Wednesday, April 3, 2013

කුරුල්ලන්ගේ ඡායාරුප ගනිමු.


මිට කලින් පොස්ට් කීපයකම කුරුල්ලන්ගේ ඡායාරුප පලකලානේ. අද මේ පොස්ට් එකෙන්, මගේ ප්‍රියතම අංශය වන  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ගැන කෙටි හැඳින්වීමක් කරන්න හිතුවා.

වනජීවීන්  අතර බොහෝ සුලබව දකින්නට ලැබෙන සත්ව කොටස තමයි කුරුල්ලන් කියන්නේ. ගෙවත්තේද බොහෝ කුරුළු විශේෂ දකින්නට පුළුවන්. මේ අය  හඳුන්වන්නේ ගෘහාශ්‍රිත පක්ෂීන් එහෙම නැත්නම් Garden Birds ලෙසටයි.  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට කැමති ආධුනිකයන්  මුලින් මේ ගෘහාශ්‍රිත පක්ෂීන්ගේ ඡායාරුප ගැනීම  වඩා සුදුසු වන්නේ, ඔවුන් අනිකුත් පක්ෂීන්ට වඩා මිනිසුන්ට දක්වන බිය සහ කුලෑටි ගතිය අඩු නිසයි.  කෙසේ වෙතත් වනජීවී ඡායාරුප කරණයේදී කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ඉතාම දුෂ්කර බව කිවයුතු වෙනවා.


කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමේදී  ඔබ;

1. පරිසරය තුල සැඟවී සිටීමට දක්ෂ විය යුතුයි: මේ සඳහා කොළ පැහැති යුත් ඇඳුම් භාවිතය සුදුසු වෙනවා, දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් කිසිසේත් අදින්න එපා. සමහර විට  Sniper කෙනෙක් වගේ වෙස්වලා ගන්නත් සිදුවෙනවා. හැකිනම් ඔබේ කැමරාවට  කොළ පැහැ  ආවරණයක් යොදන්න.

2.ඔවුන්ගේ චර්යා රටාවන් ඉතා හොඳින් අධ්‍යයනය කල යුතු වෙනවා.  බොහෝවිට ඔවුන් එන්නේ එකම ගසකට, සමහර විට එකම අත්තකට. මේ රටාවන් හඳුනාගැනීමෙන් ඔබේ කාර්යය වඩා පහසු වෙනවා පමණක් නොව ඔවුන්ගේ දුර්ලභ අවස්ථාවන් ග්‍රහණය කරගත හැකි වෙනවා.

3.ඉතා දැඩි ඉවසීමක් තිබිය යුතුයි. පක්ෂීන් ඉතාමත් සංවේදී කොටසක්. අපේ සුළු සෙලවීමක් උනත් මේ අය ඉතා හොඳින් හඳුනාගන්නවා. එමෙන්ම ඉතා සුළු ශබ්දයකින්  උනත් පක්ෂීන් ඉතා දැඩි ලෙස තැතිගැනිමකට ලක්වෙනවා.කිසිම විටක ඔවුන් බිය වෙන ආකාරයේ චලනයක් හෝ ශබ්දයක් කරන්න එපා. සමහර විට ඔබට එක ඡායාරුපයක් ගැනීම වෙනුවෙන් කැමරාව මානාගෙන පැයක් හෝ ඊට මදක්  අඩු වැඩි කාලයක් ගතකිරීමට වුවද සිදුවනු ඇත. ඔබගේ නිසොල්මන් තාවය මත ඔවුන්ගේ බිය පහව  යනු ඇත.

4. ඔවුන් ගේ බිය දැක්වෙන සීමාව ( circle of fear ) හඳුනාගන්න. සමහර කුරුළු විශේෂ වෙත මීටර 2ක් පමණ ලඟා විය හැකි වුවත් සමහර විශේෂයන් වෙත මීටර 20 කට වඩා ලඟා වීම අපහසු වේ.

5. කුඩු සැදීමේ යෙදී සිටින සහ බිත්තර රකින අවස්ථාවන්ගේ ඡායාරුප ගැනීම කලයුත්තේ ඔබ ඒ ගැන මනා අවබෝධයක් ඇත්නම් පමණි. ඡායරුපයට වඩා පරිසරයට එකතුවීමට සිටින කුරුළු පැටවුන් ඉතා වටිනා බව සිහි තබාගන්න.

6. ඔබගේ ඡායාරුපය වෙනුවෙන් ගහක කොලයක් හෝ කැඩීමෙන් වැලකි සිටිමට තරම් කාරුණික වන්න. පරිසරයට ආදරය කරන කෙනෙකු වන්න.



අවශ්‍ය උපකරණ;

1. DSLR හෝ High-end Bridge කැමරාවක් 
2. ටෙලි ෆොටෝ ලෙන්ස් - මි.මි. 300 හෝ ඊට වඩා වැඩි නාභි දුරක් සහිත. මෙයට වඩා අඩු නාභි දුරක් ඇති විට අවශ්‍ය තරම් ඔබගේ වස්තුව (subject) වෙත ලඟා විය නොහැකි වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත නොහැක. නමුත් ගෘහාශ්‍රිත පක්ෂීන් ඡායාරුප ගත කිරීමට නම් මි.මි.150 වැනි කාචයක් උවද සෑහේ.
3. හොඳ Tripod (තෙපාවක්) එකක්.


මේ පහත තියෙන්නේ මගේ කැමරාවට හසුකරගත්, මම ඉතා ආසාකරන ඡායාරුප කීපයක්.





තවත් කුරුළු කුඩු දෙකක් ෆොටෝ ගන්න අවස්ථාව ලැබුනා, කහ කුරුල්ලා ගේ සහ කවුඩා ගේ. ඒ ෆොටෝ පසුව පෙන්නන්නම්.

36 comments:

  1. හ්ම්ම්ම්ම් හොඳ මග පෙන්නීමක් අයිලෂ් අයියේ..
    ඔයාගේ කලින් කුරුළු බිත්තර වලින් පැටව එනකම්ම
    අරන් තිබ්බ ෆොටෝ වලින් මේ පෝස්ට් එකේ අගය වැඩි..
    පිංතූර ටික නම් හරිම ලස්සනයි...මම කියනවට

    " දුක්ඛිත ජීවිත " කියන මාතෘකාව යටතේ ෆොටෝ ටිකක්
    ගන්නකො..මට හොදටම ෂුවර් පපුවටම කතා කරන පින්තූර ටිකක්
    ඔයාට ගන්න පුළුවන්....

    ( සත්තු වේවා , මනුස්සයෝ වේවා , ගහ කොළ වේවා ඕනෙම දෙයක් ඉලක්ක කරන් ගන්න )

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ඔයාගේ අදහස් වලට සහන් මල්ලි.

      "දුක්ඛිත ජිවිත" හ්ම්ම් බලමු එකත් උත්සහ කරලා.

      Delete
  2. සුපිරි ආ......
    මගේ යාළුවෙකුත් ඉන්නවා.
    අපේ බැචෙක්... ඌටත් පුදුම කුරුළු පිස්සුවක් තියෙන්නේ.

    මෙන්න පොටෝ කාමරේ... උපරිමයි ඈ...
    https://www.facebook.com/media/set/?set=a.223762701088572.56089.223753107756198&type=3

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩා කොපි කරන්න බෑ නෙහ්... මෙන්න ලින්කුව

      Dulitha sameera photography

      Delete
    2. ඒ ෆොටෝ ටික බැලුවා රජෝ..

      සුපිරියි
      නියමයි
      ශෝක්
      මරු .....

      Delete
  3. ටැන්කූ අය්යේ... ^_^ කැමරාවක් අරන් කපුටෙක් පස්සෙන්වත් යන්න ඕනි අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. ෂා නියම අදහස, හැමදාම දකින නිසා ඔය කපුටා පෙනෙන්න බැරි උනාට,ඇත්තටම කියනවානම් ඌත් හරි හැඩකාරයෙක් නේද ශම්මි. ගන්න ඕන මමත් කපුටෙක් දෙන්නෙක්ගේ ෆොටෝ ටිකක්.

      Delete
  4. ඔයා කියලා තියනවා මේ වගේ ඡායාරූප ගැනීමේදී ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන්ට ඕනි කියලා. ඒ කියන්නේ ඔයා හොඳ ඉවසීමක් තියන කෙනෙක් වෙන්ට ඕනිනේ.

    ඒ වගේම ඔබ හරිම දක්ෂයෙක්. අරගෙන තියෙන ඡායාරූප විස්තර කරන්ට මගේ ශබ්දකෝෂයේ වචන මදි. ඒවායේ ආලෝකය, වර්ණය, දුර, මේ හැමදෙයක්ම ඉතා පැහැදිලිවත්, අපූරුවටත් පේනවා.

    මිනිස්සුන්ගෙත් මේ වගේ ලස්සන ඡායාරූප අරගෙන තියනවද?:)

    ReplyDelete
    Replies
    1. මට හොඳ ඉවසීමක් තියෙනවද කියලා මම දන්නේ නැහැ පොඩි. නමුත් කැමරාව මානාගෙන නොසෙල්වී බලාපොරොත්තුව ඉටුවෙනකල් හිටපු වාර ගණන නම් බොහොමයි.

      ඔබගේ අගය කිරීම ගොඩාක් වටිනවා.

      මිනිස්සුන්ගේ ෆොටෝත් අරගෙන තියෙනවා, නමුත් මටනම් හිතෙන්නේ මේ සත්තු මිනිස්සුන්ට වඩා ගොඩාක් ලස්සනයි කියලා, රුපයෙන් වගේම හදවතිනුත්. එහෙම නේද?

      Delete
  5. ලේසි නැහැ නෙහ් වැඩේ? හරියට ආමි මිෂන් එකක් වගේ හෙහ් හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ තමයි සමහර වෙලාවට.

      Delete
  6. අර කොල කොට්ටෝරුවා හරහට ඉන්න එක නම් සුපිරි. ෆොටෝ එකටම ඉන්නව වගේ.. නියමයි

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආස කුරුල්ලෙක් තමයි කොල කොට්ටෝරුවා.

      Delete
  7. බොහොම ස්තුතියි මේ පාඩමට. ම්ම් යුද බිමේදී කුරුළු ජීවිතය නිරීක්ෂණය කල අවස්ථා තිබුනා සමහර වෙලාවට යුද්ධය පැත්තක තියලා. කෝකිලායි කලපුවේ කුරුළු ජීවිත හරිම ලස්සනයි. ගිහින් බලන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබේ සැඟවුන වෙඩිකරු ගැන කියවනකොට මට මතක් උනේම කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට කැපවෙන ඡායාරුප ශිල්පියෙක්ව.

      මම උතුර නැගෙනහිර පළාත් වලට තාම ගිහින් නැහැ.

      Delete
  8. සුපිරියි!

    උඹ දන්නවද මගේ කැමරාවට නිතර අහුවෙන දේවල්? රුචිකත්ව විවිධයිනේ. වාහන!!! විවිධ කෝණ වලින්.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මචං,

      මමත් ආසම කරන දේ වාහන උනත් මගේ කැමරාවට කවදාවත් වාහන අහුවෙන්නේ නැහැ.

      Delete
  9. මේ වගේ දැනුවත් කිරීම් ඉතා වැදගත්.
    ඒ වගෙම දාල තියෙන ෆොටෝ ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න, කුරුල්ලන්ගේ ෆොටෝ ටිකක් ගන්න කති ආධුනිකයන්ට වැදගත් වන කරුණු ටිකක් තමයි මේ.

      Delete
  10. මමත් කුරුල්ලන්ගේ ෆොටෝ ගන්න ආසයි, ඒත් ඒ වෙනුවෙන් තාම ලොකු කට්ටක් නම් කාලා නෑ. ඔය වටේ පිටේ පේන්න හිටියොත් ගන්නවා මිසක්.

    ඒක නෙවෙයි.. ඡායාරූපකරණයෙදි, ෆ්‍රේම් එකට සම්මත මිනුම් කීපයක් තියනවනේ 3X4, 3X5, 4X6... පැනොරාමා, xxx... ඡායාරූපයක් මේ මිනුමකට අයිතිවීම/නොවීම ගැන ඡායාරූප ශිල්පයේ මත මොනවාද? මම එහෙම ඇහුවේ පහලම තියන ෆොටෝ දෙක ඒ වගේ සම්මත මිනුමකට අයිති නොවෙන බව පෙනෙන නිසා.

    ReplyDelete
    Replies
    1. පහතම ෆෝටෝ එක 16 : 9 නෙවෙයිද, තිසර?

      Delete
    2. ටිකක් කැපවීමෙන් ඒ වැඩේ කරලා බලන්න, හරිම අපුරු අත්දැකීමක් මේ කුරුල්ලන්ගේ ඡයාරූප ගන්නවා කියන එක.

      ඡායාරුප මුද්‍රනයේ සම්මත මිමි තියෙනවා 4x6(4R), 5x7(5R), 6x8(6R), 8x10(8R), 10x12(10R) .... යනාදී වශයෙන්, නමුත් මේ ප්‍රමාණයන් තියෙන්නේ මුද්‍රණ පහසුව වෙනුවෙන්, නමුත් කලාත්මක ඡායරුපයකට මේ සම්මත මිමි වලට කොටුවෙන්න බැහැ. උදාහරණයක් විදිහට අපි හිතමු 8X11 ප්‍රමාණයකට මුද්‍රණයක් ගන්න ඕන කියලා, එතකොට වෙන්නේ 10X12 ප්‍රමාණයේ මුද්‍රණයකට යන වියදම දරාගෙන 8X11 මුද්‍රණයක් ගන්න එක. ඒ කියන්නේ printing මැෂින් වලට මුද්‍රණය කරන්න පුලුහන් වෙන්නේ සම්මත ප්‍රමාණ. අපේ ෆොටෝ එක සම්මත ප්‍රමාණයෙන් නැති උනාම වෙන්නේ ඊට වඩා ලොකුවට තියෙන සම්මත ප්‍රමාණයේ කොලයට අපේ ෆොටේ එකේ පුමාණය ප්‍රින්ට් වෙන එක. එවිට වැඩිපුර තියෙන හිස් කොටස කපා ඉවත් කරන්න වෙනවා. (තේරුනාද මන්දා)

      බොහෝවිට ඡයාරූප ප්‍රදර්ශන වලට ඉදිරිපත් කිරීමේදී අවම සහ උපරිම ප්‍රමාණ දෙනවා එවිට ඒ ආතර් තුර ඕනෑම දෙයක්.. සමහර විට අපේ ෆොටෝ එකක් 6X20 වගේ වෙන්නත් පුළුවන්.

      පහතම ෆොටෝ එක 8 x 15
      ඒ ෆොටෝ හතරෙන් උඩම තියෙන එක 11 x 16
      පහලම එකට කලින් එක 8 x 8




      Delete
    3. @ ඩුඩ්

      උඹ ඉතින් දක්ෂයා නිසා ආසන්නයට නිවැරදිව ප්‍රමාණය කිවා නේද.

      Delete
  11. උපදෙස් වලට බොහොම ස්තුතියි අයියා.. මේ පලවෙනි පින්තුරේ ඉන්න කුරුල්ලාගේ නම මොකක් ද.? අර කොච්චරවත් මහ සද්දෙන් කෑ ගහන එකෙක් ඉන්නේ චට පට ගගා. ඒකා ද ? මට වැඩියෙන්ම ලස්සන පහල ඉඳල තුන් වෙනි ෆොටෝ එක.. පොලොස් කොට්ටෝරුවා..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම තුයෙන ෆොටෝ එකද? එහෙම නැතිනම අවසානයට තියෙන ෆෝට් හතරේ පලවෙනි ෆොටෝ එකේ ඉන්න එකාද?

      අවසානයට තියෙන ෆොටෝ හතරේ පළවෙනියට ඉන්න එකානම පැණි කුරුළු පැටියෙක්. අනිත් එකානම් දන්නේ නැහැ අන්තිමට තියෙන්නෙත් උගේ ෆොටෝ එකක්. ගාමිණි අය්යාගෙන් තමයි මුන්ගේ නම් අහන්න ඕන. මම එයට මෙලක් දාන්නම්.

      Delete
  12. මමත් ආසම දෙයක් bird watching! :) කැම්පස් එක වටේ ඕනේ තරම් කුරුල්ලෝ ඉන්න නිසා සුපිරි! දැනට point & shoot එකෙන් දාපු වැඩ ටිකක් බ්ලොග් එකේ දැම්මා! DSLR එකක් ගත්ත දවසට බලමු!

    ReplyDelete
    Replies
    1. මොන කැම්පස් එක වටේ ද මල්ලියේ? පේරාද? ජපුරද?

      Delete
  13. අයිලාශ්.. බර්ස්ට් මූඩ් එක (එක දිගට ෆොටෝ 4-5ක් වදින්නේ ) දාල ගත්තම කොලිටි එක අඩු වෙනවද?
    කුරුල්ලොන්ගෙ ෆොටෝ ගන්න හොඳම විදිය ඒකද?

    ReplyDelete
    Replies
    1. burst mode එකෙන් ෆොටෝ ගත්තා කියලා ෆොටෝ කොලිටි එකේ අඩුවක් වෙන්නේ නැහැ.

      burst mode බොහෝ විට භාවිතා කරන්නේ action එකක් හරියට capture කරන්න. මෙහෙම හිතමු, බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ගේ පහර දීම පටන් ගන්නකොටම burst mode එකෙන් ෆොටෝ කීපයක් අරගෙන් හොඳම අච්ටිඔන් එක තෝරාගන්න පුළුවන්.

      burd photography වලට නම හොඳම විදිහ burst mode නෙවේ.

      Delete
  14. හරිම ලස්සනයි. මමත් ආසයි පොලොස් කොට්ටෝරුවට.ඌ පේර ගෙඩිය පිටින්ම ගිලිනව නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි,

      අපෝ, පොලොස් කොට්ටෝරුවා පේර ගෙඩිය පිටින් ගිලින්නේ නැහැ.

      Delete
  15. අමතක වුනා. මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා. වෙලාවක් තියෙන නම් පොඩ්ඩක් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බ්ලොග් එකේ URL එක? කලින් දිලා තිබුන gimannivanie.blogspot.com කියන එක වැඩකරන්නේ නැහැ.

      Delete
  16. ම්ම්ම්....කුරුල්ලෝ ලස්සනයි.... මම බලං ඉන්නත් ආසයි...ඒත් වැඩිපුරම ආස මාළු බලන්න...

    ReplyDelete
    Replies
    1. අනු ගොඩ දවසකින් නේද?

      එක එක ය ආසා කරන දේවල් වෙනස් නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...