Saturday, July 13, 2013

මෙයා දැකලා තියෙනවද?

මේ කුරුළු කුවුව පහුගිය දවසක මට දැකගන්න ලැබුන එකක්. ඉත ඉහල අඹ ගහක අත්තක හදලා තිබුනේ. මේ කුරුල්ලන්ට කවුඩා, මාළු කුරුල්ලා, කරවල පෙන්දා වගේ නම් භාවිතා කරනවා. මෙයාට මාතර පැත්තේ කියන්නේ කපුටු බාලය කියලා ලු.

බොහොවිට කුරුළු කුඩු හදන්නේ අතු පතර හැඟවී තියෙන ආකාරයට, නමුත් මෙයාගේ කුඩුව ඉතා ඉහල අත්තක  බොහොම විවෘත තැනක හදලා තියෙන්නේ. එකට හේතුව මෙයා ටිකක් ගණන් කාරයෙක් නිසාම වෙන්ට ඇති. මෙයා  කපුටන්ට එලව එලවා පහර දෙන්න බොහොම දක්ෂයි.

 අම්මේ මෙන්න මූ හොරෙන් ෆොටෝ ගහනවා........

මල්ලී, උඹ ඔය පැත්ත බලහන් මම මේ පැත්ත බලන්නන්. අරූ ඔත්තු බලන්නේ අපිව අල්ලන් යන්න මොක්කු හරි එවන්නද දන්නෑනේ.

අම්මත් ආවා. මල්ලිටනම් ගානක්වත් නෑ. ඒත්... අරූ තාම ගහ මුල. මොන වදයක්ද මන්දා..

ශිහ්: අම්මටත් මෙව්වයේ බරක් පතලක් තේරෙන්නෑ. ආයෙත් ගියා රෝන්දෙ. දැන් මං එපෑ මුන් ටික බලාගෙන අරූගෙන් බේරිලා ඉන්න. වැඩිමලා උනාම තියෙන වදයක්.

අන්න එහෙම එන්නකෝ.... දැන් තමයි හිත පොඩ්ඩක් කූල් උනේ.. ඇති යන්තන්....


ප:ලි:
කතන්දරේ AKM ගේ කොමෙන්ටුවෙන්,  ස්තුතියි AKM.

65 comments:

  1. මේක හරියන්නෑ මාත් ගහගන්නවා මගේ කැමරාවට ටෙලස්කෝප් එකක්.

    ReplyDelete
    Replies
    1. DSLR එකක් තියෙනවානම් tele ලෙන්ස් එකක් ගහන්න පුළුවන්, නැතිනම් ඉතින් tele converter එකක් තමයි. මේ ගැන මීළඟ පොස්ට් එකකින් පැහැදිලි කරන්නම්.

      Delete

  2. අපේ පැත්තෙ ඌට කියන්නෙ කවුඩා කියල. ඌ කැගහන්නෙ පූඋසෙක් වගේමයි. දවසක් මම දැක්ක පූසෙක් කැගහන කොට ඌ උත්තර දෙනවා. හරියටම තවත් පූසෙක් වගේ.
    පොටෝ හරි පැහැදිලියි. අඹ පොත්තෙ තියෙන පැලුම් හිටන් පේනවා.හරිම ස්වාභාවිකයි.
    අන්තිම පින්තූරෙට මං කැමතියි. ලමයින්ට කන්න දීල බලන් ඉන්න අම්ම කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල් මානෙල්, මෙයාට පුසා වගේ හොඳට කෑ ගහන්න පුළුවන්. මම ෆොටෝ ගන්න වෙලේ එයා පැටවූ එක්ක කතා කලේ පුස් බාශාවෙන්.

      Delete
  3. නයිස් ෆොටෝස්.

    ඔය වගේ එළිමහනෙ කූඩු හදනව මීට කලින් මම දැකල තියෙන්නෙ උකුස්සො වගේ ලොකු කුරුල්ලො විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.
      මමත් මේ වගේ එළිමහනේ කුඩු හදලා තියෙනවා දැක්කමයි.
      මෙයාට ඔය පැත්තේ කියන්නේ මොකා කියලද?

      Delete
    2. මේ පැත්තෙ කියන්නෙත් කවුඩා කියල තමයි.

      Delete
  4. තාත්තට පෙන්නලා අහගන්න වෙනවා මෙයාගේ නම..මම නම් කුරුල්ලෝ ගැන වැඩි යමක් දන්නේ නැහැ... අපේ ගාමිණී අයියා දැක්කත් හඳුණා ගනීවි මෙයාව...

    බොහෝම ආසාවෙන් බැලුවා .. ( බැලුනා )

    ReplyDelete
    Replies
    1. පවු පොඩි එකා දැන් ඔක්කොම තාත්තට පෙන්නලා තමයි අහන්නේ. :D

      ස්තුතියි මල්ලි හැමදාම දෙන සහයෝගයට.

      Delete
    2. හරි හරි තාත්තට පෙන්නුවා.එයා කියනවා හරිම සෙල්ලක්කාර කුරුල්ලෙක්ලු මෙයා.. පූසෝ පේන්න බැහැලු... :)

      Delete
    3. කවුද සෙල්ලක්කාර කුරුල්ලා? :D

      Delete
    4. අයිලාස් මල්ලි දීලා තියෙන විස්තරේ හරියටම හරි මලේ. (White Bellied Drongo / White Vented Drongo / Dicrurus caerulescens)

      Delete
    5. බොහොම ස්තුතියි ගාමිණි අය්යේ.

      Delete
  5. අපිත් මෙයාට කියන්නෙ කවුඩා කියලා. මෙයාගෙ හැඩරුවට ඉස්සර අපි සරුංගලුත් හැදුවනෙ, කවුඩා සරුංගලය කියලා.

    අපේ ගෙදර කාමරේක කුරුලු කූඩු තුනක් හදලා තියනවා. මොකාද අයිතිකාරයා කියලා තාම හරියට බලාගන්න බැරිවුනා..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර මේ දවස් ටිකේ ගේ කුරුල්ලෝ ජෝඩුවක් කුඩුවක් හදනවා. කොහේදෝ ඉඳල උදේ අට හමාර විතර වෙද්දී ඇවිදින් හවස් වෙනකොට යන්න යනවා. වෙලාවට වැඩ මං හිතන්නේ :)

      Delete
    2. උනුත් එහෙනම් ෂිෆ්ට් ක්‍රමේට වැඩ...ඈ :D

      Delete
    3. පිෂ්ෂුද ... රෑ වෙනකොට මුන්ගෙ ගෙදර ඉන්න එක ඇඟට ගුණ නෑ කියල උන්ටත් හිතෙනව වෙන්ට ඇති.

      Delete
    4. @ සෙන්නා
      කාමරේ ඇතුලෙද කුඩු හදලා තියෙන්නේ? ටිකක් රබර් ඇහැ දාගෙන හිටියොත් අතිතිකාරයා හොයාගන්න පුළුවන්.

      @ චන්දන
      ඒ කුරුල්ලෝ ජෝඩුවක් ද? එහෙම නැතිනම් කුඩුව හදන්න contract එක ගත්ත උන් දෙන්නෙක් ද දන්නේ නැහැ.

      @ DDT
      ඔයාගේ කතාවත් ඇත්ත වෙන්න පුළුවන් :D

      Delete
    5. @DDT

      ඔව් ඔව්.. තව ටිකක් මේකෙ ඉන්න එකා ගැන හොයල බලලම පදිංචි වෙන එක හොඳයි කියල හිතෙනව ඇති :D

      @Ayilas A

      හැබෑට එහෙමද දන්නෙත් නෑ.. :)

      Delete
    6. ඇතුලෙ තමා අයිලාෂ්. මට වෙලාවක් තිබුන්නෑ ඒකට.. මෙදා සැරේ ගියාම මම දැක්කෙ.. ඊලඟ පාර යද්දි හිටියොත් බලන්න ඕනා, කවුද පොරවල් කියලා..

      Delete
  6. ලස්සන ෆොටෝ ටික. අපි කියන්නෙත් කවුඩා, කවුඩු පනික්කියා කියල. හඬවල් 16 ද කොහේද තියනවා ලු මෙයාට. ඒකෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. පුසෙක් වගේ කෑගහනවා නම් අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. කවුඩු පනික්කියා කියන නම ඇහුවේ අදමයි මලයා.

      නියමෙට පුස් භාෂාව දන්නවා මේවා. බොහෝ වෙලාවට පැටවූ එක්ක කතා කරන්නේ පුස් බාෂාවෙන්.

      Delete
  7. හ්ම් මයි කවුඩා නේන්නම්.......හැබැයි මං නම් හුග කාලෙක ඉදල දැක්කෙ කාක්කො විතරමයි

    ReplyDelete
    Replies
    1. //කාලෙක ඉඳලා දැක්කේ කාක්කෝ විතරමයි//

      මොකෑ... කොහේද බන් ඔය වැව් ඉස්මත්ත තියෙන්නේ. බෙරේ වැවේද?

      Delete
  8. අයිලාෂ් ඉතාමත් ලස්සන පිංතුර සෙට් එකක්. මේ සතා කවුඩා තමා. ගම්වල අය කියන්නේ මේකාට භාෂා 18ක් පුළුවන් කියලයි. එක එක සතුන්ගේ හඬින් ශබ්ද නගන්න මේ කුරුල්ලාට හැකියි. එම ශබ්ද මගින් මේ කුරුල්ලා අනික් සතුන් අන්දනවා කියලයි කියන්නේ. මේ ගැන සැබෑ තොරතුරු මා සතුව නෑ.

    ReplyDelete
    Replies
    1. නලින් මෙයාට කොළඹ පැත්තේ කියන්නේ කවුඩා කියලා, නුවර බොහෝ වෙලාවට මෙයා හඳුන්වන්නේ කරවල පෙන්දා, මාළු කුරුල්ලා කියලා. ඒ එයාගේ පෙඳයේ හැඩය මාළු වරලක් වගේ නිසා.

      බොහෝ විට මෙයා එක එක හඬින් කෑ හන්නේ යම් අදහසක් සන්නිවේදනය කරන්න කියලා මට හිතෙනවා. පැටවුන්ට පුස් භාෂාවෙන් කතා කරනවා මට ඇහුනා. නමුත් පුසෙක් දැක්කොතින් අනිවාර්යයෙන් පුසෙක් වගේ කෑ ගහනවා.

      Delete
  9. පින්තුර ටික නම් නියමයි,
    කුරුල්ලා ගැනනම් කියන්න දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්. මගේ කැමරාවට අසුවෙන පින්තුර ඔබ සැම සමගින් බෙදාගැනීම මට සතුටක්.

      Delete
  10. Awesome Shots!

    අපිත් කවුඩා කියන්නේමූට තමයි. මූ කාක්කොත් එක්ක හෙන වලි. මම දන්න විදියට මූ කාක්කන්ට නක්කලේ දානවා. අනික මූ පූසන්ටත් හෙන ගේම් දෙනවා. මූ ඥාව් ගාලා කෑගහනවත්ද හොහෙද පූසන්ව අන්දන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩූඩ්. මූ පූසෙක් වගේම කෑ ගහලා පූසන්ව ඔරොප්පු කරනවා..

      Delete
    2. තැන්ක්ස් මචෝ.

      මේකාට කපුටෝ මාර බයයි. නියම ඇටැක් එකක් කපුටන්ට දෙන්නේ.

      Delete
  11. මේ අර පුසෙක් වගේ කෑ ගහන කුරුල්ලා නේද.....

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ කුරුල්ලෙක් වගේ පියාඹන පුසෙක් .....:)

      Delete
  12. සුපිරිය...!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. අයියලගෙ ඔෆීස් එකේ ජනේලෙ ළඟ තිබුනු කුරුළු කූඩුව මතක් උනා. මම ඇහැව්වෙ ෆොටෝ ගත්තෙ කොහොමද කියලත්.

    කපුටු බාලයය කිව්වට මට නම් ඇහිල තියෙන්නෙ ‘කාකු බාලය‘ කියනව. ඇහිච්ච හැටිද මන්ද.

    ඔය බැග්‍රවුන්ඩ් එකේ කෑලි කෑලි නෑ වගේ තියෙන්නෙ ඇයි. සිලෙක්ෂන් ටූල් එකෙන් නිකමට ක්ලික් කරල ඩිලීට් කරපු වගේ. එතන කැමරාව මානද්දි තද හිරු එළිය වැටෙන ගතියක් වත් තිබුනද.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මල්ලි, මේ ෆොටෝස් කෙලින්ම ආලෝකයට විරුද්ධව ගත්ත ඒවා. ඒ දවස්වල තද වලාකුළු තිබුනා ඒ නිසයි ඔහොම්වත් ගන්න පුළුවන් වුනේ, නැත්නම් Silhouette වගේ තමයි ගන්න වෙන්නේ. මේ අඩවියේ තියෙන ෆොටෝ එකක්වත් එඩිට් කරපුවා නෙවේ.

      Delete
  14. මූ කාක බාලයනේ... ඕකට මොකක් හරි වෙයිස් එකක් ඇහුනොත් ඒක ඒ විදියටම අනුකරණය කරනවා.. මාර දක්ෂතාවයක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මටනම් මේකා දැක්කම මතක් වෙන්නේ fighter plane එකක්. කපුටන්ට එලව එලවා ගහනවා.

      Delete
  15. ඕකනෙ ඉතින් බැරි, ඔහොම දුක හිතවන්න හොඳද මම අහන්නෙ. බැරිද ෆෝන් එකට ලෙන්ස් හයි කරන්න?

    ReplyDelete
    Replies
    1. දුකහිතන්න දෙයක් නැහැ, ෆෝන් එකට ටෙලි ලෙන්ස් එකක් ගහන්න පුළුවන්. ඊළඟ පොස්ට් එකෙන් ඒ ගැන පින්තුර සහිතව පැහැදිලි කරන්නම්.

      Delete
  16. අනේ ඉතිං මට ඉරිසියාවේ බැරුවා ! මේ කුරුල්ලව දැක්කේ අදද කොහෙද මම නං

    ReplyDelete
    Replies
    1. හෑ.. ඔය පැත්තෙ නැති වෙන්න බෑනෙ රෙහානි.. මේ කවුඩො, මෙරු හෙම ඉගිලෙන කොට බලන්න ඕන උඩ ඉඳල අල්ලන හැටි.

      Delete
    2. ඔයා නුවර නේද රෙහනි? මුන් එහෙ ඉන්නවා. නමුත් මුන්ගේ කුඩුවක් දකින එකනම් හරිම දුර්ලබයි.

      Delete
    3. රෙහානි සබරගමුවේ නේද ...?

      Delete
    4. මම සබරගමු අයිලාෂ් ... මේ කව්ඩෝ ද ... එහෙනං දන්නවා හි හි

      Delete
    5. මට මතක තිබුනේ නුවර වගේ...

      Delete
  17. ආ... මේ අර පූසෝ දැක්කම ඤාව් ඤාව් කියන එක්කෙනා නේද...
    අපි මෙයාට කවුඩු පනික්කියා, කාකබාලයා කියල තමයි අමතන්නෙ.
    පින්තූර ටික ගොඩක් ලස්සනයි

    ReplyDelete
  18. 1). අම්මේ මෙන්න මූ හොරෙන් ෆොටෝ ගහනවා........

    2). මල්ලී, උඹ ඔය පැත්ත බලහන් මම මේ පැත්ත බලන්නන්. අරූ ඔත්තු බලන්නේ අපිව අල්ලන් යන්න මොක්කු හරි එවන්නද දන්නෑනේ.

    3). අම්මත් ආවා. මල්ලිටනම් ගානක්වත් නෑ. ඒත්... අරූ තාම ගහ මුල. මොන වදයක්ද මන්දා....

    4). ශිහ්: අම්මටත් මෙව්වයේ බරක් පතලක් තේරෙන්නෑ. ආයෙත් ගියා රෝන්දෙ. දැන් මං එපෑ මුන් ටික බලාගෙන අරූගෙන් බේරිලා ඉන්න. වැඩිමලා උනාම තියෙන වදයක්.

    5). අන්න එහෙම එන්නකෝ.... දැන් තමයි හිත පොඩ්ඩක් කූල් උනේ.. ඇති යන්තන්....

    ReplyDelete
    Replies
    1. නියමයි.... මම මේ කතාව ෆොටෝ වලට දැම්මා. ස්තුතියි.

      Delete
    2. කමෙන්ට් ඒක අගය කිරීමට බොහෝම ස්තුතියි!

      Delete
  19. සුපිරි ෆොටෝ ටික අයියේ.....ජයවේවා...........

    ReplyDelete
    Replies
    1. ගොඩ දවසකින් නේද මල්ලියේ.. බොහොම ස්තුතියි.

      Delete
  20. අර කූඩුවෙන් බිමට නොවැටී ඉන්න එක තමයි අරුමය !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සරත් මටත් ඔය කුඩුව දැක්ක දවසේ ඔයගැන හරිම පුදුම හිතුනා. මේ සත්තුන්ට පුදුම සංයමයක් තියෙන්නේ, මනු සතාට වගේ නෙවේ.

      Delete
  21. ෆොටෝ ටික නියමයි..ලෙන්ස් එක ගැන එහෙම විස්තර දැම්මනම් තව වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි,

      කැමරා එක Nikon 5100, ලෙන්ස් එක AF-S DX NIKKOR 55-300MM f4.5-5.6 ED VR

      මේ ෆොටෝ ඔක්කොම 300mm වලට zoom කරලා ගත්ත ඒවා.

      Delete
  22. මම මීට කලින් මේ කුරුල්ලන්ව දැකල තියෙනවද කියල එච්චර ගාණක් නෑ. කොහොම උනත් අයිලාශ් අයියා අරන් තියෙන පින්තූර ටික හැමදාමත් වගේ ලස්සනයි. ඒකටම ගැලපෙනව කැප්ශන් ටික :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්, මෙයා බොහොම සුලබව දකිනට ලැබෙන කුරුල්ලෙක්. බොහෝ විට උනන්දුවක් නැති නිසා නිරීක්ෂණය කරන්නේ නැහැ.

      ඇත්ත කැප්ෂන් ටික නම් මරූ. AKM මිතුරා තමයි කොමෙන්ට් එකකින් කැප්ෂන් ටික දුන්නේ. සම්පුර්ණ ගෞරවය AKM ට.

      Delete
  23. කියුට් පොටෝග්‍රැෆි. අපි කියන්නෙත් කව්ඩු පනික්කියා කියල තමා අර චන්දනය වගේම. මම හිතන්නේ මං චන්දනයගේ ගේ ගාවද කොහේද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. තැන්කිව්.
      ඔයා ඉන්නේ චන්දනගේ ගෙවල් ළඟ වෙන්න බැහැ, චන්දන ඉන්නේ පේරාදෙණියේ නෙවේ නේ.

      Delete
  24. අර දෙබස් ටික නම් නියමයි...
    මමත් ඉස්සර ගහක් උඩ ඉන්න ලේන්නුන්ට, කුරුල්ලන්ට දෙබස් කියනවා මිදුලේ ඉදං .. මට එක මතක් උනා... ලස්සන පින්තුර ටික!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා.

      ඇත්තට කියනවානම් පින්තුර වලට වඩා AKM දුන්න දෙබස් විට ලස්සනයි. විවේක තියෙන වෙලාවලට පරණ පොස්ට් ටික බලන්න.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...