Tuesday, July 2, 2013

නිවන් මග වැරදුනේ ඇයි


නිවන් මග වැරදුනේ ඇයි යන මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අප විසින් වරදවාගෙන ඇති ඉතාම සරල කරණා කිහිපයක්.  මෙම ලිපියේ කරුණු පැහැදිලි කිරීමේදී, පෙර ලිපි වල මෙන් සුත්‍ර උපයෝගී කර නොගෙන සරල උපමා කීපයක් තුලින් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.


අද බොහෝ පන්සල්, විහාර ආදියෙහි බණ භාවනා කරමින් සිටින බොහෝ පිරිසක් දකින්නට හැකි උවත්, ගුණ දම් අතින් එතරම් දියුණුවක් නොපෙනෙන බව නොරහසකි. එයට හේතුව කුමක්ද? අකාලික වූ ධර්මයකින් ප්‍රතිපල නොලබන්නේ ඇයි?  මේ සඳහා පොඩි උදාහරණ කීපයක් ගනිමු.

වෙදදුරෙක්  සොයා යාම.

බොහොම තද බල මාරාන්තික රෝගයකින් පෙලෙන රෝගීන් පිරිසක් , තම මාරාන්තින රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් සොයාගෙන යනවා. මොවුන්ට  බොහොම ප්‍රසිද්ධ, එම රෝගය නිට්ටාවට සුවකළ හැකි වෙදදුරෙක් හමුවෙනවා. කරුණු කරණා විමසීමෙන් පසු මේ රෝගින්  දැනගන්නවා මේ වෙදදුරාට එම රෝගය සුව කල හැකි බව. දැන් මොවුන් බෙහෙත් වට්ටෝරුව ලබාගන්නවා. ඒ සමගම ඔවුනට  බෙහෙත් පාවිච්චි කල යුතු පිළිවෙල, පත්තියම්  වියයුතු ආකාරය වැනි කාරනා මෙම වෙදදුරා බොහොම කරුණාවෙන් කියලා දෙනවා. 
දැන් තම තමන්ගේ මේ බෙහෙත් වටෝරු අරගෙන මේ රෝගීන් පිරිස ගමට යනවා එහෙම ගමට ගිය එක් එක් අය හැසිරෙන ආකාර පහත දැක්වෙනවා.

වෙදාගේ ගුණ කීම

මින් කොටසක් තමන්ගේ බොහෙත් වට්ටෝරුව තබාගෙන. එම බෙහෙත් පාවිච්චියෙන් වැලකි වෙද  මහතාගේ ගුණ ගායනා කිරීම පටන් ගන්නවා. බොහොම කරුණාවන්ත, බොහෝ  ලෙඩුන් සනීප කරපු වේද මහත්තයෙක්, අනේ අපෙන් සල්ලි ගත්තෙත් නැහැ, ඉතාම ගුණ සම්පන්න උතුමෙක් ආදී වශයෙන්. නමුත් කවදාවත් වෙදමහතා දුන්න බෙහෙත පාවිච්චි කරන්නේ නැහැ.

බෙහෙත් වට්ටෝරුවේ ගුණ කීම

තවත් කොටසක් ඉන්නවා බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ, අර දුන්න බෙහෙත් වට්ටෝරුව ගැන බොහොම පැහැදෙනවා, එහි අඩංගු ඖෂධ වර්ග වල වැදගත් කම, වටිනාකම ආදිය පිරික්සමින්, බෙහෙත් වට්ටෝරුවේ වටිනාකම කියමින්  සිටිනවා.

බෙහෙත් වට්ටෝරුව කියවීම

තවත් කොටසක් මේ බෙහෙත් පාවිචි නොකර උදේ සවස, බෙහෙත් වට්ටෝරුව කියවමින් ඉන්නවා. ඔවුනට අඩුම තරමේ මේ වට්ටෝරුවේ අඩංගු ඖෂධ වර්ග ගැන හෝ දැනීමක් නැහැ.

රෝගය නිසා බෙහෙත් නොබීම

මේ තවත් කොටසක්, ,මේ අය කියනවා අනේ ඒ වෙදමහතා හරිම හොඳයි, බෙහෙත් හරිම ගුණයි, ඒ බෙහෙත් බීපු හැමෝම නිට්ටාවට සනීප වෙලා. මගේ කරුමෙක මහත, මේ ලෙඩේ හින්දා මට මේ බෙහෙත වෙලාවට කරගන්න බැහැ. මේ ලෙඩේ නැතිනම් මේ බෙහෙත අපුරුවට බොන්න තිබුනා කියලා. ලෙඩේ නැතිනම් බෙහෙත් ඕන නැහැ කියලා මේ අයට තේරුමක් නැහැ.

බොන්න දුන්න බෙහෙත හිසේ ගෑම 

තවත් කොටසක් ඉන්නවා මේ වට්ටෝරුව අනුව බෙහෙත හදලා, බෙහෙත  බොන්නේ නැතිව හිසේ ගානවා.

පත්තියම් නොවන කොටස

මේ අය බෙහෙත් හදලා නියම ආකාරයට බොනවා, නමුත් වේද මහතා කියපු විදිහට පත්තියම් වන්නේ නැහැ. තමන්ට නුසුදුසුයි කියු දේවල්ම ආහාරයට ගන්නවා, පරිහරණය කරනවා.

බාගෙට බෙහෙත් බිම.

තවත් කොටසක් ඉන්නවා නියම ආකාරයට බොහෙත සකස් කරලා, නිවැරදි වෙලාවල් වලට බෙහෙත් බිලා, අගුණ ආහාර පාන ගන්නේ නැතිව, පත්තියම් වෙන කොටසක්. නමුත් ලෙඩේ ටිකක් සුව වේගෙන එනකොටම මේ අය බෙහෙත් බිම නවත්වනවා.


 සත් හට වන බව දුකට වෙදානන් 

 භව දුකට මහා වෙදනා  වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඖෂධය ගත්ත බොහෝ දෙනෙක්ට දැන් වෙලා තියෙන්නේ ඔය ටික. ඉතින් මදක් සිතන්න. ඔබ ඉන්නේ කොතනද?  ඔය කොටස් වලින් මිදී නිවැරදි ලෙස ධර්ම ඖෂධය පානය කරන්න.


මේ ධර්මයෙන් ප්‍රතිපල ලබාගැනීම ඉතාම පහසුයි. මේ ධර්මයෙහි ඔබ හැසිරෙන්නේ කොතරම්ද, එතරම් ප්‍රතිපල ඔබට ලැබෙනවා. නමුත් නිවැරදි ආකාරයට ධර්මය ග්‍රහණය කර නොගැනීම නිසා තමයි, එහි ප්‍රතිපල නොලැබී ගොස් තිබෙන්නේ. නිවැරදි පිරිසිඳු ධර්මය දැකිය යුතු වෙනවා. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ මතවාදයන් හිස මත තබාගෙන එයට අනුව ධර්මය ගලපන්නට යාමක්. එය සාර්ථක වන්නේ නැහැ.

මේ ධර්මය ඉතාම සියුම් දෙයක්, එහි සියුම් බව නිසාම තමයි මේ ධර්මය තමන්ගේ ජිවිත වලට ගලපාගන්න බැරිවෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය ලෙස පනවලා තියෙන්නේ තමන්ගේ සරිරයයි, ලෝකය වටහා  ගෙන ලෝකයෙන් එතෙරවීම කල යුතු වන්නේ තමන් තුලින්මයි. තමන්ගේ සිතේ තියෙන ලෝභ, ද්වේශ, මෝහ ඉවත් කිරීම තමයි කල යුතු වන්නේ. එසේ  ඉවත් කිරීමට පෙර මේ ධර්මතා තමන්ගේ සිතේ තියෙන බවවත් දැනගත යුතු වෙනවා.

 බොහෝ දෙනෙක්ට තමන්ගේ සිතේ තියෙන මෙම ධර්මතා දකින්න තරම් පැහැදිලි නිරවුල් මනසක් නැහැ. ඒ අයගේ මනස එතරම් අවුල්, බොහෝවිට ද්වේශයෙන්, මෝහයෙන් පිරිලා. ඒ හේතුව නිසාම අන් අයට දොස් කියමින්, අන් අයගේ වැරදි සොයමින් ඔවුන් නිවැරදි කරන්න උත්සාහ ගන්නවා විනා, තමන්ගේ නිවැරදි වීම ගැන  හිතන්නේ නැහැ. ඒ අය හිතන්නේ තමන් නිවැරදි පිරිපුන් අය ලෙසයි.  එවැනි අයට කිසිදා මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ.

එබැවින් පළමුව නිරවුල් මනසක් ඇතිකරගන්න. තමන් කරණ,  කියන සැම ක්‍රියාවක් ම නුවණින් දකින්න උත්සාහ ගන්න. ඒ තුල ඇත්තේ ලෝභ, ද්වේශ, මෝහ (මෙම අකුසල මුලයන් තුනම එකවර එක සිතක නොයෙදේ, එකවර යෙදෙන්නේ ලෝභ, ද්වේශ හෝ ලෝභ, මෝහ පමණි. ද්වේශ සහ මෝහ එකවර එක සිතක නොයෙදේ)  ,යන අකුසල මුල්ද, නො එසේනම් අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මුල්ද කියා විමසිලිමත් වන්න.

මෙය එකවර ඔබට කල නොහැකි වුවත් ක්‍රම ක්‍රමයෙන් පුහුණු කල හැක. මුලදී ඔබ යම් ක්‍රියාවක් සිදු කරණ විට මෙලෙස මෙනෙහි කිරීමට නොහැකි වේවි. නමුත් එම ක්‍රියාව කල පසු හෝ ඔබට එම ක්‍රියාව සිදු වුනේ අකුසල මුලයන් නිසාද නොඑසේනම් කුසල මුලයන් නිසාද කියා විමසිය හැකිනම්, ක්‍රම ක්‍රමයෙන් ඕනෑම ක්‍රියාවක් කිරීමට සිතෙන විටම ඒ ගැන මෙනෙහි කිරීමේ හැකියාව ලැබේවි. එවිට ඔබට අකුසල මුලික ක්‍රියා හඳුනාගෙන එයින් වැලකි සිටීමට හැකි වේවි. මෙලෙස ඔබගේ සිත පුහුණු කිරීමට තැනක්, වෙලාවක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම පමණි.

සැමට ධර්මාවබෝධය ලැබේවා !!!!

31 comments:

  1. අයිලාශ් අයිය අරන් තියෙන උදාහරණය නම් මාතෘකාවට හරියටම ගැලපෙනවා. ධර්මය නමැති ඔරුව කරේ තියාගෙන ගිහින් වැඩක් නෑ. එය පාවිච්චි කරලා මේ සසරින් එතෙර වෙන්න උත්සහ කිරීමයි විය යුත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි චම්ස්

      Delete
  2. මං හිතන්නේ බොහෝ අය උත්සාහ කරනවා ඒ මාර්ගයේ යන්න නමුත් මේ ජීවන අරගලය සමග පොර බදන මිනිසාට සමහර අවස්ථවන් වලදී ඒ මාර්ගයේ යන්න බැරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.

      Delete
  3. ඉහත කියමන එක්ක නම් දහස් ගුණයක් එකඟයි අයිලාෂ්. දෙවැන්න නම් මේ ජීවන රටාවත් එක්ක කරන්න අමාරුයි. ඒකම තමා අපේ කරුමය.අමාරුවෙන් හෝ කරන්න හැකිනම් එතැන නියම සුවය ඇත. දොහොත් මුදුන් තබා අදහස පිළිගන්නවා. අද පවතින සංකීර්ණ ආර්ථික රටාවත් එක් මෙවන් දිවියක් ගෙවන්න අසීරුයි. ඒ අපේ පව්කාර කම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ඔබගේ අදහස් දැක්වීමට.

      //දෙවැන්න නම් මේ ජීවන රටාවත් එක්ක කරන්න අමාරුයි.//
      නැහැ නලින් කොහෙත්ම අපහසු නැහැ. මම ඔය පොස්ට් එකේ අවසානයක කියලා තියෙනවා වගේ කරණ සැම ක්‍රියාවක් ගැනම විමසිලිමත් වෙන්න දැනට ඒ ඇති. මේ විදිහට පටන් ගත්තොත් ඔබට දිගු ගමනකට එය ඉතා ප්‍රයෝජනවත් වේවි.

      //අද පවතින සංකීර්ණ ආර්ථික රටාවත් එක් මෙවන් දිවියක් ගෙවන්න අසීරුයි. ඒ අපේ පව්කාර කම. //
      නැහැ නලින් ඒ පවුකාර කම නෙමේ. ඕන කමක් නැති එක.

      මෙහෙම හිතන එක තමයි මම අර "ලෙඩේ නැතිනම් බෙහෙත් ගන්න පහසුයි" කියන කොටසට ඇතුලත් කරලා තියෙන්නේ. මේක තමයි අවස්ථාව. කාර්ය බහුල ජිවිතයට ඉතාම ප්‍රයෝජනවත්. ඒ කාර්ය බහුලත්වය නිසාම ඇතිවන මානසික ගැටළු වලින් මිදී අකම්පිත සිතක් ඇතිකරගෙන සතුටින් ජිවත් වෙන්න මෙය තමයි හොඳම ක්‍රමය. අත්හදා බලන්න ඔබටම ප්‍රත්‍යක්‍ෂ කරගන්න හැකියි.



      Delete
    2. ස්තුතියි වෙර දරනවා මේ අයුරින් ක්‍රියාත්මක වෙන්න

      Delete
    3. ඔබට තව පොඩි උදාහරණයක් දෙන්නම් නලින්,

      කැලයෙන් අල්ලාගෙන එන කුළු හරකෙක් හිලෑ කිරීම පිණිස කඹයකින් ගැටගසන විට දිගු කඹයකින් ගැට ගසන්න ඕන, මේ සතාට දුවන්න පනින්න ඉද දීලා, එහෙම නැති උනොත් ඌ කඹය කඩාගෙන යනවා, පසුව ක්‍රම ක්‍රමයෙන් මේ කඹය කොටකරමින් හතා හිලෑ කරන්න ඕන.

      සිතත් ඒ වගේ තමයි, පුරුදු පුහුණු කරමු නැති සිතකට එක්වරම අරමුණක රගෙන්න බැහැ. ඒ නිසා තමයි මම මුලින් මුලින් තමන් කල ක්‍රියාවන් ගැන මෙනෙහි කරන්න කිවේ, එවිට ඔබටම වැටහේවි ඒ ක්‍රියාවන් කර තිබෙන්නේ මොන චේතනාවන් මුල් කරගෙනද කියලා. මොන ආකාරයක චේතනාවක් මුල් වෙලා එම ක්‍රියාවන් කර තිබුනත් ඒ පිළිබඳව පසු තැවෙන්න එපා, එය දැන් සිදුවී අවසානයි. මෙලෙස කලක් පුහුණු කරනවිට කියව කරීම හා සමගම ඔබට එහි චේතනාව අරමුණු වෙන්න ගනීවි, තවත් දුර යනවිට ක්‍රියාව සිදු කිරීමට පෙරම එහි චේතනාවන් අරමුණු වෙමට පටන් ගනීවි. එවිට ඔබට ඔබගේ ක්‍රියාවන් සිදුකිරීමට පෙරමඑය කල යුතු දෙයක්ද නැතිද යන්න දන ගැනීමට හැකියාව ලැබෙනවා.
      දැනට මේ ප්‍රමාණවත්.

      Delete
  4. අයිලාෂ් අයියා සරළව හැමෝටම තේරෙන විදියට පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම අපි හුග දෙනක් වරද්ද ගෙන තියෙන්නේ ඔතන තමා. කොහොමින් කොහොම හරි වැරැද්ද තේරුම් අරන් ඒවා හදා ගෙන අපි හැමෝම බලන්න ඕනි මේ සසරෙන් ඉක්මනින් එතෙර වෙන්නයි.

    ReplyDelete
    Replies
    1. සසරෙන් එතෙර වන්න තියෙන්නේ තමන්ගේ සිත හදාගැනීම තුලින්ම තමයි සමනලී. නමුත් බොහෝ දෙනෙක්ට එහෙම උවමනාවක් නැහැ.

      Delete
  5. මේ දවස්වල පෝස්ට් ටිකක් වෙනස්ම එව්වා :O හැබැයි සරලයි, ලස්සනයි,, වටිනාවා.. :D

    ReplyDelete
    Replies
    1. මේ කරණා තේරුම් ගන්න උත්සාහ කරන්න.

      Delete
  6. හුඟක් අය මේ බේතම වෙන අනාගත වෙදෙක් ලඟදි බොන්න හිතන් පරිස්සම් කරනවා නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා මේක මතක් කලාට.

      ඒ වෙදාගෙන් ලැබෙන්නෙත් මේ බෙහෙතම තමයි.

      Delete
  7. ගැලපෙන උදාහරණයක් ඇසුරෙන් හරිම ලස්සනට පැහැදිලි කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි, ඉදිරියේදී තව කරණා ටිකක පැහැදිලි කරගනිමු.

      Delete
  8. බ්ලොග් අවකාශයේ හැසිරීම් හොඳින් හඳුනාගෙන එයට ගැළපෙන ලෙස සකසා පල කරන මෙවන් ලිපි මාළාවක් බෙහෙවින් වටිනවා අයිස්ලාෂ් අයියේ..අද පෝස්ටුව වෙනුවෙන් අරන් තියෙන උදාහරණය බෙහෙවින්ම ගැළපෙනවා සහ එක මොහොතෙන් තේරුම් යනවා..අවංකව හිතන ඕනෙම කෙනෙකුට හොයා ගන්න පුළුවන් තමන් ඉන්නේ කොතැනද කියලා..

    බුද්ධියක් ඇත්තෙකුට ඒ ටිකම ඇති ඉදිරි පියවර තබන්න ...

    අවසාන වශයෙන් බොහෝමත්ම ස්තූතියි සහ විශාල පිනක් මෙවන් ලිපි පළ කිරීම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ අදහස් දැක්වීමට,

      //අවංකව හිතන ඕනෙම කෙනෙකුට හොයා ගන්න පුළුවන් තමන් ඉන්නේ කොතැනද කියලා..//

      අවංකව හිතන අය තමයි නැත්තේ

      Delete
  9. හොද පැහැදිලි කිරීමක් අයිලාෂ්

    ReplyDelete
  10. මලේ කලින් ලිපිවල වගේම වැදගත් කාරණයක් ඉතාම සරලව පැහැදිලි කරලා තියෙනවා. නිර්මල බුදු දහම, බෞද්ධ සංස්කෘතියෙන් හා බෞද්ධ සාහිත්‍යයෙන් වෙන් කරලා අවබෝධ කරගෙන ජීවිතයට එකතු කරගැනීම හුඟ දෙනෙක් කරන්නෙ නෑ. එහෙම කරනවා නම් අපිට තියෙන වැඩිහරියක් රෝග වලින් මිදෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගාමිණි අය්යේ, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ සාහිත්‍යය අත්හැර දැමිය නොහැකි වුවත් වඩා වැදගත් වන්නේ ධර්මය නිසියාකාරව ජිවිතයට ගලපා ගැනීමයි.

      Delete
  11. ඉතාමත් සරලව නිදසුන් සහිතව ලිපිය ලියා ඇත.අගය කරමි.

    ReplyDelete
    Replies
    1. http://www.cameralk.com/
      අයියේ මට තව පොඩි උදව්වක් කරන්න.මේ කැමරාව හොඳයිද කියන්න.

      Delete
    2. මොන කැමරා එකද ? Nikon D7100 එකද? එක නම් ඉතා හොඳයි.

      Delete
    3. නැ නැ ඔය මම දාල තියෙන ලින්ක් එකේ තියෙන්නේ.

      Delete
    4. මේ ලින්ක් එක බලන්න

      Canon 600D vs Nikon D5100

      canon කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්, ඔයා කියන කැමරා එක හොඳයි. නමුත් මගේ පුද්ගලික අදහස නම් Nikon වඩා හොඳ බවයි. දීලා තියෙන ලින්ක් එක බලන්න. Nikon D5100 එකක් ඔය මිලටම 18-55 ලෙන්ස් එකක් සහ 55-300 ලෙන්ස් එකක් එක්ක ගන්න පුළුවන්. එය වඩා හොඳයි.

      මොන කැමරා එක ගත්තත් අනිවාර්යයෙන් ඒජන්ට් ගෙන් ගන්න.
      Nikon - Photo Technica
      Canon - Metropolitan

      විස්තර දැනගන්න ඕනේ නම් මට මේල් එකක් දාන්න ayilas419@gmail.com

      Delete
    5. තව දෙයක් කියන්න අමතක උනා. ඔයාට නිතරම මුහුද ආශ්‍රිතව බාවිතා කරන්න නම් ඔය කැමරා දෙකම හරියන්නේ නැහැ. ඔය මොඩල් දෙකෙම Weather sealed body එකක් නැහැ. එහෙම අවශ්‍ය කරනවානම් Nikon D7000 හෝ Canon 7D එකක් වගේ ගන්න වේවි.

      Delete
  12. අපි නම් හැකි අයුරින් වෙනස් වෙන්න උත්සාහ කරනවා. ජීවිතේ එන හැම හැල හැප්පීමක්ම ඒකට රුකුලක්..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි සරත්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...