Tuesday, July 23, 2013

කහ කුරුළු කුඩුවක්

මේ තියෙන්නේ පසුගිය දිනක ඇස ගැටුන කහ කුරුල්ලෙක් ගේ කුඩුවක්. මේ කුඩුව පිහිටලා තිබුන ස්ථානය අනුව මට ඡායාරුප හත කිරීමට ලැබුනේ එකම කෝණයකින් පමණයි. එමෙන්ම එදා කාලගුණ තත්වයත් ඉතාම අයහපත්ව තිබුනේ. එම නිසා ඉතා සාර්ථක ඡායාරුප ගැනීමක් සිදු නොවුනා.

මගේ ජිවිතයේ පළමු වතාවට තමයි කහකුරුළු කුඩුවක්  දැක්කේ.  ඉතින්  මේ ෆොටෝ කීපය බ්ලොග් මිතුරන් සමග බෙදාගන්න  හිතුනා.

ගේ ඇතුලටම වෙලා ඉන්න කියලා අම්මා කිවා.. 

අම්මා කීවට බැහැ අප්පා.., පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕන.

ම්හු... මොනවත් පෙනෙන්න නැහැ.. තව ටිකක් බෙල්ල දික්කරලා බලමු ....

ඕන කෙන්ගෙඩියක් වෙච්චාවේ.. මම ඔන්න එලියටම ආවා....

පොඩ්ඩක් එලියට යන්න නැහැ...  අම්මා එතනට  ඇවිත් අපහු මාව ඇතුලටම දානවා.

කෑම හරිම රසයි අප්පා... 

ඊට පසු වෙනිදා කාලගුණ තත්වය යහපත් උන නිසා සියලුම කැමරා ආම්පන්න ටික උස්සගෙන් එතනට ගියා, නමුත්....... මහා පාළුවක් හිස්බවක් විතරයි .... කුරුළු පැටියා දකින්නට හිටියේ නැහැ. මහ කිරිල්ලි විටින් විට කුඩුව වෙත ඇවිත් කෑ ගැසුවා......

පරිසරය  සුන්දර කරන්න බිහිවූ වටිනා ජිවිතයක් අහිමි වී ඇති බව මට දැනුනා....

43 comments:

  1. අද තමයි අයිලාෂ්ගේ පැත්තේ ආවේ. මෙහෙම හරි කුරුල්ලන් ආරක්ෂා වෙලා සිටීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදික, දිගටම එන්න. මමනම් ඒ පැත්තේ ඉස්සර ඉඳන්ම එනවා.

      Delete
  2. අප්පට සිරි නැග්ගා වත්ද ගැරඩියෙක්

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි අටමෝ

      Delete
  3. අනේ පව්.... අපේ වත්තෙත් කහ කුරුල්ලෝ නම් ඉන්නවා. කුඩුවක් ඇතුලේ පැටව් ඉන්නවා දැක්කේ නම් මේ පින්තූර වලින්....

    ReplyDelete
    Replies
    1. බොහොම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ/

      Delete
  4. ඌ පියාඹලා ගියා වෙන්න බැරිද? මාත් කහ කුරුලු කූඩුවක් දැක්කෙ අද.

    ReplyDelete
    Replies
    1. නැහැ චම්ස්, ඌට පියාඹලා යන්න තරම් වයසක් නැහැ අර පැටියා එළියේ ඉඉන ෆොටෝ එක බලන්න උගේ ඔලුවේ පිහාටු ඇවිල්ලත් නැහැ. අනිත් කාරණය තමයි ඌ පියාඹලා ගියානම් ලොකු කිරිල්ලි ඔය කුදුව ලඟට සැරින් සැරේ ඇවිත් කෑ ගහන්නේ නැහැ. අනිවාර්යයෙන් පැටියාට කරදරයක් වෙලා.

      Delete
  5. හ්ම් ... අපිට බලන්න උවමනාවක් තියෙනව නම් ස්වභාවදහම කොයිතරම් දේවල් පෙන්නන්න ලැහැස්තිද.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සැබෑවක්මයි මිත්‍රයා.

      Delete
  6. පින්තුර ටිකනම් බොහොම අපුරුයි අයියා.
    අපි කණගාටුඋනාට ඕක ස්භාවදහමේ එක තියරියක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ තමයි ස්වභාවධර්මයේ හැටි. නමුත් කහ කුරුල්ලා කියන්නේ දැන් බොහොම දුලබ සතෙක්.

      Delete
  7. අන්තිම වාක්‍යෙයන් හදවත කටන් වැටුණා වගේ වුණා...

    ReplyDelete
    Replies
    1. ඔබේ සංවේදී බව එයින් පෙනෙනවා නලින්.

      Delete
  8. මොනවා කරන්නද සොබාදම් තියරිය නොවැ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා අදහස් දැක්වීමට. අපිට මේ තියරියට පිටින් යන්න බැහැ නෙව.

      Delete
  9. අපරාදේ, ගොඩක් සතුටෙන් මුල් ෆොටෝ ටික බැලුවේ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද යාළු.. ඕවා ඔහොම තමයි.

      Delete
  10. සොබාදහමේ නියමයන්ට අනුගත වෙන්නට කාටත් සිදුවෙනු ඇත.

    ReplyDelete
  11. කහ කුරුලු පැටියා....අනේ පව් අප්පා....!!!

    ReplyDelete
    Replies
    1. මටත් හරි දුකක් දැනුනා, මොනා කරන්නද?

      Delete
  12. අයියෝ බං. මූ වැ‍ටුනා වත්ද කූඩුවෙන්? එක පැටියෙක් විතරද හිටියේ?

    ReplyDelete
    Replies
    1. මම මේ කුඩුව තිබුන ගෙදර අයගෙන් විමසා සිටියා, උන් දන්නෙත් නැහැ එතන කුඩුවක් තිබුන බව.ඊට පස්සේ උන් එක්ක එකතුවෙලා වටපිටාව පොඩ්ඩක් බැලුවා . බිම වැටුන බවට නම් සලකුණක් හොයාගන්න බැරි වුනා. මම හිතන්නේ ගැරඩියෙක් වැඩේ දෙන්න ඇති.

      මම දකිනකොට හිටියේ එක පැටියයි මචං.

      Delete
  13. මටත් හිතෙන්නේ පැටියා මැරිලා වගේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ පැටියා ස්වර්ගස්ථ වෙලා කියලා.

      Delete
  14. අපරාදෙ..මොනවා කරන්නද ඔය වගේ ඒවා කීයක් නම් වෙනවා ඇත්ද අපි නොදැනුවත්ව... සමහර විට ඌ උඩට නාවා වෙන්නත් පුළුවන්...

    කැප්ෂන් ටික දැක්කම මම හිතුවෙ අකමවත් මේ පැත්තෙ ඇවිත්ද කියලා.. මෙදා සැරේ අයිලාෂ්ගෙම ඒවා වගේ නේද ? අරූ තාම පේන්න නෑ..

    ReplyDelete
    Replies
    1. අඩෝව් මේ, අරූ මූ ගාන්න එන්නෙපා ඩෝ. අපිත් නම්බුකාර පොරවල්. උස්සනව මේම ගානකොට සුදු වෑන් ඒකින්. හරිය.

      Delete
    2. නැහැ සෙන්නා මම සෑහෙන් වෙලාවක් එතන ගතකරා, පැටියා හිටියේ නැහැ. ඔව් ඔව් මෙදා සැරේ මගේ කැප්ෂන් :D


      @ AKM

      අපෝ බයේ බැහැ......

      Delete
  15. පොලිතින් නිසා පරිසරයට වෙනහානියට දැන් සතුන් අනුගතවෙන්න පුරුදුවෙලාද මන්ද,මේ කුදුව හදන්නත් පොලිතින් කැබලි යොදාගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අමිල ඒ පොලිතින් වගේ පෙනෙන්නේ රෙදි කෑලි වගයක්.

      Delete
  16. කහ කුරුළු කූඩුවක් මීට කලින් එක වතාවක් දැකල තියනව.. පැටියා ට මොකක් හරි වෙන්න ඇති. හරිම අඩුයි නේද උන් දැන්.

    මේ ලඟදි බට්ටිච්චො පැටියෙක් අපේ මිදුලෙ වැටිල හිටිය. ඌ ලඟට යනකොට ඉගිලෙන්න බැරි නිසා බිම දිගේ දුවනව. අල්ල ගත්තට පස්සෙ ටිකක් කෑ ගහල අල්ල උඩ නිදා ගත්තා. කූඩුව තිබිල තියන්නෙ මිදුලෙ තියන ගහක මුදුනෙ. එතනට යන්න බැරි නිසා ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන රෙදි කෑලි ටිකක් දාල පැටිය ඒක ඇතුලට දාල ගහේ එල්ලල තිබ්බ. ලොකු කුරුල්ලා පැටියා ඉන්න තැන හොයා ගත්තෙ සෑහෙන වෙලාවකට පස්සෙ. දවස් දෙකක් විතර ගිහින් බලද්දි ඒ පැටියත් කෝප්පෙ ඇතුලෙ හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා කරලා තියෙන්නේ බොහොම හොඳ වැඩක්. නමුත් වෙනත් විලොපියෙක් ඒ පැටියාව ගොදුරු කරගන්න ඇති.

      Delete
  17. ආසාවෙන් රසවිඳ විඳ ආවෙ. අන්තිම පේලිය කියවද්දී ඒ සතුට එකපාරටම නැතුව ගියා. :(

    ගිය සතියෙ උදේක මට කුස්සිය පැත්තෙන් අමුතු කෑ ගැහිල්ලක් ඇහුණා. ක්‍රීස් ක්‍රීස් ගාලා. ගිහින් බලනකොට පොඩි කුරුමිණියෙක් මකුළුවෙක් අල්ලගෙන හොඳට ඔතලා. ඌ මකුළු දැල කඩාගෙන බිමට වැටිලා, එතනින් එහා ගේම කුඹි භාර අරගෙන.
    මම ඌව අතට අරගෙන හැට්ට කට්ටකින් ඌව වෙලලා තිබුණු මකුළු දැල් අයින් කළා. කූඹි දෙතුන් දෙනෙකුත් මැරුණා. අන්තිමේදී ඌ සතුටින් ඉගිල්ලිලා ගියා. ඒත්... මං සොබා දහමට පිටින් ගියා. ඒක සතෙක්ගේ පණ බේරගන්න තව සත්තු දෙතුන් දෙනෙක් මරලා උන් රන්චුවකගේම කෑමත් නැති කළා.
    ඔතන වැරැද්ද කූඹියා පොඩි හින්දද? උන්ගේ කෑ ගැහිල්ල අපිට ඇහෙන්නැති හින්දද? එහෙමත් නැත්නම් ඇහැට පෙන එකාගේ දුක පේන නිසාද? කොහොම උනත් අන්තිමේදී පොඩි එකාටම තමයි.......

    ReplyDelete
    Replies
    1. මේ පැටියා නැතිවීම් ස්වභාව ධර්මය උනාට මටත් හරියට දුක හිතුනා.

      ඔයා කුරුමිණියා බේරාගෙන කරලා තියෙන්නේ ලොකු පිනක්. අභය දානය දීමක්. ඒ අවස්ථාවේදී ඔයාට කූඹි මැරීමේ චේතනාවක් තිබුනේ නැහැ නේ, එකම චේතනාව උනේ කුරුමිණියා බේරීම පමණයි. ඒ නිසා කූඹි දෙතුන් දෙනෙකුත් මැරුණ එක අචේතනිකව සිදුවුන දෙයක්, ඒ නිසා එයට පවක් වෙන්නේ නැහැ.
      හැකි සම විටකම එවැනි සතුන් මරණයෙන් ගලවන්න, එය විශාල කුසලයක්.

      Delete
    2. අයිලාෂ්,

      ඒක මට ගැටළුවක්. අපි සතෙක්ව මරණයෙන් බේරණ එක කුසලයක් වුනාට, තව සතෙක්ගෙ ආහාරවේල නැති කරනවා නේද ? සමහර විට සත්තු රංචුවකගේම කෑම වේලක් වෙන්න පුළුවන්.. ඒක අකුසලයක් වෙන්න පුළුවන් නේද ?

      ඔය කොහොම කිව්වත් කුරුළු පැටියෙක්ව කන්න එන ගැරඩියෙක් දිහා බලාගෙන ඉන්නත් මට බෑ..

      Delete
    3. සෙන්නා; මම කලින් AKM ට දුන්න පිළිතුර බැලුවා නේද? කුසල් අකුසල් දෙක සිදුවන්නේ චේතනාව මත මිසක් ක්‍රියාව මත නොවේ. ඉතින් ඔබ තව සතෙක්ගේ ආහාර වේල නැති කරනවා යන අදහසින් සතෙක් මරණයෙන් නිදහස් කලත්, එහිදී ඔබගේ චේතනාව වන්නේ කෙනෙකුගේ ආහාර වේල නැති කිරීම නිසා පවක් සිදුවෙනවා.

      නමුත් ඔබගේ චේතනාව වන්නේ සතෙකුගේ ජීවිතය බේරීම නම් එය කුසලයක්.

      ඔබගේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත හැකි පොතක් තමයි රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින්වහන්සේ විසින් රචිත "ධර්ම විනිශ්චය" නමැති පොත. ඉතාම සරල ලෙස ප්‍රශ්න උත්තර ක්‍රමයට මේ පොත ලියලා තියෙනවා. ත්‍රිපිටකයට අමතරව ඉතාම නිවැරදි ලෙස ධර්මය ලියා තියෙන්නේ මේ උත්තමයන් වහන්සේ විසින්. ඔබ අසන ලද පැනයට විසඳුමද එහි 139 වෙනි පිටුවේ තියෙනවා. පහත ලින්ක් එකට ගිහින් ඒ පොත කියවන්න.

      ධර්ම විනිශ්චය

      පහත ඇති පොතද හැකිවිටක ටිකෙන් ටික කියවන්න
      බෞද්ධයා ගේ අත්පොත

      Delete
  18. අය්යෝ! හරිම දුක හිතුනා. මොකෙක් හරි සතෙකුට අහුවෙන්න ඇති... මොනා කරන්නද....

    බොහෝම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මටත් හරිම දුක හිතුනා, නමුත් මොනවා කරන්නද මිත්‍රයා.

      Delete
  19. ජීවිතේ අනියත බව හිතට වදින්නෙ හෙණයක් ගහනවා වගේ අන්තිම පේලියෙන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සරත් මේ දේවල් වලින් උනත් අනියත බව මොහොතකට හරි වැටහෙනවානම් කෙතරම් අපූරුද, අද බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැති විදිහට.

      Delete
  20. හිතට හරියට දැනුනා..ඒත් ගැරඩියෙක් ආව නම් කුරුළු අම්මා අවධානයෙන් ඉන්නවා නේද../
    පව්..මොනවා වුනත්...

    ReplyDelete
    Replies
    1. ලොකු කුරුල්ලා කොපමණ අවදානයෙන් හිටියත් සර්පයන්ගෙන් බේරාගන්න අපහසුයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...