කවුද ලොක්කා? මේක අපි හැමෝටම ජීවිතයේදී ඇතිවෙන ප්‍රශ්නයක් නේද? අපගේ ඇති මමායනය නිසාම අපි හැමෝම හිතාගෙන ඉන්නේ මම තමයි ලොක්කා කියලා. ඒ විදිහට මම තමයි ලොක්කා කියලා හිතන අපි සැමවිටම උත්සාහ කරන්නේ අනිත් සැම දෙනාවම අපගේ අදහස් වලට අවනත කරගැනීමට කියලයි මටනම් හිතෙන්නේ. නමුත් අපි මහා ලොක්කන් කියලා හිතාගෙන හිටියට, පොඩ්ඩන් කියලා පැත්තකට දාලා ඉන්න අය කොතරම් වැදගත්ද කියලා අපි හිතලා තියෙනවද ?
පසුගිය මාසේ පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ වැඩසටහනක් තිබුනා, බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ. මටත් එයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. මේ දැන් කියන්න යන කතාව උන්වහන්සේ එදා කියපු කතාවලින් එකක්. හැකි ලෙස එදා මා ඇසු කථා කිහිපයක් විටින් විට ඉදිරිපත් කරන්න හිතා ගෙන ඉන්නවා. හොඳයි දැන් එහෙනම් මේ කතාව බලමු.
ඔන්න දවක් අතේ ඇඟිලි පහෙන් තනිවම පැත්තකට වෙලා ඉන්න මහපට ඇගිල්ල අනිත් ඇඟිලි වලට කතා කරලා මෙහෙම කියනවා.
" මම තමයි අතේ ඇඟිලි වලින් ලොක්කා, මාව තමයි දෙයක් හරි කියන්න පෙන්නන්නේ, එකඟ තාවය පෙන්නන්න මාව ඕන වෙන නිසා මම තමයි ඇගිලි පහෙන් ලොක්කා."
එතකොට අනිත් ඇඟිල්ල මෙහෙම කියනවා.
"මොන පිස්සුද හලෝ, මම තමයි ලොක්කා, ඕනෑම දෙයක් පෙන්නන්න ඕන වුනාම මාව තමයි දික් කරලා පෙන්නන්නේ"
"ඒ විතරක් නෙවේ කෙනෙකුට තරවටු කරන විටත් ඕන වෙන්නේ මාව.. ඒ නිසා මමයි ලොක්කා."
මේක කතාව අහගෙන ඉන්න මැද ඇගිල්ල කියනවා "විකාර කතා කරන්න එපා, මමයි ඇඟිලි පහෙන් උසම කෙනා, ඒ නිසා මට තමයි දුර පෙනෙන්නේ, මම තමයි නුවනට අධිපති, මේ බලන්නකෝ ඔබා මහත්තයත් කල්පනා කරන්න උදවු කරගන්නේ මාව.. ඒ නිසා මම තමයි ලොක්කා..."
හ්ම්ම්.. ඔය වගේ තමයි මිනිස්සු හිතන්නෙත් නේද?..හොඳයි අපි බලමු එතකොට අනිත් ඇඟිල්ල කියපු දේ..
" ඔය මොනවා තිබුනත් වැඩක් නැහැ..... මගුල් මුද්ද දාන්නේ මට.. මම තමයි ආදරයට අධිපති.. ඒ නිසා මමයි ලොක්කා..."
නමුත් පොඩි එකා වෙච්ච සුලැගිල්ල කිසි කතාවක් නැහැ ..අනිත් හතර දෙනාම දැන් පොඩි එකාට මෙහෙම කියනවා .." උඹ නම් ඉතින් දුර්වල පොඩි එකා නේ.. උඹට කරන්න පුළුවන් කිසි දෙයකුත් නැහැ.. ඒ නිසා උඹේ කිසි වටිනාකමක් නැහැ"
එතකොට දුර්වල, පොඩි ඇඟිල්ල මෙහෙම කියනවා.. "ඔව් මම තමයි දුර්වල ඒ වගේම කුඩාම ඇඟිල්ල. ඔයගොල්ලන්ට ඔය තරම් සවි ශක්තිය තිබුනත් ......
ඉවසාගන්න බැරි තරම් නහයේ කැසිල්ලක්, කනේ කැසිල්ලක් එහෙම ආපු වෙලාවට මාව තමයි ඕන වෙන්නේ.. මම තමයි ඉතින් ඒ කුණු ටික අයින් කරන්න ඉන්නේ.. නමුත් හොඳින් මතක තියාගන්න.. මේ කුණු අදින දුර්වල පොඩි එකා තමයි . බුදු රජාණනන් වහන්සේට අත්දෙක එක් කරලා වඳින කොට, බුදුන් වහන්සේ ලඟින්ම ඉන්නේ"
එතුමානෝ සුරංගනා කතා කියවන කෙනෙක් වෙන්ටැති..
ReplyDeleteඅන්න බං අයිලාෂ්. අර සැන්ඩරයද පැන්ඩරයද මොකාද කියන එකා බොගේ ජොබට විදින්න හදන්නේ..
අයිලාෂ් නොදන්න පිංතුර ගැහිල්ල සරලව
Deleteමේක සුරංගනා කතාවක් වගේ උනාට මෙයින් ගත හැකි බොහෝ ආදර්ශ තියෙනවා. වගේම සැන්ඩර් ගෙ බ්ලොග් එක ගැන දුන්න ඔත්තුව තුති. ඒ පැත්තේ ගොඩ උනා.
Deleteමං හිතුවා හරි දේශා උඹ හදන්නේ මොකක් හරි අටවන්න කියල ... :D :D ඔය කොරල තියෙන්නේ ලෙසටම..
Deleteඒ මොකද මලේ එහෙම කියන්නේ, දේශකයා හින්දා තමයි ඔබගේ අගනා ලිපි පෙළ ඇස ගැටුනේ..
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteටිකක් හිතන්න ඕනේ කතාවක් .......
සෑහෙන දෙයක් හිතන්න හැකි මේ තුලින්..
Deleteඅද ක්සැන්ඩරයගේ ලිපියෙදි ඔබව මතක් කළා විතරයි පෝස්ට් එකක් දාලා
ReplyDeleteස්තුතියි නලියෝ, ඒ පැත්තේත් ගොඩ උනා, ඔබ මා ගැන සඳහන් කලාට තුති.
Deleteඅම්මෝ.. ආදර්ශමත් කතාවක් එක්ක ආයිත් මතුවෙලා
ReplyDeleteකවුරු ලිව්වත් ඔයාගේ ජයාරූප ලිපි පෙළ තමයි අපි දෙයක් ඉගෙනගත්ත සරල පැහැදිලි ලිපිපෙළ. ඒ නිසා ඉඩක් තියෙන වෙලාවලදී එවැනි ලිපි තවතවත් පලකරන්න කියල ඉල්ලනවා...
ස්තුතියි අමිල, මම හිතන්නේ ස්කැන්ඩර් ගෙ ඡායාරුප ගැන ලිපි මාලාවෙන් බොහෝ ප්‍රයෝජන අපිට ගන්න හැකි වේවි.
Deleteඅයිලාස් කාලෙකින්, පොඩියට ඉන්න මිනිස්සුන්ව ගණන් නොගන්න අපේ සමාජේ හුරුවෙලානේ . කෙනෙකුගේ නියම වටිනාකම පිටින් බලලා තීර්ණය කරන්න පුරුදු වුනු සමාජයක්
ReplyDeleteඇත්ත ඉවාන්, පොඩියට ඉන්න මිනිසුන් විතරක් නොවෙයි අපි අවට ඉන්න සතා සීපාවා ට උනත් බොහෝවිට අපි සලකන්නේ අසාධාරණ විදිහට නොවෙයිද?
Deleteඇයි එක පාරක් ඇඟේ අවයව කවුද ලොක්කා කියන්න තර්ක කරලා පශ්චාත්බාගේ ස්ට්‍රයික් කරලා අන්තිමේදි asshole became the boss as usual.
ReplyDeleteසමාන කතාවක් උනත් මෙහි ඊට වඩා ගැඹුරට හිතන්න දෙයක් තියෙනවා නේද හෙන්රි ?
Deleteඅයිලාස්ව දැක්ක කල්..
ReplyDeleteඔව් සෑහෙන කාලෙකින් තමයි ආවේ.
Deleteඅම්මෝ ඇති ආපහු ඇවිත්...
ReplyDeleteඉඳලා හිටලා හරි ඇවිත් මකුළුදැල් ටික කඩලා දාන්න ඕනේ නේ සරත්.
Deleteකාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ..... කැමරා පාඩම් ඉවරද?
ReplyDeleteඒක නේන්නම් මමත් ආවේ බොහෝ කාලෙකින්, කැමරා පාඩම් මේ පහල ලින්ක් එකෙන් බලන්න
Deletehttp://xandaraya.blogspot.com/2014/07/3.html
ආ ආයෙත් ඇවිත්
ReplyDeleteආවා...ආවා....
Deleteඔය කතාව මාත් අහල තියෙනවා. ඇත්ත. පොඩි අයට ලොකු අයට වඩා දේවල් කරන්න පුලුවන්.
ReplyDeleteස්තුතියි මානෙල්, කැමරාවක් ගත්තද?
Deleteහෆ්ෆේ මේ පැත්තේ ආපු කල්... ගිය අවුරුද්දේ ආවට පස්සෙද කොහෙද..
ReplyDeleteමමත් හැබැයි අහල තියන්නේ මාපට ඇඟිල්ල තමා ඇඟිලි පහෙන් ලොක්ක කියල. මොකද, වැටුණු යමක් අහුලගන්න, හයියෙන් දෙයක් අල්ලගන්න, ලියන්න, අඳින්න එහෙම මාපට ඇඟිල්ල නැතුවම බෑ!!
මේ කතාවේ තියෙන යටි අදහස තායි ගන්න ඕන අඟහරුවෝ..
Deleteඒක බොහොම සිත්ගන්නා සුළු කථාවක්...පළමු වතාවට තමයි ඇහුවෙ.
ReplyDeleteබොහොම ස්තිටියි සිරා..
Deleteඅජාන් බ්‍රහ්මවංස හිමි ගේ පොත පත මම කියවලා තියනවා. ඒ කතා අපිට හුරු තාලෙන් නොකීවත් ඒවගේ ගොඩක් සියුම් ආදර්ශ තියනවා. ඔබට ස්තුතියි එවැන්නක් ගෙනාවාට..
ReplyDeleteඔබට බොහොම ස්තුතියි
Delete