Tuesday, July 9, 2013

Zoo Photography


වනජීවී ඡායරුපකරණය ඉතාම සිත්ගන්නා සුළු සහ අභියෝගාත්මක කාර්යයක් වුවද, ඒ සඳහාම  වන උයන් වෙත පිවිසීම වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, කාර්ය බහුලත්වයත් නිසා බොහෝ ආධුනික ශිල්පින් වෙත මෙම අවස්ථාව අහිමි වී ඇත. එයට විකල්පයක් ලෙස ආධුනික ඡායාරුප ශිල්පින් හට සත්වෝද්‍යානයන් යොදාගත හැක. එබැවින් සත්වෝද්‍යානයක් තුල දී ස්වභාවික අයුරින් මෙම සතුන් ඡායාරුපගත කරගන්නේ කෙසේදැයි කෙටියෙන් විමසා බලමු.

1. කැමරා සහ ලෙන්ස් වර්ග 

ඔබ භාවිතා කිරීමට අදහස් කරන්නේ  DSLR කැමරාවක් නම් ඒ සඳහා මි.මි. 70 - 300 දක්වා වන zoom ලෙන්ස් එකක් යොදාගත හැකිනම් ඉතා මැනවි එමෙන්ම මැක්‍රෝ කාචයක් රැගෙන යාමද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත.. එමෙන්ම මේ වෙනුවෙන් බ්‍රිජ් හෝ Point and Shoot කැමරාවක් උවද හොදගත හැක. (මෙහි දැක්වෙන සියලුම ඡායාරුප ගනු ලැබුවේ Fuji HS20 EXR වර්ගයේ බ්‍රිජ් කැමරාවකින් ය)

2. Tripod එකක්

3. Lens Hood :

සත්වෝද්‍යානයක් තුල දී ඔබට ඡායාරුප ගතකිරීමට ලැබෙන කෝණයන් සීමාසහිත වේ. සමහර අවස්ථාවන්හිදී ඍජුවම හිරු එලිය ලැබෙන දිශාව වෙතටම කැමරාව යොමුකිමට සිදුවන අතර එවැනි අවස්ථාවන්හිදී ඇතිවන glare එක  මගහැරවීමට Lens Hood එක ඉතා ප්‍රයෝජනවත් වේ.


ඔබගේ ඡායාරුප ගනු ලැබුවේ ස්වභාවික පරිසරයක දී බව දැනෙන පරිදි රූ ගත කරන්න. ඒ සඳහා මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ  රූ ගත කරන්න. එසේ කිරීමෙන් ඔබගේ ඡායාරුප සත්වෝද්‍යානයක් තුලදී  ගන්නා ලද බව නොහැඟෙන අතර  එම ඡායාරුප ස්වභාවික පරිසරයක් තුලදී රූ ගත කල ආකාරයක් පෙන්නුම් කරනු ඇත.
  • ඔබගේ වස්තුවට  හැකිතරම් සමීප වන ලෙස zoom කරන්න.
  • මිනිසා විසින් නිර්මාණය කර ඇති කිසිවක් ඔබගේ රූපරාමුවට හසු නොවන සේ  කැමරාව හසුරුවන්න 
  • විශාල කාච විවරයක් දීමෙන් පසුබිම හැකිතරම් බොඳ කරන්න. 





සතුන්ට හිංසා කිරීමෙන් වලකින්න

කිසිවිටකත් ෆ්ලෑෂ් ආලෝකය භාවිතා නොකරන්න, ස්වභාවික ආලෝකයම යොදාගන්න. සත්වෝද්‍යානයක් තුල සිරගත වී ඇති මෙම අහිසක සතුන් කෙරෙහි ආදරය දක්වන්න, සමහර සත්ත්ව විශේෂ මිහිපිටින් තුරන්වී යාමේ තර්ජනයට පවා මුනුන දී ඇති බව කිසිව්ටකත් අමතක නොකරන්න.  ඔවුන්ගේ අවධානය ඔබ වෙත යොමුකර ගැනීම වෙනුවෙන් ඔවුන්ට හිරිහැර වන ශබ්ද කිරීම් ආදී කිසිවක් නොකරන්න.   ඔබගේ ඉවසිලිමත් භාවය ඉතා හොද ඡායාරුපයක් ගැනීමට උපකාරී කරගන්න.

48 comments:

  1. සහතික ඇත්ත.නර සත්තු නිදාගෙන ඉන්න සත්තුන්ට ගල් ගහනවා,එක එක සද්ද කරනවා උන්ව අවුස්සනන හදනවා මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ප්‍රෙකා්ප කරන්න උත්සාහ ගන්න උදවිය අද රටේ කොච්චරවත් ඉන්නවද? එවිට අර හිර කරලා ඉන්න අහිංසක සතුත් දරුණු සතුන් වෙන කිසිම දවසක නවතන්න හැකිවෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete
  2. අපි ඒ සත්තුංව කලබල කරල ෆොටෝ ගත්තොත් ඒක කිසිම වෙලාවක ස්වාභාවික ගතියක් එන්නෙ නෑ. ඔය ඇනිමල් ප්ලැනට් වගේ වැඩසටහන්වල ඒ සත්තු ස්වාභාවික පරිස‍රයෙ හැසිරෙන ආකාරය රූපගත කරන්න ඒ මිනිස්සු කොච්චර කට්ටක් කනව ඇද්ද.

    ඊගාව පාර සූ එකට ගියාම මේ වැඩේ කරල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. වැඩේ කරලා බලල අපිටත් පෙන්නන්න කො ප්‍රසන්න.

      Delete
  3. සමහර පින්තූර zoo එකක ගත්ත පින්තූර කියල කියන්නත් බැරි තරම්. කොහොම උනත් සත්තුන්ට හිරිහැරයක් නොවෙන විදිහට පින්තූර ගන්න එක නම් ගොඩක් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ච්ම්ස්.

      Delete
  4. ඇත්ත ඉවසීමක් නැතිව මොනම හොද පින්තුරයක්වත් ගන්න බෑ.. සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. හැමදෙටම ඉවසීම තියෙන්න ඕන, ෆොටෝ ගන්න විතරක් නෙවේ.

      Delete
  5. සත්තු කිව්වම ඒක මනු සතාටත් අයිති වෙනවා යන්න මගේ හැගීමයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වැව් මලේ, මනු සතා zoo එකේ කුඩු කරලා නැහැ නේ.

      Delete
  6. හ්ම්ම්...දෙහිවල පැත්තේ පොඩි රවුමක් දැම්මොත් හොඳයි වගේ...

    ReplyDelete
    Replies
    1. දාමු... දාමු.. මමත් එන්නම්.

      Delete
  7. මාත් ආසයි සත්තුන්ගේ පින්තූර ගන්න....

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාගේ ෆොටෝ එකක්ම ගන්නකො, සමනලයත් සතෙක් තමයි. :D

      Delete
  8. නිර්මාණශීලී උනොත් සත්ව උද්‍යානයක ගත්තු ඒවා කියලා හිතාගන්න බැරි තරම් ස්වාභාවික පින්තූර ගන්න පුලුවන්, මලේ. එඩිට් කරන කොටත් හුඟක් අනවශ්‍ය දේවල් ඉවත් කර ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ, එඩිට් කරන කොට බොහෝ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න පුළුවන්. මම අන්තිමට දාලා තියෙන ෆොටෝ එකේ ඒ වගේ ඉවත් කරන්න ඕන පොඩි කොටසක් තියෙනවා.

      Delete
  9. චායාරුපකරණයට ඉහලම සංයමයක් තිබිය යුතුමයි ඒ වගේම හොඳ හදවතකුත් අර මල නොතලා රොන් ගන්නවා වගේ සුන්දරත්වය පමණක් කැමරා කාචය තුලට උරා ගන්නවා ඒ අතින් ඔබ විශිෂ්ටයෙක් ඒ බවට ඔබේ චායාරුප සාක්කි දෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා, ඔබගේ ඇගයීම ඉතා නිහතමානිව පිලිගන්නවා.

      Delete
  10. හෙහ් හෙහ්, හරියට උඹ අප්‍රිකාවට ගිහින් ගත්ත ඒවා වගේ. අපි පුතත් මෙතනින් යනකොට දැකලා නැවතිලා ඇහුවා මොනවා මේ අපේ zoo එකද කියලා.

    එළ ඈ.

    ReplyDelete
    Replies
    1. තාත්තගෙනේ ඉතින් වැරැද්ද..

      Delete
    2. මචං මම ඔය ෆොටෝ කීපයක enlargements කීපයක් ගන්න ගියාම උන් කියුවා ඔයා කෙන්යා පැත්තේ ට්‍රිප් එකක් ගහලා වගේ කියලා. :D

      පුතන්ඩියට පෙන්නපන් අර කොන්ඩ කුරුල්ලා බිත්තර දාල තියෙන ෆොටෝ සෙට් එක.

      Delete
  11. අගනාම උපදෙස් ටිකක් අයිලාෂ් මේ ටික බොහොම ප්‍රෙයා්ජනවත් වෙනවා ඉදිරියේදි

    ReplyDelete
  12. \\\සත්වෝද්‍යානයක් තුල සිරගත වී ඇති මෙම අහිසක සතුන්\\

    කියන්න ගිය දේත් අමතක උනා මට මේක දැක්කම...මේ සත්තු හරි දුකක විඳින්නේ අපේ සතුට සඳහා.. ( කරත්තෙට බඳින සතෙක්ට සාපේක්ෂව නම් සෑහෙන්න තැනක ඉන්නේ.ඒක වෙනම කතාවක් )

    ReplyDelete
    Replies
    1. හරිම පවු වැඩක් නේද මල්ලි, නමුත් මට හිතෙන්නේ සමහර සත්ත්ව විශේෂ තාමත් මේ මිහිපිට රැඳිලා ඉන්නේ සත්වෝද්‍යාන නිසා කියලා.

      Delete
  13. බොරු මොකටද, සත්තු හිරකරන් තියන් ඉන්න ඔය සත්වෝද්‍යාන නම් මට අරහන්. උන් ඉන්න තැන්වලම උන්ගෙ ස්වභාවික පරිසරයෙ ඉන්න ඇරියනම් තමා වඩා හොඳ.

    කමක් නෑ, කාට හරි බැරියැ දැන් ෆොටෝ ටිකක් ගහන් ගිහින් පෙන්නල කියන්න මම කෙන්යා සෆාරියක් ගියා කියල. ඒකත් ලොකු දෙයක්නේ. :)


    ReplyDelete
    Replies
    1. මමත් කැමති නැහැ මලේ සතුන් හිරකරන් ඉන්න එකට. නමුත් මට හිතෙන්නේ සමහර සත්ත්ව විශේෂ නම් රැදිලා ඉන්නේ zoo නිසා කියලා.

      ඔය ෆොටෝ ටිකත් මම කෙන්යා ගිය වෙලේ ගත්ට් ඒවා තමයි බන්. :D

      Delete
  14. අන්තිම ෆොටෝ එකේනම් මිනිස් නිර්මාණයක් තියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ගල් බැම්මක් වගේ එකක් නේද

      Delete
    2. නෑ, පොඩි පටියක් වගේ එකක්.. වලහා අත්දෙක දාන් ඉන්නෙ ඒක උඩින්..

      Delete
    3. අත්දෙක දාන් ඉන්න එක නම් හරි, ඒත් බදාම පතුරක් වගෙත් මට පෙනුනා. පොකුණක බැම්මක් වෙන්නත් පුළුවන්.

      Delete
    4. අන්තිම ෆොටෝ එකේ තියෙන්නේ පොඩි කොන්ක්‍රීට් කෑල්ලක්. ඒක එඩිට් කිරීමෙන් අයින් කරන්න ඕන දෙයක්. මේ ෆොටෝ එඩිට් කරපුව නෙවේ.

      Delete
  15. ස්තුතියි අයියේ.

    ReplyDelete
    Replies
    1. සත්තු පෙන්නුවටද?

      Delete
  16. ඇත්තටම අපේ රටේ ඒවද කියලා හිතාගන්නවත් බෑ. අයියගේ පෝස්ට් 2, 3 ක් ම බලන්න බැරි වුනා... ඔන්න සමාව භාජනයක දාලා දුන්නා..

    ReplyDelete
  17. ලිපියේ අන්තිමට ලියා ඇති ටික තමයි මගේ හිතට වැදුනේ.. සියලු සතුන්ට මෛත්‍රී කරන්න හිතන හුඟක් අපි නොහිතාම කරන හිරිහැර බොහොමයි අයිලාස්.

    ReplyDelete
  18. හැක්, මට නම් ගන්ඩ වෙන එක්ක නෑ, ඉවසීම කියන එක තමයි අඩුම, ඒ වුනාට සූ එකේ බැරි නම් බව්වෙක්ගෙ එක්ක හරි ගන්ඩ ට්‍ර‍යි කරන්ඩ ඖනි අප්පා.. :(

    ReplyDelete
    Replies
    1. කලින් කිවා කපුටෙක් ගේ ෆොටෝ එකක් ගන්න ඕන කියලා දැන් කියනවා බව්වෙක් ගේ ෆොටෝ එකක් ගන්න ඕන කියලා, අනේ අපරාදේ කැමරාවට වියදම් කරපු සල්ලි.

      Delete
    2. කපුටෙක්ගේ නෙවෙයි, කුරුල්ලෝ කීප දෙනෙක්ගේම ගත්තා.. කොට්ටේරුවෙකුයි, පිළීහුඩුවෙක්ගෙයි, ම්ම්, අනිත් එකාගේ නම දන්නෑ,, කෝම හරි ආආ ගිරවෙක්ගෙයි ගත්තා.. :D

      Delete
    3. කෝ ඉතින් ගත්ත ෆොටෝ? අපිට පෙන්නුවේ නැහැනේ.

      Delete
  19. සරත් අයියා කිව්වා වගෙ මටත් හිතට වැදුනෙ අන්තිමට කියපු ටික. සමහර වෙලාවට ඩිස්කවරි වගෙ වැඩසටහන් වල පෙන්වනව නේද සතුන්ගෙ පින්තූර ගන්න වෙන මහන්සිය. මං එක වතාවක් දැක්ක සමනලයින් ඉන්න ගහක් කිට්ටුවට කැමරාව යවන්න වෙනමම ඇටවුමක් පාවිච්චි කරන හැටි.

    උපදෙස් වලට ස්තුතියි අයියෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන, සතුන්ගේ ෆොටෝ ගන්න එක තමයි හරිම අමාරු.

      Delete
  20. මාත් Zoo ගියාම මෙහෙම photos ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. රෙහානි ගොඩ දවසකින් නේද?, පුළුවන් වෙලාවට නැවත එන්න. ඔයාට ස්තුතියි,

      Delete
  21. ඇත්තෙන්ම තාත්විකයි.ඔබ චයාරුඋප කරනයෛ ඩක්ශයෙක් වෙන්න ඔනි.මට මෛ තොරතුරු ගොඩක් වදගත් වුනා ,ගොඩක් ස්තුති කරනව,..

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩාක් ස්තුතියි, මේ තොරතුරු වැදගත් වීම මට සතුටක්. දැනගත් යුතු දෙයක් තිබේනම් අහන්න, දන්නා පමණින් පිළිතුරු දෙන්නම්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...