Thursday, April 11, 2013

ආලෝකයෙන් ඇඳීම - Light Painting Photography


අපි කලින් ඉගෙනගෙන තියෙනවා Photography කියන වචනය හැදුන  ආකාරය,  අමතකද? හොඳයි එහෙනම් අපහු කියන්නම්  ෆොටෝස්  සහ ග්‍රෆෝස්  කියන ග්‍රීක වචන දෙකින් තමයි  Photography කියන වචනය  හැදිලා තියෙන්නේ. 

ෆොටෝස් = ආලෝකය
ග්‍රෆෝස් = ලිවිම, ඇඳීම

Photography කියන වචනයේ තේරුම තමයි ආලෝකයෙන් ඇඳීම එහෙම නැත්නම් ආලෝකයෙන් ලිවීම කියන එක. අද පොස්ට් එකෙන් මම කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න ක්‍රමයට වෙනස් වූ  Light Painting Photography (ආලෝකයෙන් ඇඳීම)  කියන ක්‍රමය. 

ඇත්තෙන්ම මේ Light Painting Photography වලදී අපි කරන්නේ, අපිට ලැබෙන ආලෝක ප්‍රභවය උපයෝගි කරගෙන abstract art  එකක් විදිහට වර්ණ සහ හැඩතල යොදාගෙන අපේ ෆොටෝ එක නිර්මාණය කරගැනීමයි. මේ Light Painting Photography කියන ක්‍රමය Abstract Photography යටතට ගන්නත් පුළුවන්.

Light Painting Photography වලදී අපි කරන්නේ දීර්ග අනාවරණ කාලයක් (longer exposure time ) ලබාදෙමින් (බොහෝ විට තත්පර කිහිපයක්) කැමරාව අපිට අවශ්‍ය කරන රටාව ග්‍රහණය කරගත හැකි අයුරින් චලනය කිරීමයි. කැමරාව නිශ්චලව තබා ආලෝක ප්‍රභවය චලනය කිරීමෙන්ද මේ ආකාර ඡායාරුප නිර්මාණය කල හැක. 

 මේ ක්‍රමය සාර්ථකව සිදුකල හැක්කේ රාත්‍රී කාලවලදී හෝ කළුවර කාමරයක් තුලදීය. මෙහිදී ශිල්පියා තම අත  ඇති කැමරාව පේන්ට් බ්‍රෂ් එකක් ලෙසද, ආලෝකය වර්ණ ලෙසද යොදාගනිමින්, තමන්ගේ දක්ෂතාවය සහ නිර්මාණශිලිත්වය මත සාර්ථක නිර්මාණයක් සිදුකරනු ලබයි.

මං තුමා කොතෙකුත් උත්සාහ  කලත් මේ Light Painting Photo එකක්වත් සාර්ථකව නිර්මාණය කරන්න බැරි උනා. නමුත් මං  තුමාගේ පොඩි කොලුවා මේ වැඩේට බොහොම දක්ෂයි. මම හිතන්නේ ඒ හැකියාව තියෙන්නේ එකා චිත්‍ර ශිල්පියා නිසා කියලයි. මේ Light Painting Photos  කීපය එයාගේ නිර්මාණ එකතුවෙන්.










මේ අවුරුදු සමයේ බොහොතැන් විදුලි බුබුළු වලින් ආලෝකමත් වන නිසා මේ ක්‍රමය අත්හදා බලන්න. තවත් ඡායාරුප ගන්නා ක්‍රමයක් ඊළඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම්.

37 comments:

  1. කැමරාව චලනය කරලා මේ ජාතියේ ඒවා නම් තාම උත්සාහ කරලා නැහැ.. නමුත් ආලෝක ප්‍රභවය චලනය කරලා නම් අරං තියනවා. අර අන්තිම පෝස්ට් එකෙ තිබ්බේ 2012 කියන ෆොටෝ එක එහෙම. ටයිටලේ ලඟම පහලින් තියන ෆොටෝ එකේ අමුතු ගතියක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්න තිසර,මේක නියම වැඩක්, මට නම් එකක්වත් හොඳට ගන්න බැරි උනා.

      Delete
  2. wow...මාර ලස්සනයි. මාත් කරලා බලන්ට ඕනි. :D

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න. ලස්සනට ගන්න උත්සාහ කරන්න.

      Delete
  3. මාත් ඔය ක්‍රමේ ගැන අහල තිබ්බට කරන්න උත්සාහ කරල නෑ. ලස්සනයි පිංතූර ටික.

    ReplyDelete
    Replies
    1. දැනගෙන විතරක් ඉඳලා වැඩක් නැහැ ප්‍රසන්න, ටිකක් ට්‍රයි කොරලත් බලපන්.

      Delete
  4. අයිලාෂ් තනි කරුවලේ සබ්ජක්ට් එකකට කැමරාව මානලා කාචද්වාරය විවරව තැබෙන්නට හැර එම සබ්ජක්ට් එකට ආලෝකය ලැබෙන්න සැලැස්වීමෙන් ද මෙවන් දේ කරනවා නේද. පොලොන්නරුවේ ගල් විහාරයේ එසේ කළ අගනා සේයාරුවක් මා දැක තිබෙනවා. ගල් පිලිමයේ සුමට රේඛාවන් මනාව පෙනෙන්නේ එසේ සේයාරුවට නැගු විටයි. ලිපිය අගෙයි ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් පොස්ට් එකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
  5. අවුරුද්දට නිලාකූරු පත්තු කරල කරකවනව වගේ............

    ReplyDelete
    Replies
    1. නෑ... මේ ලයිට් වල ෆොටෝ, කලින් ගත්ත ඒවා වගයක්.

      Delete
  6. මේ පොස්ට් එකටනම් කමෙන්ට් boxඑක අවා. මට පහුගිය පොස්ට් වලට කමෙන්ට් එකක් දාන්න බැරුව හිටියේ. මේවගේ ෆොටෝ හිතල අරන් නැතුවට මෙහෙම වෙලා තියෙනවා. http://www.flickr.com/photos/94919808@N08/8638816771/in/photostreamමේක හිතල ගත්ත එකක් නෙවෙයි.
    අයිලාෂ් මෙන්න මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8638847251/මට ඕන මෙන්න මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8639976920/in/photostream උනත් මගේ ෆොටෝස්වල ලයිට් වැඩියි. ඔයා කියපු විදියට වෙනස් කරා අරන් බලන්න ඕන.
    බොහොම ස්තුතියි මේ වගේ දැනීමක් අපිට ලබා දෙනවට.

    ReplyDelete
    Replies
    1. ඔයා දීලා තියෙන පලවෙනි ලීක එක private ෆොටෝ එකක් එක බලන්න බෑ .

      ෆොටෝ #1
      [im]http://farm9.staticflickr.com/8103/8638847251_2ddb6a83f0.jpg[/im]

      ෆොටෝ #2
      [im]http://farm9.staticflickr.com/8104/8639976920_f32ca1826b.jpg[/im]

      ඉ ලඟට තියෙන්නේ මේ ෆොටෝ දෙක නේ. ඔයාගේ ප්‍රශ්නේ හරියට පැහැදිලි මදි. ටිකක් පැහැදිලි කරලා කියන්න.

      Delete
  7. ඔය දෙවැනි එක Photoshop වලින් හදපු එකක්.උඩ එකේ වගේ තමයි කැමරාවෙන් ගන්න ෆොටෝ එන්නේ, ලා පාටට. මට ඕන ඕනෑම අඔක තත්වයකදී ඔය දෙවැනි එකේ වගේ එහෙම නැත්නම් මේ වගේ http://www.flickr.com/photos/94919808@N08/8640016848/in/photostream මගේ Fujifilm FinePix SL240.කැමරාවෙන් ෆොටෝස් ගන්න විදිය දැනගන්න.
    නැවතත් ඉක්මන් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරලා බලන්න, කැමරා එකේ මෙනු එකට ගිහින් කලර් සෙටින්ස් වලට යන්න. එතන ඇති, normal, b&w,Sepia, Vivid වගේ ඔප්ෂන්ස්. එකෙන් vivid සිලෙක්ට් කරලා බලන්න.

      Delete
    2. බොහොම ස්තුතියි අයිලෂ් අයියා ඔයාගේ උපදෙස් අපිට ගොඩක් වටිනවා..

      Delete
  8. මේක point & shoot එකකින් කරන්න පුළුවන් වෙයිද???

    ReplyDelete
    Replies
    1. තත්පර කීපයක් ශ්ටර් එක ඇරලා තියන්න පුලුවන්නම්, මේක කරන්න පුළුවන්.

      Delete
  9. මමයි මලයයි දවසක් කලා....
    පාරේ යන වාහන වල ගැහුවේ. බස් එකක් ගියා පාට පාට ලයිට් දාගෙන.
    ඒකනං සිරාවටම ආවා ඈ...

    මාර ගති!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ වැඩ. බලන් ගියාම ඔයත් රජ වැඩකාරයෙක් නේද?

      Delete
  10. අඩේ අවුරුද්දට ගෙනාවාම නිලා කුරක් කූරක් පත්තු කරලා බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ, කරලා බලන්න.

      Delete
  11. බලන්න ඕන පුළුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. පුලුවන් මොකද බැරි.

      Delete
  12. මම අහන්න හිටපු මාතෘකාවක්. මේ තියෙන්නෙ යාලුවෙක් අරන් තිබ්බ ෆොටෝ ටික.
    https://www.facebook.com/media/set/?set=a.10200951772775887.1073741826.1213087586&type=3

    ReplyDelete
    Replies
    1. ඔයා දීලා තියෙන ලින්ක් එකේ ෆොටෝ බලන්න බැහැ, friends only දාලා ඇති.

      Delete
  13. මට ෆොටෝ ලෝඩ් වෙන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න. මම කලින් flicker එකෙන් re-direct කලේ දැන් blogger එකටම upload කළා.

      Delete
  14. මම නම් වැඩිය කලාකාමී දේවල් වලට දස්ස නැහැ ..
    බලමු ඔය වැඩේ කරලා ..හැබැයි මට පෙන්නන්න නම්
    කෙනෙක් නැහැ ..මමම ගහන් මමම බලාගන්න තමා
    තියෙන්නේ ..


    මේ දේ ගැන දැනුවත් කරාට ස්තූතියි අයියේ...

    මම දැනුයි දැක්කේ ඔයාගේ දෙවියෝ සහ භූතයෝ ගැන
    පෝස්ට් එක ඉන්නකෝ ඒ පැත්තට එන්න මම ...

    ReplyDelete
    Replies
    1. //හැබැයි මට පෙන්නන්න නම්
      කෙනෙක් නැහැ //

      ඇයි බන් මල්ලියේ අපිට පෙන්නපන්කෝ.

      Delete
  15. නියමයි නේ. උඩ ඉඳන් දෙවෙනි ෆොටෝ එක මාර ලස්සනයි මට.

    ReplyDelete
  16. නිර්මාණශීලිත්වය මුහුවුන කදිම කලාවක් නොවැ... ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. මොරබ්බා ගොඩ කාලෙකින් නොවැ, දැකීමත් සතුටක්.

      Delete
  17. එක වතාවක් අර කැමරා සඟරාවෙද කොහෙද තිබ්බා ඡායාරූපකරනය වෙනුවට ප්‍රභා ලේඛණය කියන වචනය යොදා ගමු කියලත්. ඒත් ඔය අදහසින්ම තමයි.

    මමත් ඔය වෙගේ පරීක්ෂණ කරලා තියෙනවා මචං. :)

    ReplyDelete
    Replies
    1. දාහන්කො ෆොටෝවක් දෙකක් අපිටත් බලන්න. ඇයි අපි කළු මදිද?

      Delete
  18. ෆොටෝග්‍රැෆි ගැන තිබ්බ පෝස් ට් ටික එක හුස්මට කියවගෙන ගියා. ගොඩක් වටිනවා මේ දේවල් දැන ගත්ත එක. පුළුවන්නම් තව දාන්න.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් දාන්න තියෙනවා

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...