසේ වෙච්ච සිද්දිය එක්ක ගොඩක් දෙනා ස්වාමීන්වහන්සේලාව ඇමතු හැටි දැක්කනේ ...? ඒ දේවල් වලට ඔබව පටලනවා නෙවේ හොඳද ...? ඒකත් කියන්න එපැයි...

      කොහොම හරි අපි උත්සාහ කරන්න ඕනේ අපේ වැරදි කතා කරලා සුහදශීලිව විසඳ ගන්න..එළි පිට අමු අමුවේ වැරද්දක් දැක්කා කියමු..අපි කරන්න ඕනේ ගම වටේ ඕක කිය කියා යන එක නෙවේ.ඒ දේයි අයිලෂ් අයියා කියන්නේ..

      වැරැද්ද හදා ගන්න ඕනේ අනිවාර්යෙන්ම ..ඒක මම ඉහටත් උඩින් පිළිගන්නවා....පොඩ්ඩක් හිතන්න දේශා භික්ෂූන් වහන්සේලා මුදල් පරිහරණය කරන එක ගැන අපි උන්වහන්සේලාට දොස් කියනවා..ඒත් සාමණේර හාමුදුරු නමකට වත් අපි ටිකට් එකක් අරන් දෙනවද ...?


      ඔහේ බැන බැන ඉන්නවා ..ඒත් ගිහියෝ විදිහට කරන්න ඕනේ යුතුකම් අපි කරන්නේත් නැහැ...

      ( මෙතන සඳහන් කරපු උදාහරණ 100% පුද්ගලිකව උඹව ඉලක්ක කරලා දැම්මා කියලා හිතන්න එපා..අපි හැමෝම වැරදි කාරයෝ..)

      Delete
    17. ඒකනේ බං කතා කරන්නේ.. නැතිව බයිල ගහනවැයි...

      Delete
    18. දේශක තුමෝ ඔබට මේ කියන දේවල් ත්රුම් ගන්න බැරි ඔබ මද්‍යස්තව මේ ගැන නොබලා ඇති මහත් ද්වේශයකින් යුක්තව බලන නිසයි.

      Delete
    19. ඔබ මධ්‍යස්තයි කියන්නේ. මොකක්ද...

      Delete
    20. මේ මගේ මතයක් නොවන නිසා.

      Delete
    21. හෙහ්. එහෙනං ඔබ මධ්‍යස්ථයි කියන එක නිවරැදි වෙන්නේ කොහොමද.... කාගෙවත් දෙයක් කිව්ව කියල ඔබ මධ්‍යස්ත අදහසක් කියනව කියල ඔබ කොහොමද කිව්වේ මෙච්චර වෙලා. අයියෝ සංසාරේ. එහෙනං කතා කරල වැඩක් නෑ.. මධ්‍යස්ථය.. හිනා යනවා

      Delete
    22. ඔබ කාගේ හරි මතයක් ප්‍රකාශ කරන්නෙක් පමණයි නම් ඔබ මට මධ්‍යස්තව බලන්න කියලා තර්ජනය කරන්නේ කොහොමද? ඔබ අන්තයක එල්ලි සිටිද්දී.. තේරෙනවද ඔබට

      Delete
    23. ඔබත් සමග කතා කරලා වැඩක් නැහැ මහත්මා. ඔබ සම විටම් උත්සහ කරන්නේ ඔබගේ මතය තහවුරු කිරීමට පමණයි.

      මෙතැන මේ කරුණු මම සඳහන් කලේ බුදුරජානන් වහන්සේ ගේ දෙගනාවන් අනුව. ධර්මය ගැන කතා කිරීමේදී අපේ අත්තනොමතයන් ඉදිරිපත් කරන්න බෑ. ධර්මය අයිති වෙන්නේ දර්ම ස්වාමි වූ බුදුරජානන් වහන්සේට පමණයි. එයාවත් තේරුම් ගැනීමට ඔබ තුමාට නොහැකි නම් මින් ඉදිරියට් ඔබතුමාට පිළිතුරු නොදී සිටීමට තීරණය කරනවා. එය අප දෙදෙනගෙම් කාලය අපතේ යමක් පමණයි.

      මේ ධර්ම කරුණුබුදුරජාණන් වහන්සේ, කෙරෙහි ශ්‍රද්ධාව ඇති අය වෙත්නම් තමන්ගේ දැනගැනීම පිණිස උපයෝගි කර ගනිත්වා යනු මගේ පැතුමයි.


      මෙතෙක් වෙලා ඔබතුමා රැදී සිටයාට මගේ ගෞරවය පිරි නමමි.

      Delete
    24. තව එකක් කියන්නං. ඒක නොකිය හිටියේ ඔබ දැනගෙන ඉන්න ඇති කියලා. දැන්නං බඩු ෂුවර් ඔබ ඒක නොදන්න බව. අර උඩ පින්තූරේ කියන්නේ අෂ්ඨ ලෝක ධර්මය පෙන්නන ස්පෝක් අටේ ධර්ම චක්‍රය නෙමෙයි. භාවිතාවේ තියෙනවා අශෝක චක්‍රය තව ස්පෝක් තිස් දෙකේ එක දාසයේ එක.. ඉතිං ඔය දාලා තියෙන්නේ බුදු දහමේ නාමෙන් ඒක හරි කියන ගමන්ම නැවක නැංගුරමක්.. අනේ මන්දා ධර්මය දන්න මිනිස්සු මෙහෙමද ධර්මයට අගෞරව කරන්නේ... හැක්...

      Delete
    25. එහෙනං ඉතිං ඒක එයාම තියාගත්තාවේ. අන්ධයෝ කට පාඩං කරල අනිත් උන්ටත් පොවපුවාවේ. අපි දන්න බුදු දහම ඒය නෙමෙයි. කතා කරන්න. ධර්මය දකින්න අවබෝධ කරගන්න.. සාදු සාදු...

      Delete
    26. සොරි ඈ.. එයා කියන්නේ අපහාස වචනයක් කියල මම හිතුවේ නෑ මොන විදියටවත්.. ඔයාට ඒක තේරුනාද මන්දා. හැක්...

      Delete
    27. මේකට පමණක් පිළිතුරු දෙන්නම්. ඔබ ඉතාම බුද්ධිමත් මහත්මයෙක්. ඔබට එක දෙයක් වැරදුනා මේ සම්බන්දයෙන් එක නැවක නන්ගුරුමක් නෙවේ මචං , සුක්කානමක්.

      ඔබ දන්නවානේ මම ඡායාරුප ශිල්පියෙක් කියලා, ඡායාරුප ශිල්පියා හරඹ කරන්නේ රුපයෙන්, මෙතන මම හිතා මතා ම ඒ රුපය දැම්මේ ධර්මයට අපහාස කරන්නන් සංකේතවත් කරන්න.මමත් මාලන් හිටියේ කවුද මේ ගැන මුලින්ම කියන්නේ කියලා. ඔබතුමාට රුප මාධ්‍යය අවබෝධ වීම ගැන මගේ බලවත් ප්‍රසාදය.

      Delete
    28. ඇති යාන්තං ඒකවත් දැක්කා සිහි බුද්ධියෙන් යුතුව...

      Delete
  5. . අයිලාස් කියන එක හරි.. අර වගේ දුශ්ශීල හිමිවරුන්ට නොසලකා දන් නොදී ඉන්න පුලුවන් හැබැයි එහෙම ඉන්න ගොඩක් අය ගිහියන්ට වඩා පෝසත් හින්ද ඒක දැනෙන එකක් නෑ. අවුරුදු දෙදාස් පන්සීය ඇතුලත බුදුන්ගේ මුල් ඉගැන්වීම් කොයිතරම් වෙනස් කලාද තම තමුන්ට ගැලපෙන විදිහට කියලා හිතන්න වෙනවා. ගැහැණිය ගැන අද කියවෙන සමහරක් බුදු දෙසුම්යයි කියැවෙන දේ මූලික ඉගැන්වීම්වලට පටහැනියි.. ඔය සතර පාරාජිකාවලට අමතර දේ තියෙන්න ඇති ඒවා මග හැලෙන්න ඇති කියල මට හිතෙනවා.ගිහියෙක් බෞද්දයෙක් වෙන්න නම් අඩුම ගනනේ පන්සිල් ටික ආරක්ශා කරන්න ඕනෙ නේද ? පන්සිල්වලින් සමහරක් නිති කඩ කරන හිමිවරුන් භික්ශුන් වන්නෙ කොහොමද ?බමුණන්ගේ බලපෑම නිසා බමුණුමත කොච්චර ඇතුල්වෙන්න ඇත්ද ? ඔය ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කතාව විහිලුවක් නේද ? මස් කන්න ආසා අය ක්‍රමානුකූලව ඇතුලු කල එකක් කියලයි මම කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ පාර සිල් ගන්න ගිහින් ඔන්න ඕක මගේ ඔලුවට වැටුනා....

      ඔන්න එක බමුණෙක් බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවලු දානයට මස් මාංශ පිළිගන්නවද කියලා.... හැබැයි බමුණා ඒක අහන්න මස් මාංශ කියන එක වෙනුවට පාවිච්චි කරපු වචනේ ( අයියෝ මට ඒක මතක් වෙන්නෙම නෑ දැන්.... ) අදහස මස් මාංශ කියන එක නෙවෙයි.... ඉතිං බුදු හාමුදුරුවෝ කිව්වලු නෑ කියලා... ඒත් බුදු හාමුදුරුවෝ දැනගෙන හිටියලු මේ බමුණා මේ අහන්නෙ මස් මාංශ ගැන තමයි කියලා... ඒපාර බුදු හාමුදුරුවෝ අධිෂ්ඨාන කළාලු ඔය විදියට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ හදන තැනකින් දානය ලැබෙන්න කියලා... ඉතිං ඕක බමුණා දැක්කම බමුණට කේන්ති ගියාලු... මේ තථාගතයානන් වහන්සේ බොරු කියනවා කියලා හිතින් බැන බැන හිටියලු දානය වළඳලා ඉවර වෙනකම්... දානය වළදලා ඉවර උනාම බමුණා ඇවිල්ලා ඇහුවලු බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවලු ඇයි බොරු කිව්වේ කියලා.... එත‌ෙකාට බුදු හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නලු බමුණා පාවිච්චි කරපු වචනේ හරි තේරුම මස් මාංශ කියන එක නෙවෙයි කියලා....

      මට ආපු ප්‍රශ්නේ තමයි බුදු හාමුදුරුවෝ ඒක දන්නවනං, ඇයි ඒක ඒ වෙලාවෙම අර බමුණට පැහැදිලි කරලා දුන්නේ නැත්තේ... ඇයි ඒ මනුස්සයට බුදු හාමුදුරුවන්ට හිතින් බැනලා ආනන්තරීය පාපකර්මයක් කරගන්න ඉඩ දුන්නේ කියන එක..... ඒ අහපු වෙලාවෙම අර වචනේ තේරුම් පහදලා දුන්නා නම් බමුණා තමන්ගේ දානෙත් දෙනෙවා, පාපයක් කරගන්නේ නැතුව දැනුමත් වැඩි කරගන්නවා....

      ඔන්න මට එන ප්‍රශ්න....

      Delete
    2. ඔබගේ අදහස් දැක්වීමට පළමුව ඉතාම ගෞරව කරනවා සරත්.

      ඔබගේ බොහෝ කරුණු වලට පිළිතුරු මම ඔබගේ චමි ගේ පොස්ට් එකට ලියපු කොමෙන්ට් එකට් රිප්ලයි විදිහට දිඉලා තියෙනවා.

      //ගිහියෙක් බෞද්දයෙක් වෙන්න නම් අඩුම ගනනේ පන්සිල් ටික ආරක්ශා කරන්න ඕනෙ නේද ?// මේ ගැන වචනයකින් දෙකකින් කියන්න බැහැ සරත්. මම ඉදිරියේදී මේ ධර්මය ගැන දිගටම ලියනවා කවුරු මොනවා කිවත්. එකත් ප්‍රමාණාත්මකව.

      මේක ශ්‍රද්ධාව කියන තැන ඉඳන් පටන්ගන්න ඕන මම ඉදිරියේදී විස්තර් කරන්නම්.

      //ඔය ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කතාව විහිලුවක් නේද ? //මේ ගැන කතා කිරීමත් පොස්ට් එකකින් කරනවා.

      මේ ධර්මය ගානක් කරුණු කාරනා කීමේදී ලිවීමේදී හරි පරිස්සම් වෙන්න ඕන සරත්, අපිට කිසිම විදිහකින් බුද්ධ වචනයට අපේ අදහසක් එකතු කරන්න බෑ. ඒ නිසා ත්‍රිපිටකය ඇසුරෙන් තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. මගේ අත්තනෝමතික අදහසක් යම් විදිහකින් හෝ ලිවීමට සිදු වුවහොත් එය මගේ අදහසක් පමණක් බවත් එතනම සටහන් තබනවා. ඒ අදහස් කිසි කෙනෙක් පිලි නොගත්තාට කමක් නෑ.






      Delete
    3. අන්න ඒකයි කියන්නේ අයිලාෂ් නමස්කාර කරන පොත් පත් වල ධර්ම කරුණු ලෙසටම තියේද කියන එක හැකයි කියලා.. නැද්ද මං අහන්නේ.. හුගක් දේවල් ඔය හාමුදුරවරු, රජවරු, බමුණු අරුන් මුන් හින්දා වෙනස් වෙලා තමා ආවේ.. මම ඇහුව නෙව ඕක.. ධර්මය වෙනස් නොවී පැවතෙනවද කියන එක. කෝ උත්තර නෑ නේ... මෙයා බුදුන්ගේ නියෝජිතයේක පමණයි.. ඒකයි කේස් එක

      Delete
    4. හිරු ඔයා ඔය කියන්නේ ආමගන්ධය ගැන. ඒ සුත්‍රය කියවලා බලන්න එතකොට බොහෝ කරුණු පැහැදිලි වේවි.

      Delete
    5. ශ්‍රද්ධාවෙන් අන්ධ උනොත් නම් තලෙයිබාන් කාරයෙක් වෙලා තමයි නවතින්නේ.. මොළයක් දීලා තියෙන්නේ හිතන්න. නැතුව ඇස් කන් වලින් ගන්න දේවල ගෙඩි පිටින් ගිලින්න නෙමෙයි. එහෙම නම් රොබෝවරු උන්නහම ඇති මේ ළෝකේ. මිනිසත් බවක් ලබන්න ඕන නෑ..

      Delete
    6. අන්න වචනේ... පිංසිද්ධවෙච්චාවේ.....

      Delete
    7. මහත්මයාණෙනි ඔබගේ මේ කොමෙන්ට් එකට පමණක් පිළිතුරු දෙන්නම්.

      තලේබාන් කාරයෝ ඒ දේවල් කලේ ඒ ගොල්ලන්ගේ ආගම පිලිබඳ තදබල භක්තියකින්, ඒ අය විශ්වාශ කරනවා තමන්ගේ ආගම වෙනුවෙන් මොනදේ කලත් කම් නැහැ කියන පිළිවෙත. ඒ තුල තියෙන්නේ අන් ආගමිකයන් කෙරේ අධික ද්වේශය.

      මහත්මයා, ශ්‍රද්ධාව කියන්නේ බුදුරජානන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම. එසේ පිළිගන්න අයකු කරන්නේ බුදුරජාණන් වහන්සේ පහකළ යුතු යයි වදාළ ලෝභ, ද්වේශ, මෝහ තමාට හැකි පමණින් අඩුකර ගනිමින් මෛත්‍රි සහගතව කටයුතු කිරීමයි. ශ්‍රද්ධාව යන වචනයේ තේරුමවත් ඔබ තුමා නොදැන සිටීම කණගාටුවට කාරණයක්.

      තලේබාන් කාරයන් බිහිවන්නේ ශ්‍රද්ධාවන්තයන් තුලින් නොව ද්වේශය මුලික කරගනිමින් ක්‍රියා කරන ඔබ වැන්නන් තුලින් බව වටහාගන්න.

      Delete
    8. ශ්‍රද්ධාව කියන්නේ එකක්.. අවබෝධය කියන්නේ තව එකක්.. ඔය ආච්චිල සිල් ගත්තම බණ ඇහෙද්දි “බු“ අකුර ඇහිච්චි ගමන් සාදු සාදු කියන්නේ ඒක තමා දැං තියෙන ශ්‍රද්ධාව. වෙන එකක් නෑ.. ඔය තමන්ගේ ආගම, ආගමේ නිර්මාතෘව අන්ධ භක්තියෙන් විශ්වාස කරන අදහන දේව වාක්‍ය මෙන් ඒවා පිළිගන්න (ඒත් පිළිනොපදින) අය තමා අන්තවාදි ද්වේශසහගත අය වෙන්නේ.. මොකද ඒගොල්ලන් ඉන්නේ අන්තයක.. අයිලාෂ් වගේ මධ්‍යස්ථව දෙයක් දකින්න බෑ. මොකද මධ්‍යස්ථයි කියල එයාලා විශ්වාසෙ තියන් ඉන්නේ,, තමන් ශාස්තෘත් දේශනා කර දේවල් කට පාඩං කරගෙන. ඒකෙත් ධර්මාවබෝධයක් හෝ නිර්වාණයක් ලැබෙයි කියලා හිතන්න බෑ කොහේත්ම.. අපි නිවන් යන්නෑ.. මට ඒක ෂුවර්.. ඉතිං තවත් මොන කතාද??

      Delete
    9. තලේබාන් කාරයට ඒක තමයි ශ්‍රද්ධාව. ඒකනේ මිනී මරන්නෙත් "අල්ලාහූ අක්බාර්" ගගා. එයාලගෙයි මහත්තයගෙයි කිසිම වෙනසක් නෑ.. එකම වෙනස එළු රැවුලයි. තම්බි තොප්පියයි ලෝගුවයි නැති එක විතරයි.. බුදු හාමුදුරුවෝ මෙහෙමත් දේශණා කලාලු.. "නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස"

      දන්න කෙනෙක් ගෙන අහගන්න මොකක්ද කියලා...

      Delete
    10. මහත්තයෝ මම නම් ඔය කියලා තියෙන දේ තරුම දන්නවා. ඕබ තුමා දන්නේ නැතිනම් එක කාගෙන් හරි අහගන්න. එක වහෙම ඔය කියලා තියෙන කාරණයත් ඉතාම් හොඳින් ගැලපෙන්නේ ඔබ තුමටමයි.

      Delete
  6. අමාරුයි අදහසක් දෙන්න ඒත් එකක් කියන්න පුළුවං ඒත් එක කියල මට වෙන වෙන අයගෙං කුණූ බැනුං අහන්න එයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමට ස්තුතියි මල්ලි.

      Delete
  7. දුශ්ෂිල භික්ෂුන් කෙරෙහි, පවතින බික්ෂු ශාසනයෙන් කෙරෙන්න තියන දේවල් නොවෙනවා නම්( බුද්ධ ධර්මයට අනුකුලව) ... ශ්‍රධාවක් තියන ගිහියෙක් ඒ අඩුව පිරවීමට ඉදිරියට එන එක වලක්වන්න, බුදුන්ගේ දේශනා වලින් කරුණු දැක්වීම බහුතරක් ගිහියන්ට තේරුම් ගන්න බැරි වෙනවා...

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ගිහියන්ට නිසි අවබෝධය නැහැ එක තමයි හේතුව.

      Delete
  8. ඔබගේ ලිපියෙන් නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්තා. ස්තුතියි.

    ආගම දහම ගැනයි, දේශපාලනය ගැනයි කා එක්කවත් තර්කවලට පැටලෙන්ට එපා කියලා අප්පච්චි දීපු අවවාදය මම නම් තදින් පිලිපදිනවා.:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි පොඩ්ඩි. මමත් ඉන්නේ ඒ අදහසේ තමයි, නමුත් අද එක පොඩ්ඩක් වෙනස් උනා.

      Delete
  9. මම දන්න විදිහට බුදුන් වහන්සේ දේශනා කළා යැයි සැළකෙන කාළාම සූත්‍රයේ තියෙනවා යම් අදහසක් පිළිගැනීමට පෙර ඒක තර්ක බුද්ධියෙන් විමසන්න කියලා. මට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් හරි, කිරිබත්ගොඩ ඥානානන්ද (නම මට මතක හැටියට නිවැරදිව දැම්මේ) හාමුදුරුවන්ගෙ පොත් හරි, වෙන මොන පොත් හරි කෙළින්ම බුදු වදන් කියලා අදහන්න හේතුවක් පේන්නෙ නෑ.

    නිවන ගැන පොත් මහ ගොඩක් ලියපු මීවනපලානේ හාමුදුරුවොම තමයි බුදුන් උපන් ජන්බුද්දීපයක් ගැන පොත් ලියලා උසාවියෙනුත් තහනම් නියෝගයක් ලබලා දැන් පැත්තකට වෙලා ඉන්නෙ.

    සද්ධාතිස්ස රජුගේ කාලයේ ලියවුණු සීහලවත්ථුප්පකරණයේ පටන් බණ පොත් වල තියෙන්නෙ ගිහි ජීවිතයේ දියුණුවට බුදුන් දෙසූ දහමට වඩා, හාමුදුරුවන්ට දන් දීමෙන් දෙව් ලොව යන හැටියි, හාමුදුරුවන්ට දුන් දේවල් කඩාවඩා ගැනීමෙන් පෙරේත ආත්ම ලැබෙන හැටියි ගැන. අයිලාෂ් ම කියන විදිහට මැදහත්ව බැලුවොත් පේන්නෙ මේ බෞද්ධ සාහිත්‍යෙය් පරමාර්ථය ගිහියන් දියුණු කිරීම නෙවෙයි, සඟ සතු දේපළ වල අයිතිය තහවුරු කරගැනීමයි කියලා. ඉතින් මේ පොත් වලම තමයි තියෙන්නෙ, පවුකාරයෙක් වුණත් චීවරය දරන්නෙක් නම් ඔහුට ගරහන්න එපා, අනන්ත කාලයක් නිරයේ වැටෙනවයි කියලා.

    මම විශ්වාස කරනවා බුදුන් කවදාවත් නිරයක් ගැන කියලා ගිහියන් බය කරලා හික්මවන ජාතියෙ ශාස්තෘන් වහන්සේ කෙනෙක් නොවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් වල ඉතාම නිවැරදිව බුදු වදන් තියෙනවා. සම්පුර්ණ ත්‍රිපිටකයම පිරිසිඳු දුදු වදන්.

      //මම විශ්වාස කරනවා බුදුන් කවදාවත් නිරයක් ගැන කියලා ගිහියන් බය කරලා හික්මවන ජාතියෙ ශාස්තෘන් වහන්සේ කෙනෙක් නොවෙයි කියලා.//

      මෙතැන් තමයි ඩ්‍රැකී ගොඩාක් දෙනෙක්ට වැරදිලා තියෙන තැන. තමන් ගේ මතයට බුදු වදන් ගැලපෙන් තැන එය බුදු වදන්, නොගැලපෙන තැන බමුණු මත. එහෙම ගියොත් කෙනෙක්ට පසු කාලයකදී කියන්න පුළුවන් පරපණ නැසීමෙන් වැළකීමත් බුදු වදනත් නොවේ කියා. සැබෑවත් එය තමයි මේ පන්සිල් බුදුන වහන්සේ පහල වීමටත් පෙර සිට පවථිඋන සීලයක්. එය බුදු රජාණන් වහන්සේ අනුමත කල නිසා බුද්ධ වචනයක් වෙනවා.

      පළමුව ඇතිකරගන්න ඕන ශ්‍රද්ධාව.එය බුදුරජාණන් වහන්ගේ සම්මා සම්බුද්ධත්වය පිලිබඳ පිළිගැනීමයි. එය නැතිනම් මේ කිසිම දෙයක් ගැන කතා කරලා වඩක් නැ.

      බුදුන් වහන්සේ නිරය ගැන කල සම්පුර්ණ විස්තරයක් දේවදුත සුත්‍රයේ සඳහන් වෙනවා.

      කාළාම සූත්‍රය බොහෝ දෙනෙක් වරද්ධා ගත්ත දෙයක්, එහි තියෙන්නේ මෙහෙමයි
      මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින් පිළිගන්න එපා කියලයි.

      එක වරක් මහා ප්‍රජාපති ගොතමින් වහන්ගේ බුදුරජානන් වහන්සේගෙන් මෙලෙස විමසා සිටියා

      "නිදුකාණන් වහන්ස, අනාගතයේදී ශ්‍රාවකයන් වහන්සේලා ඔබවහන්සේගේ දේශිත ශ්‍රී සද්ධර්මය නිවැරදිව ‍තෝරාබේරා ගන්නේ කෙලෙසද?” එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ, “කිසියම් දේකින් රාගාක්ෂය වේද, ද්වේශාක්ෂය වේද, මෝහාක්ෂය වේද… එසේනම් එය මා දෙසූ දහමක් ලෙස ගන්නා සහ එසේ නොවේනම් එය බැහැර කරන්න” යනුවෙනි.

      එමෙන්ම මහා පරිනිවාන සුත්‍රයේදී මේ පිළිබඳව වඩාත් සියුම් ක්‍රමයක් වන "මහාප්‍රදේශ" ධර්මයන් දේශනා කරනවා. ඉන් කියවෙන්නේ සූත්‍රයේබැස ගත යුතුයි, විනයෙහි සැසඳිය යුතුයි යනුවෙනි.

      ඩ්‍රැකී මේ සම දෙයක්ම තේරුම් ගැනීමට ශ්‍රද්ධාව තිබිය යුතුමයි, එසේ නැත්නම් මේ දේවල්ද බුද්ධ වචන නොවන ලෙස බැහැර කරනවා. ශ්‍රද්ධාව නැති පුද්ගලයට වන අලාබය එයයි. පිරිසිදු බුද්ධ වචන හමු උනත් ඒවා බාරගන්න කැමති නෑ, එයට පිලියමක් නැහැ කවදා හෝ තමන්ම ශ්‍රද්ධාව ඇතිකරගත යුතුයි.

      Delete
    2. නිරය සහ දිව්‍ය ළෝකය තියෙන්නේ පෘතුවියේමයි... බෞද්ධ දර්ශණයේ කොහොමද දෙවිවරු ඉන්නේ. එහෙනම් සර්ව බලධාරි දෙවියන් වහන්සෙත් පිලිගන්න වෙනවා...

      Delete
    3. මේකයි මාතලං.. ඕව කියන්න ගියොත් අර පානදුරාවාදයත් මෙතන අදින්න වෙනවා...

      Delete
    4. මම වැඩි දෙයක් අහන්නෑ.
      දෙව් ලොව සැප සම්පත් ගැන වර්ණනා කියවීමෙන් සහ ඇසීමෙන් රාගාක්ෂය වේද, සසරට ඇති ඇලීම තුරන් වේද අයිලාෂ්? හාමුදුරුවරුන් ඇයි දෙව් මිනිස් සැප කෙළවර ලබන අමා මහ නිවන් ගැන කියා අපිට පින් අනුමෝදන් කරවන්නේ?
      ලොව තියෙන එකම සත්‍ය දහම මගේ එකයැයි කියාගන්නේ බහුතරයක් (මට හමු වී තිබෙන) කතෝලිකයන් සහ මුසල්මානුවන්. ඒ අය ළඟත් ඔවුන්ට අයත් දහම ගැන ඇත්තේ ශ්‍රද්ධාවක් ද? ශ්‍රද්ධාව කියන්නේ සම්මා සම්බුද්ධත්වය විශ්වාස කිරීමද, තෙරුවන් කෙරෙහි පැහැදීමද?

      Delete
    5. තව එකක්,
      පළමුවන සංඝායනාවේදී සූත්‍රධර සහ විනයධර භික්ෂූන් අතර සියුම් භේදයක් ඇති වීමෙන්, පසුකාලීනව විනයධර භික්ෂූන්ගෙන් ථෙරවාදයත්, සූත්‍රධර භික්ෂූන්ගෙන් මහායානයත් බිහි වූ බවට අදහසක් තියෙනවා. ඊට පසු වසර පන්සියයක් පමණ පරම්පරා සියයක් පමණ තිස්සේ කටපාඩමින් පැමිණි ථෙරවාදී ත්‍රිපිටකය වළගම්බා රජ දවස (ක්‍රි. පූ. 88-76) තමයි ග්‍රන්ථාරූඪ වුනේ. ඊටත් පසුකාලයක ඉන්දීය බ්‍රාහ්මණ වාංශික බුද්ධඝෝෂ තෙරුන් විසින් හෙළ අටුවා (සංරක්ෂණය පිණිස යැයි කියමින්) පාළියට නැගුවාට පස්සේ හෙළ අටුවා ගිණිබත් කෙරුණා. මහසෙන් රජ දවස මහා විහාරය සමතළා කොට උඳු වැපුරුවා. මාඝ ආක්‍රමණයේදී ත් චන්ද්‍රභානුගේ ආක්‍රමණයේදීත්, පොත්, බැම්මෙන් ලිහා පත්ඉරු විසුරුවා විනාශ කෙරුණා. අනුරාධපුර යුගයේ දී ම මිහින්තලාව පවා මහායානිකයන් අත පැවතුණු බව අනුරාධපුර යුගයේ ඉතිහාසයෙන් සහ පුරාවිද්‍යාත්මක සාධක වලින් පේනවා.
      ඉතින් දැන් අපි සතුව තියෙන ත්‍රිපිටක ග්‍රන්ථාවලිය 100%ක් පිරිසුදු බුදු වදන් කියා අයිලාෂ් කියන්නේ මොන සාධක මතද?

      Delete
    6. ඔබගේ මතය තහවුරු කරීමට ඔබ යොදාගෙන තියෙන්නෙත් ග්‍රන්ථාරූඪ වූ කරුණු සහ ජනවහර ඇසුරින්, ඒ ග්‍රන්ථය සහ ජනවහර 100% නිවැරදි බවට ඔබ සිතන්නේ කෙලෙසද?

      Delete
    7. 1. පොයින්ට් එකට කතා කරන්න.
      2. සියළුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
      තර්ක කිරීමක් නෙවේ. කරුණු පැහැදිලි කිරීමක් විතරයි.

      Delete
    8. පොඉන්ට් එකට තමා කතා කරලා තියෙන්නේ

      සියලුමප්‍ර්ශ්න වලට පිළිතුරු අවශ්‍යනම් ඉදිරි පොස්ට් හා රැඳී සිටින්න.

      Delete
    9. මම කොහොමත් අයිලාෂ් ගේ පෝස්ට් කියවන්න නිතර මෙහෙ එනවා. සාරවත් කතිකාවක් අරඹන්න පුලුවන් මේ වගේ බ්ලොග් දුර්ලභයි. මේ කතිකාව දිගටම ගෙනියමු.

      ජය වේවා!

      Delete
  10. මෙතැනනේ මේ වලිය තිබිල තියෙන්නේ. මං ඒත් බැලුව කොහෙද කියලා. අන්න දේශකය අඬ අඬා ගියා කෑම කන්න. අයිලාෂ් ගැහුවා කියලා තමා කිය කිය ගියේ.

    ReplyDelete
    Replies
    1. අනේ නලින් මල්ලියේ එහෙම දෙයක් උනේ නැ. මම එතුමාව බොහොම ගෞරව බහුමානයෙන් යුක්තව තමයි හැම වෙලෙම් ආමන්ත්‍රණය කලෙත්, එක වෙලාවක විතරක් මචං කිවා එක කීවෙත් හිතවත්කමට.

      Delete
    2. හැක් හැක්.. තට්ටෙ පලනව තොපි දෙන්නෙගෙ..

      Delete
    3. ඈ මචෝ, තට්ටේ පලන්නේ ඔය අතේ තියන් ඉන්න කෝට්ටෙන් ගහලද?

      Delete
    4. නෑ නෑ ඔබ දෙදෙනාම උත්තම ගනයේ ගෞරවාන්විත බ්ලොග් කරුවන් දෙදෙනෙක් බව මා දන්නවා. දේශකයා මූණු පොතේ මේ පොස්ටුව ගැන දාන ලද ස්ටේටස් එකක් දැකලයි මා ඉහත කමෙන්ටුව දැම්මේ. එතන දේශකයා දැම්මෙත් උත්ප්‍රාසයෙන් මා මෙතැන මේ දැම්මෙත් උත්ප්‍රාසයෙන්. ඔබ දෙදෙනාගේ මේ සංවාදය අන් සංවාද කරුවන්ටත් මහගු ආදර්ශයක්.

      Delete
    5. හැක් හැක්...මේ පීචං මාව නං උඩ තියන්න එපා බං.. අයිලාෂ් ගැන අවුලක් නෑ.. හැක්

      Delete
  11. පළමුවෙන්ම ගොඩක් පින් අයිලෂ් අයිය කාලීන අවශ්‍යතාවක් බ්ලොග් අවකාශයට ගෙනාවට.!
    මෙහි අදහස් දක්වා ඇති පුද්ගලයන් නිසි ආකාරයෙන් ඔබේ ලිපිය කියවා තේරුම් ගෙන අදහස් දක්වන බවක් නොව ඔවුන්තුල වර්ථමාන සුළු බික්ෂුන් වහන්සේලා පිරිසක් පිළිබද ඇති අප්‍රසාධයෙන් එම සිතුවිලි පිට කරගනිමට මෙම ලිපිය අවස්ථාවකරගෙන ඇති බවක් දක්නට තියෙනවා.
    කාර්ය බහුලත්වය සමග ඔවුන් හා වාද කිරීමට අපහසු බැවින් වැඩිදුර අදහස් දැක්වීමට යන්නෑ. නමුත් දන හෝ නොදැන බික්ෂුවගේ සිල්වත් බාවය මැනීමට ගොස් කරගන්නා අකුසලය ගෙවා නිමකිරීමට හැකිවේදැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.

      ඔබගේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකඟ වෙමි.

      Delete
  12. මට නම් සමාජයෙ වෙන හුඟක් දේවල් ගැන තියෙන්නෙ කලකිරීමක්. ඒත් දැන් ඉස්සර වගේ කේන්ති යන්නෙත් නෑ, ඔහේ උපේක්‍ෂාවෙන් බලාඉන්නව. අපි මොකටද අනිත් අය නිසා අපේ හිතේ සැනසිම නැතිකරගන්නෙ.

    මේකෙ ප්‍රායෝගික පැත්ත ගැනම කතාකරොත් අපේ සමාජයෙ භික්‍ෂූන් වහන්සේලා ගැන මටත් යම් තරමක අත්දැකීම් තියනව, තරුණ හාමුදුරුවරු එහෙම ආශ්‍රය කරල තියෙන නිසා ඒ උන්නාන්සෙලගෙ සාමාන්‍ය ක්‍රියාකලාපයන් ගැනත් යම් අවබෝධයක් තියෙනව. මීට කාලෙකට කලින් මම දැනගත්ත හාමුදුරුකෙනෙක් සම්බන්ධ සිදුවීමක් මම රාජ්ගෙ අඩවියෙ කමෙන්ට් එකක් හැටියටත් දාලා තියෙනව. ඒ වීඩියෝ කෑලි ටික අදටත් මගේ හාර්ඩ් එකේ තිබුනත් මම ඒව ලීක් කලේ නෑ. එහෙම උනානම් ඒ හාමුදුරුවොන්ට අනිවාර්යෙන්ම සිවුරු ඇරල යන්න වෙනව. මම මොනවටද කාගෙවත් චීවරයක් ගලවන පවට කරගහන්නෙ, බුද්ධ චීවරය දරාගෙන එයා කරපු පවුවලට එයාම විඳවයි.

    ඔය උඩින් දාල තියෙන ධර්ම චක්‍රය ගැනත් මෙතන කතාකරල තියෙනවනේ. අපවත් වුනු මඩිහෙ පඤ්ඤාසීහ හාමුදුරුවොලු පාසල් පෙළපොත්වල තිබුනු ඔය වැරදි ධර්ම චක්‍රය ඉවත් කරන්න මුල්වෙල කටයුතු කරෙත්. එයින් අටලෝ දහම නිරූපණය වන නිසා රෝදයක් මෙන් පෙරලිය හැකි විය යුතු බව උන්වහන්සෙ පෙන්වල දීල තියෙනව.

    බුද්ධකාලීන සමාජයට සාපේක්‍ෂව අද සමාජයෙ විශාල වෙනස්කම් තිබෙනව. ඒ නිසා මෙවැනි කරුණු සාකච්ඡා කරන්න ගියාම බොහොම වාද විවාද ඇති වෙනව, දැන් මේ ඇති වෙලා තිබෙන හැටියටම. සමාජය වෙනස් වුනත් කොහොම උනත් මමත් හිතන්නෙ ධර්මය අකාලිකයි. අපි මේ කතාකරන්නෙ විවාද කරන්නෙ ධර්මය ගැන නෙවි. නිකන් බාහිර ආටෝපනයන් ගැන. නොදැමුනු මිනිස් සිත්සතන්, ඔවුන්ගෙ ක්‍රියාකාරකම් ගැන විතරයි. හොඳ හිතින් යමක් කරන්න ගියත් අන්තිමට වෙන්නෙ හිත් දූෂ්‍ය කරගන්න. හොඳම දේ තම තමන් පිරිසිදුව ඉන්න උත්සාහ කරන එක.

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේ ඉතාම වැදගත් අදහස් දැක්වීමක්, ඔබට බොහොමත් ස්තුතියි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙනි ඔබගේ අදහස් දැක්වීමට, ඔබගේ කරුණු දැක්වීම මත මගේ අදහස් සම්පුර්ණයෙන්ම වෙනස් උනාදෝ කියා සිතෙනවා වෙනි කරුණු දෙකක් ගැනනම් එකඟ නෑ අනිත් දේවල් ගැන සම්පුර්ණයෙන්ම එකඟයි.

      පළමුව බලමු එකඟ නොවන කරුණු.

      //මම දන්නවා මම මෙහෙම විනිශ්චයකට එන්න තරම් සුදුසු කෙනෙක් නොවේ. මම නූගත්, අසිල්වත්,ශ්‍රද්ධාවක් නැති,අබෞද්ධ , අඥාන , එලොවට සහ පරලොවට වැඩක් නැති එකෙක් සහ ඔය කීව දේ කියන්න තරමේ සදාචාරයක් තියෙන එකෙක් නෙවෙයි. ඒක තමයි සහතික ඇත්ත.//

      ඔබ මේ කියන ආකාරයේ කෙනෙක් කියා මා කියනවා නොවේ, නමුත් ඔබ ඇත්තෙන්ම එහෙම උනත් එහි කිසිම් ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ ඉන්න කිසිම් නෙකෙන් 100% නිවැරදි අය නෙවේ. නමුත් ඒ වැරදි කරන කෙනා තැන කරන්නේ වරදක් බව දන්නවා නම් කවදා හරි ඒ වැරදෙන් මිදෙනවා. අනික ඒ වරදින් මිදුන පසු නැවත ඔහු වරද කරුවෙක් කියන්න බැහැ. මෙහෙම් හිතමු යම් කෙනෙක් දීර්ග කාලීනව මත් ද්‍රව්‍ය භාවිතයට හුරුවී කුඩු කාරයෙක් උනා කියල. නමුත් යම් දිනක එහි වරද වටහාගෙන එයින් මිදුනොත් ඒ තැනැත්තා තව දුරටත් කුඩු කාරයෙක් කියන්න බැහැ.


      //බුද්ධාගම රැකෙන්න නම් ඔය කියන පිරිමි ටික භික්ෂූත්වයෙන් යන්න ඕනි නැත්නම් එලවන්න ඕනි. //

      මේ තමයි මම එකඟ නොවන දෙවෙනි කරුණ. වෙනි ඔය වැරදි කරනවා කියන ය නිසා මේ ධර්මය පිරිහෙන්නේ නැහැ. අනිත් කරණය තමයි මේ බුද්ධ සාසනය කියන්නේ ඔබගේ වත්, මගේ වත්, ජනාධිපතිගේ වත්, බුද්ධ සාසන අමාත්‍යංශයේ වත් බුදලයක් නෙවේ එහෙම එලවන්න. මේ සාසනය හිමිකරුවා එ සාස්තෘන් වන බුදු රජාණන් වහන්සේයි.

      පොඩ්ඩක් හිතන්න ආනන්තරිය පාපකර්ම තමයි කල හැකි ලොකුම පාපකර්ම වන්නේ. එවැනි ආනන්තරිය පාපකර්ම දෙකක්ම කල දේවදත්ත තෙරුන් සාසනයෙන් සිවුරු ගලවා නෙරපන්න කියලා බුදුරජාණන් වහන්සේ අණ කළා ද? නැහැ, එයට හේතුව ආනන්තරිය පවක් කලත් පරාජිකා ඇවතකට පත්වුණේ නැතිනම් භික්ෂුත්වය නැති නොවන නිසා.

      දැන් බලමු ඔබත් සමග එකඟ වන කරුණු.

      //මම වගේම තවත් කහ සිවුරක් දරා ගෙන ඉන්න පිරිමියෙකුට ගිහියෙක් කියා ගන්න මගේ වැරදි පෙන්නලා ඒවා මෙහෙමයි මෙහෙමයි වෙන්න ඕනි කියලා කියලා දෙන්න එයාටත් එහෙනම් සදාචාරයක් නෑ කොහෙත්ම. //

      ඔවු වෙනි මිට පස්සේ අපේ ගෙවල් වල මරණයක් උනාම මේ කහ සිවුරක් දරා ගෙන ඉන්න පිරිමියෙකුට කියන්නේ නැතිව අපිම පාංශකුලය දෙමු.

      //ආරාන්‍යවාසී භික්ෂූන් අතලොස්සක් නියම ධර්මය සොයා යාමේ අදිටනින් ඉන්න බව පේනවා. //
      මේකත් සමග එකඟ වෙන්න පුළුවන් කියලා හිතුන, නමුත් දැන් හිතෙනවා එක සමහත් එකඟ වෙන්න බහ කියලා, අයි දන්නවද, අරණ්‍ය වලට අපිට සවස 6න් වගේ පස්සේ ඇතුල් වෙන්න බැහැනේ, ඉතින් අපි කොහොමද දන්නේ ඒගොල්ල රැට පංච දුශ්චරිතයේම යෙදෙනවාද කියල ඒ ගොල්ලත් අතහැරලා දාමු. පාංශකුලයේ පටන් සියලුම දේ ගිහි අපිම කරමු. එතකොට හරි.

      අනික වෙනි මේගොල්ල ගැන බලන්නකෝ, කහ සිවුරු පොරවගත්ත පිරිමි ඔය මේ අදහස් මතු කරනකල් තේරුනේ නැහැනේ

      සුද්දන්ට එරෙහිවුන කුඩාපොළ හාමුදුරුවෝ
      වාරියපොළ සුමංගල හාමුදුරුවෝ
      ඇස්. මහින්ද හාමුදුරුවෝ. -( ජාතිවාදය ඇවිස්සෙන කවි ලියපු එක පොන තරම් අපරාධයක්ද?)
      මේගොල්ල කරලා තියෙන්නෙත් විනය විරෝධී වැඩ දුස්ශිල කහ සිවුරු පොරවාගත් පිරිමි.



      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උත්පාද , ථිති, භංග...

      Delete
    4. අනිත්‍ය ස්වභාවය.

      Delete
    5. කෙනෙකුට මේක පට්ට ගොන් ආතල් එකක් වගේ පේන්නත් පුළුවන්...
      මම වටහා ගනිමින් සිටින සත්‍යය මෙයයි..සිතුවිලි සියල්ලම පෙරටුව යයි. ඒ සිතුවිලි ක්ෂණ්යකින් ඉපදී, පැවතී, නැසෙන සුළුය. පෙරටුව ගමන් ගන්නා සිතුවිලි වල ස්වභාවය එවන් නම්...ඒ සිතුව්ලි වලින් හට ගන්නා ක්‍රියාවන් ගැන කවර කතාද ?
      කියාවේ ඵලය ගොනු පසු පස එන කරත්ත රෝදයක් මෙන් පැමිණේ නම්...ක්‍රියාවන් වල අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීමට පෙරටුව යන සිතුවිලි කන්දරාවේ අනිත්‍ය අවබෝධ කර ගැනීම ඵලදායී වේ.
      පහන් සිල නිවුනා..දැන් කෝ ඒ පහන් සිල ? නිවෙන්න පෙර එය දුටු මා කෝ ?
      මේ වක්‍රය බිඳෙන තුරු මේ සියල්ල දරා සිටිය යුතුයි නේද අයිලාස් සහෘදය ?

      Delete
    6. පැහැදිලිවම එකඟයි මිත්‍රයා.

      මුදු දහම කියන්නේ මෙයයි, බලන්න වචන අල්ලගෙන් කරන තර්ක බුදුදහම ආගමක් ද , දර්ශනයක් ද කියලා තර්ක කරනවා. නමුත් බුදුරාජාණන් මේ ධර්මය හැදින්වුයේ සත්ධර්මය නමින්. ඒවගෙන් වැඩක් නැහැ. මුලික හරය සරලව කිවොත් එය තමන්ගේ සිත සකසා ගැනීමයි. නමුත් බොහෝ අය උත්සහ කරන්නේ තමන්ගේ සිත දුෂණය කරගනිමින් ද්වේශ සහගතව අනුන් ගේ ගුණ අගුණ සෙවීමයි.

      මේ දේ අවබෝධ කරගෙන අනිත් අය කුමක් කලත් ඒ ක්‍රියාවන් මගින් අපේ සිත් දුෂණය කර නොගෙන කටයුතු කිරීම නේද වඩා වැදගත් වන්නේ.

      Delete
  14. අයිලාශ් කියන විදියට බුදු දහමෙන් භික්ෂුවකට අකමැත්ත ප්‍රකාශ කරන්න කියල තියන ක්‍රමය ඒ තරම් කාලෝචිත නෑ කියන එකයි මගේ නම් මතය. මොකද ඕනම දේකට කැමති මිනිස්සු ටිකක් හොයාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි ලංකාවෙ. කොටින්ම අර රත්නපුරේ පැත්තෙ සාස්තර කියල දැන් ගිහි වෙලා ඉන්න කෙනාට මෙතන කතා කරපු කවුරුත් කැමති ඇති කියල මම හිතන්නෙ නෑ. කවුරුත් එයාට දන් දුන්න, අචාර කරා, පෙර ගමන් ගියා... ඔය මොකවත් කරා කියලත් මම හිතන්නෙ නෑ. හැබැයි ඒක එයාට තේරුනාද කියන එක නම් සැකයි. එයාට හොඳට සල්ලි තිබ්බ කාල බීල ඉන්න. අනුගාමිකයො වගේ කට්ටියකුත් හිටියනේ වැඩ කරල දෙන්න. කොටින්ම දේශපාලඥයෙකුත් ගියානෙ බේරගන්න. හැබැයි මිනිස්සු එකතු වෙලා විරෝදය ප්‍රකාශ කලේ නැත්තම් තාම සිවුර දාගෙන බුද්ධාගම නැති කරනවා. අයිලාශ් කියන්නෙ ඒ වගේ අයටත් හැදෙනවනම් හැදිච්චාවෙ කියල අපි අපේ පාඩුවෙ ඉන්න ඕන කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ ඡායාරූපකරණය ගැන ලිපි උනන්දුවෙන් කියවන කෙනෙක් නේ, ඔමට මතක ඇති ම අඑහි වරක සඳහන් කළා ඡායාරුප සැකැස්ම පිලිබඳ නීති කැඩීම තුලින්ද වඩා සාර්ථක නිර්මාණ කිරීමට හැකි බව මෙන්ම මා එය වඩා ප්‍රියකරන බව. නමුත් ධර්මය ගැන අපිට එහෙම කරන්න බැහැ, අපගේ සාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධ යයි අපි පිළිගන්නවානම්, අපට එය ඉක්මවන්න බැහැ .

      මෙතන මම කියලා තියෙන්නේ ධර්මානු කුල ක්‍රමය පමණයි. පිළිගනිම හෝ නොගැනීම වෙනමම කාරණයක්.

      Delete
    2. කලානුරූපී වීමක් අවශ්‍ය නැද්ද?

      Delete
    3. බැහැ මේ ධර්මය සම්බන්ධයෙන් බැහැ, එක තමයි අකාලික ධර්මයක් කියන්නේ. සැම කාලයකටම පොදුයි.

      මම ඉදිරියේදී සරලව නිවරදි ධර්ම කරුණු කන පොස්ට් කීපයක් ඉදිරිපත් කරනවා. මධස්තව ඒ ගැන කියවන්න. අපි බොහෝ දෙනෙක් මේ ධර්මය කියා සිතාගෙන ඉන්නේ වැරදි දෙයකට. එක නිසා තමයි මේ හැම ගැටළුවක්ම.

      ෆොටෝග්‍රෆි ගැන තව තියෙන්නේ පොස්ට් දෙකක් විතරයි එකත් ඒ අතරතුරේදී දාන්නම්.

      Delete
  15. මේ සිද්ධිය ගැන හොඳ කතාවක් අපේ මහාචාර්යතුමෙක් කිව්වා. එතුමා පුස්කොළ පොත් වගයක් එකතු කරන්න ප්‍රකට රාජ මහා විහාරයකට පහුගිය දවසක ගිය වෙලේ මේ සිද්ධිය ගැන නායක හාමුදුරුවෝ කිව්වලු "පිස්සෝ ම්හණ කලාම ඔහොම තමා මහත්තයා" කියලා

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නවේ හසිත මල්ලි, මහණ උනායින් පසු පිස්සු හැදුනමත් ඔහොම වෙනවා.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. එක ජාතක කතාවක් තියනවා බෝධිසත්වයෝ, රජ්ජුරුවන්ගෙ උයනේ භාවනා කරන කාලයක සිදුවීමක්. බෝධිසත්වයන් උයනේ භාවනාකරන වේලාවේ සඳලුතලයේ වේලෙන්න දාල තියන රජ බිසවගේ දුහුල් ඇඳුමක් හුලගට ඇවිත් බෝධිසත්වයන් ඉදිරිපිට වැටෙනවා. මේක දැකල බෝධිසත්වයන්ගේ කාමය ඇවිස්සෙනව. ඊට පස්සෙ බෝධිසත්වයෝ රජ බිසව සමග කාම මිත්යාචාරයට පෙළඹෙනව. මේක කොහොම හරි රජතුමා දැනගන්නවා. ඉන්පසුව රජතුමා බෝධිසත්වයන්ගෙන් මේ ගැන ප්රශ්ණ කරනවා. බෝධිසත්වයන් මොන වැරුද්ද කළත් බොරු කියන්නැති හින්ද බෝධිසත්වයන් ඒ වෙලාවෙ ඇත්ත කියනවා. රජතුමා දරුණු දඩුවමක් නොදි, තමාගෙ උයනෙන් බෝධිසත්වයන් පිටුවහල් කරනවා.
    අයිලාෂ්ට තේරෙනවද මේ කතාවෙ තියන ගැඹුරු තේරුම ?
    සංසාරය තරණය කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ඒ ගමන තුල ඕනැම කෙනෙකුට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අභියෝග පැමිණිම ස්වභාවයක්. ඒවට මුහුණ දිම වගකීමක්. ඒ වගේම එම අභියෝග වලින් ජයග්රහණය කිරීම හෝ පරාජය වීම කියන්නෙ, ඒකට මුහුණ දෙන පුද්ගලයා මනින මිම්මක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් බෝධිසත්වයන් තමන්ගෙ ශීලය ආරක්ෂාකරගැනීමට බැරි උන එක ගැන එදා රට වැසියා කෝප උන බවක් වත් ඉන් පසුව බ්ලොග් ලියපු බවක්වත්, නැති නම් පෙලපාලි ගිය බවක් වත් ඒ ජාතක කතාවෙ කියවෙන්නෙ නැහැ.
    අයිලාෂ්, අදත් මිනිසු එදා වගේමයි.
    ඔය කියන සංඝරත්නය තුලින් පංච ශීලය හෝ වෙනත් ශිලයක් කඩ උනා කියල මිනිසු කිපෙන්නෙ නැහැ.මොකද ශීලයේ සිටීමෙ අමාරුකම මිනිසු දන්නවා. වැරදිම මනුෂ්ය ගතියක් කියන එකත් මිනිසු දන්නවා.
    මෙතන ගැටලුව තියෙන්නෙ ඔබ කියන තැන නෙමෙයි.
    ආගමේ මුවාවෙන් ආගමට අයත් ඇඳුමක් ඇඳගන මුලු සමාජයම තමාගේ මිත්යාදෘෂ්ඨික, අන්තවාදි සිතුවිලිවලට යටත් කරගැනීමට උත්සහ කිරීම, පවුපින් වැරදි ලෙස අර්ථ කථනය කරමින් අමන සහ මෝඩ අනුගාමිකයන් භියකර, ඒ අය තමන්ගේ පවු වසංකරගැනීමට සහ සමාජයෙන් එන චෝදනාවලින් ආරක්ෂාවීමට භාවිතකිරීම, තමා නොමග යමින් නොනැවතී මුලු මහත් සමාජය නොමග යැවීම, ආදි කරුණු. ධර්මමාර්ගයේ ගමන් කරන අයෙකු කිසිදිනෙක මේ වගේ දේවල් කරන්නෙ නැහැ.
    සමාජය බලාපොරොත්තු වෙන්නෙ, ඒඅය ඒ අයගෙ ගමනේ යන එක. සිල් කැඩුනට කමක් නැහැ. වරද පිළිගෙන නැවත උත්සහ කරන්න. අපි ඒ අය පිටුපස ඉන්නවා දානය ආදි දේවල් ලබා දෙමින් ඒඅයගෙ උතුම් පරමාර්තයට සහයෝගය දෙන්න.
    නමුත් ඒ අය වර්ගවාදි දේශපාලනයටවත්, ගෝත්රවාදි ආගමික ගැටලුවලටවත්, ව්යාපාර වලටටවත්, පුර්ණකාලීනව සම්බන්ධවෙලා සමාජයේ ගැටලු ඇති කරනවාට සම්පුර්ණයෙන් විරුද්ධයි.
    ඔබට විරුද්ධව කොමෙන්ට් දාන කට්ටිය එහෙම කරන්නේ ඒ නිසා මිසක් බුදු දහමට විරුද්ද වෙලා නොමෙයි කියල ඔබට අවභෝධ වෙන්න ප්රඥාව දියුණු වේවා කියල මම ප්රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ අන්කල් වෙත.

      ඔබගේ කොමෙන්ටුව වෙනුවෙන් ඉතා දීර්ග කරුණු පැහැදිලි කීමක් කිරීමට සිදුව ඇත. නමුත් මහත්මයාණෙනි, පසු ගිය සතිය පුරාවටම අධික ලෙස ගිලන්ව සිටියද වෛද්‍ය උපදෙස් පවා නොසලකමින් රාජකාරී කටයුතු වල යෙදීම නිසා ඊයේ සවස් කාලයේ සිට ඇඳෙන් නැගිට සිටීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇත. මේ කොමෙන්ටුවද දමන්නේ මාගේ ලැප් ටොප් එක වචනයේ පරිසමාප්තයෙන්ම ලැප්ටොප් එකක් බවට පත්කරගනිමින්.
      ඔබ වෙනුවෙන් දැක්විය යුතු අදහස් හා ඉදිරියේදී ධර්මය ගැන කරුණු පැහැදිලි කරීමට බලා බලාපොරොත්තු වන්නේ කුමන ස්තරයක සිටදැයි යන්නේ මීළඟ පොස්ට් එකෙන් දක්වන අතර එම කැරුණු ගැන ඉතා කෙටියෙන් පමණක් මෙහිදී සටහන් කිරීමට සිදුවීම ගැන කනගාටු වෙමි.

      දින දෙක තුනක කාලයක් මගේ ප්‍රිය හිතවතුන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකි වන බවද කරුණාවෙන් සලකන්න.

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබඳ මගේ ගෞරවය පිළිගන්න. සමස්තයක් වශයෙන් ඔබගේ සියලු අදහස් වලට එකඟ වන අතර ඔබගේ කොම්න්ටුවේ අවසන් චේදය පමණක් ප්‍රතික්ෂේප කරමි.

      මහත්මයාණෙනි, මේ පොස්ට් එකට විරුද්ධව කොමෙන්ට් කල කිසිම කෙනෙක් පුද්ගලිකව අයිලෂ් නම් වන පුද්ගලයාට විරුද්දව එම කොමෙන්ට් පල කාලයයි මම කිසි සෙත් පිළිගන්නේ නැහැ. කිහිප දෙනෙක් පමණක් ද්වේශයෙන් සහ මෝහයෙන් අගතිගාමිව, තමන් දරන්නාවූ මතයට එරෙහි වන මතයන් පිළිබඳව අධික ද්වේශයෙන් පල කල අදහස්. ඒ අය කොමෙන්ට් දැමීමේදී හැසිරී තිබෙන ආකාරයෙන්ම ඒ බව ඔබට වැටහෙනු ඇති සිතමි. එපමණක් නොව මේ අය වෙනත් බ්ලොග් අඩවි වලදීද තම මතයට වෙනස් මතයක් ඉදිරිපත් වූ අවස්ථාවන්හි හැසිරී ඇති ආකාරය බලන්න.

      මහත්මාණෙනි, මේ පොස්ට් එක දැමීමේ මගේ අරමුණ, සයිලන්ට් සහන් ඉතා මැනවින් වටහා ගෙන ඇත. එසේම එය වටහාගත් තවත් අය ඇත.

      ඔබ කියනා සමහර ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාවන් පිළිබඳව මාගේද කිසිදු ප්‍රසාදයක් නැත. නමුත් මා යෝජනා කරන්නේ එවැනි අය නිසා උවද මුළුමහත් සංගරත්නය කෙරෙහිම ගර්හා වන අයුරින් දුශ්ෂිල භික්ෂුන්, චීවර ධාරීන්, ... ආදියෙක් ගර්හා නොකරන ලෙසයි. මෙතරම් මහත් අප්‍රසාදයක් එවැන්නන් තුල ඇත්නම් අන්තර්ජාලය තුල කෑ ගසමින් මුළුමහත් සංග සමාජය කෙරෙහිම ගර්හා නොකර සංවිධානය වී එම දුශ්ෂිල යයි කියනු කොටස් කෙරෙහිද ද්වේශ සහගත නොවී සාසනය රැකගැනීම මුලික චේතනාව කරගෙන යම් වැඩපිළිවෙලක් වෙනුවෙන් මුලිකත්වය ගැනීම වඩා සුදුසු වනු ඇත.

      ඔබගේ කොමෙන්ටුවේ මුල් කොටසින් දක්වා තිබු ආකාරයට කටයුතු කරන බොහෝ පිරිසක් සිටියද, ක්‍රියා කලයුත්තේ ද ඒ ආකාරයට වුවද, ද්වේශයෙන් සහ මෝහයෙන් අගතිගාමී වුවන් ද බොහෝ සිටින බව සලකන්න. එයද සදා කල් එසේම පැවතීමද ධර්මතාවයකි.

      Delete
    2. මෙතැනින් පසු ඉදිරිපත් කරණ කාරණා ඔබතුමා ඍජුවම ඉලක්ක කර නොව මේ අඩවියට පිවිසෙන සියලු මිතුරු මිතුරියන් වෙනුවෙනි.

      ඉදිරි පොස්ට් කීපයකින් ධර්ම කරුණු කීපයක් සරලව ඉදිරිපත් කරනවා එම පොස්ට් කියවීමේදී නිරවුල් මනසකින් කියවන්න.. භාග්යවතුන් වහන්සේ කාලම සුත්රයේදී දේශනා කල අයුරින් විමසන්න, විමසීම සඳහා උන්වහන්සේ දේශනා කල ක්රමවේදය යොදාගන්න.

      පහත දැක්වෙන මානසික මට්ටම් වල සිටින අය හට ගැන බලන්න

      1 අධික ශ්රද්ධාව පමණක් ඇති අය :

      උදේ පාන්දර 5 පමණ සිට අඳුර වැටෙන තෙක්ම පන්සල් විහාර ආදියෙහි ගැවසෙමින් මල් පෙරහැරවල් පවත්වමින් ඒ මල් පෙරහැරේම නිවන් පුර රුවන් දොරටුව දක්වා බොහෝ පහසුවෙන් ගමන් කල හැකි බව විශ්වාශ කරන සැදැහැතියන්.

      උම්බලකඩ කැබැල්ලට මෙන්ම හාල් මැස්සාගේ පටන් දියළුම මස් මාංශ වලට අධික මෛත්රියක් පළකරමින්,පන්සලට ගෙන එනු ලබන දාන වේලක ඇති කට්ට සම්බෝලයක උවද උම්බලකඩ කැබැල්ලක් තිබුනොත්, එය ගෙනා තැනැත්තන් කෙරෙහි අධික කෝපයට පත්වන, බණ මඩුවේ බණ අසමින් සිටින විට අතක වසන මදුරුවා චප්ප කර දමන සැදැහැතියන්.

      2. ශ්රද්ධාව නොමැති අධික ප්රඥාවන්තයින්

      පටිච්චසමුප්පාදය, පංච උපාදනස්කන්ද වැනි තම නුවනින් විමසිය යුතු ඝම්භිර ධර්මයන් අනන්ත තිබියදී භාග්යවතුන් වහන්සේ මස් මාංශ වැළඳුවේ දැයි තමන්ගේ රුචි අරුචි කම් වෙනුවෙන් මුළු ත්රිපිටකයම පෙරලමින් සොයන්නන්.

      තමන්ගේ මතයට අනුකුල වන අවස්ථාවන්හිදී එය බුද්ධ වචනය ලෙසත්, එසේ නොවන විත එය ත්රිපිටකයට ඇතුලත් වූ බමුණු මත ලෙසත් දකින්නන්.

      ආචාර්ය, මාහාචාර්ය පදවියක් ලැබූ විට එය භාග්යවතුන් වහන්සේගේ උතුම් සර්වඤතා ඤාණය ද ඉක්මවා යන්නක් බව විශ්වාෂ කරන සමහරක් අය ද (බොහෝ අය එසේ නොවේ)

      හුදෙක් භෞතික වාදින් ද යන කොටස් වලට අයත් වන්නන් හට මේ ඉදිරි පොස්ට් කීපය ගෝචර නොවනු ඇත.

      කිසියම් කාරනාවක් ගැන කතා කිරීමේදී පදනම් විරහිත ලෙස සිදුකිරීම නුසුදුසු වන අතර විශේෂයෙන් ධර්මය ගැන කතා කිරීමේදී පැහැදිලි පදනමක් මත සිටම කලයුතු වෙනවා.මේ වෙනුවෙන් මගේ පදනම වන්නේ භාග්යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම, උන් වහන්සේ දේශනා කල ධර්මය පිළිගැනීම, ආර්ය මහා සංගරත්නය පිළිගැනීම සහ ත්රිපිටකය බුද්ධ වචන ලෙස පිළිගැනීම වේ.

      එබැවින් ඉදිරි පොස්ට් කීපය නිරවුල් මනසකින් කියවන්න. එසේ නොමැති වූ විට සිදුවන දේ ගැන එක උදාහරණක් දෙන්නම්.

      භාග්යවතුන් වහන්සේගේ චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උන්වහන්සේ පිළිම වල දකින්නට ලැබෙනවා වගේ සමාධි සුවයෙන්ම වැඩසිටි කෙනෙක් ලෙස නමුත් උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල දක්ෂ ගුරුවරයෙක්, සැබෑ යහළුවෙක්, සෙනෙහෙවන්ත පියෙක් දකින්නට ලැබුනේ නැතිද? මේ සිදුවීම සලකන්න

      එක් දවසක් මහා කාශ්යප මහා රහතන් වහන්සේ, ඉතා වටිනා සිවුරක් පොරවාගෙන භාග්යවතුන් වහන්සේ හමුවෙන්න එනවා. ඒ අවස්ථාවේදී උන් වහන්සේ පොරවාගෙන ඉන්නේ පරණ වූ රළු සිවුරක්. උන් වහන්සේ සහ මහා කාශ්යප මහා රහතන් වහන්සේ අතර මේ දෙබස බලන්න
      "කාශ්යප ඔබගේ සිවුර ඉතාම සියුමැලි අලංකාර එකක්"
      "භාග්යවතුන් වහන්ස මේ සිවුර පොරවා ගන්න සේක්වා, ඔබ වහන්සේගේ ඔය සිවුර මට දෙන්න"
      "කාශ්යප ඔබට මේ දළ සිවුර සුදුසුද?"
      "භාග්යවතුන් වහන්ස ඔබගේ දළ සිවුර මට ඉතා ප්රියයි"

      ඉන්පසු ඔවුන් දෙදෙනා සිවුරු මාරුකර ගන්නවා.. බලන්න කොතරම් සමීප මිතුරන් ද කියා. මේ තුල කොතරම් දෙයක්
      ගන්න පුලුවන්ද කියලා. නමුත් අධික ශ්රද්ධාවන්තයට මේක දරන්න බැහැ. ඔවුන් කියන්නේ එලෙස හැඟීමක් බුදුරජානන් වහන්සේට ඇති වෙන්න බෑ ඕක අපහාස කරන්න බමුණන් ඇතුල්කල මතයක්.අනිත් කොටස කියන්නේ කෙලෙස් ඇති බවයි.(මේවා ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

      මේ එක උදාහරණයක් පමණයි. මේ ධර්මය හඳුනා ගැනීම, බුද්ධ චරිතය හඳුනා ගැනීම ඉතා නිරවුල් මනසකින් කලයුත්තක්.


      මැදයි කෙටියෙන් උත්තර දෙන්න ගියා...... දිග වැඩියි කියලා බ්ලොගර් අංකල් කොටස් දෙකකට දාන්න කිවා.

      Delete
    3. ..නමුත් මා යෝජනා කරන්නේ එවැනි අය නිසා වුවද, මුලුමහත් සංගරත්නය කෙරෙහිම ගර්හා වන අයුරින් දශ්ශිල භික්ෂුන්, චිවරධාරීන් ආදියෙන් ගර්හා නොකරන ලෙසයි...

      අයිලේෂ්, මෙතන ගැටලුව වෙලා තියෙන්නේ භික්ෂුව කියන එක නිර්වචනය කරගන තියන විධිහ.
      ආර්ය මාර්ගයේ ගමන් කරන හෝ වැරදි කර කර උනත් නිවැරදි වෙන්න කැපවෙන කිසිම භික්ෂුවකට කිසිම කෙනෙක් කිසිම දෙයක් කියයි කියල මම හිතන්නෙ නැහැ. භික්ෂුත්වයේ පරමාරථයෙන් බැහැරව, සමාජයේ ව්යාපාර කරන, හදිහුණියන් කරන, වශිගුරුකම් කරන, අන් ආගම් හෙලා දකින, දානයට දන් සීට්ටු දෙන, දේශපාලනය කරන අයත් භික්ෂුන් ලෙස සලකනවනම්, ඒ අය අර ඔබ කිවුව වගේ අධික ශ්රද්ධාවෙන් (ඇත්තටම අන්ධ භක්තියෙන් ) නොමග ගිය අය කියලයි මම හිතන්නේ. ඒ අය කරන්නේ බුද්ධ චීවරයට මුවා වෙලා, කරන්නෙ වෙනත් දෙයක්. හොඳින් මතක තියාගන්න. ඒඅය කරන පාපකර්මත් එක්ක බැලුවම සමහර ගිහියො ඒ අයට වඩා සිය දහස් ගුණයක් යහපත්. ඇත්තටම මේ වගේ අය කරන්නේ සමාජය ව්යාකුල කරන එක. මේ තත්වය නිසා සිදුවන්නේ ආගම පිළිබඳ මිනිසුන්ට තියන උනන්දුව අඩු වෙන එක. ඒ අය කරන්නෙ ආගමට බරපතල හානියක්.

      දෙවනුව, හොඳින් අවභෝධකරගන්න අපේ මනස ගොඩනැගෙන කරුණු අතර සැලකිය යුතු වැදගත් කරුණක් තමයි අපි ඇසුරු කරන අය. අපි (ආධ්යාත්මික දියුණුව හොයනව නම්) ඇසුරු කළ යුත්තේ අපිට වඩා ආධ්යාත්මිකව දියුණු අය. අපි අපිට වඩා පාපින් ඇසුරු කරනවනම්, අපිත් ඒ තත්වයට වැටෙන එක වලක්වන්න බැහැ. අපේ දරුවන් ජාතිවාදි හෝ ආගම්වාදි භික්ෂුන් සිටින පන්සලකට යැවුවොත් අපි අපේ දරුවන් සමාජයට බරක් වෙන ජාතිවාදියෝ නැති නම් ආගම්වාදියෝ බවට පත් කරනවා. අද ඉන්නෙ ගොඩක් මේ වැරුද්දට හසු උන අය. ඒ අනුව අපි, අපේ අධ්යාත්මික ගුරුවරයා කරගත යුත්තෙ කවුද කියල ඔබලම කල්පනාකරල තේරෙැම් ගන්න.

      අද ලංකාවේ තරුණපරපුර අපේ කාලෙට වඩා බුද්ධිමත්. ගවේෂණශීලියි. අපේ ආච්චිලගෙ කාලෙ වහේ අන්ධ ශ්රද්ධාවෙන් නෙමෙයි කටයුතු කරන්නෙ. විචාර බුද්ධිය තිබෙනවා. මෙන්න මේකෙ ප්රතිඵලයක් වශයෙන් තමයි, දුෂ්ශීල භික්ෂුව ඒ අය අතින් ප්රතික්ෂේප වෙන්නෙ.

      ඔබ ආගමට ලැදි අයෙක් බව පෙනෙනවා. හැකි කමක් තියනවනම් ආගමට වඩා ආධ්යාත්මයට ලැදි වෙන්න උත්සහ කරන්න. ආගම සහ ආධ්යාත්මික කියන්නෙ එකක් නෙමෙයි දෙකක්.. Spirituality is beyond the boundaries of all religions.. ආගමට සීමා තියනවා. ආධ්යාත්මික වර්ධනයට සීමා නැහැ.

      සිදුහත් තව්ස වගේ. ඔහුත් ආගම් පසුපස ගියා. පසුව සියල්ල අත් හැරල තමා තුලින් සත්ය දැක්ක.
      ඔබ බුදු දහමින් ඉගනගත යුතු පළමු පාඩම බුදුන් ආදර්ශයට ගැනීම. සියල්ල (ආගමද ඇතුලුව)අත්හරින්න. එතකොට ඉතිරි වන්නේ ඔබ සොයන දේ පමණයි.
      ශුභපැතුම්...

      Delete
    4. මහත්මයා මම ඔබතුමා දරන අදහසට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. මගේ අදහසත් ඔබ කියන දේම තමයි. තමන්ගේ අධ්‍යාත්මය වර්ධනය කරගත යුතුයි කියන කරණය නේ ඔබ තුමා සාරාංශ වශයෙන් දක්වන්නේ.

      ඒ නිසාම තමයි මේ පොස්ට් එකේ මෙමෙ අදහස දැක්වුවේ. අනුන්ගේ වැරදි දුටු විට ඒ ගැන ද්වේශ කරමින් තමන්ගේ අධ්‍යාත්මය නසා නොගෙන, වඩාත් නිවැරදි ආකාරයට හැසිරෙන ලෙස යෝජනා කලේ ඒ නිසාම තමයි. මෙය ඔබ තුමාට නොතෙරීම කණගාටුවට කාරණයක්.

      මහත්මයා ඔබගේ අවසන් ජේදය නැවත බලන්න. ඔබ කියන ආකාරයට සියල්ල අත්හැරිය යුතු වෙනවා. ධර්මය, බුදුරජානන් වහන්සේද ඇතුළුව. නුත් ඒ අත්හැරීම කල යුත්තේ නිවැරදි අවස්ථාවේදී මිස වැරදි අවස්ථාවකදී නොවෙයි.

      මේ ගැන ධර්මයේ සඳහන් උදාහරණය ඔබ තුමාට මතකද?


      යම් කෙනෙක් මහා ජලාශයක ඇති දුපතක සිටිනවා. මේ දුපත එතරම් සුදුසු නැති නිසා ඒ අසල තිබෙන තවත් දුපතකට යන්න සිදුවෙනවා එයේ යන්නේ තිබෙන එකම මාර්ගය වලක එල්ලිලා (අර ටාසන් යනවා ගේ) ඉතින් මේ වලේ එල්ලිලා එහා දුපත වෙත පැද්දීලා යක කෙනාට මේ වල තදින් අල්ලගෙන් ඉන්න වෙනවා. නැතිනම් මගදී වතුරට වැටෙනවා. ඒ වැල ආදාරයෙන් අනිත් දුපත වෙත පැමිණි වහාම වල ඇත හරිය යුතු වෙනවා නැතිනම් එය නැවත පාද්දී තමන් සිටි දුපතටම එනවා.


      ඔන්න උදාහරණය. ඉතින් මහත්මයා සියල්ල අත්හැරිය යුත්තේ නිවැරදි වෙලාවට මිස ඔබ කියන පරිදි මුලින්ම නොවේ.


      තෙරුවන් සරණයි! ඔබතුමාට ඉක්මනින් ධර්මභෝධය ලැබේවා!!!


      Delete
  18. ඔය කොහොම කීවත් පොලිස් කාරයාටයි හාමුදුරුවන්ටයි නැති තැන බනිනවා ඇති තැන වඳිනවා. දෙන්නම අපතයෝ එත් නැ.

    ReplyDelete
  19. සරලව කියනවා නම් බුදුන් වහන්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව දේශණා කොට ඇත. එය පිළිපැදිම සහ නොපිළිපැදිම තුල ලැබෙන දේ පිළිබඳවත් ඉතාමාත් පැහැදිලිව පෙන්වා දී ඇත. එම නිසා තමන් කරන කියන දේ තමන් පසුපස ලුහුබඳින බව සත්‍යයකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියේ.

      Delete
  20. අයිලාස් මලේ ඔබ බුදු දහම ගැන ඉතාම නිවැරදි අවබෝධයක් සහ දැක්මක් ඇතිව පෝස්ට් එක ලියලා තියෙන බව ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ නිවැරදි අවබෝධය සහ දැක්ම නිසාම විවිධ අදහස්වලට නොසැලී නිවැරදි පිළිතුරුත් දීලා තියෙනවා.

    බුදු දහම අවුරුදු දෙදහස් පන්සීයක් කල් පැවතුනේත්, තව දෙදහස් පන්සීයක් ඉදිරියට පවතින්නේත් භික්ෂූන් වහන්සේලා අත මිසක්, ගිහියන් අත නොවේයැයි මගේත් විශ්වාසයයි. බුදු දහම භාවිතා කළ යුත්තේ තමන්ගේ හොඳ නරක විමසලා පිරිසිදු වෙන්න මිසක් තව කෙනෙකුගේ කැත කුණුවලට ඇඟිල්ල දික් කරන්න නෙවෙයි කියලත් මම හිතනවා. ආදර්ශය වඩාත් උතුම් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි ගාමිණි අය්යේ. ඔබ වගේ නිවැරදිව මේ දහම ගැන සිතන අය බොහෝ දෙනෙක් තවමත් ඉන්න නිසා තමයි මේ වගේ කාලයක උනත් ධර්මය තවම පවතින්නේ.

      Delete
  21. මේ පෝස්ට් එකට බොහොම පිං. ධර්මය තියෙන්නේ නිවැරදිව දකින්න. ඒ කියන්නේ තමන්ගේ මතය පසෙකලා මේ කියන්නේ කුමක්ද කියා නිසැක කර දැනගන පිළිපදින්න. ඒ වුනත් අද සමාජයේ ධර්මය විවිධාකාර භික්ෂුන් විසින් විවිධාකාර ලෙස දේශනා කරන බව මට තේරෙනවා, විවිධ ගැටළු ඇතිවන්නේ ඒ නිසා කියලයි මටනං හිතෙන්නේ. ඒ කොහොම වුනත් ධර්මය නිවැරදිව දකින්න තවමත් අපි ප්‍රමාද නෑ කියලත් මං හිතනවා.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පුද්ගලික මත ධර්මය විදියට දකින්නට කියන්නට යාම නිසා තමයි ඔහොම වෙන්නේ. ඒ අයට සහ ඒ අයගේ අනුගාමිකයන්ට තමන්ගේ මතය මිකක් වෙන දෙයක් ඉවසන්න බැ.

      අපි සරණ යන්න ඕන ත්‍රිවිධ රත්නය මිකක් වෙන වෙනම හාමුදුරුවරු නෙවේ. (පොදුවේ මහා සංගයා සරණ වනවා). නමුත් අද බොහෝ දෙනෙක් සරණ යන්නේ තම කැමති හාමුදුරු කෙනෙක්ව. එතනින් තමා ගැටලුවපටන් ගන්නේ.

      Delete
  22. මාස ගාණකට පසුව දුටු පෝස්ටුව අතිශය කැමැත්තකින් යුතුව කියවුවෙමි.එහි ඇති ඇත්ත ඇති සැටියෙන්ම මා තේරුම් ගතිමි.එමෙන්ම මට මා සෙවු දෙය හමු වුවෙය. ඒ මෙවන් බ්ලොගයකි. ඒ බෞද්ධයෙක් වුව නොදන්නා ධර්මය ගැන ඉගෙන ගැනීමට ඇති මහත් වූ ආශාවයි. මෙය ශ්‍රද්ධාව හෝ අධික ශ්‍රද්ධාව නොවේ. මා බුදුන් වහන්සේගේ සියලුම දේශනා සත්‍යය යැයි පිළි ගනිමි. නමුත් මා එහි සත්‍ය දැකිය යුතු වේ. මා සොයන්නනේ මා එය නූගත් නිසාය.ඒ කෙසේ වෙතත් දේශකයා නිසා ඔබ තුලින් බුදු දහම හා ඒ ආශ්‍රිතයන් මදක් හෝ සම්බන්ධව මා බොහෝ දේ උගත්තාය.මා ප්‍රශ්න ඇසිය යුතු නොවේ. ඒ බුද්ධ දේශනා නිවැරැදි නිසාය. ඇසිය යුතු ප්‍රස්න රාශියක් විටින් විට මතකයට ආවත් පිලිතුරු ලබා ගන්නට කෙනෙකු නැති නිසාවෙන් නිහඩවම ගතකලෙමි.මතුවට එසේ නොවනු ඇත යන්න මගේ හැගීමයි.
    මෙහි ඇති සෑම කොමෙන්ටුවක්ම මග නොඇර කියවූවෙමි. ඇතැම්විටක ඇතැමුන් කාලය කා දැමීමක් සිදුකර ඇත්තා සේය.එසේ නොවන්නේ නම් විවිධ වූ මාතෘකා ඔස්සේ වඩාත් තොරතුරු දැන ගැනීමට අපට ඉඩ ප්‍රස්තාව තිබෙන්නට ඉඩ තිබුණි.
    ස්තූතියි අයිලාස් අයියේ

    ReplyDelete
  23. රසිකලොජි බ්ලොග්යට ලින්ක් එක පෝස්ට් කල දෙශකතුමාට පින්! ..බුදු හාමුදුරුවෝ දෙසනාකල දේවල් තුන් කල් බලලා දේසනා කල දේවල් ..
    ඒ නිසා මේ කියලා තියෙන කාරනා ටික පිලිපදින එක් ගැන කතාව දිගට ගියනම් හරි වටිනවා..ඇයි මෙ කියල තියෙන එව්වා නොකල යුත්තේ හෝ ඒවා පිලි පැදීමෙන් වෙන හානි දායක දෙවල් වගේ....
    අනෙක් අතට දුසිල් මහණුන් ට ගර්හා කරන්න එපා කිව්වට ..ඒ අයගේ දුසිල් ක්‍රියා ගැන අන් අය දැනුවත් කරන්න එපා කියලා නෑ නොව.. පිසුනා වාචා පරුසා වාචා නැතිව ඒ වැඩේ කරන්ට පුලුවන් නොවැ....එහෙම කරන්න තමනුත් ධර්මය වැඩියෙන් හදාරන්න ඕනි නිසා මග ඇරලා ඉන්නවද කියලත් හිතෙනව..ඊට වඩා ලේසි නොවැ බනින එක..ලේසියි වගෙම ආතල්.. මාකට් කරන්නත් පුලුවන් (මන් මෙතනට ආවේ පිටදුවේ හාමුදුරුවෝ ගැන පොස්‍ටුවකින්...අපි හිතමු ඒ හාමුදුරුවෝ මහා බොරු කාරයෙක්ය කියලා....අවුල තියෙන්න පිටදුවේ හිමි බුදු දහමට අනුව රහතෙකු හෝ මගපල ලාබියෙකු නොවන්නේ මෙ නිසාය කියන පැහැදිලි කිරිමක් මන් අදවෙනකන් දැකල නෑ..)
    කොහොම උනත් පොස්‍ටුව පලකිරීම ගැන පිං...නොදන්න වගේම දැනගන්න වටිනා කාරණා දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි. එමෙන්ම ලින්ක් එක යවපු එක ගැන දේශකයාටත් ස්තුතියි නොකියා බැහැ.

      Delete
  24. පුදුම වැඩේ කියන්නේ මේ පෝස්ටුව දකින මේ මොහොත වෙනකල්ම මේ මාතෘකාව ගැනම ලියන්න කල්පනා කරපු තරම් දන්නේ මමම විතරයි. දැලිපිහියෙන් කිරි කනවා කල්දදා උන්නා. මොකද ඔය බෞද්ධයාගේ අත්පොත කියෝපු දවසේ ඉඳලම දේවල් ලියන්න කියල හිත හිත දැන් අවුරුදු ගානක් ගතවුනා.

    ඒ වගේමයි 'වජ්ජක ධර්ම' පොත කියෝලත් උනේ. පුදුම විදියට අදහස් ගලාගෙන ආවේ. ලියන එක පමා උනේ අනවශ්‍ය මාතෘකාවක් කියල හිතුන නිසාත් අපහාසයට කැමති අයගේ පව් මල්ල තවත් බරවෙයි කියලයි.

    කියෙව්වා. අදහස් තිබ්බක් කියන්නේ නැහැ.

    ලින්ක් එකට ස්තුතියි දේශකයා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි උපේක්ෂා.

      දේශකයෝ උඹට බොහොම ස්තුතියි අපිව අමතක නොකරපු එකට.

      Delete
  25. හිස මුඩුකරගත් පමණින් කසාවත් හැදගත් පමණින් භික්ෂුවක් යයි මම නොකියමි (තථාගතයන් වහන්සේ-වත්ථූපම සූත්‍රය)
    අභිජ්ජා ව්‍යාපාද මක්ඛ පළාස ඉරිසියා මච්ඡරිය මායා සාතෙය්‍ය ථම්භ සාරම්භ මාන අතිමාන මදය ප්‍රමාදය වැනි කෙසෙල් පහ කළ තැනැත්තා, එම කෙළෙක් පහ කිරීමට උත්සාහ කරන තැනැත්තාම භික්ෂුවක් වන බව බුද්ධ දේශනාවයි.
    කැම්පස් යන, රස්සාවල් කරන, මිල මුදල් පරිහරණය කරන, දේශපාලනය කරන පුද්ගලයින් සංඝ රත්නය නොව හුදු චීවර ධාරීන් පමණි. බුද්ධ ශාසනයක පැවිද්දක් ලබා ගිහියන් දෙන සිව්පසය පරිභෝග කරමින් දුෂ්ශීලව හැසිරීම ගිණි අගුරැ ලෝදිය අනුභව කරන්නා සේ මහා දුක් පිණිස පවතින බව ධර්මයේ සඳහන් වේ. නිවන සාක්ෂාති කිරීම සදහා මේ කාසාවත් දෙන්න යයි ආයාචනා කර ලබාගන්නා පැවිද්ද වර්තමානයේ වඩාගැනීමේ ව්‍යාපාදරයක් බවට පත්ව ඇත. මේ සඳහා දුෂ්ශීලයින්ට මිළමුදල් දෙන ඡන්දය දී දේශපාලනය කරවන මෝඩ බෞද්ධයින් වගකිවයුතු ඇත.

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...