Thursday, August 1, 2013

මුහුදු වෙරළේ ඡායාරුප ගමු - Beach Photography

මුහුදු වෙරළේ ඡායාරුප ගැනීම නැතහොත්  Beach Photography කියූ විගස අපේ මතකයට එන්නේ sunset, sunrise නැතහොත්  seascape  වගේ දේවල්




ඔබ වෙරළට ගිය විට බොහෝ විට කරන්නේ මුහුද දෙස බැලීම, නමුත් ඔබ  වෙරල දෙස බැලුවහොත්, එහි සිටින අයගේ නොයෙකුත් හරිම රටා ඔබගේ කාචයට ග්‍රහණය කරගන්න පුළුවන්. මේ වෙනුවෙන් භාවිතාකල හැකි හොඳම කාචය වන්නේ ඔබගේ 18-55 m.m. කාචයයි. වෙරළේ සිටින පුද්ගලයින්ගේ හැසිරීම් ග්‍රහණය කිරීමට උත්සහ කරන්න. එක රුපරාමුවක් වෙනුවෙන් තත්පර 30-45 කට වඩා වැඩි කාලයක් ගන්න එපා. එවිට ඔවුන්ගේ අවධානය ඔබවෙත යොමු වීමට  හැකියි.  පුද්ගලයින් ඡායාරුප ගත කිරීමේදී ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි වන ලෙස ඡායාරුප ගැනීමෙන් වලකින්න. එමෙන්ම high angle මෙන්ම low angle shots  ගැනීමට උත්සාහ කරන්න.









ප්‍රසිද්ධ ස්ථානයකදී කෙනෙකුගේ ඡායාරුපයක් ගැනීමට ඔබට නීතිමය අවකාශ ඇතත්, යම් කෙනෙකු තමන්ගේ ඡායාරුපයක් ගැනීම පිළිබඳව විරෝධය පලකළහොත්, එම තැනැත්තාගේ පුද්ගලිකත්වයට ගරුකර එම ඡායාරුපය ගැනීමෙන් වැලකිය යුතුය. 

ඔබගේ කැමරාව ඉතා හොඳින් ආරක්ෂා කරගන්න, මුහුදු වතුර  සහ මුහුදු සුළඟ නිසා කැමරාවට දැඩි හානි සිදුවිය හැකියි. බොහෝ දෙනෙක් ළඟ ඇත්තේ වෙදර් ෂිල්ඩ් කැමරා නොවන බව අමතක කරන්න එපා. එබැවින් සැම විටම කැමරාවේ පටිය ඔබගේ ගෙලවටා පැළඳ සිටින්න. මොනම හේතුවක් නිසාවත් කාච මාරු කිරීමෙන් වලකින්න. අනිවාර්යයෙන්ම UV ෆිල්ටරයක් හෝ Neutral Colour NC ෆිල්ටර් එකක් ලේන්සයේ ආරක්ෂාව වෙනුවෙන් යොදන්න. ඡායාරුප නොගන්නා සැම විටම ලෙන්ස් කැප් එකෙන් කාචය වසා තබන්න.

61 comments:

  1. මුහුදු මට්ටමට සමාන්තරව හොද පිනතූර ගන්න බැරිද අයියේ...

    ReplyDelete
    Replies
    1. කව්ද බැහැ කිවේ.... මේ මොකද දේශා, කවදාවත් නැතිව අයියා කියලා අමතන්නේ?

      Delete
    2. අපොයි උඹලට හොදිං කතා කරන් අහනව මොකද කියල.. පුදුම කෙලියක් නේ මේක. බොට හිටපිය මං ඔය පාර හොදවැයින් දෙකක් කියාගෙන තමා එන්නේ... හැක්..

      Delete
    3. අන්න මචෝ නියමයි.

      Delete
    4. දේශකයෝ අයියා මල්ලී කියලා කතාකරන එක කකා තහනං කළා දැක්කේ නැද්ද ඒක.

      Delete
    5. නලියෝ, මේ දේශකයාට මල පැනලා දෙවෙනියට දාපු කමෙන්ට් එක තමයි මේ බ්ලොග් එකේ හොඳම කොමෙන්ටුව, මට තාම හිනා යනවා බන්.

      Delete
  2. Thawamath camera 1k ganna nam labena paatak na. Mama ithin paawichchi karanne kalin kiwwa wage Nokia 6220c saha langadi hambuna Nokia 6720c kiyana phone 2 thamayi. 6720c eke cam 1 saahena honda unath eke lens cover 1k na. Ithin lense 1 heerenawa podda athnam. Phone walin photo ganna ayatath upades tikak deela lipiyak liyanna kiyala illeemak karanawa. Thawa prashnayak- Exposure compensation kiyala option 1k mage phone 2ma thiyanawa. E mokadda? Eka use karanne kohomada? Danata eka hadala thiyanne 0.0 walata.

    ReplyDelete
    Replies
    1. මගේ පරණ පොස්ට් කිහිපය හිමින් සැරේ බලන්න. ඔයගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි..
      මේ පහත ලින්ක් එක දීලා තියෙන පොස්ට් එකේ තියෙනවා එෂ්පොසර් කම්පන්සේෂන් ගැන කියවලා බලන්න.

      කැමරාවේ AUTO මෝඩ් එකෙන් Manual ගමු

      Delete
  3. මට තියෙන ප්‍රශ්ණයක් තමයි වෙරළක අපේ පියවි ඇහැට දකින වර්ණම නියමාකාරයෙන් ජායාරුපයට නොඑන එක. සාමාන්‍යයෙන් වෙරළක පින්තුරගැනීමට සුදුසු මොනවගේ වේලාවන්ද.?
    වටින උපදෙස් ටිකක්..
    බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මුහුද ආශ්‍රිතව UV කිරණ වැඩියි ඒ නිසා ෆොටෝ එකට පොඩි බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් එය බොහෝ විට උනේ ෆිල්ම් කැමරාවල. ඒ නිසා තමයි UV ෆිල්ටර් එකක් භාවිතා කලේ. නමුත් ඩිජිටල් ෆොටෝස් වලට එය එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සවස් කාලයේ තියෙන වර්ණ උෂ්ණත්වය ගොඩක් අඩු නිසා අපේ ඇසට පෙනවාට වඩා රතු පැහැයක් ගන්නවා. එය බොහෝවිට ෆොටෝ එකට අලංකාරයක්. පලවෙනි ෆොටෝ එක බලන්න. ඔයාගේ profile picture එකේ තියෙන ෆොටෝ එක උනත් රතු පැහැය නිසා වඩා අලංකාරයි.

      මට හිතෙන්නේ ප්‍රශ්නේ ඔයාගේ ෆුජි කැමරා එකේ කියලයි. ෆුජි වල එතරම් හොඳට වර්ණ එන්නේ නැහැ. නමුත් මේ දීලා තියෙන 2වෙනි ෆොටෝ එක.(නිල් අහසක් එක්ක තියෙනේ) ගත්තේ ෆුජි HS20 එකකින්. එකේ වර්ණ හොඳට තියෙනවා. මම එකට යොදා ගත්තේ (vivid colors ඔප්ෂන් එක) අනිත් ඊවා ඔක්කොම නිකොන්. මේ ෆොටෝ වල එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? (ඔයාගේ කැමරා එකෙත් vivid colors දාලා බලන්න.

      වෙරළක විතරක් නෙවේ ඕනෑම තැනක පින්තුර ගන්න සුදුසුම වෙලාවල් තමයි උදේ සහ සවස.

      Delete
  4. බොහොම ස්තුතියි, මන් සෙටින්ග් වෙනස් කරලා බලන්නම්,

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා.

      Delete
  5. ස්තුතියි අයියේ දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි හැමදාම ඇවිත් දෙන සහයෝගයට.

      Delete
  6. හොද උපදෙස් මාලාවක් අයිලාෂ්....

    ReplyDelete
    Replies
    1. කියවලා මදි ඕවා පොඩ්ඩක් කොරලා බලන්නත් ඕන නලින්.

      Delete
    2. ඡායාරූපකරණය මගේ දිවියේම කොටසක් කාලෙක අයිලාෂ්... දැන් කාලයත් එක්ක තියන ගැටලුව තමා තියෙන්නේ. ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඒ දේසට යොමු වෙනවා. නිකෝන් f-3 කැමරාවක් පුස්කකා තිබිලා මේ ළගදි යාලුවෙකුට දුන්නා.

      Delete
    3. Nikon f-3 අප්පේ දුකේ බෑ...

      අපහු පටන් ගමු නලින්.

      Delete
  7. හරි වැදගත් පොස්ට් එකක්.දන්නේ නැති කමට අහන්නේ,කැමරා එකක් නැතිව පොටෝ එකක් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු... ඔබව සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න.

      කැමරා එකක් නැතිව ෆොටෝ එකක් ගන්න පුළුවන්, වැඩේ හරි සිම්පල් ස්ටුඩියෝ එකකට යන්න ඕන.

      Delete
  8. මාත් මුහුදු වෙරලෙ ගත්ත සමහර ෆො‍ටෝ ලස්සනට ඇවිල්ල තිබුණට සමහර ඒව අවුල් වෙලා. බලමු ඊගාව පාරවත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න, ඊළඟ සැරේ ගහලා බලමු.

      Delete
  9. අපූරු උපදෙස් ටිකක්. මුහුදු වෙරළේදී ලෙන්ස් මාරු කරන්න හොඳ නැති බව මං දැනගෙන උන්නේ නෑ. දැනගෙන හිටියත් ඉතින් ,මගේ කැමරාවේ ලෙන්ස් මාරු කරන්න බෑ. මේ කාලේ අපේ පැත්තේ බීච් එකේ ඉන්න අයගේ ෆොටෝ ගත්තොත් හොඳ හොඳ ඒවා ගත හැකි. :D

    ReplyDelete
    Replies
    1. ලෙන්ස් මාරු කරන්න ඕන දුවිල්ල, මුහුදු සුළඟ වගේ දේවල් නැති තැන් වල, ඒ වගේ තැන් වල ලෙන්ස් එක ගලවපුවහම් කැමරා බොඩි එක ඇතුලට දුවිලි , ලුණු මිශ්‍ර සුළඟ ගියහම ඒවා සෙන්සර් එකේ බැඳෙනවා.

      Delete
  10. මම කැමර් එක ගත්තම අයියව හොයාගෙන එන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ගුරු පඬුරු අරගෙන එන්න ඕන හොඳද..:D

      Delete
    2. අද දවසේ, මවෙත ගෙනා, මිහිර හෙටත් ගෙන ආ යුතුවේ...

      - ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙම ලිව්වේ ඔය කියන ගුරු පඬුරු ගැන වෙන්න ඕනෑ.

      Delete
  11. wadagath thorathuru tikak...weralak hoyaganna eka thama amaru apita.

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පේ ඔයා ඉන්නේ?

      Delete
  12. චායා ෆොටෝ රූප ගැනීම ගැන නම් මක්කාවත් දන්නේ නෑ හෆ්ෆා ........
    හොයලා බලන්න ඕන වෙලාවක මේ බොලොක්කුව කියෝලා !

    මේ බොලොක්කුව සෝයි මතන් ( අයියෙක්ද දන්නේ නෑ )

    ReplyDelete
    Replies
    1. අයියෙක් හරි මොකා උනත් කමක් නැහැ මලේ, හිමිහිට බෝලොකුව කියවලා බලහන්.

      Delete
    2. හා හා... ළමයෙකුත් ඉන්න තාත්තෙක් මේ. මාම කියල කිව්වනම්..

      Delete
    3. එකෙක් නෙවේ දෙන්නෙක් ඉන්නවා.

      Delete
  13. ලංකාවේ නීතිය අනුව ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ (මිලක් නියම වුණු- නළු නිළියන්) හැර අනික් ඕනි කෙනෙක්ගේ ඡායාරූප ගැනීමේ තහනමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ස්ථානවලදී ඕනෑම කෙනෙකු ගේ ඡායාරුපයක් ගැනීමට පුළුවන්, නමුත් එක එල්ලේ එම පුද්ගලයා පමණක් ඉලක්ක කර ගන්න බැහැ.

      Delete
    2. http://www.krages.com/ThePhotographersRight.pdf

      My Camera Bag:
      Nikon D800 and Nikon D5000
      Pro lenses (FX): Nikkor 70-200 F2.8, Nikkor 24-70 F2.8, Nikkor 16-35 F4
      Prime: Nikkor 50mm F1.8 FX
      Walk-around: Nikkor 28-300 F3.5-5.6 FX
      Kit Lenses: 18-70 and 70-200 DX
      Nikon SB 700 (2 units)
      Nissin Di866
      Sunpack small bounce flash (for background)

      Delete
  14. උඩ ටික කියවද්දි මට ඇති වුනු ප්‍රශ්ණෙට අන්තිම ඡේදයට උඩ කොටසෙන් උත්තර ලැබිල තියන්නෙ.

    සචී කියන්නෙ අයිලාශ් අයියගෙ කොලු පැටියා ද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි, ලිපිය කියවනකොට ඇතිවේවි කියල හිතෙන ප්‍රශ්න ටිකටත් පිළිතුරු ලැබෙන විදිහට පොස්ට් එක ලියන්න හැකි සැම විටම උත්සාහ කරනවා.

      "සවී" කියන්නේ පොඩ්ඩාගේ නම නෙවේ, අපි වෘත්තීය මටටමේ ඡායාරුප ශිල්පින් දෙතුන් දෙනෙක් එකතු වෙලා කරණ වැඩක්. සියලුම ෆොටෝග්‍රෆි අවශ්‍යතා වෙනුවෙන් සහනදායි, කලාත්මක මෙන්ම වෘත්තීය මට්ටමේ සේවා සැපයීමක්.

      Delete
  15. Link ekata thanks wewa! Apita phone wala lense aparture eka wenas karanna option thiyanawada? Exposure Compensation eka nam theruna.

    ReplyDelete
    Replies
    1. සමහර ෆෝන් කැමරා වල ඇපචර් එක වෙනස් කරන්න පුළුවන්. Exposure Compensation එකෙන් තමයි වැඩේ ගොඩ දාගන්න වෙන්නේ.

      Delete
  16. මුලින්ම තියෙන ෆොටෝ දෙක අරගෙන තියෙන විදිය නියමයි ,,ට්‍රයි එකක් දාන්න ඕනේ මමත් එහෙම එකක් ගන්න ..

    ReplyDelete
    Replies
    1. අපි නිතරම ලෝකය දකින්නේ අපේ ඇස් මට්ටමින්. ඊට වඩා වෙනස් කෝණයකින් ලෝකය දිහා බැලුවහම බොහොම වෙනස්. ඒක නිසා තමයි ඡායාරුපකරණයේදී තමයි ඡායාරුපකරණයේදී හයි ඈන්ගල්, ලෝ ඈන්ගල් ෆොටෝ ගත්තහම විශේෂයෙන් ලස්සනක් පෙනෙන්නේ. උත්සාහ කරලා බලන්න.

      Delete
  17. අපිත් මේ දැන් මුහුද අයිනේ ෂොට්ස් ටිකක් අරන ආවේ බං. අවුව වැඩියි. LCD එක පේන්නෙත් නැති තරම්.

    ඇත්තටම අර උඹ කිව්ව ප්‍රසිද්ධ ස්ථානවල ඡායාරූප ගැනෙමට අදාල නීතිය ගැන තව විස්තර දැන ගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මචං උඹ DSLR එකක් පාවිච්චි කරනවානම් ඔය LCD ප්‍රශ්නේ එන්නේ නැහැ.

      මචං නීති ගැන කතා කරන්න ඕන නීති ක්‍රියාත්මක වන රටක. ඒ නිසා මම අනුගමනය කරන්නේ ෂේප් නියාය. පහල සෙන්නා කියලා තියෙන දෙ හරි.

      නිතිය අනුව නම ප්‍රසිද්ධ ස්ථානයකදී ඕනෑම කෙනෙක් ගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. නමුත් ඒ කෙනාව විතරක් රූපරාමුවට සම්පුර්ණයෙන් ක්ලෝස් අප් එකක් විදිහට ගන්න අවසර නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානයකදී ගත්ත ෆොටෝ එකක් පෙන්නන්න කියලා තව කෙනෙක්ට ඡායාරුප ශිල්පියාට බලකරන්න බැහැ. ඒ ෆොටෝ එක මකා දමන්න කියා බලකරන්න බැහැ. නමුත් ඡායාරුප ගැනීම තහනම් කියලා දැන්වීමක් තිබුනොත් තත්වය වෙනස්.

      පුද්ගලිකත්වය අහිමි උන ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ෆොටෝ එකක් ඕනෑම තැනක දී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හෙන්රි බ්ලොග්වොකර් නමැති සුප්‍රසිද්ධ බ්ලොග් කරුවාගේ ෆොටෝ එකක් ගැනීමට මට ඕන වෙලාවක් පුළුවන්, ඒ සඳහා හෙන්රි බ්ලොග්වොකර්ගේ අවසරයක් මට උවමනා නැහැ, මක්නිසාද යත් ඔහු තම පුද්ගලිකත්වය අහිමිකරගත් බ්ලොග් ලෝකයට අයිති පොදු කෙනෙක් නිසා.. (අහුවෙනක් කෝ මට ලංකාවට අව වෙලාවක :D)

      Delete
    2. ඒක ඇත්ත බං. නීතියක් තියෙන රටක නම් මොනවා කරන්න බැරිද?

      උඹ අර අන්තිමට කිව්ව දේට හිනාවෙනවද, අඬනවද, කොලර් එක උස්සගන්නවද කියලා හිතා ගන්න බැරුව බං ඉන්නේ. :D

      Delete
    3. නිහාවේවි අඬමින් කොලර් එකත් උස්සගනින් මචෝ

      Delete
  18. නොදන්න තොරතුරු. ඉතින් ගොඩක් වටිනවා.. නීතියෙ මොනවා තිබුනත් පරිස්සම් වෙන එක හොඳයි.. මොකද දැන් බැලුවත් "මොකෝ බලන්නෙ" කියලා වෙඩි තියන සයිස් එකක් තමා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත සෙන්නා, මම අනුගමනය කරන්නේ ෂේප් නියාය.

      Delete
  19. කෝ අර කොමෙන්ටු ලස්සන කරන්න කියලා එල්ලල තිබ්බ කෑල්ල?
    .
    Point and Shoot එකකින් හරි ෆෝන් එකේ කැමරාවෙන් හරි ගනිද්දි Over Exposure වෙන එකට මොකද කරන්නෙ අයිලාශ්

    ReplyDelete
  20. කොමෙන්ටු ලස්සන කරන්න කියලා තිබුන එක page එකක දැම්මා. එක මෙතන තියෙනකොට කොමෙන්ට් බොක්ස් එක හොයාගන්න අමාරුයි කියලා කට්ටිය කිව නිසා.

    ISO අඩු කරන්න, ෂටර් ස්පීඩ් සහ ඇපර්චර් වෙනස්කරන්න හැකිනම් එලෙස කරන්න.
    Exposure Compensation ඔප්ෂන් එක පාවිච්චි කරන්න

    මේ පහල තියෙන ලින්ක් දෙකට ගිහින් බලන්න.

    Exposure Compensation
    ඡායාරුපයක අනාවරණය - Exposure


    ReplyDelete
    Replies
    1. තරහා අවසර!
      "වැඩ දාල කොමෙන්ට් කරණ හැටි" කියන ඒක වෙනම දාන්න කියලා නෙවෙයි ක්ව්වේ. කමෙන්ට් බොක්ස් එකට යටින් දාන්න කියලා. අර අපේ හෙන්රි අයියා දාලා තියෙන විදියට. අර පේජ් ඒක ලේසියෙන් කෙනෙකුට හොයාගන්න අමාරුයි. (මම දැක්කෙත් කිව්වට පස්සේ) අනික ඒක වඩාත් ගැලපෙන්නේ කමෙන්ට් බොක්ස් එකත් එක්කම තමා.

      Delete
    2. අනේ මන්දන්නේ නැහැ, මේ කොමෙන්ට් බොක්ස් එක පිස්සු කෙලිනවා, එකපාරකට එක උඩට එනවා අපහු පහලට යනවා.
      දැන් හරිද කියන්න මල්ලි.

      Delete
    3. හරි නේන්නම්.... ඔය තියෙන්නෙ මල් හතට. :D

      Delete
    4. එහෙනම් හරි, ගොඩාක් ස්තුතියි සහයෝගයට.

      Delete
  21. හරිම ලස්සනයි අයියේ මට හිතෙන දෙයක් තමයි ඔය මොනවා කරත් මට කලාත්මක ෆොටෝ එකක් ගන්න බෑ කියන එක..:(

    ReplyDelete
    Replies
    1. ඒ මොකද එහෙම කියන්නේ? කවදාවත් උත්සාහ කරලා බැලුවද?

      Delete
  22. මාත් කැමතිම එකක් තමා මුහුදු වෙරළ වල ඉර නඟින, බහින දර්ශන ගන්න. ඒත් තාම හරියට එකක් ගන්න බැරිවුණා.

    UV filter එකක් හරි Neutral Colour NC filter එකක් පාවිච්චි කරන්න ඕනා කියලා දැන ගත්තේ මේකෙන්.

    සාමාන්‍යයෙන් Canon 18-55 Lens එකකට හොඳ UV ෆිල්ටර් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ තුමාගේ කොමෙන්ටුවට.

      UV filter එකක් හරි Neutral Colour NC filter එකක් සෑම වෙලේම ලෙන්ස් එකට සවිකරලා තියන්න. එසේ කරන්නේ ලෙන්ස් එකේ ආරක්ෂාවට. නැත්නම් දුවිලි, ඇඟිලි සලකුණු ආදිය කෙලින්ම වදින්නේ ලෙන්ස් එකට. එවට නිතරම ලෙන්ස් එක ක්ලින් කරන්න වීමෙන් එහි තියෙන කෝටින් එකට හානි සිදුවෙනවා.

      සැම විටම හොඳම බ්‍රෑන්ඩ් එකකින් ෆිල්ටරය ගන්න, නැතිනම් ඔබගේ ෆොටෝ වල ගුණාත්මක බව අඩුවෙනවා.

      HOYA ඉතාම හොඳ brand එකක්, ඒ නිසා HOYA ගත්තොත් හොඳයි.

      Delete
    2. Amazon එකේ තියෙනවා variable ND filter එකක්. Beach photo වලට හොඳයි. දවසේ ඕනෑම වෙලාවක DOF අඩු කරලා ගන්න හරි, ඕනෑ කමින්ම lens එකේ වේගය අඩුකරලා ගන්න හරි පුළුවන්. කැමරා මල්ලක්ම උස්සගෙන beach යන්න බැරිනම් මේ filter හරිම ප්‍රයෝජනයි.
      caveat: At the higher end, you can see a slight purple haze. Well... you get what you paid for.

      Delete
  23. මාත් ආසම වැඩක්! නැත්තේ කැමරාවක් ලෙන්ස් එකක් තමයි! හැබැයි point & shoot එකනම් මරනවා!

    ReplyDelete
    Replies
    1. එකෙනුත් වැඩ ගන්න පුළුවන්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...