මේ දෙන්නා ගුගල් එකෙන් |
"අපෝ ඔව් මොන හිතකින් මෙතැන දාලා යන්නද, කිසි කෙනෙක් ගේ හව් හරණක් නැහැ.. කඩේ අයට සල්ලි දීලා හරි මේ දෙන්නා ගෙනියමු"
"අනේ අයිලාෂ්.... ඔය මොන ජරාවක්ද? තියන්න, තියන්න, ඕවා ගෙදර අරගෙන යන්න බැහැ.. ඔයාට ඉතින් මොන දේ දැක්කත් ගෙදර අරන් යන්න ඕන.. :("
"එහෙම කියන්න එපා අයිලාශිනි, ඔයා කොහොම කිවත් මේ දෙන්නා නම් මම මෙතැන දාලා යන්නේ නැහැ"
"අනේ ඔව් අම්මේ අපි ගෙනියමු...., පවුනේ, අනික තාත්තාගේත් හිත රිදෙනවා ඔය දෙන්නා මෙතැන දාලා ගියොත්"
වැඩේ 2/3 චන්දෙන් සම්මත උනා. දැන් මේ දෙන්නා මගේ අතේ. ඒ ගොල්ලන්ගේ ඇඟේ ගෑවිලා තිබුන පස් එහෙම මම ටිකින් ටික මගේ අතින්ම පිස දමමින් බොහොම පරිස්සමින් අතේම තියාගෙන හිටියා. එළවලු ගන්න ආපු අනිත් මිනිස්සුත් දැන් මේ ගැන විපරම.
අවසානයේ අපි එළවලු වලට මුදල් ගෙවලා අහවර උනහම, මම මුදලාලිගෙන් මෙහෙම ඇහුවා.
"මුදලාලි, මේ දෙන්නට කියක් ඕනෙද?"
"කියක් හරි දීලා ගෙනියන්න මහත්තයා, අම්මාපා..., මමත් මෙච්චර හිටියට දැක්කේ නැහැ නේ?"
මුදලාලියෙක් නිකන්ම දෙයි අහක දාන දෙයක්වත්. මුගේ දැන් කතාව දැක්කේ නැහැ කියලා. හුහ්..
දැන් ඉතින් ඉතිරි බඩු ටිකත් අරගෙන ගෙදර ආපු මම ඉසේල්ලම කලේ මේ දෙන්නව නාවලා එහෙම ෆොටෝ එකක් දෙකක් ගන්න රාජකාරිය ලොකු පුතාට පවරපු එක. මිනිහත් ඇරියේ නැහැ වැඩේ, බේසමකට දාලා සඳුන් මිශ්‍ර ෂැම්පු වතුරෙන් නෑවුවා ගඳ යන්නත් එක්ක කියලා.
ඔන්න එහෙනම් බලන්න මේ දෙන්නා බේසමට බැහැලා සන්තෝෂෙන් ඉන්න හැටි.
man beluwe poos pataw dennekda kiyala
ReplyDeleteහික් හික්.... පුසෝ දෙන්නා ගුගල් එකෙන් කියලා දාල තිබ්බේ...
Deleteපස්ස ටිකක් රතු පාටයි...
ReplyDeleteකාගේද?
Deleteහික් .. හික්... මම එළවළු ගන්න යන තැන සමහරදාට ඔව්ව තුන තුන තියෙන ඒවත් තියෙනව. මම නම් හැමදාම තනි අලවලින් තමයි තෝරල ගන්නෙ. අනික මම නම් අර උඩ තියෙන ගස් කෑලි එතනම අයිනට කඩල දාලා ගන්නෙ, නැත්නම් කිලෝ එකක් ගන්නකොට ග්‍රෑම් සීයක් විතර තියෙන්නෙ විසිකරන ගස් කෑලි. කැරට්වල ගානෙ හැටියට නැත්නම් පාඩුයි, මේ සතියෙ 110 යි, ඊට කලින් සතියෙ 120 යි ඊටත් කලින් සතියෙ 170. ඉතිං නිවුන්නු හුරතල් කරන්න පුළුවන්ද.
ReplyDeleteමමත් කැරට් ගන්නේ එහෙම තමයි. හික්... හික්...
Deleteහපොයි මන් හිතුවෙත් මේ පූස් පැටව දෙන්නෙක් කියල නොවැ
ReplyDeleteකවුද කිවේ පුස් පැටවූ කියලා....
Deleteනිවුන්නු කපාගෙන කෑවද...?
ReplyDeleteතාම නැහැ බන්, අයිස් පෙට්ටියේ ඉන්නවා.
Deleteකැරට් හෝදන්නෙත් ශැම්පු වතුරෙන් එතකොට ඈ.....
ReplyDeleteනැහැ නැහැ ෆොටෝ එකට ඕන නිසා පොඩි වැඩ කැල්ලක් දැම්මා. දන්නේ නැතිද ෆොටෝ ගන්න කලින් "මේක්අප්" කොරනවා කියලා.
Deleteකැරට්ද ගත්තේ බළල් පැටව්ද
ReplyDeleteඇයි බන් හලපයියේ මේක කියවුවේ නැතිද?, කැරට් බන් කැරට්. තාම 22ක් එකතු කරගන්න බැරි උනා.
Deleteඕකනේ ඉතිං බැරි අයිලාස් අයියා අක්කා පෙන්නලා නංගි දෙනවා නේ. අපේ ගෙදරටත් ගෙනත් තිබබා මේ වගේම කැරට් මිනිහෙක්. මිනිහෙක් කිව්වේ අපුරුවට පුරුෂ අවයවය තිබ්බ හින්දා. මේක ඉතිං ගෙදරට කියන්න බැරි හින්දා මම අම්මට හොරෙන් ඒක අමුවෙන්ම කාලා දැම්මා.
ReplyDeleteමෙන්න මෙයා අර මොකක්ද එක අමුවෙන්ම කනවෝ.....
Deleteඔහේ කැරට් විකුණන්නෙ ගස් පිටිංද?
ReplyDeleteකොලොම්පුරේ හැටි, කැරට් කිලෝ එකක් ගත්තම එකේ 750ක් තියෙන්නේ ගස්.
Deleteකැරට් පෙනුණේ පුස් පැටව් වගේද? :D
ReplyDeleteඔයාට පෙනුනේ ඒ වගේද?
Deleteඅයිලාස් මහත්තයත් කරන දේවල්..
ReplyDeleteකොහොමද වැඩේ?
Deleteනිව්න් ජෝඩු දෙකක්ම එක තැන... මම මේක කලින්ම ස්කොර්ල් ඩවුන් කොළා.. ඒකෙන් කුතුහලය නැතුව ගියා..
ReplyDeleteඕකනේ බැරි, හදිස්සි නැතිව හිමින් සීරුවේ වැඩ කොරන්න ඉගෙන ගනින්.
Deleteමඟුලක් කතා කරනවා. යකෝ සැමා වගේ උඹත් අපිව අන්දන්න ගත්තද ?
ReplyDeleteපිස්සුද බන්. මම ඇන්දුවේ නැහැ, උඹලම නේ ඇදගෙන තියෙන්නේ? :D
Deleteඔය වගේ ඒවා කෑවම නිවුන්නු හම්බ වෙනවා කියලා මම අහල තියනවා :D
ReplyDeleteමොන බොරි කතා ද සයුරි, ඕවට රැවටෙන්න එපා.
Deleteමං හිතුවෙ අයිලාෂ් අයියා සතුන්ට කරුණාව දක්වන මනුස්සයා නිසා බළල් පැටව් දෙන්නෙක් වත් අරන් ඇවිත් කියල.. :) ඔය කැරට් අල වල නම් තියනව අමුතු අමුතු ඒවා.
ReplyDeleteහික්... හික්...
Deleteඔයත් දැන් එක ජාතියක එව්වා දාන්නේ නේ
ReplyDeleteඑකම ජාතියෙන් දාලා බැහැ නේ.
Deleteඕවා තනිකඩ ගෑනු මනුස්පයන්ට ගෙනියන්න තියන්නේ නැතුව මෙයත් කරන වැඩ . . හිකිස්
ReplyDeleteහෙක්,,, හෙක්,,, ඒ මොකද?
Deleteමදෑයි...!! ගෙදර ගෙනාපු පූස් පැටව් බලන්න හිටියා....:D
ReplyDeleteකවුදැයි කිවේ පුස් පැටවූ ගෙනාවා කියලා.
Deleteමදැයි පූසො දෙන්නව වෙන්න ඇති සල්ලි දීලා ගේන්ඩ ඇත්තෙ ..කියලා හිතුවෙ...බැලින්නම් කැරටො දෙන්නෙක්නෙ
ReplyDeleteකැරට් පැටවූ දෙන්නෙක් :D
Deleteවලත්ත එළවලු සහ අයිලාස්
ReplyDeleteපවු අහිංසක එළවලු,,,
Deleteඅයියෝ සල්ලි ..... මමත් හිතුවේ ඤාවුවො දෙන්නෙක් කියල :)))
ReplyDeleteඅයිලාෂ්ට මතකද හාවයි , කොටියයි කැරට් අලෙයි කතාව??
------------------
මතක නැත්තං ඔන්න :
හාවයි කොටියයි කැරට් අලෙයි දාල වචන පහක වාක්‍යක් හදන්න .....
හදප රිප්ලයි කරන්නකෝ
හික්,,හික්,,,, හික්...
Deleteකැරට් කන හාවාව කොටියා කැවා.
හරිද?
මමත් හිතුවේ පූස් පැටව් දෙන්නෙක් කියලනේ. දන්නෙ ම නැතු ව රැවටුණා. මීට පස්සේ මුලින් ම පහළට ඇවිත් බලන්න ඕනේ.
ReplyDeleteඅපෝ අපෝ එහෙම කරන්න එපා. හැමවෙලේම රිවස් එකට යන එක හරි නැහැ.
Deleteමම හිතුවේ පූස් පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් කියලා... මේ කැරට් ඩබලක්නේ...හික්
ReplyDeleteඅනේ අපොයි, ඔයාත් රැවටුනාද මලේ. මම මේ පොස්ට් එකේ කොහෙවත් පුසෝ කියලා සඳහන් කරලා නැතිවත් මේ ඔක්කොමලා මොකද පුස් පැටවූ කියලා රැවටෙන්නේ..
Deleteකැරට් කෑවම සුදු වෙනවයි කියන්නේ..
ReplyDeleteකොන්ඩේ ද?
Deleteඑලවළු හින්දම හොදයි මනුස්ස පරාණයක් නම් ඉතින් කොච්චර දුකද නේද
ReplyDeleteඑළවලු උනත් පවු අප්පා...
Deleteමම හිතුවේ අයිලාශුත් අපේ තාත්තා වගේ රට වටේම ඉන්න පූසෝ බල්ලෝ ගෙදර අරන් එන ජාතියේ පොරක් කියලා.අන්තිම වෙනකම්ම ඒ ගැන හිත හිත කියෙව්වේ.
ReplyDeleteඉස්සර ඒ වැඩේ කරා..
Deletemaara vidiyata patakaya nomaga yawala
ReplyDeleteහික්... ඔයත් නොමග ගියාද මලේ.
Deleteමට හිතුනෙ බලු පැටව් දෙන්නෙක් වෙන්න ඇති කියල. ඒත් කඩේ ළඟ ඉන්න කිසි කෙනෙක් බලන්නෙවත් නැති බල්ලො දෙන්නව ගේන්න මුදළාලිගෙන් "මේ දෙන්නට කීයක් ඕනේද" කියල අහන්නෙ ඇයි කියලයි මම කල්පනා කලේ :D
ReplyDeleteමේ මොකද හොමෝම බලු පැටවූ, බළල් පැටවූ ගැන හිතන්නේ.
Deleteමේ පෝස්ට් එක මොන විදියෙන් හරි මට මිස් වෙලානේ. දැනුයි බං දැක්කේ.
ReplyDeleteඒක නෙවෙයි මචං. ගෑණු අයට ඔය වගේ නිවුන්/දෙබිඩි කෙසෙල් නම් කන්න දෙන්න හොඳ නෑ කියලා මිත්‍යා විශ්වාසයක් තියෙනවා උඹ අහලා තියෙනවද? නිවුන්නු හම්බවෙනවලු.
කොයිකටත්, උඹ ඕක අයිලාශිනීට කන්න නොදී හිටපං මචං. හියැක් හූ!:D
මමත් එහෙම කතාවක් අහලා තියෙනවා. ඕවා බොරු බන්.
Deleteසිකේ.. මං හිතුවෙම පූසෝ දෙන්නෙක් කියල...
ReplyDeleteහික් හික්,,, හුවක් :D
Deleteමාත් හිතුවේ එහෙමමයි..බැලින්නම් කැරට්..නේ...
ReplyDeleteස්තුතියි, ඔබගේ පැමිණීම සතුටක්. දිගටම එන්න. හැකිනම් පරණ පොස්ට් හිමින් සැරේ කියවන්න.
Delete