Friday, April 19, 2013

ආ මඟ දුරයි......



බොහොම ඈතට  දිවෙන, ඉමක්  නොපෙනෙන  වැල් පාලමක්  මතින්  මේ තරම් දුරක් ආවෙත්  බොහොම අමාරුවෙන්. මේ ගමන  මෙතරම් දුෂ්කර වුයේ  පාලම තදින්ම හෙල්ලෙන නිසාම   පමණක් නොව,  බොහෝ  අවස්ථාවන්හිදී  පහල ඇති ප්‍රපාතය වෙත ඇද  දැමීමට නොයෙක් අය  ගත්  උත්සාහයන් ද වළක්වමින් ගමන් කිරීමට සිදු වූ නිසා යැයි මට සිතේ.

තැනින් තැන දිරාපත්වූ  ලෑලි  කැබලි මෙන්ම, සමහර තැන්වලදී   එම දිරාපත්වූ  ලෑලි කැබලි ද  ගැලවිලා ගොස් ඒ තුලින් පෙනෙන්නාවූ  භයානක ප්‍රපාතය දකිමින් , සිත ශක්තිමත්  කරගෙන බොහොම සීරුවෙන් ආ ගමනක්. ඉදිරිය බැලුවිට  තවත් බොහෝ දුර බවත්, නොපැහැදිලි බවත් පෙනෙනවා.

මේ පාලම මතින් තව කොතෙක් දුර ගමන්  කල හැකි වේද යන්න අවිනිශ්චිත නමුත්, විටින් විට නැවතී ආපසු හැරී  බැලූ සෑම  විටකම මට විශාල සතුටක් උනේ, ම විසින්  කිසිවෙකුත් ප්‍රපාතය කරා  තලුකර නොදමා මෙතරම් දුරක් පැමිණී නිසා මෙන්ම, මේ ආ ගමනේ බොහෝ දුරක් මට සහය වෙමින් මා  සමගම ආ මගේ ආදරණිය බිරිඳ සහ දරු දෙදෙනා ද  සෑම විටම මා අසලම සිටි බැවිනි.

අද උපන් දිනය සමරන මේ අවස්ථාවේදී , මේ ගමනේදී මට උපකාරී වූ සැමටත්, බ්ලොග් අවකාශයේ මා  සමඟ සිටි මිතුරු, මිතුරියන්ටත් මගේ ස්තුතිය පිරිනමින් මේ දුෂ්කර ගමනේ නිමාව සොයා  ඉදිරියටම  පිය නගන්නෙමි.




21 comments:

  1. සුබ උපන් දිනයක් වේවා...!!!

    ReplyDelete
  2. සුබ උපන් දිනයක් වේවා......!!
    ලියපු පොස්ට් ඔක්කොම වගේ කියෙව්වා...
    නියමෙට තියෙනවා....:D
    තව,තවත් ඉදරියට මේ ලියලා තියෙනවා වගේම ලියන්න හැකියාව ලැබේවා.......:)

    ReplyDelete
  3. සුබ උපන් දුනයක් වේවා අයියණ්ඩි..!!

    [im#]http://www.itsnotaboutme.tv/news/wp/wp-content/uploads/postal_de_cumplea_os_con_mensaje_happy_birthday_para_compartir.jpg[/im]

    ReplyDelete
  4. [ma]සුභ උපන්දිනක් වේවා!!![/ma][ma+]සුභ උපන්දිනක් වේවා!!![/ma+]

    ReplyDelete
  5. ඔබට සුභ උපන්දිනයක් වේවා...!!! [>>O'thanjobi omeditho gosaimazu<<]

    ReplyDelete
  6. [si="4"]
    [ce]
    " ආ මඟ දුරයි " >>> " යා යුතු දුර කෙටියි "

    " නුවණින් අවදියෙන් , තරණය විය හැකියි "
    [/ce]
    [/si]

    ReplyDelete

  7. කැලැත්තෙන මේ සසර දිය මත

    දියත් කරනා ඔබේ දිවි නැව

    මහත් ගල්පර කුනා‍ටුද මැඩ

    සැපත් වේවා තො‍ටුපලක් වෙත.

    (දැන් නම් වයස අහන්නම වෙනවා.)

    ReplyDelete
  8. මුළු හදින්ම ඔබට වාසනාවන්ත සුබ උපන්දිනක් ප්‍රර්ථනා කරමි සබඳ..!!!!!!!!
    ආ මඟ කෙටියි..
    යායුතු දුර වැඩියි..
    ඔබට දිර්ගායුෂ පතමි..!!

    ReplyDelete
  9. සුබ උපන්දිනයක් වේවා ! ඉදිරි දිවිය සරු වේවා !!

    ReplyDelete
  10. සුබ උපන් දිනයක් වේවා!!! සිතන පතන සියලුදෑ එලෙසින්ම ඉටුවේවා!!!

    ReplyDelete
  11. [ma][si="6"] සුභ උපන් දිනයක්, සොයුර![/si][/ma]

    ReplyDelete
  12. ලෙඩක් දුකකින් තොර මේ වගේ සතුටුදායක දවස් බොහොමයකට මුහුණ දෙන්න ලැබේවා කියලා පතනවා අයියා.

    ReplyDelete
  13. සුභ උපන් දිනයකට ආසිරි !!!
    සියලු බලාපොරොත්තු ඉටු වේවා !!!

    ReplyDelete
  14. අඩේ අර්ථවත් උපන්දිනයක් වේවා ! 19 අපේ නංඟිගෙත් උපන්දිනේ

    ReplyDelete
  15. මලේ ..ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න, උපන් දිනය හොඳ අවස්ථාවක්.. ජය සතුට සපිරි අනාගතයකට සුබාසිරි ..!

    ReplyDelete
  16. සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ.. සමාවෙන්න පරක්කු උනාට...

    ReplyDelete
  17. වෙන්න ඕනැ සමා.
    ආවට වී පමා
    කමක් නෑනේ කැමා
    දෙන්නම් විෂ් බබා

    ජය වේවා

    ReplyDelete
  18. සුබ පැතුම් එක්කල , නොකළ සියලු දෙනාටම මගේ ස්තුතිය.

    ReplyDelete
  19. ආවඩා ආයු බොහෝ වේවා :D

    ReplyDelete
  20. සරත්මි
    පමාව ආමි
    නො ඒමට වැඩියෙන්
    පමාවී ඒම හොඳ බැවින්
    සුබපතා යමි
    තවදිනක් එනු රිසියෙන්

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...