Thursday, December 20, 2012

නැගිටපු ගමන් මොකක්ද කරන්නේ ?



මේ කතාවත් අපේ යු.ජි. සර් සහ ලන්දයා ගැන තමයි. මේ දෙන්න ගැන මගේ කලින් වේවැල් කෝටු නාරං සියඹලා අතු පොස්ට් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් යු. ජි. සර් ගේ දින චරියාව දන්නවනේ, ඉස්සෙල්ලාම ආචාර කරලා ලේන්සු දෙක සහ නියපොතු පෙන්නන්න ඕනේ. ඊට පස්සේ පාඩම පටන්ගන්න කලින් සර් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා දන්නා අය අත උස්සගෙන ඉන්න ඕනේ, මෙන්න මේ වගේ.

 සර්  අහන එක්කෙනා විතරයි  උත්තර දෙන්ඩ ඕනේ. ඊට පස්සේ උත්තර වැරදුන අයටයි උත්තර දන්නේ නැති අයටයි හොඳට සලකලා තමයි  පාඩම පටන් ගන්නේ.  සෞඛ්‍යය පාඩම කියන්නේ ගුටිකන එකම තමයි.

ඔන්න එදාත් සුපුරුදු ලෙස ලේන්සු  සහ නියපොතු වෙනුවෙන් සලකලා  එහෙම සර් මේ ප්‍රශ්ණය අහපි.

"ළමයි කියන්ඩ උදේම නැගිටපු ගමන් මොකක්ද කරන්න ඕනේ කියලා...හා උත්තරේ දන්නා අය  අත උස්සන්න "

මේක ටිකක් අමුතු ප්‍රශ්නයක් නිසා හැමෝම වගේ තුෂ්නිම්භූත වෙලා ගියා. ඇයි දෙය්යනේ මේකට මොකක්ද දෙන උත්තරේ. මොන දේ කීවත් ගුටි නම් ශුවර් තමයි මේ අහපු දේ හැටියට . පිටිපස්සෙන්ම ඇහෙනවා ලන්දයා ගේ හඬ.

"සර්... සර්..."

මෙන්න මේකා කවදාවත්ම නැතිව බොහොම උනන්දුවෙන් අත උස්සගෙන ඉන්නවා. සර්ටත් පුදුම හිතෙන්ට ඇති.


" ආ බොහෝම හොඳයි... වෙන කාටවත් උත්තර නැද්ද ?...  හා.. එහෙමනම් ලන්දයා කියනවා බලන්න උදේම නැගිටපු ගමන් මොකක්ද කරන්නේ කියලා"

දැන් හැමෝම ලන්දයා දිහා බලාගෙන. සර්ත් ලන්දයා ළඟ. මෙන් මේකා  මෙහෙම කියාපි.

"සර්... උදේම නැගිටපු ගමන්  කරන්නේ ටෙන්ට් එක බාන එක"

චටාස්... පටාස්... චටාස්...

ලන්දයාගේ කම්මුල් දෙකම රතු පාට වෙලා.

14 comments:

  1. හත් ඉලව්වේ ඒකා යකෙක්නේ. සර් ඉන්නවා කියලවත් ඒකට ගානක් නැති ඩයල් එකක්ද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. අපෝ ඔව් කෝරලේ මහත්තයෝ, මර ඩයල් එකක් තමයි. ඌ අකාලයේ පරලොව ගියා

    ReplyDelete
  3. මරු බුවෙක් නේ ඒකා..සර් උත්තරේ අහන්න ළඟටම එන්න ඇත්තේ මෑන් ගේ හැටි දන්නා නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලී, දෙන උතරේ වැරදුණොත් එහෙම හොඳට සලකන්න ඕනේ නිසා

      Delete
  4. අහ්හ්... මට තේරුනේ නෑනේ......

    ReplyDelete
    Replies
    1. ඕව ඔය පොඩි සමනළ පැටවුන්ට තේරෙන එකක්යැ

      Delete
  5. ලන්දයා වගේ එකෙක් දෙන්නෙක් පන්තියක හිටියේ නැත්නම් ඒක පංතියක් නෙමේ :D

    ReplyDelete
  6. ලන්දයා හරිනෙ අයිලාස්. පව් ඌ ගුටිකෑවේ
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  7. ඊයා... අයිලාෂ් අයිය කැත කතා කීනවා...

    මේ.. මොකක්ද අයියේ ඔය නමේ තේරුම? :0

    ReplyDelete
    Replies
    1. මොකක්ද නගෝ කැත කතාව. හ්ම්ම්.. නමේ තේරුම.... ?

      Delete
  8. ධික් හිකකොහොම කුපාඩියො ඉන්නව තමයි :P

    ReplyDelete
  9. හික්... හික්...

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...