Tuesday, May 27, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?


පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



31 comments:

  1. ඇත්තට බං උඹ මූණුපොතේ ඉන්නවද? එහෙනං උඹ වෙන්නැති රේප් නොව්චිච එකම එකා.. මොකෑ බං හිට හිට එන්නේ. උඹ ඌරු මීයෙක්වත්ද?

    ReplyDelete
  2. අගනා පාඩමක් අයිලාෂ්. ඇත්තටම මං මේ ගැන හිතලවත් තිබුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොමයි වෙන්නේ නලින්

      Delete
  3. බොහොම වැදගත් කතාවක්. මම දැක්ක පහුගිය 20 ලෝක කුසලාන දවස්වල හඳුන්වා දුන්න නොකියා ෆෝන් එකක තියනව අපි ගන්න ‍පින්තූරෙ, පින්තූරෙට අයත් නොවුන ටිකකුත් බලාගන්න පුළුවන් විදියෙ පහසුකමක්.

    ReplyDelete
  4. උඹ දැන් ඒ පැත්තෙ එන්නෙත් නෑ නේද බං,හොරා වගේ මොනා හරි ලියල ෂේප් එකේ ඉන්නව නේද.

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ වැඩ අඩික උනා බන්. එකයි එන්න බැරි උනේ.

      Delete
  5. එතකොට ඩිජිටල් කැම් වලත් මේ තියරියමද?

    ReplyDelete
  6. ඒකත් එහෙමද, හොඳයි දැනගත්ත එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      Delete
  7. ඇත්තටම ඔය කිව්වමයි මට ඒක කල්පනා උනේ :D

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි.ස්තුතියි මේ වගේ දෙයක් මතක් වෙන්න සැලැස්සුවාට.....:D

      Delete
    2. චම්ස්, මනෝජ් දෙදෙනාටම ස්තුතියි.

      Delete
  8. හොඳ දැනුමක් ලබාගත්තා. ස්තුතියි. සමහර CRT රූපවාහිනී තිර වලත් මෙවැනි තත්වයක් තියනවද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට, CRT ගැන නම් මම දන්නේ නැහැ. මේ ගැන අහන්න නියම සුදුස්සා තමයි සහන්.. ඇත්තෙන්ම කෝ දැන් සහන්.

      Delete
  9. ඇත්තටම මේක සැහෙන වටිනා දෙයක්, ඔයගැන හිතුවට හිතාගන්න බැරුව හිටියේ, මගෙනුත් සමහරු විහිළුවට අහල තියෙනවා විහිළුවක් කරලාම ශේප් වෙලා හිටියා :D
    මසේකටවත් සැරයක් මේවගේ වටිනා ලිපියක් තුලින් හරි දකින්න එන එක ලොකු දෙයක්, අපිටත් ඔයාව සම්බන්දකරගන්න බැරිද මුණුපොතෙන්..?

    ReplyDelete
    Replies
    1. දැන් කතාව දන්නවානේ.

      Delete
  10. ස්තුති විස්තරයට. රවුම් කාචෙන් එන එලිය සටහන් වෙන්නේ කොටු සෙන්සරයක් මත හරි, කොටු ෆිල්ම් එකක් මත හින්ද නේ කොටු පින්තුරයක් එන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විරේ, කොටු සෙන්සරය එන්න හේතුව තමයි මේ.

      Delete
  11. එහෙනම් ඔන්න ඒකයි කතන්දරේ.. දකින දකින එක ෆොටෝ ගැහුවට ඉතින් මේවා දන්නවා කියලයැ අපිත්..

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි දිනේෂ්

      Delete
  12. අඩේ මං හිතන් හිටියෙ සෙන්සරේ කොටු හින්ද කියල.. :D :D

    ReplyDelete
  13. මම නම් ඔය ගැන කවදාවත් වද වුනේ නෑ. මොකද සෙන්සර් එක හත‍රැස් එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත බන් මොකට වැඩ වෙනද? අනික ප්‍රින්ට් කරන්නෙත් හතරැස් කොලවල නේ.

      Delete
  14. ඔන්න එහෙනං ඒකත් එහෙමයි ඈ...

    ReplyDelete
    Replies
    1. එකත් එහෙම තායි.. එක නෙවෙයි දැන් කවදද දිස්පෙන්සරිය දමන්නේ?

      Delete
  15. නියමයි ,මටත් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නයක් ඕක

    ReplyDelete
    Replies
    1. ලොකු උනාමත් ඒ ප්‍රශ්නේ තිබූන්ද අපුර්වී..?

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...