Wednesday, August 21, 2013

නොමිලයේ Zoom ලෙන්ස් එකක්


කලින් පොස්ට් එකෙන් අපි කතා කලේ ටෙලි ලෙන්ස් එකක නාහි දුර වැඩි කරගැනීම පිණිස යොදාගන්න පුළුවන් ටෙලි කන්වර්ටර් ගැන. මීළඟ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩු නාභි දුරක් ඇති කාව ගැන සහ මේ එක එක වර්ගයේ කාචයන් භාවිතා කරන්නේ කුමන අවස්ථාවන් හි ඡායාරුප ගැනීම සඳහාද යන කාරණයයි.

ඉහත රුපයෙන් දැක්වෙන්නේ Nikon විසින් නිෂ්පාදනය කර ඇති මි.මි. 800 නාභි දුරක් ඇති ටෙලි ලේන්සයයි. මෙය තමයි නිකොන් වල දැනට ඇති විශාලතම ටෙලි ලේන්සය. මෙහි මිල ඩොලර් 17,899.95  පමණ වෙනවා. ඉතින් මෙතරම් මිලක් ගෙවා මෙවැනි කාච ලබාගන්නේ ඇයි? නාභි දුර වෙනස් වීමේදී අපට ලැබෙන රුපය වෙනස්වන ආකාරය කෙබඳුද? වැනි කාරනා ගැන බොහෝ දෙනෙක්ට අත්දැකීම් නැහැ. ඒ නිසා මේ කාච වල හැසිරීම පිලිබඳ පොඩි ප්‍රායෝගික අත්දැකීමක් තිබුනොත් හොඳයි කියලා හිතුනා. ඒ ගැන සොයා බලාන කොට නිකොන් වෙබ් අඩවියේ ඉතා හොඳ simulator එකක් තිබුනා. ඔන්න ඕගොල්ලන්ගේ පහසුව සඳහා එම සිමියුලේටර් එක සහිත පිටුව මෙම අඩවියේම ඇතුල් කළා.

දැන් ඉතින් මේ simulator එකට ගිහින් කාච වල නාභි දුර වෙනස්කරමින් බලන්න. ඒ වගේම කැමරා බොඩි එක FX සහ DX ලෙස වෙනස් කරමින් බලන්න. FX කියන්නේ Full Frame සෙන්සරයක් සහිත කැමරා සහ DX කියන්නේ APS සෙන්සරය සහිත කැමරා.  සෙන්සර් ෆොර්මැට් ගැන මේ පොස්ට් එක බලන්න 

එමෙන්ම ඒ ඒ වර්ග වෙනුවෙන්  FX සහ DX ලෙස ලෙන්සයන් තිබෙනවා. FX කැමරාවක් වෙනුවෙන් යොදාගත යුත්තේ FX ලෙන්ස් වන අතර DX ලෙන්ස් යොදාගැනීමේදී රුපයේ සිදුවෙන වෙනස දකින්න. නමුත් DX කැමරා සඳහා මේ දෙවර්ගයේම ලෙන්ස් යොදාගන්න පුළුවන්.

දැන් එහෙමනම් මේ පහල තියෙන simulator එක සමග ටිකක් කාලය ගත කරන්න.

56 comments:

  1. ඇඩෙනවා අයියේ මේවා දැක්කාම...
    ආසාවේ බැරුවා..:D

    ReplyDelete
    Replies
    1. මටත් ඇඩෙනවා මලයෝ...:(

      Delete
  2. Replies
    1. මේ මොකද රේල්පාරක්ද?

      Delete
  3. මට නම් ඔය අංශයට අාසාවක් නෑ.

    ReplyDelete
  4. මං දන්නවා අන්තිමට මේ යෝදයා මටත් කැමරාවක් ගන්න තැනට වැඩ සිද්ධ කරයි වගේ.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ආවේ නිකං දෙන ලෙන්ස් එක අරන් තියාගන්ඩ කියලා . පස්සේ කැමරාවක් ගත්ත දවසට පාවිච්චි කරන්ඩ

      Delete
    2. @ ඉවාන්
      දැනටමත් වැඩේ සිද්ධ වෙලා වගේ.... :D


      @ ලක්මාල්
      ඉතින් ගත්තද?

      Delete
    3. මම හිතුව ඉවාන් මලය එකක් ගන්න ඇති කියල.

      Delete
    4. අනිවාර්යයෙන් ඉවාන් කැමරා එකක් ළඟදීම ගනීවි කෙන්ජි.

      Delete
    5. ගන්නම වෙනවා වගේ කෙන්ජයියේ..

      Delete
  5. මං ඔන්න හැම බටොන් එකක්ම ඔබල බැලුව. dx, fx දෙකේදී පින්තුරය පොඩ්ඩක් හැරෙනවා නේද. අහක බලා ඉඳල මං දිහා බලනවා වගේ දැක්කේ.. :D

    ReplyDelete
    Replies
    1. FX බොඩි එකයි ලෙන්ස් එකයි දාලා බලන්න. ඊළඟට FX බොඩි එකට DX ලෙන්ස් එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා.

      Delete
  6. මගෙ ඇහේ අවුලක්ද මන්ද, පලවෙනි 300 තරම් දෙවෙනි 300 සූම් වෙන්නෙ නෑනෙ.
    .
    එක සැරයක් නැශනල් ජියෝග්‍රැෆි එකේ ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නුව කොටියෙක් ගැන. ඒක ඉවර වෙලා තමයි සූම් අවුට් කරල පෙන්නුවෙ. සූම් අවුට් කරාම කොටියෙක් පේන්නවත් නෑ. එහා පැත්තෙ කන්දෙ ඉඳල වීඩියෝ කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. පෙනෙන්නේ එහෙම තමයි.

      Delete
  7. අර සිමියුලේටරේ හෙන ආතල් සීන් එකක් නේ...

    ReplyDelete
    Replies
    1. එතකොට ඇත්ත කැමරාවක් අතට ගත්තම කොහොමද කියලා හිතන්න.

      Delete
  8. කලින් පෝස්ට් එක මග ඇරිලනෙ ඒකත් කියවලම එන්නම්කො..

    ReplyDelete
  9. දැන් දැන් අයිලාෂ් අයියා අපිව නොමග යවනවා වැඩියි, සික්ඉතරක් මාත් දුවන් ආවේ නිකන් දෙන ලෙන්ස් එක ගන්න,
    කැමරාවකට විතරක් තියෙන පිස්සුව මේවා දකිද්දී ලෙන්ස් පැත්තටත් හරිගෙන එනවා, මේකේ ලෙන්ස් මාරුකරලා සුම් සයිස් වෙනස්කරද්දී වෙන වෙනස්කම් දැක්කම එහෙම වෙනවා,
    අයිලාෂ් අයියේ මන් දැකල තියෙනවා මෙහෙ පේමන්ට් එකේ (තට්ටු කඩ)වල පාවිච්චි කරපු ලෙන්ස් විකුනන්න තියෙනවා, ෂොප් එකේ euro 400/- වගේ වෙන ලෙන්ස් එයාලා 50ට දෙනවා. මේවා පාවිච්චියට සුදුසුද කියල දැනගන්නේ කොහමද .?

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරපු ලෙන්ස් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒවායේ ලෙන්ස් ඇතුලේ පුස් බැඳිලා තියෙනවද බලන්න, ලෙන්ස් සිරිලා තියෙනවද බලන්න. කැමරා එකට සවිකර ෆොටෝ කීපයක් අරගෙන ඒ ෆොටෝ ලොකු කරලා බලන්න. ඔතරම් අඩු ගණනකට හොඳ ලෙන්ස් ලැබෙයි කියලා හිතන්න බැහැ.

      Delete
  10. කවදාද බං කඩේ ඕපනිං එක?

    ReplyDelete
  11. Wow...නියමයිනේ. මාර ලස්සනයි. :D

    ReplyDelete
  12. හෆ්ෆා මේකේ ගාන දැකල හුස්මත් හිර වෙන්න ගියා..
    ඒත්, අද නම් කැමරාවෙන් ෆොටෝ ගැනිල්ල එපාම උනා..
    අද ගල්බොඩ ගියා.. මම කලින් කිව්වේ නිකොන් S6200 කැමරාවක් ලැබුන කියල, එකත් අරන්.. හයියෝ කියල වැඩක් නෑ.. ඒකෙන් ගත්ත ඔක්කොම ෆොටෝ හරියට හවස 6ට 7ට ගත්ත වගේ.. පට්ට අඳුරුයි.. ඒ මදිවට 10x ඔප්ටිකල් සූමින්ග් තිබ්බට 5x දැම්මත් කොලිටිය බහිනවා මගේ අර පට්ට පරණ, මෙගා පික්සල් 5ක, ඔප්ටිකල් සූමින්ග් නැති, නොකියා 6220 ෆෝන් ඒකටත් වඩා..

    ReplyDelete
    Replies
    1. Nikon Coolpix S6200

      Key Features
      16 megapixel CCD sensor
      10x optical zoom lens (35mm equiv: 25-250mm)
      Lens-shift VR (Vibration Reduction)
      ISO 80 - 3200
      Best Shot Selector (BSS)
      2.7 inch LCD monitor with Nikon’s Clear Colour Display technology
      720p HD movie recording with stereo sound, optical zoom and autofocus
      Quick response
      Special effects and filters
      Smart portrait system
      Smile Timer
      Blink Proof
      In-camera Red-eye Fix
      18 scene modes
      Scene Auto Selector

      කැමරාවට තව ටිකක් හුරුවෙන්න ඕන. ෆොටෝ එක ගන්නේ කැමරාවෙන් උනාට එය හසුරුවන්න ඉගෙන ගන්න ඕන මගේ කලින් පොස්ට් කීපය කියවන්න. විශේෂයෙන් මේ පොස්ට් දෙක
      ඡායාරුපයක අනාවරණය

      කැමරාවේ Auto මෝඩ එකෙන් මැනුවල් ගමු

      Delete
  13. උඹ එහෙන් බැඳීම් අත හැරලා සංසාරේ කෙටි කරගන්න අපිට බණ කියනවා. මෙහෙන් අපේ තණ්හාව වැඩි කරලා සංසාරේ දික් කරන පෝස්ට් දානවා. ;p $ 18,000කින් කරන්න තව කොච්චර වැඩ තියෙනවද කියලා හිතලා නිකං හිටියා. උඹ ඔය කියන මිලට ලංකවේ ටැක්ස් ටිකත් එකතු වුනාම එලට තියෙයි නේ? ;p

    ReplyDelete
    Replies
    1. කවුද බන් තණ්හාව වැඩිකරගන්න කිවේ. මමත් $18000 දීලා ඔය මගුලක් ගන්නේ නැහැ. මේවා දැනගැනීමට පමණයි.

      Delete
  14. ayya 10*42 1000mm telescope eka awulak nadda?? nikon d5100 ekata?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය පැහැදිලි මදි

      Delete
  15. අන්න අයිලාස් පංසිය පනස් ජාතකය බාගන්න පුලුවන් මෙතනින්. යසිත් කොලුවගෙන්.

    http://www.yasith.net/2013/08/pansiya-panas-jathaka-potha-sinhala.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං, මම මේක දැක්කා.

      Delete
  16. මමත් ආවේ නිකන් දෙන එක ගන්න... ඔන්න බලන්නකෝ ඉතින් අර නිකන් දෙනවනම් දෙමළ පත්තරේ හරි ගන්නවා කියන කතාව හරිනේ... භාගයක්ම ඇවිත් තියෙන්නෙ නිකන් දෙන එක ගන්න..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය සිමුලේටර් එක දීලා තියෙන්නේ නිකන් තමයි.

      Delete
  17. මටත් ඉතින් සිමියුලේටරේ පිහිට තමා...

    ReplyDelete
  18. කැමරාවක් ගෙවන්න ගන්න තැනක් කියන්න.

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධව ඔබට ඊ මේල් එකක් ඒවා ඇත.

      Delete
  19. මම මේ නිකන් දෙනවා කියපු හින්දා ආවේ බලන්න. බලද්දී Simulator එකක් නේ දීලා තියෙන්නේ. ඒකත් ඉතින් කමක් නෑ. කවද ගන්නද ඔය වගේ lens එකක්. ඉතින් simulator එකෙන් හිත හදාගත්තා.

    ReplyDelete
    Replies
    1. අපිට මේ වගේ ලෙන්ස් ගන්න හැකියාවක් නැහැ, උපරිමයෙන් 300මි.මි. එකක් තමයි ගන්න හැකිවෙන්නේ.

      ස්තුතියි ඔබගේ පැමිණීමට.

      Delete
  20. ඒ ලෙන්ස් එක නම් නියමයි ,,,,,

    ReplyDelete
    Replies
    1. ඔන්න පුතෝ ගන්නවානම් බඩු, නමුත් ඔයාට වඩා වටින්නේ 10 මි.මි. වගේ short lens එකක්.

      Delete
  21. පොඩ්ඩක් ස්පෑම් කොමෙන්ට් අස්සෙ බලන්න මං ඉන්නවද කියල :(
    පහුගිය දවස් ටිකේම බ්ලොග් වල දාපු කොමෙන්ට් එකක්වත් නෑ... ඉස්සර වගේ කතාවක් ලියනකම් බලං ඉන්නෙ.. අම්මට මේ වගේ එව්ව අරන් දෙන්නෙ නෑ කිව්ව.. ඕන නම් ජොබක් කරල ගනින් කිව්ව :(

    ReplyDelete
    Replies
    1. නැහැ මල්ලේ ස්පෑම් වල නැහැ.

      අම්මා හරි මේවා ගන්න ඕන තමන්ම ජොබක් කරලා සල්ලි ටිකක් සොයාගෙන තමා.

      Delete
  22. meka offline balanna vidiyak nadda.?

    ReplyDelete
    Replies
    1. ඉතාම කණගාටුයි, එහෙම බලන්න හැකියාවක් නැහැ.

      Delete
  23. නියමයි . එත් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . මොකද මම ඔය සබ්ජෙක්ට් එකට නෑනේ අෆ්ෆා . කැමරා කෑල්ලක් සෙට් කරගෙන බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. පරණ පොස්ට් ටික කියවුවොතින් වැඩේ තේරෙයි..

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...