Tuesday, May 21, 2013

රාත්‍රී ඡායාරුප.

අද කතා කරන්න බලාපොරොත්තු වන රාත්‍රී  ඡායාරුප කරණය   " Long -exposure photography " ලෙස හඳුන්වන්න පුළුවන් . මෙහිදී  සිදුකරනුයේ දිගු අනාවරණ කාලයක් ලබාදීමයි.(slow shutter speed) මෙම ක්‍රමයෙන්, නිසල වස්තුන් ඡායරුපහේ පහැදිලිව සටහන් වන අතර චලිතයන් සහිත වස්තුන්හි චලනය ඡායරුපයේ වේ. චලනය වන ආලෝක ධාරාවන්හි ගමන් මාර්ගය පැහැදිලිව ඡායාරූපයේ සටහන් වීම තුලින්  ඡ්යාරුපයට අධික ආකර්ෂණයක් ලැබේ.

දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක.  remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.






පසු සටහන:

ඉදිරියේදී පැමිණෙන වෙසක් උත්සව සමයේදී මෙම ක්‍රමය මගින් ඡ්යරුප නිර්මාණය කිරීමට උත්සහ ගන්න.

30 comments:

  1. ඕක කරන්න ඉතිං ට්‍රයිපොඩ් එකක් හොයාගන්න එපැයි. නැත්තං බංකුවක් උඩ තියන්න තමයි වෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් නැති බනේම කියන්නේ, බංකුවක් උඩ තියලා හරි ගනින්.

      Delete
  2. හ්ම්ම්...light painting වගේම තමයි නේ.....

    ReplyDelete
    Replies
    1. මේකේ වෙනස කැමරාව නිශ්චලව තියන එක.

      Delete
  3. ඒක නං පට්ට ඉන්ටරෙස්ටින් වැඩක්.. අපේ වෙනියට නං හොදා..ඌට රෑට කොරන්න කියල අමතර වැඩක්වත් තියෙන එකක්යැ?? හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. මොකද බන් මේ හැම දෙකටම අර අහිංසක වෙනියා අල්ලා ගන්නේ.

      Delete
  4. මමත් හරි ආසා වැඩක්.
    නමුත් අපි ගන්න නයිට් ෆෝටෝස් ඔක්කොම වාහනේ යන ගමන් වින්ඩ්ස්ක්‍රීන් එක හරහා ගන්න උත්සාහ කරපුවා නිසා අප්සෙට් වෙනවා.

    අපි එක පාරක් බැටී යද්දි රෑ මග නවත්තලා තේ හදනකොට මායි චූටි පුතයි කැමරාවක් ට්‍රයිපොඩ් එක උඩ තියලා ගත්තා කීපයක්, සෑහෙන හොඳට ආවා.

    මට පොඩි කාලෙ තිබ්බ ප්‍රශ්ණයක් තමයි රෑට නගරයක ෆෝටෝස් ගත්තාම පාරවල් දිගට ටේල් ලයිට් වලින් ඇඳපු ඉරි තියෙන්නේ කියලා. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං, උඹේ අදගස් දැක්වීමට.

      Delete
  5. අයියණ්ඩිය මේ සැබෑවටම කොළඹමද?

    ReplyDelete
    Replies
    1. නැගණියනි, මේ සැබෑවටම කොලොම්පුරය වන්නේය.

      Delete
  6. බොහොම පින්.. රෑ එවුව ගන්නකොට මම හැමදාම කෙලවාගෙත්තෙ මෙහෙම වෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මේ විදිහටත් අරගෙන බලන්න, සරත්.

      Delete
  7. වටින පොස්ට් එකක් ගොඩක් ස්තුතියි.
    රාත්‍රිකාලයේ කොහොම ගත්තත් සාර්ථක වෙලා නෑ, දැන්වත් බලමුකෝ. එත් සෙලවෙන හින්ද වෙන අපැහැදිලිතාවය තමයි ප්‍රශ්නේ.
    මන් හිතුවේ මකුළුදැල් බදිනකන් ඉන්නවා කියල පහුගිය ටිකේ පෙන්න නැතිකොට..හික්ස්

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර මකුළු දැල් බැන්දා නේද?

      ඇත්තෙන්ම කියනවනම් පසුගිය ටිකේ බ්ලොග් කියවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.

      Delete
  8. ඉතා වටින ලිපියක් අයිලාෂ් . වෙසක් එකට වැඩක් ගන්න මරු

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් වෙසක් දවස් වල හොඳ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කරන්න.

      Delete
  9. විදුලි ආලෝකය වැඩියෙන් තියෙන තැන් වල ගන්න ඡායාරූප වල හැමවෙලේම වගේ පාට පාට ලප වගේ ඒව තියෙනව. ඒ හින්දම රාත්‍රී කාලේ ගන්න පින්තූර පැහැදිලි විදිහට ඇවිල්ලම නැද්ද කොහෙද :(

    ReplyDelete
    Replies
    1. චම්ස්, පාට ලප වගේ තියෙන්නේ ලෙන්ස් රිෆ්ලෙක්ෂන්ස්.

      Delete
  10. එහෙම ගත්ත ෆොටෝ නියමයි නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.

      Delete
  11. ඒක ලස්සනයිනේ.. ^_^

    ReplyDelete
    Replies
    1. කෝ ඔයාගේ අලුත් කැමරාවෙන් ගත්ත ෆොටෝ?

      Delete
  12. ලස්සන ෆොටෝ ටික. මමත් උත්සාහ කරලා බලන්න ඕන කැමරාවක් ගත්ත දවසක :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  13. වෙනදා වගේම මලයාගේ අවධානයට යොමු කරමි. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමට ස්තුතියි සිරා.

      Delete
  14. ඩිජිටල් කැමරාවකින් අර පුල්ලි පුල්ලි හිටින්නේ නැතුව රාත්‍රී කාලයේ ඡායාරූප ගන්නා විදිහක් ගැන පවසනු මැනවි :)

    ReplyDelete
    Replies
    1. ඒ දේ බොහෝ විට වෙන්නේ ලෙන්ස් එකේ හෝ ලෙන්ස් එකට පිටින් සවි කරන ෆිල්ටර් වල දෝෂ වලින් ලෙන්ස් එකේ මතුපිට දුවිලි තිබීම මගින්ද මෙය සිදුවන්න පුළුවන්.

      Delete
  15. මම වගේ අත වෙවුලන එකෙක්ට ඕක හරියන වැඩක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. එක තමයි බන් ට්‍ර්ය්පොර්ඩ් එකක් උඩ කැමරාව තියන්නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...