මාත් එක්ක එකතු වෙන්න

Wednesday, September 24, 2014

නිධානයක් සොයාගන්න - අවසන් කොටස.


බොහොම දෙනෙක් මංතුමාට දොස් පවරලා තිබුනා මේ නිධානයක් සොයාගැනීම ගැන ලිපිය කොටස් දෙකකට කැඩුවා කියලා. ඒ උනත් මොනවා කොරන්නද අප්පා වැඩ රාජකාරි බහුලයි නොවැ. අනිත් කාරණාව තමයි මේ නිධන් තියෙන තැන ගැන ඔත්තු දුන්නා කියලා පොලොසියෙන් මංතුමා කුදලාගෙන යයිද දන්නේත් නැහැ. ඕනෑ කෙන්ගෙඩියක් උනාවේ කියලා ඔන්න එහෙනම් මේ කතාව අවසන් කොරලා දමන්න හිතුවා. එහෙනම් කලින් කොටස බලපු නැති ඇත්තෝ ඒ කොටසත් කියවලාම  අවොතින් තමා හොඳ. 


පසුගිය කොටස අවසන් කලේ නීතිඥයා විදපු ඊය පසුපස මේ කස්ටිය දුවන එකෙන්  නේද? හ්ම්ම් එහෙනම් දැන් බලමු කොහාටද මේ ඊය වැටුනේ කියලා.

ඔන්න ඉතින් කස්ටිය ඊය පසුපස දුවගෙන ගියා, කලින් සැරේට වඩා වැඩි දුරක් ගිය ඊය වැටුනේ ඒ රටේ හමුදාපතිට අයත් ඉඩමකට. කලින් වතාවෙ වගේ මේ අය සියලුම දෙනා මේ ඉඩම අයිතිකරු සතු බලතල ගැන නොසිතා ඊය වැටුන තැන හාරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් විශාල වලක් සැරුවත් ඔවුන්ට හමුවූ නිධානයක් නම්  නැහැ. නිධානය වෙනුවට ඔවුන් හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කළා. 

මේ ක්‍රියාව ගැන බොහෝ සෙයින් කෝපයට පත් ජෙනරාල් ඔවුන්ගෙන් නිදසහට කරුණු විමසා සිටියා. ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් ජෙනරල්ගෙ  අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ බොරු නොකියන බවත් ,නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ නීතිඥයා වෙත අවි ආයුධ පරිහරණය පිලිබඳ දැනීමක් නොමැති නිසා ඊය නියම ඉලක්කය කරා යොමු කිරීමට ඔහුට නොහැකි වූ බවයි.  එබැවින් දක්ෂ යුධ ශිල්පියකු වන තමා විසින්ම  පසු දින  භික්ෂුන්වහන්සේ පැවසු ආකාරයට ඊය විදින බවත් නිධානය සියලු දෙනා විසින්ම සමසේ බෙදාගත යුතු බවත්ය.  

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. ජෙනරාල් වරයා ඉරපයා එනවිටම නියමාකාරයට ඉලක්කය ගෙන  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......

මොකද කියන්නේ තව කොටසකට යමුද......?

හෝව්.. හෝව්.. කලබල වෙන්න එප..විහිළුවක් කලේ අද කොහොමහරි නිධානය සොයා ගමු.

මෙවර වඩා දුර ගිය ඊය වැටුනේ රාජමාලිගාව අසලම තිබුන රාජකීය උයනට. නිධානයට බොහෝ සෙයින් හිත ඇදී තිබුන නිසාම මෙය රාජකීය උයන බවත් මේ සියළු දෙනාට අමතක උනා. දැන් ඔවුන් එක්වී නිධානය ගොඩගැනීමට මෙතැන හාරන්න පටන්ගත්තා විතරයි, රාජකීය සෙබළුන් මේ සියලු දෙනාම තනතුරු නොබලා අත්අඩංගුවට ගෙන රජු ඉදිරියට පැමිණුවා.


දැන් මේ සැමදෙනාම රජු ඉදිරියේ තමන්ගේ නිදහසට කරුණු කියමින්, භික්ෂුන්වහන්සේ නිධානය සොයාගන්නා ආකාරය කියූ සැටිත් මේ නිධානය සොයාගැනීමට තමන් සියලු දෙනාම කටයුතු කල සැටිත්, ඒ වෙනුවෙන් රජතුමාගෙද අනුග්‍රහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

මේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්, ඒ නිසා වහාම රාජපුරුෂයන් යවා එම භික්ෂුන්වහන්සේ කැඳවා මේ පිලිබඳ සියලු තොරතුරු විමසා සිටියා. එසේ කරුණු විමසීමෙන් පසු මේ සියලු දෙනාටම යම් වැරදීමක් සිදුවී ඇතිබව රජු තේරුම් ගත්තා.

ඒ නිසා පසුදින මෙම සියලු දෙනාත්, භික්ෂුන්වහන්සේත් සමග රජතුමා ගොවිමහතා සතු පැලට ගොඩ උනා. දැන්  ඉරපයා ඒමට ආසන්නයි. රජතුමා දොරකඩ සිටගත්තා. දුනු හී අතට ගෙන, භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා. දැන් ඉර පායා එන විට ඉර ඇති පැත්තට හැරී ඉලක්කය ගත්තා. එසේ ඉලක්කය ගෙන නැවතත් භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා.

දැන් බොහොම වැරෙන් දුන්න ඇද ඊය විදීමට යනවිටම භික්ෂුන්වහන්සේ මෙලෙස පැවසුවා.

"නවත්වන්න, ඔබ වැරදියි..."

එවිට පුදුමට පත් රජතුමා...

"ස්වාමිනි ඔබවහන්සේ පැවසුවේ ඉර පායා එනවිට හිරු දෙසට මුහුනදා ඊතලය විදින ලෙස නේද? එසේනම් දැන් එය වැරදියි කියන්නේ ඇයි?"

"මහරජ,  මා පැවසුවේ  උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා  හරින ලෙසයි"

 කාරණය වැටහුන රජතුමා, ඊතලය විදින්නේ නැතිව අත්හැරියා. එවිට ඊතලය රජතුමාගේ දෙපාමුල වැටුනා.


එතැන සැරූ පසු මෙතක් කල් තමන්ගේ දෙපාමුල තිබුන නිධානය ඔවුන්ට සමුවුනා.


15 comments:

  1. ඕකනෙ කියන්නෙ ඕනවට වැඩිය අදින්න යන්න එපා කියල. :D

    ReplyDelete
  2. එකනේ වසනාව තමන් ගාවම තියෙද්දී රට වටේම හොයනවා.

    ReplyDelete
  3. දැන් නිධානෙ අයිති කාටද ?

    ReplyDelete
  4. නිධානෙ රාජ සන්තක කලාද දන්නෙ නෑ අවසානෙදි නේද ?

    ReplyDelete
  5. නිධාන කතාවක්. හාමුදුරුවො හරි නෑ අප්පා. දෙනව නම් ආයෙ කෙලින්ම දෙන්න එපෑ අර අහිංසක මිනිස්සුන්ට. මං හිතන්නෙ උන්නාන්සෙ සපෝට් රජාට... :D

    ReplyDelete
  6. කෝ නිධානය ගොඩ අරං නැහැනේ. ඊළඟ කොටසේදිවත් ගොඩ ගනියිද?

    [im]http://www.grokdotcom.com/wp-content/uploads/2011/03/pirate_treasure.png[/im]

    ReplyDelete
  7. ඕක ඩිංගක් පැහැදිලිව කිව්ව නං හරිනේ.. රජතුමනි ඔබගේ මුළු ජීවයට ලම්බකව හරි කෙලින් කොට නිධානය ගන්න කියලා

    ReplyDelete
  8. මොනවද දන්නෙ නෑ තිබ්බේ...

    ReplyDelete
  9. කියන දේ සිහි කල්පනාවෙන් අහන්න කියන්නෙ ඕකනෙ.

    ReplyDelete
  10. අදහස් දැක්වූ සැමටම ස්තුතියි, නිල් මානෙල් කියනවා වගේ කියන දේ සිහි කල්පනාවෙන් අහන්න ඕන.

    ReplyDelete
  11. යකඩෝ දැන් කතාත් ලියනවද.....?
    නියමයි දිගටම ලියන්නකෝ අයියේ....

    ReplyDelete
  12. කෝ මේකා කොහේ ගිහින්ද?

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************