Monday, May 6, 2013

-Focus කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera



අපි හිතමු යම් අවස්ථාවක අපි ගත්ත ඡායාරුපයක සටහන්වුන රුපයක අපිට අවශ්‍යම  පුද්ගලයෙක් හෝ වෙනත් දෙයක් ෆෝකස් වෙලා නැතිනම් මොකද කරන්නේ. කරන්න කිසිම දෙයක් නැහැ නේද, මෙන්න දැන් එකට විසඳුමක් විදිහට අලුත් කැමරාවක් එළිදක්වලා තියෙනවා. මේ කැමරාවට කියන්නේ Lytro - Light Field Camera කියලා.

Lytro - Light Field Camera  එකෙන්  ගන්න ෆොටෝ එකේ ඇති ඕනෑම තැනක්  පසුව නැවත ෆෝකස් කරන්න පුළුවන්.

මං තුමා මේ කැමරාව ගැන දැනගත්තේ විකියෙන්, ඉතින් මං තුමාට හිතුනා, මේ බ්ලොග් එක කියවන ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස මේ ගැන පොඩ්ඩක් කියන්න. පහල ලින්ක් එක දීලා තියෙනවා විස්තර එතනින් බලාගන්න. 

මං තුමාටත් මේ කැමරාවක් ගන්න හිතිලා හොයලා බැලුවා, තාම ලංකාවේ මිලදී ගන්න නැහැ. ඒ නිසා අදසහ අතහැර දැම්මා. මේ කැමරාවේ දියුණුවත් සමග ඡායාරුප කරණයේ ලොකු වෙනසක් වෙන්නත් ඉඩ තියෙනවා.




මේ ගැන වැඩි තොරතුරු පහත ලින්ක් වලින්  කියවන්න.


Lytro Experience

පහත තියෙන ෆොටෝ වල out of focus  වෙලා තියෙන තැනක් focus  කරන්න ඕන නම් එතැන ක්ලික් කරන්න.


























44 comments:

  1. ශාහ් කියවෙනවා දුටුවහම !

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම හිතිලා තමයි එකක් ගන්න හිතුනේ.

      Delete
  2. තාක්‍ෂණය ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්නවා බොහොම ඉකමනට නියමයි ආ....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එක එහෙම තමයි මොරබ්බා.

      Delete
  3. මට හිතෙන්නේ මේ කැමරාව වෙනම මාධ්‍යයක් විදිහට දියුණු වෙයි කියලා.. මේකෙ ෆෝකස් එක වගේම ඡායාරූපය ගන්න කෝණයත් යම් තරමක් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය කැමරාවල සිදිවෙන පරිදි 2D තලයක වෙනුවට 3ඩD ආකාරයෙන් ආලෝකය ග්‍රහණය කරගන්න පුළුවන් නිසා තමයි මේ දේවල් කලහැකි වන්නේ.

    සාමාන්‍ය ඡායාරූපකරණයේදී මේක ජනප්‍රිය නොවෙයි කියලා මට හිතෙනවා... ඡායාරුපකරණයේ විශේෂත්වය රැඳිලා තියෙන්නේ යම් මොහොතක් ග්‍රහණයක කරගැනීම මත. යම් යම් විචල්‍යයන් පසුව වෙනස් කල හැකි උණත්, මූලිකව ඡායාරූපය ග්‍රහණය කරගත්ත 'මොහොත' වෙනස් වෙන්නෙ නැහැ.. කෝණය සහ ෆෝකස් එක වෙනස් කිරීම කියන්නේ ඒ මූලික නීතියට පටහැනි දෙයක් විදිහටයි මට පේන්නේ. ඒ නිසා එය වෙනම මාධ්‍යයක් විදිහට ගමන් කරයි කියලා තමයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි තිසර.

      මට හිතෙන්නේ point and shoot භාවිතා කරන ය අතර මේක බොහෝ ජනප්‍රිය වේවි, මිල ගණන අඩු උන පසු.

      Delete
  4. මේකනං නියම තාක්ෂණයක් තමයි.
    නමුත් තිසර අන්තිමට කියල තියෙන දේවල් වලට මමත් එකඟවෙනව. ප්‍රවෘත්ති වාර්තාකරණය, අපරාධ පරීක්ෂණ වගේ දේවල් වලටනං මේක වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය හරි ප්‍රසන්න, ඔබ කියලා තියෙන අංශ වලට අමතරව සිහිවටන ලෙස ඡායාරුප ගන්නා ය අතරත් මෙය ජනප්‍රිය වේවි කියලා හිතෙනවා.

      Delete
  5. අඩේ එහෙම ඒවත් තියෙනවැයි දැං.. නියමයිනේ.. ඔය පෝකස් නං මං දන්නෑ හැබැයි මගේ නං හොදට පෝකස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹේ මොකක්ද මචං හොඳට ෆෝකස් වෙන්නේ?

      Delete
    2. හැක් හැක්... කැමරාව තමා.. කළුවරේ හොදටම වැඩ...

      Delete
    3. නියමයි, නියමයි

      Delete
  6. ෂහ්.. මරු භාණ්ඩයක් නේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එක තමයි මලයෝ, නමුත් හැඩයනම් ඉතින් දත් බෙහෙත් පැකට් එකක් වගේ නේද?

      Delete
    2. //දත් බෙහෙත් පැකට් එක වගේ/// ඒක නම් ඇත්ත. :)

      Delete
  7. මම ඕක ගැන පරිගණක එකේ තියෙනවා දැක්කා.කොහොම වුනත් අයියලට නම් වටිනවා තමා.ඒත් මේක මුද්‍රිත ජයාරූප වලට වැඩක් ගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි අනිත් ෆොටෝ මුද්‍රණය කරනවා වගේම තමයි.

      Delete
  8. මාරයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. තාක්ෂණය හැම ගැටලුවකටම ක්‍රමයෙන් පිළිතුරු සොයාගන්නවා නේද අපි කැමති වුනත් අකමැති වුනත්. මෙතනදි කරනවා ඇත්තේ තොරාගත්ත ස්ථානයේ තියෙන පික්සල් enhance කරලා වෙන්න් ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේකේ කියලා තියෙන්නේ ෆොටෝ එක light schema එකක විදිහට තියාගන්නවා කියලා.

      Delete
  10. මේ සිමිව්ලේටර් නම් වැඩ නැහැ.ඒ නිසා කියපු කාරණාව හරියටම වැටහුණේ නම් නැහැ මට.ඉන්නකෝ මන් අලුත් කම්පියුටරයක් ගේනකම්.

    අහ පොඩ්ඩක් ඉන්න..ඔයා දීලා තියෙන ලින්ක් වලට ගිහින් බලන්න..ඒවා වැඩ ඇති...

    ReplyDelete
    Replies
    1. බැහැ බැහැ වැඩේ හරියන්නේ නැහැ... නැති ඒවා නැහැම තමයි කොච්චර කරත්.ආයෙ අරහේ මෙහෙ දිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ..:(

      Delete
    2. ඔයාගේ කොම්පුටරේ අවුලක් වගේ.

      Delete
  11. අර රොබෝවෙක්ද මොකෙක්ද ඉන්න ෆොටෝ එකෙයි ගුවන් යානා තියෙන ෆොටෝ එකෙයි නම් ෆෝකස් කලාට වෙනසක් පෙණුනෙ නෑනෙ. කොහොම උනත් ඉතින් මේ වගේ කැමරාවක් අපරාධ පරීක්ශන වැඩවලදි එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මටත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ දෙකේත් වෙනස පෙනෙනවා චම්ස්.

      Delete
  12. අම්ම ගායි බැට් එකෙන්. මේකෙන් වෙන්නෙ එකම පින්තූරෙ ෆොටෝ ගොඩාක් ගහල තියගන්න එකද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. නැහැ, ඒ අවස්ථාවේදී රුපරාමුවට හසුවෙන කොටසේ ආලෝක තත්වයන් සටහන් කරගැනීමක්. light schema කියලා තමයි මේ ගැන විස්තර වල තිබුනේ.

      Delete
  13. ඔන්න මචං මගේ කමෙන්ට් එක උඹේ බ්ලොගෙත් ස්පෑම් වෙලා.

    ReplyDelete
    Replies
    1. ආ.. උඹව එළවන්න අපි කරන වැඩ ඒ... හැක් හැක්... ස්පෑම් ක්‍රයර්..

      Delete
    2. මචං උඩ කමෙන්ට් එක දැම්මෙ මම. බ්ලොගර් ප්‍රොෆයිල් එකින් දැම්මම ස්පෑම් වෙන හන්දා.

      Delete
    3. අනේ සොරි වෙන්න ඕන මචෝ. මම ස්පෑම් බැලුවේ නැහැ දැන් හරි ඔන්න උඩින් තියෙනවා දිලිසි දිලිසී.

      Delete
  14. අඩේ මම පැය කාලක් විතර ක්ලික් කර කර හිටියා..පට්ට..ඕකට සොෆ්ට්වෙයා එකක් ඕනිද වෙනම. මට හිතෙන්නේ එක පැත්තකට බ්ලර් ඉෆෙක්ට් (blur Effect) එකක් වැටෙනවා වගේනේ අයියේ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කැමරා එකත් එක්ක සොෆ්ට් වෙයාර් එක ලැබෙනවා ඇති.

      Delete
  15. අනේ මට මේවා තේරෙන්නෙ නෑ අයියේ..

    ReplyDelete
    Replies
    1. මොකද අනේ, තේරෙන්නේ නැත්තේ?

      Delete
  16. අන්න සැම්සුන් ඇඩ් එකක් දැක්ක Photo with Sound කියල. එතකොට ඒක Video නෙමෙයිද දන්නෙ නෑ :P
    .
    ඔය කියන විදියට කොහොමත් ඕක සමාන්‍ය ෆෝමැට් එකක් වෙන්න බෑ. ඒක හින්ද සෑහෙන්න මෙගාබයිට් ගානකුත් යනව ඇති. වෙනම සොෆ්ට්වෙයා එකකුත් ඕන ඇති. මම දැක්ක විදියට මේකෙ තිබ්බ හුඟක් ෆොටෝ වල තැන් දෙකක් වගේ තමා ෆෝකස් වෙලා තිබ්බෙ. අන්තිමේදි බලපුවහම තියන කැමරාවකින් ෆොටෝ තුන හතරක් ගන්න එක ලේසියි ලාබයි වගේ. මේක හොඳයි ෆන් එකට :)

    ReplyDelete
    Replies
    1. මේක තව දියුණු වෙලා ඒවි .

      Delete
  17. මම ඇහුව දේට ටිකක් සමානයි නමුත් හරියට විස්තර නැහැ අයියේ

    ReplyDelete
    Replies
    1. අයි බන් මල්ලියේ උඹ කොමෙන්ට්ස් නැවත බලන්නේ නැතිද රිප්ලයිකොරලා තියෙන්නේ මොනවද කියලා. මම උඹ අහපු ප්‍රශ්නෙට එදාම රිප්ලයි එක දුන්නා.

      Delete
  18. පිස්සු බම්ප් වෙනවනේ බං මේක දැකලා!!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඕක දැකපු ගමන් එහෙම උනා නාඩියෝ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...