Wednesday, July 24, 2013

ඩිජිටල් ඡායරූප රැකගන්නේ කෙසේද? - Preserving Digital Photographs


මේ ලිපිය ලිවිම පිළිබඳව මගේ අවධානය මුලින්ම යොමු කලේ අපි සැමගේම මිත්‍රයෙක් වන ඩුඩ් හෙවත් හෙන්රි බ්ලොග්වොකර් විසින්, මම මිට කාලෙකට පෙර පලකල පොස්ට් එකකට කොටපු කොමෙන්ට් එකකින් මේ තියෙන්නේ ඒ කොමෙන්ට් එක

මචං, තාක්ෂණික පෝස්ට් තියෙනවා නේද? ඒවා කියෙව්වාම මට වෙන්නෙ අර හරීගේ හරි හසිතගෙ හරි පෝස්ට් කියෙව්වාම වෙන සන්තෑසියමයි. ඒ කියන්නෙ මචං. ඒ පෝස්ට් මම කියවනවා. ඒවයෙ තියෙන්නෙ යම් කරුණු ටිකක්නෙ. නැතුව අපේ අදහස් විමසන මත විමසුමක් නෙවෙයිනෙ. ඉතින් මොනවද කියන්නෙ? උඹලා කියන දේ එක්කො අලුතින් ඉගෙනගත්තා. නැතිනම් දැනටමත් දන්න දේ මතක් වුනා. දැන් කමෙන්ට් එකක් දාන්නත් ඕනෙ මොකද අපි කවුරුත් කැමතියිනෙ අපේ උත්සාහයට අනිත් උන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැනගන්න. මාත් එහෙමයි. ඒකෙ කිසි වරදක් නෑ. දැන් මොකද කරන්නෙ, උඹලා හැම දේම ලස්සනට පැහැදිලි කරලත් තියෙනවා නම්? එක්කො පට්ට පට පට. නැතිනම් කියෙව්වා. ස්තුතියි. එහෙමත් නැතිනම් මොකක් හරි ගොං ප්‍රශ්ණයක් අහන්න ඕනෙ. දැන් උඹට තේරුණා නේද? දැන් මට මේ උඹ කියලා තියෙන දේවල් ගැන වෙන අහන්න දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් මම ඉන්නම් උඹ Preserving Digital Photographs. How To Recover Corrupted Photos Successfully, Why The Hell DO The Digital Photos Get Corrupted. "Hell! NOOO! I Thought Digital Images Are More Stable, Damn It" වගේ මාතෘකාවල් දානකල්. :D :D :D on ඡායාරුපයක අනාවරණය - Exposure

ඉතින් පළමුවෙන්ම ඩුඩ් ට ස්තුතිවන්ත වෙනවා.

මේ පොස්ට් එක කලින් පලකරන ලද පොස්ට් වලට වෙනස් ව සාකච්චාවක් ලෙස ගෙනයාම සුදුසුයි කියලා හිතුනා. එතකොට සැම දෙනාටම  වෙලා තියෙන අලකලංචි සහ ඒවාට යොදාගත් පිළියම් ගැන අපි සැමට දැනගත හැකියි.

ඩිජිටල් ඡායරූප රැකගන්නේ කෙසේද? - Preserving Digital Photographs කියනකොට මෙය කොටස් දෙකකට බෙදෙනවා.
1. ඩිජිටල් ඡායාරුප විනාශ වීමට නොදී රැකගන්නේ කෙසේද?
2. ඡායාරුප හොරුන්ගෙන් රැකගන්නේ කෙසේද?

ඩිජිටල් ඡායාරුප විනාශ වීමට නොදී රැකගන්නේ කෙසේද?

මං තුමා මුලින් කලේ  ඡායරූප සියල්ලම වෙනම හාර්ඩ් ඩිස්ක් එකකට කොපි කරලා තිබීම සහ CD තැටි වලට ඒවගේ බැකප් එකක් අරගෙන තිබීම.

ඔන්න ඔය විදිහට වසර ගණනාවක ඡායරූප එකතුවක් තිබුනා. එක දවසක් මේ හාර්ඩ් ඩිස්ක් එකට වැඩේ උනා. මොන සෙල්ලම දාලවත් ඒ හාර්ඩ් ඩිස්ක් එක ගොඩ ගන්න ලැබුනේ නැහැ. ඉතින් මක් කොරන්නද CD තියෙනවනේ කියලා හිත හදාගෙන, අළුත් හාර්ඩ් ඩිස්ක් එකක් සවි කරලා CD වලින් restore  කරන්න ගියාම තමයි දෙය්යෝ සිහි උනේ. CD වලින් 95% විතර වැඩ කරන්නේ නැහැ. අනිච්චේ දුක්ඛේ කියලා හිත හදා ගත්තා.

එදායින් පස්සේ මං තුමාගේ නැහැ CD සමග ගනු  දෙණු. දැන්නම් කරන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියාගන්නවට අමතරව sky drive කීපයකට upload කරණ එක. ඒ වගේම flicker එකටත් ඔබනවා. ගිය හකුරට නාඩා තියෙන හකුරවත් රැකගන්න ඕනනේ.

ඡායරූප හොරුන්ගෙන් රැකගන්නේ කෙසේද?

රැකගන්නවා කිවම මතුවෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ. අපේ ගොයියෝ හරික්ම දස්සයි අනුන්ගේ ෆොටෝ එකක් අරගෙන එක ගත්තේ කාගෙන්ද කියලාවත් සඳහන් කරන්නේ නැතිව පත්තරවල, සඟරාවල, කැලැන්ඩර් වල වගේ දමාගන්න.. අන්තර්ජාලයේ පලකරන  ඡායරූප මේ අවදානමට ලක් වෙනවා. දැන් ඉතින් මේකට මක් කොරන්නද?

මෙන්න කරන්න පුලුහන් වැඩ ටිකක්.
ඡායරූපයේ quality එක අඩුකර අන්තර්ජාලයේ පල කිරීම: නමුත් මටනම් මෙය කරන්න හිතෙන්නේ නැහැ එතකොට එය බලන කෙනාට නියම ආශ්වාදය ලබන්නට  බැහැ.

තමන්ගේ නම හෝ යම් signature එකක් දැමීම: මෙහෙම signature එකක් දැම්මත් යම් කෙනෙකුට සෑහෙන කට්ටක් කාලා එක අයින් කරන්න පුලුහන්. මමත් කලින් signature එක දාලා තමයි ෆොටෝ පල කලේ. දැන්නම් කරන්නේ නැහැ, වෙන මොකටවත් නෙවේ ඕක කොරන්න කම්මැලියි අප්පා.

නීති මාර්ගයෙන් කටයුතු කිරීම: "ඕන එකෙක් මගේ ෆොටෝ හොරකම් කරපිය දානවා නඩු" ඔන්න ඔහොම හිතාගෙන තමයි දැන් ඉන්නේ. 

හොඳයි එහෙමනම් අපේ හිතවතුන්ගේ අදහස් එහෙමත් කියමුකෝ බලන්න.


53 comments:

  1. මම හිතන්නේ කොලිටි අඩු කරලා දාන එක හොඳයි කියලා. තමන් ගාව ඔරිජිනල් එක තියෙනවනේ. කාට හරි හිතවතෙකුට දෙන්න අවශ්‍ය නම් මේල් මාර්ගෙන් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම මේ දාන ෆොටෝ වල කොලිටි එක අඩු කරලා දැම්මොතින් ඔයාටල එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

      Delete
  2. මම නම් කරන්නෙ පින්තුරෙක ඈක්ටිව් පික්සෙල් තියෙන තෑනකට හොඩ වොටර් මාර්ක් එකක් ගොඩාක් ලාවට පෙන්න රින්ගන එක.

    අයිලාශ් මම නික් ක්රියෙටිව් සුඋට් එක ගත්ත.එකෙ ලයිශන් එක යුසර් ල 3කට පුලුවන්.ඩෙකක් ඉතුරුයි.ඔනෙ නම් දෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ෂා ලොකු උදවුවක්. බොහොම ස්තුතියි.

      ayils419@gmail.com වලට එවන්න. software download site එකත් පුලුවන්නම් එවන්න.

      Delete
    2. www.niksoftware.com/‎
      මෙන්න ලින්කුව. ඕනේ ටික බාල ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ මට ඒවා රෙජිස්ටර් කරන්න අහනකොට යටින් ඇති ප්‍රොඩක්ට් කෝඩ් එකක්.ඒ ටික එවන්න.
      ගත්තු ඩි.වී.ඩි එක කෝපි ප්‍රොටෙක්ට් කරලා අයිලාෂ්. සිරියල් මේකර් එක කොපි කරන්න විදිහක් නෑ

      Delete
    3. ගොඩාක් ස්තුතියි විදුර.

      Delete
  3. මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනවා, විදේශරටක ඉන්න කාලේ ගත්ත වගේම එකාලය අතරේ පෙම්වතියගේ පවුලේ අයගේ ලංකාවට ආවම ගිය ට්‍රිප් ඔය ඔක්කොම ෆොටෝ වැඩි ආරක්ෂාවට cd වලටත් ගහලා හාර්ඩ් එකකත් save කරල තිබ්බා, දැන් දෙකම වැඩකරන්නේ නෑ. අපරාදේ ප්‍රින්ට් කරනම් එටිකහරි තියෙනවා,
    SkyDrive වල තත්වය හරියට මම දන්නේ නැති නිසා තාම පාවිච්චි කරේ නෑ. මට හිතාගන්න බෑ මේකෙන් වෙන කාටවත්ම අපේ දේවල් බලන්නම බෑ කියල,
    මම යම්යම් නිර්මාණ පොටෝෂොප් මගීන් කරන්න google වලින් පින්තුර ගන්නවා, ඒවා සම්පුර්ණ වෙනස්කම් කරාටපස්සේ ඒ නිර්මාණය මගේ නිසා දැන් මන් සලකුණක් ඒවාට දානවා, නමුත් එක අයින් කරන්න ලේසියි.

    තවදෙයක් හරිම සතුටුයි අයිලාෂ් අයියගේ බ්ලොග් එක මේ විදියට නැවතත් නිතර අප්ඩේට් වෙන එක ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි, පසුගිය ටිකේ විවේකය ටිකක් මදි උනා වගේම ඉල්ලීම කීපයක් ලැබුනා සතියකට පොස්ට් 2කත වඩා දාන්න එපා, ඊවා මිස් වෙනවා කියලා. ඔය හේතු දෙක මත තමයි ටිකක් හිමිහිට ගියේ.

      SkyDrive වලට upload කරණ ඒවා වෙන කාටවත්ම බලන්නම බෑ කියල නම් මමත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ආරක්ෂා කරගන්න වෙන විකල්පයක් නැහැ කියලා හිතෙනවා.

      Delete
  4. හෆොයි මාත් කරන්නෙ ගත්ත ඒව හාඩ් එකටයි ඩීවීඩී වලටයි කොපි කරන එක තමයි. දැං බලන්න වෙනව ඩීවීඩී ටික වැඩකරනවද කියල.

    ReplyDelete
    Replies
    1. CD, DVD විශ්වාශ කරන්න පුලුහන් තත්වයක නැහැ ප්‍රසන්න.

      Delete
  5. Quality අඩු කරන එක නම් එක අතකින් අපරාදෙ. එතකොට බලන කෙනාගෙ රසවින්දනයට ඒක ලොකු බාදාවක්. අනිත් අතට මහන්සිවෙලා ගන්න පින්තූරයක් වෙන අය හොරකම් කරනකොට ඒකත් හිතට ලොකු දුකක් තමයි

    ReplyDelete
    Replies
    1. පින්තුර හොරකම් කරගත්තත් කමක් නැහැ එකේ අයිති කරුවා ගැන සඳහන් වත් කරනවා නම්. මුන් එහෙම කරන්නෙත් නැහැ.

      Delete
  6. ඉමේජ් ඩීටේල්ස් වලට තමන්ගෙ විස්තර දාන්නත් පුලුවන්. වෝටර් මාක් එක තමා ඉති ලේසිම.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ EXIF DATA ගැන නේද? ඒවා සමහර සොෆ්ට්වයර් වලින් එඩිට් කරලා වෙනස් කරන්න පුලුහන්.

      Delete
  7. මමත් ඩිවිඩි වලට කොපි කරන එක තමා කරන්නේ. දැන් එහෙනම් වෙන ක්‍රියා මාර්ගයක් ගන්න වෙයි වගේ...

    ෆොටෝ වල සයිස් එක අඩු කරලා තමා මම නම් බ්ලොග් එකට අප්ලෝඩ් කලේ. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි, ගොඩක් ෆොටෝ දාද්දි, පේජ් එක ලෝඩ් නොවෙයිද කියල හිතුන නිසා. මුණු පොතට එහෙම දාන කොට නම් ඔරිජිනල් ෆොටෝ එකම දානවා. කොහොමත් මම නම් තාම ආධුනික නිසා මගේ ෆොටෝ කවුරුත් උස්සන එකක් නෑනේ.... :)

    ReplyDelete
    Replies
    1. CD, DVD විශ්වාස කරන්න එපා .. ෆ්ලිකර් එක හොඳ විකල්පයක්.



      Delete
  8. මාත් දැනට කරන්නේ ෆිලිකර් එෆ් බී වගේ තැන්වර රදවන එක තමා අයිලාෂ්.. සීඩී වැඩෙන් මගේ හොද එකතුවක් මට අහිමි වුණා.

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක නැහැ නලින්. තව SkyDrive වලට upload කරන්න.

      Delete
  9. මාත් තියන සබ්බ සකල මනාවම DVD වලට අරන් තියනව.. වැඩි දෙනෙක් කියන්නෙ නම් ඔන්ලයින් ස්ටොරේජ් තමයි හොඳම කියල.

    ReplyDelete
    Replies
    1. දැනට මටත් හිතිලා තියෙන්නේ ඔන්ලයින් ස්ටොරේජ් තමයි හොඳම කියල.

      Delete
  10. ඔන්න මාතෘකාව.

    උඹට ස්තුතියි අයිලාස් මාව මතක් කලාට.

    මට නම් තියෙන්නේ මේ හොරකම් කරන එකට වඩා, අපේ මේ නැවත ලබාගන්න බැරි සිහිවටන විනශවෙනවට මොකද කරන්නේ කියලා. දැන් උඹ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා මට බණ පදයක් කිව්වොත් නම් මම උඹව හම්බෙවෙච්ච දවසක මුලින්ම කරන්නේ උඹට දෙකක් අනින එක. :D

    මම ඉස්සර ‍ෆිල්ම් කැමරාවලින් ගත්ත සිහිවටන ඔක්කොම වගේ ඉවරයි ඇල්බම් සහ ‍ෆිල්ම් රෝල් ලී අල්මාරියක තියලා තෙතමනයටනරක් වෙච්ච නිසා.

    CD, DVD වල සේව් කරපු ඩිජිටල් ඒවාට අර උඹ කියපු වැඩේම වෙලා. අපි හොයන්න ඕනෙ මචං ඒ වගේ corrupt වෙච්ච ඩිස්ක් වල තියෙන images නැවත ලබාගන්න සොෆ්ට්වෙයා තියෙනවද කියලා.

    අනික ඔය උඹ කියන online storage පවා කාලෙකදි corrupt වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මාචෝ මේ බලහන් පොස්ට් එකේම මම ඔය කතාව කියලා තියෙනවා //CD වලින් 95% විතර වැඩ කරන්නේ නැහැ. අනිච්චේ දුක්ඛේ කියලා හිත හදා ගත්තා.// :D

      මගෙත් ෆිල්ම් කැමරා වලින් ගත්ත නෙගටිව්ස් ඔක්කොම හබක්. ප්‍රින්ට් කොරපුවානම් ටිකක් තිබේ, ඒවගෙත් කලර්ස් වෙනස් වෙලා.

      ඩිස්ක් එක corrupt නොවී images corrupt වුනොත් නම් එම images නැවත ලබාගන්න සොෆ්ට්වෙයා තියෙනවා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ කෙල්මල් CD වල තියෙන චොටින්ග් එක ආප්ප වගේ ගැලවෙන එක සහ CD එක corrupt වෙන එක එතකොට මේ මගුල CD Drive එකට කියවන්න බැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

      online storage ගැන උනත් විශ්වාසයක් තියන්න බැරි නිසා තමයි online storage කීපයකටම upload කරන්න වෙන්නේ. ඒ මොනවා උනත් අන්තිමේදී කියන්න වෙන්නෙත් "සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි" කියලා තමයි.


      Delete
    2. අයිලාස්, මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා මචං.
      සීඩී එක හෝ ඩීවීඩී එක පොතු ගැලවෙන්නෙත් නැතිව ෆෝටෝ නිකම්ම අලුපාට වෙනවා නැතිනම් බාගෙට ලෝඩ් වෙනවා.

      ඒකත් හරි කියාපංකෝ. මීඩියා දෙකක ස්ටෝ කරපු එකම ෆෝටෝ එක එකම කාලයකදී එකම විදියට කරප්ට් වෙනවා. ඒ කියන්නේ ඩීවීඩී එකේ තියෙන එකයි, පරණ කම්පියුටරේ හාඩ් ඩිස්ක් එකේ තියෙන එකයි එකට එකම විදියට කරප්ට් වෙන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ. දැන් උඹ මේක වෙන්නේ ෆෝටෝ එක ගන්නකොට ඒ ඉමේජ් එක ගෙනාපු කර්ම ශක්තිය මත කිව්වොත් නම් මචං මම බිත්තියේ ඔලුව ගහගන්නවා. :D

      Delete
    3. //මේක වෙන්නේ ෆෝටෝ එක ගන්නකොට ඒ ඉමේජ් එක ගෙනාපු කර්ම ශක්තිය මත කිව්වොත් නම් මචං මම බිත්තියේ ඔලුව ගහගන්නවා. //

      නැහැ මචං මම එහෙම කියන්නේ නැහැ, මේක වෙන්නේ ෆෝටෝ එක ගන්නකොට ඒ ඉමේජ් එක ගෙනාපු කර්ම ශක්තිය මත නම් නෙවෙයි නමුත් මට හිතෙන්නේ :

      මේක වෙන්නේ ෆෝටෝ එක ගන්නකොට උඹ ගොඩනගපු කර්ම ශක්තිය මත කියලයි.....

      මචෝ ඔය කියන ඉමේජ් කොපි කරන්න පුලුවන්ද? පුලුවන්නම් මට cd එකෙයි හාර්ඩ් ඩිස්ක් එකෙයි තියෙන එකම ඉමේජ් එකක් කොපි කරලා මට මේල් කරපන් බලන්න.

      තව දෙයක් මචං ඔය ඉමේජ් ස්ටෝර් කරපු කාල වකවානුව සහ ඒ වෙනුවෙන් යොදාගත්ත සොෆ්ට් වෙයාර් මොනවද? මටත් නිකමට හිතෙන්නේ සෙන්නා කියනවාවගේ කල්පනා ගිය යන අදහසක් තමයි.

      Delete
    4. කොපි කරන්න පුලුවන් මචං. පස්සෙ එවන්නම් මචං. සෙන්නා කියන planned obsolescence වෙන්න බැරි මේ කැමරා ගත්ත මුල්ම කාලේ ෆෝටෝස් නිසා. අනික ඒ කේස් එක කැමරාවට මිසක් JPEG image එකකට බලපාන්න පුලුවන්ද?

      උඹ මට තව කියාපං පුලුවන්නම්, Sony Handycam DVD videos උන්ගේ තියෙන අර කුණුහබ්බ ෆෝමැට් එකෙන් සාමාන්‍ය MP4 එකකට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලත්.

      උඹ දන්නවද මචං ඔය වින්ඩෝස් 7, 8 වලින් ඇරෙන්නේ නැත් සමහර ෆෝටෝස් අරින්න පුලුවන් පරණ වින්ඩෝස් වර්ෂන් වලින්.

      Delete
    5. //උඹ දන්නවද මචං ඔය වින්ඩෝස් 7, 8 වලින් ඇරෙන්නේ නැත් සමහර ෆෝටෝස් අරින්න පුලුවන් පරණ වින්ඩෝස් වර්ෂන් වලින්. //

      ඔව් මචං XP වලින් ගොඩක් දේවල් ගොඩ දාන්න පුළුවන්.

      වීඩියෝ කන්වර්ටර්ස් ගොඩාක් තියෙනවා බන් පොඩ්ඩක් සර්ච් පාරක් දාහන්. මම නම් වීඩියෝ පැත්තට වැඩිය නැහැ. මගේ ලොකු කොල්ල තමයි ඒ පැත්තට බර උගෙන් අහලා කියන්නම්.

      JPEG image වලත් කාලෙන් කාලෙට මොන කුණුහබ්බ කරලද දන්නේ නැහැ. පරණ වර්ෂන් එකකින් ඕපන් කරලා බලන්න ඕන. තම ටෙස්ට් එකක් කරන්න පුළුවන් ඒ තමයි කොපි එකක් අරගෙන එක ඩිලීට් කරලා අර රිකවරින් සොෆ්ට්වෙයාර් එකකින් රිකවර් කරන්න බලාන එක.

      Delete
  11. සී ඩී වලට පින්තූර, ලිපි ෆයිල් කොපි කරලා තියාගන්න ගිහිල්ලා මමත් මට්‍ටු උනා මලේ ...

    ReplyDelete
    Replies
    1. CD හින්දා උන දේවල් වලට දුකේ බැරුවා අයියේ, දැන්නම් online storage තමයි.

      Delete
  12. mamath karanne hard 2 ka backup thiyagena inna eka. photos witharak nemei anith docs okkoma. cd, dvd genanam wishwasa na thamai..

    ReplyDelete
    Replies
    1. මදි මදි දෙකක් හොඳටම මදි. ඔය දෙකටම එකවර වැඩේ උනොත් මොකද කරන්නේ?

      Delete
  13. අනේ මට නම් ඔය ෆොටෝස් වැඩිය නෑ ආයිබොවන්ඩ අරන් තියන්න. මම මළාමත් ගෙදර උන්දැලට අර අයිඩී එකේ තියෙන ෆොටෝ කෑල්ල තමා ගන්ට වෙන්නෙ. මම ඉතිං ඔය කැමරා අල්ලන තැන්වලින් දුවනවා.

    ඒ උනාට ඉතිං අරන් තියන්න වෙන වෙන ඒවා තියෙනවනේ. මම ඔය කාටුන් ඇනිමේෂන් ෆිල්ම්වලට එහෙම හරී .... මනාපයි. තව හොඳ ෆිල්ම්වලටත්. ඉතිං අමාරුවෙන් බාගෙන ඩීවීඩීවල රයිට් කොරපුවා වැඩ කරන්නෙ නැති උනාම සතියක් කාපුව පිච්චෙනවා එක තත්පරෙන්. ඒ මදිවට ඔය දෙකයි පනහට තියෙන ඩීවීඩී හොඳ නෑ කියල තව වැඩි ගනන් දීල හොඳ බ්‍රෑන්ඩ්වලින් ඩීවීඩී පැක් එකක් ගන්නෙත්.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම දෙයක් තමයි ෆිල්ම්ස් කියන්නේ, 1 TB හාර්ඩ් ඩිස්ක් එකක පුරවලා තිබුන ෆිල්ම්ස් ඔක්කොටම වැඩේ උනා. දුක තමයි. DVD වලටත් ඒ සේතෙමයි.

      නමුත් මා ළඟ තියෙනටා අවුරුදු 10 ක් විතර පරණ DVD කීපයක්. ඔයාට මතකද ඒ දවස් වල ආපු රත්තරන් පාට ඩිස්ක් අන්න ඒවාගේ, තාමත් නියමෙට වැඩ. මේවායේ තියෙන්නේ Lion King සහ තවත් ඩිස්නි ෆිල්ම්ස් කීපයක්.

      Delete
  14. මෙහෙම කලොත්: ටිකක් වියදම් යන වැඩක් තමයි. - සීඩී, ඩීවීඩී එකක උපරිම ආයු කාලය, (සාමාන්‍ය තත්ත්ව යටතේ) හොයාගෙන ඒ කාලේ කිට්ටු වෙනකොට අලුතෙන් නැවත නැවත ඩීවීඩී වලට ගැහැව්වොත් (පණ යන වැඩක් තමයි).

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ ප්‍රායෝගිකව කරන්න හරිම අපහසුයි නේද පැතුම්.

      Delete
    2. ඉතින් බන් රීකන්ඩිෂන් 120 යක් ගනින්කෝ 2000 ට වගේ.. ( දැන් 2.8 PC එකම 6000 වගේ නේද වෙන්නේ? )

      Delete
    3. අලුතෙන් කම්පියුටර් එකක්ද ? :v :v :v

      Delete


  15. ගොඩක් දෙනෙක් කමෙන්ට් වලින් අහලා තියෙනවනේ ඩේටා ස්ටෝර් කරන්න සුදුසුම විදිහ මොකක්ද කියලා.. අපි හැමෝම හෝම් යූසර්ලා විදිහට ඉන්න අය වශයෙන් සළකලා මම ක්‍රම කීපයක් කියන්නම්..

    01. ජීවිතේ කිසිම දාක CD/DVD වලට ඩේටා රයිට් කරන්න එපා. අනිවාර්යෙන් මාස 4 ක් යද්දී ඩේටා විනාශ වෙනවා වෙනවමයි. දැන් තියෙන බාල CD එකක් මාස 3 කට වඩා ෂුවර් කරන්න බැහැ.. විශේෂෙන් DVD වැඩි කල් තියෙන්නේ නැහැ .

    02. ෆිල්ම් , සිංදු වගේ දෙයක් රයිට් කරත් ඩේටා/ඩොක්ස්/exe වගේ දේවල් නම් පරිස්සම සඳහා CD වලට ගන්න එපා.( අනිවාර්යෙන් වක්කඩේ හකුරු හැංගුවා වගේ වෙනවාමයි )

    03. හොඳම දේ තමයි Zip ෆයිල් එකක් හදලා Gmail වලට අප්ලෝඩ් කරන එක. පින්තූර දානවා නම් drag and ඩ්‍රොප් කරන්න gmail වලට .

    04. මීඩියා ෆයර් , ඩ්‍රොප් බොක්ස් වගේ online ස්ටෝර්රේජ් වලට දැම්මට කමක් නැහැ. නමුත් කිසිම දාක ෂුවර් කරන්න එපා. හදිස්සියේම එයාල අයින් කරනවා අපිට නොදන්වා.. දැම්මට කමක් නැහැ විශ්වාසයක් තියාගන්න එපා ..( වෙන මුකුත් ඕනේ නැහැ යාහු මේල් වල තිබුණු මගේ මුළු ජීවිතේම අද වෙද්දී නැහැ.. සියල්ල අයින් කරලා යාහු එකේ අය. ඊ මේල් ඇඩ්රස් ටික වත් නැහැ අඩුම තරමේ . යාහු වගේ අයත් එහෙම කරනවා නම් අනිත් අය කොහොම කරාවිද ? )

    05. රුපියල් 4000 වගේ දීලා ගන්න අලුත්ම අලුත් හාර්ඩ් එකක් 500 GB වගේ. තියෙන සේසතම ඒකට දාන්න. දාල අරන් තියන්න. නිතර නිතර ඒක එහෙට මෙහාට ගන්න එපා. මාස දෙකකට වගේ පාරක් පාවිච්චි කරන්න..

    06. අනිත් දේ තමයි කම්පියුටර් වල පවර් යුනිට් වල V අගය චෙක් කරන්න.. හිටපු ගමන් හාර්ඩ් පිච්චෙනවා ඔය වෝල්ටේජ් ගැටලුව නිසා . ( අකුණක් එහෙම ගැහුවොත් හාර්ඩ් පිටින් කර වෙනවා )

    07. ඒ වගේම හාර්ඩ් කීපයක අත්‍යවශ්‍ය දේවල් රී කොපි කරන්න. හාර්ඩ් එකක් ඕනෑම මොහොතක පිච්චෙන්න පුළුවන් / ෆොර්මැට් වෙන්න පුළුවන් / ඩේටා ඉරේස් වෙන්න පුළුවන්. මුළු ජීවිතේම එක මොහොතෙන් ඉවරයි එහෙම උනොත් ..

    08. රුපියල් 200 විතර වියදම් කරලා සියලුම අත්‍යවශ්‍ය ඩේටා ටික දැන්ම gmail වලට අප්ලෝඩ් කරන්න ..( G drive වලට )
    මන් හිතන්නේ රුපියල් 200 ට 4GB විතර ඩේටා ලැබෙනවා දැන් ලංකාවේ කැෆේ වල..

    තව දේවල් ටිකක් එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්කො මම ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්

      //05. රුපියල් 4000 වගේ දීලා ගන්න අලුත්ම අලුත් හාර්ඩ් එකක් 500 GB වගේ. තියෙන සේසතම ඒකට දාන්න. දාල අරන් තියන්න. නිතර නිතර ඒක එහෙට මෙහාට ගන්න එපා. මාස දෙකකට වගේ පාරක් පාවිච්චි කරන්න..//

      මේක හරියන්නේ නැහැ මෙහෙම කරපු එකකට තමයි වැඩේ උනේ.

      ඔයා කියනවා වගේ Google Drive එක හොඳ ඔප්ෂන් එකක්. නමුත් මම නම් online storage කීපයකම දාලා තියෙන්නේ.

      ෆොටෝස් වලට දැනට ෆ්ලිකර් ඉතාම හොඳ ඔප්ෂන් එකක්.

      Delete
    2. ඔක්කොම හරි කියමුකෝ. ඒත් බං රු. 4000 ට 500 GB හාර්ඩ් තියෙන්නෙ කොහෙද. අර කාලකණ්නි ගං වතුරක් එන්න කලින් 3500 ටත් ෂේප් කරාගන්න පුළුවන් තත්ත්වයක් තිබුනා. ඊට පස්සෙ බලාඉද්දි මෙහේ මාර්කට් එකේ නැග්ගා නැගිල්ලක් තනි ඇහැට ඇඬෙන්න. 14 ක් 15 ක් විතර ගානට තිබිල දැන් අඩුවුනා. දැන් මගේ හිතේ හතක් විතර වෙනවා 500 එකක්. 1TB නම් නවයක් විතර වෙයි සමහර විට.

      මොනව තිබුනත් පරණ ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් හිතුනු ගමන් ආයෙ දාලා බලන්න ඩිස්ක්වල තියෙනව වගේ ක්‍රමයක් නෑනේ බං. මට තියෙන ලොකුම අවුල ඒක. හාර්ඩ්වල ගානෙ හැටියට වැඩිපුර හාර්ඩ් නඩත්තු කරන්න බෑ බං.

      Delete
  16. ෆ්ලෑශ් ඩ්‍රයිව් එකට දාල තිබ්බ මගෙ ෆොටෝ ගොඩක් විනාස වෙලා තිබ්බා..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියහම හැමෝටම මේ අකරතැබ්බේ වෙලා...

      Delete
  17. ඔන්න බලමුකෝ ඒකෙත් වැඩේ හැටි.සියල්ල අනිත්‍යමයි නේ!!!

    ReplyDelete
    Replies
    1. අන්න දිනුකට තේරුනා. ඩුඩ් ගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ...:D

      Delete
  18. පින්තුරු වල අයිතියට නීතිමයව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? මගේ සමහර පින්තුරු පල කරන්න අකමැති එක හේතුවක් තමා ඔය හොරකම.

    ඔය ඩේටා විනාශයට මගේ පිළියම් මෙන්න.

    1. එක ඔන්ලයින් ස්ටෝර් එකකට වඩා භාවිතා කිරීම. එතකොට එකෙක් මැකුවත් තව දෙන්නෙක් ළඟ හරි බඩු හෑව්.
    2. මාස දෙකතුනකට වරක් සීඩී සහ ඩීවීඩ් ඇල්වතුරේ පොඟවා සබන් දමා සේදීම. මතක තියාගන්න සබන් දාන්නේ. ඩිෂ්වොෂර්ස් සැර වැඩි වලං හෝදන සබන් ඔට්ටු නෑ.
    3. පෝටබල් හාඩ් ඩ්‍රයිව් දෙකක්වත් භාවිතා කිරීම.

    හාඩ් එකේ තිබ්බ පින්තුරු ටිකක් එකපාර මිස්වුනාම මට එපා වුනා. ආයේ ඒවා ගන්නද ඉතිං...

    ReplyDelete
    Replies
    1. අධිකරණයේ නඩුවක් ගොණුකරන්න හැකියි.

      //මාස දෙකතුනකට වරක් සීඩී සහ ඩීවීඩ් ඇල්වතුරේ පොඟවා සබන් දමා සේදීම.//
      මේ ක්‍රමය සාර්ථකද?

      Delete
    2. අනේ අම්මේ නඩු කියන්න නං මගේ කැමැත්තක් නෑ. ඊට හොඳයි හොරාටම තියාගන්න කියනවා. සීඩී ඩීවීඩී ඔය ක්‍රමයට මං සෑහෙන කාලයක් තියාගන ඉන්නවා. (මං හිතන්නේ ඒ හින්ද කියල මොකද මං ඊට වඩා දෙයක් කරන්නේ නෑ ඒවා සීඩී කේස් එකකට දාල තියනවා ඇරෙන්න.)

      Delete
    3. කැමරා බොඩියක් ගන්න ඕනේ. ඔබේ උපදෙස් අවශ්‍යයි. මං හිතාගන ඉන්නේ Nikon DX රේන්ජ් එකේ කැමරා බොඩියක් ගන්න. D5100 එකක් හරි D7000 එකක් හරි කියන දෙක තමයි මගේ හිතේ තියෙන්නේ. මේ දෙක එක්ක තව Manfrotto හෝ Velbon වර්ග දෙකෙන් එකක ට්‍රයිපොඩ් එකක් ගන්නත් හිතේ තියනවා. මොකක්ද මේවායින් හොඳ? තව ෆිල්ටර් ගැනත් අදහසක් දෙකක් (ඒ කියන්නේ ලිපියක් ඈ..) දැනගන්න කැමතියි.

      (ආයෙත් ඇණයක් වුනා නේද?)

      Delete
    4. දැනට තියෙන කැමරා බොඩි එක මොකක්ද? මට මතක D3100 එකක් තියෙනවා කියුවා වගේ.

      මම පාවිච්චි කරන්නේ

      D5100 එකක්. මේක ඉතාම හොඳයි. නමුත් D7000 එක ඊට වඩා හොඳයි. ඒ බොඩි එක මැග්නීසියම් ඇලෝයි වලින් හදපු Weather sealed බොඩියක්. ෆෝකස් පොඉන්ට් ගණන 39ක් උපරිම ශටර් ස්පීඩ් එක 1/8000 සහ වඩාත්ම වැදගත් වන්නේ 7000 බොඩි එකේ built-in focus motor එකක් තියෙන නිසා AF ලෙන්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ හේතු නිසා 7000 බොඩි එකක් ගන්න.

      නමුත් ඔයාට හැකිනම් FX බොඩි එකකට යන්න.

      ට්‍රයිපොර්ඩ් එකක් ගන්නකොට පෙ කරුණු ගැන බලන්න
      1. මිල
      2. ශක්තිමත් බව
      3. රැගෙනයාමේ පහසුව.

      කාබන් ෆයිබර් වලින් හදපු එකක් ගන්න ඒවා ශක්තිමත් වගේම ඉතා සැහැල්ලු නිසා රැගෙන යන්න පහසුයි. බෝල් හෙඩ් එකක් තියෙන ට්‍රයිපොඩ් එකක් ගන්න.

      මේ ප්‍රමාණවත් නේද?


      Delete
    5. බොහොම ස්තුතියි, ගත්තේ නං ඇලුමිනියම් මෙටල් ට්‍රයිපොඩ් එකක්. බෝල් හෙඩ් කාබන් ෆයිබර් එකක් ගන්න විදියක් තිබ්බේ නෑ. පස්සේ ගන්න ඕනේ. මිල නං අධිකයි. රුපියල් 39000 විතර වෙනවා එහෙම එකක්. ඔක්කොම එකතු කලාම රුපියල් 50000 විතර වෙයි. මොකද හෙඩ් එක වෙනම එන්නේ ඒවාට. ඉතිං මේක ගත්ත. මේක 3 way PAN and tilt එකක්. මිල රුපියල් 10000 විතර.

      Delete
    6. මගේ ලඟත් තියෙනවා ඔය ජාතියේ දෙකක්.

      Delete
    7. ඔන්න ආයෙම ඇණයක් වෙන්න යන්නේ.. මොකද්ද ඔය බෝල් හෙඩ් එක සහ අනිත් පෑන් ඇන්ඩ් ටිල්ට් වල වෙනස? මම ආටිකල් කීපයක්ම බැලුවා. ඒවගේ තියෙන්නේ ප්‍රසයිස් කියන වචනේ උලුප්පල.. මොකද්ද ඇත්තටම වෙන්නේ?

      Delete
    8. දැන් එකක් ගත්තානේ ඕකෙන් වැඩේ කරගනින් කොල්ලෝ... :D

      ඔය දෙකේ වෙනස සරලව මෙහෙම හිතන්න. pan tilt හෙද එක පෑන් කරන්න සහ ටිල්ට් කරන්න වෙන වෙනම කොටස් දෙකක් නේ තියෙන්නේ. ඒ වගේම මේ දෙක හසුරුවන්න සහ ලෝක කරන්න වෙන වෙනම තමයි තියෙන්නේ. නමුත් බෝල් හෙඩ් එක හරියට අපේ අතක තියෙන ගොලකුහර සන්දියක් වගේ. ඔනාම් පැත්තකට හරවන්න පුළුවන්. ඒ සඳහා තියෙන්නේ එක හෑන්ඩල් එකයි, ඒ වගේම ලෝක කරන්න තියෙන්නෙත් එකයි. ඒ නිසා බෝල් හෙඩ් එක වේගවත්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...