Wednesday, May 8, 2013

Silhouette Photography


අද අපි කතා කරන්න යන්නේ  Silhouette Photography ගැන. මෙය ආලෝකයට විරුද්ධව ඡායාරුප ගැනීම යන අර්ථයෙන් Against the light  photography  කියාත් හඳුන්වනවා.  සිලුවට් ඡායරුපයකදී, අපි ඡායාරුප ගත කරණ  වස්තුව තනි පැහැයකින්, බොහෝ විට කළු පැහැයෙන්  යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගනී.

සිලුවට් ඡායාරුපයක් ගැනීම සඳහා ආලෝකයට විරුද්ධව ඡායාරුපය ගතයුතු වෙනවා. තවත් විදිහකින් කියනවා නම්, අපි සාමාන්‍යයෙන් ඡායාරුප ගැනීමේදී, ආලෝක ප්‍රභවය, ඡායාරුප ශිල්පියාගේ පිටුපසින් සිටින ලෙස ස්ථාන ගත කලත් මෙහිදී කරන්නේ ආලෝක ප්‍රභවය ඡායාරුප ශිල්පියාගේ  ඉදිරියෙන් සිටින ලෙස ස්ථාන ගත කිරීමයි.

ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේදී මෙන්ම ස්ටුඩියෝ එකක්  තුල  කෘතීම ආලෝක යටතේදීද සිලුවට් නිර්මාණය කල හැක. සිලුවට් ඡායාරුපයක් නිර්මාණය කිරීම සඳහා එහි අඳුරු  සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (contrast) ඉතා වැඩි විය යුතුයි. මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසාම අඳුරු කොටස් වල විස්තර (details) සටහන් නොවීම සිදුවෙනවා. 

සිලුවට් ඡායාරුපයක් නිර්මාණයේ අනිකුත් වැදගත් සාධකය වන්නේ අනාවරණයයි. මෙහිදී අපි අනාවරණය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,  එවිට වස්තුව මන්ද අනාවරණයට ලක්වීම නිසා තනි කළු පැහැයක් ගන්නවා 

සිලුවට් ඡායාරුපයන්  හි ඇති වස්තුන්ගේ details නොපෙනීම  නිසාම එම ඡායාරුප වලට නොයෙකුත් අර්ථකතනයන් දිය හැකිවෙනවා. පහත ඇති ඡායාරුපය බලන්න.


මෙම ඡායරුපයට දිය හැකි අර්ථකථනයන් මොනවාද?

ඇය දුකෙන් සිටිනවා ?
ඇය   තනිකමින් සිටිනවා?
ඇය නිදසහේ සිටිනවා?

මෙවැනි නොයෙකුත් අර්ථකතනයන් දියහැකි වෙනවා. එම නිසාම මේ සිලුවට් ඡායාරුප බොහෝ සෙයින් භාවාත්මක ස්වභාවයක් ගන්නා බව මගේ හැඟීමයි..

පහත ඇති සිලුවට් කිහිපය බලන්න.





42 comments:

  1. අහම්බෙන් එහෙමත් වෙලාවක වැදුනට කලාවක් විදියට කරන බව දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් දන්නවනේ.

      Delete
  2. ජය වේවා.. මෙහෙම මහන්සි වෙන එක කොයි තරං දෙයක්ද අපිට දෙයක් කියල දෙන්න. බොලා වගේ උන් තමා මෙතනට ඕන මේ අපි වගේ හෝතඹුවො නෙමෙයි.. ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.

      Delete
  3. ජයාරූපකරණය අසම විෂයක් උනාට තාමත් බැරි උනානේ අප්පා හොද පොටෝස් ටිකක් අල්ලන්න....
    අයිලාස් අයියාගේ ගුරුහරුකම් වලට තැන්කු වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ආසම දේ කරන්න ඕන මලයෝ.

      Delete
  4. හුග දවසකින් මේ පැත්තට ආවෙ...මගේ මලයා තමා ඉතිං වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කොරන්නෙ...මම ඉතිං මේ ලිපි එයාගෙ අවධානයට යොමු කොරන්නම්. අපි ඉතිං ඔය ෆෝන් කටුවකින් ඡායාරූප ගන්න ඇත්තො නොවැ...මොනවා වුනත් නොමිලේම මේ ලබාදෙන දැනුම මම ඉතාම අගය කරනවා...අද නොමිලේ දෙමළ පත්තරයක් තියා මන්න පාරක් වත් දෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි සිරා ගොඩ කාලෙකින් නමුත් මේ ඔත්තේ ගොඩවුන එක.

      නොමිලයේ මන්නා පාරක් වත් දෙන්නේ නැති උනාට, නොමිලයේ වෙඩි පාරවල් ලැබෙනවා.

      Delete
  5. ඡායාරූප කලා ඉසව්වේ තවත් මානයක් ගැන කියා දුන්නට ස්තුතියි අයිලාෂ්..

    ReplyDelete
    Replies
    1. නලින්ගේ ගොඩවිම සතුටක්

      Delete
  6. මමත් ඔය ක්‍රමයට චායාරුප අරගෙන තියෙනවා එතරම් ම සාර්ථක වෙලා නැහැ. sandwich shot කියන්නෙත් ඔය විදිහට ෆ්ලෑෂ් කරලා ගන්න ඒවාටද නැත්නම් එය වෙනම ක්‍රමයක්ද ?

    ReplyDelete
    Replies
    1. මේක සාර්ථක වෙන්න අඳුර සහ ආලෝකය අතර contrast එක වැඩිවෙන්න ඕන. sandwich shot එක ගැනනම් මට අදහසක් නැහැ මොරබ්බා.

      Delete
  7. අන්න හරි මේ තියෙන්නේ වෘත්තීයමය ගමන යන්න අඩිතාලම.මුලින්ම සාස්තරේ කොණක ඉඳන් ඉගෙන ගන්නවා බොහොම නිස්සද්දව..ඊට පස්සේ නව මාන හොයන් යනවා නිස්සද්දව.ඊටත් පස්සේ එළිපිට නටනවා සද්දෙට.

    සභාව :- " අම්මට සිරි මූ කොහෙන්ද පාත් උනේ "



    ඉතාම වටිනවා අයියේ..විය යුත්තේ මේකයි.නිවැරදි දැනුම කොණක සිට.අල්ල ගන්න ඈයෝ අල්ලගනිත්වා ...!

    ReplyDelete
    Replies
    1. මොකද බන් මේ? උඹ script එකක් ලියනවද?

      Delete
  8. තවත් වැදගත් දෙයක් අද දැනගන්න පුළුවන් උනා ඔබට පින්සිද්ද වෙන්න. ම්ම් මේ ක්‍රමය හිත මත නොවුනත් චයරුප ගන්න ගියහම ආලෝකයට ප්‍රතිවිරුද්දව ගන්න නිසා සාර්ථක වුනේ නෑ, ඔයාගේ උපදෙස් අනුව අරන් බලන්නම් .. ගොඩක් ස්තුතියි දැනුවත් කරාට..

    ReplyDelete
    Replies
    1. මේ විදිහට අරගෙන බලන්න.

      Delete
  9. අද රෑට හෙමිහිට කියවන්න ඕනේ මුල ඉඳල අගටම

    ReplyDelete
    Replies
    1. කියවයි තමයි, ටික දවසකට පස්සේ අහයි "අයියේ අර වටේට සුදුවට තියලා පින්තුරේ ඉන්න එක්කෙනා කළු කරලා ගන්නේ කොහොමද?" කියලා.

      Delete
  10. හ්ම්ම්... හරිම අමුතු කලාත්මක බවක් තියනවා!

    ReplyDelete
    Replies
    1. මම නම් සිලුවට් වලට හරි ආසයි.

      Delete
  11. ඔය විදිහේ ෆොටෝ දැකල තිබුනට මේක හිතාමතා පාවිච්චි කරන දෙයක්/ වෙනම ක්‍රමයක් කියල දන්නේ දැනුයි. ස්තුතියි විස්තර වලට..

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න චන්දන.

      Delete
  12. මේ ෆොටෝ ටික නම් හරිම ලස්සනයි.....
    බොහොම ස්තූතියි අයිලාෂ් අයියේ ඔයාගේ දැනුම මේ විදියට අපිට නොමිලේ බෙදා දෙනවට.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී.

      Delete
  13. මම මේ විදිහේ ඡායාරූප ගන්න හැදුවට ඒ තරම් සාර්ථක උනේ නම් නෑ. ආයෙත් වෙලාවක කරල බලන්න ඕන. ස්තූතියි අයියෙ මේ දැනුම බෙදා ගන්නවට.

    ReplyDelete
    Replies
    1. මොකද චම්ස් සාර්ථක උනේ නැත්තේ?

      Delete
  14. ස්තුතියි මේ ගැන දැනුවත් කිරීම ගැන.

    ඉස්සරහයින් ප්‍රභල ආලෝකයක් තියෙනවනං මේ වැඩේ කරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. කැමරාවට ඉදිරියෙන් ප්‍රබල ආලෝකයක් තියෙන්න ඕන ප්‍රසන්න.

      Delete
  15. හිතල නොගත්ත මේ වගේ ෆොටෝ සෑහෙන්න තියනවා. බැනුනුත් අහනවා ඒවගෙ ඉන්න එවුන්ගෙන්. ආයි බැන්නොත් දෙන්න මේ ලින්ක් එක සේව් කරල තියගන්න ඕන

    ReplyDelete
  16. අයිලාස්, Fujifilm FDC-S2980 කැමරා එක කොහොමද? හෙට ගන්න අදහසක් තියෙනවා සිංගර් එකෙන්. පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ආ තව දෙයක්, මේක ගන්නේ විශේෂයෙන්ම උත්සව අවස්ථා ඡායාරූපකරණයට. ඒ නිසා මේ මිල සීමාව ඇතුලේ (30,000) වඩාත් හොඳ, පෙනුමත් ඒ වගේම හොඳ එකක් වෙන්න ඕනි. මේකේ ලෙන්ස් දාන්න බෑ.

      (මේක ගන්න අයියට මං හොයලා දුන්නු කැම් අතරින් සෙට් උනේ මේක. දැන් එයා මං හොයලා දුන්නු එක ගැන විශ්වාස කරලා ඉන්නේ. අවුලක් උණොත් මං ගස්. ඒකයි ඔබතුමාගෙන් මේ ගැන උපදේසයක් ලබාගන්න හිතුවේ.)

      Delete
    2. මේ කැමරා එක ගන්නවානම් ෆුජි ඒජන්ට් ගෙන්ම ගන්න. මට ayilas419@gmail.com වට මේල් එකක් දන්නා. මම විස්තර දෙන්නම්. ඔයාගේ ෆෝන් නුම්බර් එකකත් මේල් එකේ දෙන්න.

      මේ කාමර එකේ කලින් මොඩල් එක තමයි මගේ පොඩි පුතා ළඟ තියෙන්නේ. ආධුනිකයෙක්ට හොඳයි. නමුත් උත්සව අවස්ථා වගේ දේවල් වලට හරියන්නේ නැහැ.

      Delete
  17. අලුත් දෙයක්, නොදන්නා දෙයක් කියා දුන්නාට තුති. ලිපියත්, චායාරූපත් එක වගේ රසවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ වුනාට.

      Delete
  18. පොස්ට් එකේ දාලා තියෙන පින්තූර වලට tripod එකක් පාවිච්චි කළාද ? මම ගත්ත සිලුවට් පින්තූර ඒ තරම් ශාර්ප් නෑ මලේ .. අඩු ආලෝක තත්ව යටතේ shutter speed එක අඩු වෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැහැ අයියේ මේ ෆොටෝ hand held. ISO 100, F 3.2, 1/180 වගේ අනාවරණයන් තමයි දීලා තියෙන්නේ.

      1/30 වගේ shutter speed එකක් ලේසියෙන් අතේ තියාගෙන ගන්න පුළුවන්.

      Delete
  19. කමෙන්ට් නොකෙරුවට තරහ වෙන්න එපා. ලිපි කියොල හොරෙන් ගියා. ඔබේ ලිපි සේරම මම වෙනම ෆෝල්ඩර් එකක සේව් කර ගන්නවා. තාම කැමරාවක් ගත්තෙ නැති නිසා කියල තියෙන දේවල් ප්‍රැක්ටිකලි කරන්න විදියක් නැ.

    ReplyDelete
    Replies
    1. ලිපි කියවලා හොරෙන්ම යන්න එපා අනේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...