එකෝමත් එක කාලෙක උන සිදුවීමක් තමයි අද මං තුමා කියන්න යන්නේ. මේ කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නිසා පොඩිහිටියෝ මේ කතාව කියවීමෙන් වැලකි සිටිය යුතුය. මෙහෙම අනතුරු හැඟවීමක් කළා කියලා උන් මේක නොබලා ඉඳීවිද? හොඳයි දැන් එහෙනම් මේ කතාව කියවලා බලමු.
ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක ගෙදරක ගිරවු ජෝඩුවක් ඇතිකළා. මේ දෙන්න ඔය පේනවා වගේ බොහොම නිදහසේ තමයි මේ ගෙදර ජිවත් උනේ. කවදාවත් කුඩු කලේ නැති උනත් මේ දෙන්නත් කිසිම දවසක මේ ගෙදර සීමාවෙන් පිට පියාඹා ගියේ නැහැ. මේ ගිරවු දෙන්නාටම ඉතාම හොඳට කථා කිරීමේ හැකියාවත් තිබුන අතර මේ දෙන්නා හරියටම නිවුන්නු වාගේ, පෙනුමෙන් එක සමානයි.
මේ ගෙදර හිටිය කොලු ගැටයෙක්, දන්නවනේ ඉතින් කොල්ලන්ගේ හැටි.... මේ කොලුවත් ඒ වගේ තමයි, ඕනේ නැති දෙයක් නැහැ. දැන් මේකාට තියෙන එකම ආසාව තමයි මේ ගිරවු දෙන්නගෙන් පිරිමි සතා මොකාද කියලා දැනගන්න එක. මේ උනන්දුව නිසාම මේ කොලුවත් ගිරවු දෙන්න දිහා ඇහැ ගහගෙනම තමයි හිටියේ.
ඔන්න ඔහොම ඉන්න අතෙරේ දවසක් මේ කොලුව දැක්කා මේ ගිරවු දෙන්නා පෙම් සුව විඳින හැටි. දැන් මේකාට හරිම සතුටුයි, පැනපු ගමන් අල්ලා ගත්තා උඩ හිටපු ගිරවා. එහෙම අල්ලාගෙන කියනවා.
"ඇ ... බන් ගිරවෝ, උඹ මෙච්චරකල් මට හොරෙන් ඔය වැඩේ කලත් අද අතටම අහු උනා."
දැන් කොල්ල තමන්ටම මෙහෙම කියා ගන්නවා.
"මම දැන් මේකාව අත හැරියොත් මුන් දෙන්නම එක වගේ නිසා අපහු මට මේ පිරිමි සතා අඳුනා ගන්න බැරි වෙනවා. .. හ්ම්ම් .. මොකද කරන්නේ ?... "
ඔය විදිහට කල්පනා කරලා එයට විසඳුමක් විදිහට මේ ගිරවාගේ බෙල්ලේ පටියක් බැඳලා අත හැරියා. දැන් ඉතින් ඕන වෙලාවක පිරිමි සතා අඳුනා ගන්න පුළුවන් බෙල්ලේ පටියක් තියෙන නිසා.
ඔය සිද්ධියෙන් පස්සේ ගිරවා නම් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්, මොකද ඉතින් වැඩේ කරනකොට අහු උනානේ. දැන් ඉතින් ඔය විදිහට කාලය ගෙවී ගෙන යනවා. ඔය අතරේ දවසක් අපේ මේ කොලුවාට ඉන්ටර්විව් එකකට යන්න සිදු උනා. ඉතින් මේ කොලුවත් හොඳට ඇඳ පැළඳගෙන ටයි පටියක් එහෙම බෙල්ලේ එල්ලාගෙන ගෙදරින් එලියට බැස්සා, ඉන්ටර්විව් එකකට යන්න හිතාගෙන, ගෙදර දොර ගාවම තියෙන ගිරා කුඩුවේ හිටපු ගිරවා, මෙයාව දැක්ක ගමන් ඔලුව හරවලා හොඳට බලල මෙහෙම කිවලු.
"ආ... හා... ඔයාත් *කලා අහු උනා නේද? "
උදේම හොදටම හිනා උනා... ඔයාටත් අහුවෙන කතා අයියේ..... :D
ReplyDeleteඋදේම හිනා උනානම් බොහොම හොඳා.
Delete//පැනපු ගමන් අල්ලා ගත්තා උඩ හිටපු ගිරවා//
ReplyDeleteඒ ඇයි මේ "උඩ" හිටපු ගිරවව අල්ලගත්තේ?
:P
මමත් මේ කල්පනා කරන්නේ උඩ හිටපු එකා අල්ලාගත්තේ මොකද කියලා.
Deleteඒකනෙ. උනුත් අලුත් ස්ටයිල් හොයාගෙන නම් එහෙම?
Deleteමම මේ උඹව හම්බවෙනකල් ඉන්නේ උඹේ ඉනේ තියෙන පටිය මොන පාටද බලන්න.
ReplyDeleteමම නම් ඉනේ තියන පටිය එක එක පාටින් දානවා. :D
Deleteඋඩ හිටපු එකා පිරිමි සතා කියල ශුවර් එකටම කියන්න පුලුවංද? :D
ReplyDeleteමුන් දෙන්නා වාත්සල්යගේ පොත කියවලා නැතිව ඇති කියන පුර්ව නිගමනයට එළඹිලා තියෙනවා.
Deleteමචෝ මං මේ කතාවේ වෙන වර්ශන් එකක් තමා අහල තියෙන්නේ.. එය ආගම්වාදි නිසා මෙතැන කියන්න අමාරුයි.
ReplyDeleteඔව් මචන් මම දන්නෙත් ඒ වර්ෂන් එක තමයි, එක ආගම්වාදී නිසා පොඩ්ඩක් එඩිට් කරලා මගේ වර්ෂන් එක දැම්මා, හොඳයි නේද?
Deleteපොඩිහිටියන්ට එපා කීව නිසා කියෙව්වේ නැත,, :/ මගේ කැමරාවත් තාම නෑනේ.. :(
ReplyDeleteපවු අනේ චුටි බබා.. කියවන්නෙම නැතිව ඉන්න ඇති.
Deleteඔය කැමරාව ගෙනෙන්නේ අඟහරු ලෝකෙන්ද?
කොහොමද හරියටම දන්නේ ගිරව් කරන්නේ **** ස්ටයිල් එකෙන් කියලා????
ReplyDeleteආ.. ආ.. උඹ ලැස්ති වෙන්නේ මේ අස්සෙම එකත් දැනගන්නද?
Deleteපෙනුමෙන් එක සමාන ගිරව් දෙන්නෙක් කිව්වම මං කල්පනා කලේ මං දැකලා තියන හැම ගිරවම එක වගේනේ කියලා.
ReplyDeleteකතාවක් තියේ කියන්නද දිග වැඩි වෙයිද දන්නේ නෑ. ගිරා කතාවක් තමයි.
ඔන්න එක කඩේක මුදලාලි කෙනෙක්ට ගිරවෙක් හම්බුනාලු. පොර ඉතින් කඩේ ඉස්සරහ කුඩුවක මේ ගිරවව ඇති කලාලු. හවසට හවසට ඔතනට එන කොල්ලෝ රංචුව කියල කුණුහරුප වචන අහගෙන ඉඳල මේ ගිරවත් වෙලාවක් බලන්නේ නැතුව කියවන්න ගත්තලු. කඩේට එන මිනිස්සුන්ට කුණුහරුපෙන් බනිනවලු. ඕක හින්දා දැන් මිනිහට කඩේ බිස්නස් එකත් බැහැළලු. ඒත් ගිරවා යවන්නත් දුකයි. ඉතින් පොර කලේ සුදු රෙද්දකින් කූඩුව වහලා තිබ්බලු සති දෙක තුනක් වට පිටාව නොදැක හිටියාමවත් සද්දේ නැතිවෙයදා කියල. ඉතින් හිතුව විදිහටම ඔහොම ඉන්නකොට ඉතින් අර ගිරවා සද්දයක් නැහැලු. මිනිහ හිතනවලු දැන් නම් ගිරවා හොඳට හැදිලා ඇති, ආයේ කුණුහරුප කියන එකක් නෑ කියලා.
කොහොම හරි මිනිහටම දුක හිතිලා කඩේ සෙනග ඉන්න වෙලාවක අර සුදු රෙද්ද අයින් කලාලු.
එතකොටම අර ගිරවා කිව්වලු.. "අප්පට හුඩු *කන එලියක්නේ ඕයි ආවේ" කියලා
එකත් නියම කතාවක් තමයි.
Delete
Deleteමගේ පෝස්ට් එකට කමෙන්ට් එකයි පැතුම්ගේ එකට කමෙන්ට්
එකයි දෙකම එකටම දාන්නම් අයියේ..කතා දෙකටම මට බකස්
ගාල හිනා ගියා ..නියම කතා දෙක...
+++++++++++++++++++++++++++
තව ගිරා කතා තියෙනවා.
Deleteම්ම්ම්... ඔන්න මට ආපු ප්රශ්නේ කීප දෙනෙක්මත් අහලා... උත්තරයක් නෑ වගේ...
ReplyDeleteඅයිය කලින් පෝස්ට් එකේ මම කාලෙකින් කියල තිබ්බ නේ.. ගෙදර ඉන්නේ දවස් 3 1/2 ක් විතර... ඒත් සති අන්තයේ විතරයි.. ඉතින් ගොඩක් පෝස්ට් මඟ හැරෙනවා... :( ඔක්කොම බලන්න වෙලාවකුත් නැහැ... තාම ඉගෙන ගන්නවනේ
ඔව් ඉගෙනුමට තමයි මුල් තැන දෙන්න ඕන.
Deleteකතාව නම් ලස්සනයි. හිනා ගියා. ඒත් කොමෙන්ට් එකක් දෙන්න බෑ.
ReplyDeletevisit my new sinhala bog.
http://gimannivannie.blogspot.com
ඔය දීලා තියෙන කොමෙන්ට් එක මදැයි, තව මොනවද?
Deleteඅදනම් යාන්තම් ඔයාගේ බ්ලොග් එකට ගොඩවුනා.
මම මේකේ දන්න වර්ෂන් එකේ නම් ඉණේ තමා පටිය බඳින්නේ :D
ReplyDeleteඑක තමයි ඔරිජිනල් එක, මේ අයිලාෂ් වර්ෂන් එක. :D ඔරිජිනල් එකේ පොඩි ආගම් ගැළුවක් තියෙන නිසා ටිකක් මොඩිෆයි කළා.
Deleteලොකු උනාම එන්ම් ඈ කියවන්න..
ReplyDeleteහොදයි, ලොකු වෙලාම එන්නකෝ..
Deleteකියවල බලපන් තරුවෝ
Deleteසමහර විට ලොකු
උනොත් එහෙම කොච්චර දෙයක්ද ..:P
ඒ මොකද, මෙවා කියවපුවහම ලොකුවෙනවද?
Deleteහැකස්... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හික්ස්...:D
Deleteමමත් ඉඳල හිටල ටයි පටිය බඳිනවා... හොඳ වෙලාවක මේ පැත්තෙ ගිරවුන්ට කතා කරන්න බෑ ලොල්
ReplyDeleteඋන්ට කතාකරන්න පුරුදු කරමුද?
Delete:D කෝ මට බැනපු උන්?
ReplyDeleteමේ ඉන්නේ, ඇයි මොකෝ?
Deleteමන් නම් කතාව මොකක්ද කියලා බැලුවා විතරයි කියෙව්වේ නෑ ඔන්න :P
ReplyDeleteඔයත් තාම පොඩිද?
Deleteනැතුව මන් තාම අපේ අම්මගේ පොඩි එකා :D
Deleteඒ උනාට 18 පහුවෙලා :D
ආ එහෙමනම් බැලුවට කම් නෑ, ලොකු උනාම කියවන්න :D
Deleteමමද සැර වර්ශන් එක අසා ඇත්තෙමි. ඒ උනාට බ්ලොගේකට මේක එල. නියම නිර්මානය
ReplyDeleteසැන්ඩි දමා සැර බාල කර ඇත.... :D
Deleteහෙහේ.. එල කතාව. :D ෆොටෝ එක අයියණ්ඩි ගත්ත එකක් ද ?
ReplyDeleteමේ ෆොටෝ එක ගුගල් දෙය්යගේ :P
Deleteකමෙන්ට් එකක් ඔලුවට එන්නෙම නෑ. :-D
ReplyDeleteෂා... මේක තමයි නියම කොමෙන්ට් එක.
Deleteනියම කතාව ඈ,
ReplyDeleteඒක නෙමේ හැමවෙලේම උඩ ඉන්නේ පිරිමී සතාම නෙමේ බං , දැන් කාලේ වෙනස් තාලේ අලුත් ..හික් ..හික් ..
ඒවා ඔය ගිරවු එහෙමත් දන්නවද චමි?
Deleteදන්නවා ඇති නේ... උනුත්, අලුත් ගිරව්නේ.
Deleteඑකත් ඇත්ත තමයි, මොකද උන්ට විතරක් බැරි.
Deleteඅඩේ මේ කතාව මම අහාල් තියෙනවා හැබැයි වෙනස් විදියකට ගිරවා අහල තියෙන්නේ පල්ලියේ ෆාදර් කෙනෙක්ගෙන් එල එල lolzzzzzzzz...............
ReplyDeleteකෝරලේ මහත්තයෝ, කලින් කොමෙන්ට්ස් ටික කියෙව්වේ නැතිද?
Deleteඅලුත් වර්ශන් එකක්....
ReplyDeleteමේ කෑල්ල කොන්ට්රඩික්ටරි නේද???
//කවදාවත් කූඩු කලේ නැති උනත්// ..... //ගෙදර දොර ගාවම තියෙන ගිරාකූඩුවේ හිටපු ගිරවා//
පළමුවෙන් සාදරයෙන් පිලිගන්නවා.
Deleteකොන්ට්රඩික්ටරි නැහැ මෙයා...
ගෙදර දොර ගාවම තියෙන ගිරාකූඩුවේ දොර හැම වෙලේම ඇරලා තියෙන්නේ, ඉතින් මුන්ට කැමති වෙලාවක එලියට යන්නත්, කුදුව ඇතුලට එන්නත් පහසුකම දීලා තිබුනා. හරිම නිදහස්. :D
ආ....ඕපන් කූඩුවක්...හරියට වැලිකඩ කූඩු වගේ... :-)
Deleteඔය තේරෙන්නේ අපුරුවට.
Delete