මාත් එක්ක එකතු වෙන්න

Wednesday, December 19, 2012

වේවැල් කෝටු නාරං සියඹලා අතු



එකදාස් නමසිය බර ගණන් වල සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ.  අපේ ඉස්කෝලේ මහනුවර නගරයේ තියෙන ප්‍රසිද්ධ එකක්. මේ සිද්දිය වෙනකොට මම හිටියේ හයේ පන්තියේ. මම තමා පන්තියේ මොනිටෝර්. ඉතින් එදා මේ සිද්දිය වෙන වෙලේ අපිට තිබුනේ සිංහල පාඩම හැබැයි සිංහල උගන්නන ගුරුතුමී නිවාඩු ගිහින් පන්තියේ කොල්ලන්ට හරිම ජොලි වෙලාවක් තමයි ටීචර් නැති පීරියඩ් එක, දැන් කොල්ලන්ගේ බහුතරයකගේ කැමැත්ත තමයි පිට්ටනියට සෙල්ලම් කරන්න යන එක. මම ඉතින් කවදත් ප්‍රොජාතන්තරයට ගරු කරන එකානේ, ඉතින් මමත් එක පයින්ම මේකට කැමති උනත් පාසලේ ආණ්ඩුක්‍රම වියවස්ථාවට අනුකුල දැයි කියල බලන්ඩත් ඔනේනිසා අග්‍ර විනිශ්චයකාර තුමාගෙන් (විදුහල්පති) අවසර එහෙම අරගෙන කොල්ලන්ව පිට්ටනියට දක්කන්න පටන් ගත්ත විතරයි කඩාකප්පල් කාරී කිහිපදෙනෙක් ගෙන් අති ප්‍රබල විරුද්ධතාවයක්  අවා. මෙන්න මුන් කියනවා "පිට්ටනියට යන උන් පලයන් අපි පන්තියේ ඉඳන් පාඩම් කරනවා" අනේ මෙහෙම උන්. මමත් ඉතින්  ප්‍රොජාතන්තරයට අනුව වැඩකරන්න ඕනේ නිසා පන්තියේ මැරයා උන "ලන්දයා" ට වැඩේ බාර දුන්නා. ලන්දයත් ඉතින් බොහොම දැහැමින් සෙමින් මේ එකෙක්ගේ දෙන්නෙක්ගේ බෙල්ලෙන් අල්ලලා "මොකද යකෝ පිට්ටනියට යනවද නැත්තන් මම යවන්නද" කියල  ආදර  ගෞරවයෙන් අහපු නිසා මේ කඩාකප්පල් කාරි පිරිසත් පිට්ටනියට ගියා. කොහොමද අපේ ප්‍රොජාතන්තරය?

ඉතින් කොහොමහරි පිට්ටනියට ගියයි කියමුකෝ, දැන් ඉතින් යන්ඩ බැහැ කියපු එකාලයි යන්ඩ උනන්දුව තිබුන එවුනුයි ඔක්කොම සෙල්ලම. ඔය කොහොමින් කොහොමින්  හරි වෙලාව ඉවර වෙලා බෙල් එකත් ගහලා හැබැයි අපි එකෙක්වත් බෙල් එක ගැහුවා කියල දන්නේ නැහැ.  ඊට පස්සේ තිබුනේ සෞඛ්‍යය පාඩම. ගුරු තුමා තමයි  යු.ජි. සිරිසේන සර් . අපි කියුවේ යු ජි කියලා. (අපේ ඉස්කෝලේ ගිය එකෙක් මේ බ්ලොග් ඒක කියවුවොත් ඉතින් මේ නම අහපු ගමන් විස්තරේ ඔක්කොම දන්නවා.) 

යු.ජි. සිරිසේන සර්  කියන්නේ ජාතික ඇඳුම අඳින විනය උපරිම කරගත්ත කෙනෙක් තමයි. පන්තියට අපු ගමන් ම හැමෝම නැගිටලා ආචාර කරලා ලේන්සු දෙකක් (එකක් තිබ්බොතින් ඉවරයි. සර් කියන්නේ එකක් මුහුණ පිහදන්නත් අනික් එක හදිසියෙන් හොටු ආවොත් පිහදන්නත් තියෙන්න ඕනේ කියල. සිරිසේන සර් ගෙන් ඉගෙන ගත්ත උන් හැමෝම තාමත් ලේන්සු දෙකක් පාවිච්චිකරනවා ) ඩෙස්ක් උඩ  තියලා අත්  දෙක ඩෙස්ක් එක උඩ  තියාගෙන ඉන්න ඕනේ නියපොතු පේන  විදිහට. වැරදිලාවත් නියපොතු ටිකක් හරි වැවිලා තිබුනොත් එහෙම නැත්තන්  ලේන්සු දෙකක් නොතිබුනොත් ඇඟිලි කැඩෙනකල් අඩි රූලෙන් ගහනවා. 
ඔන්න ඉතින් යු. ජි. සර් ගේ හැටි. දැන් ඉතින් හිතගත්තහැකි නේද උන දේ. 

ඔන්න ඉතින් ඉතුරු ටික වෙච්ච විදිහ. බෙල් එක වැදුනා  විතරයි  සර් එනවා අපේ පන්තියට. ළමයි එක්කෙනෙක්වත් පන්තියේ නැහැ.

 සර්ට යකා  නැගලා පන්තියේ ළමයි හොයනවා ඉස්කෝලේ හැමතැනම. අන්තිමේදී ළමයි ටික පිට්ටනියේ කියලා දැනගෙන වෙනත් පන්තියක ළමයෙක් මගින් පණිවිඩයක් එවනවා වහාම පන්තියට එන්න කියලා. ඔන්න දැන් අපි ඔක්කොම පන්තියට එනවා වෙවුලමින් මොකද වෙනදේ දන්නවානේ. ඔන්න ඉතින් කොහොම හරි අපි පන්තියට එනකොට විනාඩි 15ක් විතර ගිහින්. හැමෝම  පූස් පැටව් වගේ ගිහින් වාඩි උනා.


 "ආයුබෝවන් සර්", "ආයුබෝවන්" සර් ගෙන් ප්‍රතිචාර.

"මොනිටර් ඉස්සරහට එනවා" මම හිමින් සීරුවේ සර් ලගට ගියා නෙවෙයි යැවුනා. " දැන් office එකට ගිහිල්ලා  වේවැල  අරගෙන එනවා"  මම ඉතින් කීකරු බලු කුක්කා වගේ වේවැල අරගෙන අවා. දැන් තමයි නඩු විභාගය. ඉස්සෙල්ලම මම. යම රජු ඉදිරියට පැමිණුන නිරී සතෙක් වගේ සර් ඉදිරියේ ඉන්නවා. 

"මොකද මගේ පන්තිය වෙලේ පිට්ටනියට ගියේ"

"සර් කලින් පීරියඩ් එකේ තිබුනේ සිංහල, ටීචර් ඇවිත් නැති නිසා ප්‍රින්සිපල් ගෙන් පර්මිෂන් අරගෙන තමයි ගියේ" .මම නියම ලෝ පොඉන්ට් එකක් දෙනවා.

"බොහොම හොඳයි,  බොහොම හොඳයි  ප්‍රින්සිපල් ගෙන් පර්මිෂන් ගත්තේ සිංහල  පීරියඩ් එකේදී පිට්ටනියට යන්න නේ, මගේ පාඩම වෙලේ පිට්ටනියේ ඉන්න නෙවේනේ"

දැන් දීපන්කෝ උත්තර, මමත් ඇරියේ නැහැ හැබැයි  දැන් මගේ දනිස් දෙක මැඩලින්  ගහනව. මම බොහොම පහත් හඬින් මෙහෙම කියනවා 

"බෙල් එක ඇහුනේ නැහැ සර්"

"අල්ලපන් අත" මාර දිව්‍ය පුත්‍රයා වගේ සර් කෑ ගහපි. "චාටස් ....." තරු දාහක් විසිඋනා.

 "යනවා ගිහින් වාඩිවෙනවා" මම අතට පිඹිමින් ගිහින් වාඩි උනා. ඔයින්  ගියා ඇති මම හිතින් කියවනවා. 

මම හිතපු විදිහට වැඩේ ඉවර උනේ නැහැ. සර් පන්තියේ කොනකින් පටන් ගත්තා.

"තමා එනවා ඉස්සරහට " කොනේම ඉස්සරහ පේලියේ හිටපු බුවා සර් ලඟට ගියා. කරුමෙක මහත මේකා මම අර මුලින් කියපු කඩාකප්පල් කාරයෙක්. මේකා දැන් මෙහෙම කියනවා 

"අනේ සර් අපි ඔක්කොම යන්න බැහැ කීවා මොනිටෝර් තමයි  අපිව එක්කගෙන ගියේ, ගියේ නැත්තම් බලාගෙනයි කියලා "ලන්දයා" අපිට බල කරා"

"මොනිටෝර්, ලන්දයා දෙන්නම එනවා ඉස්සරහට, ඇත්තද මේ කියන්නේ" අපි දෙන්නම නිහඬයි. 

"ලන්දයා අල්ලනවා අත ...  චටාස්..."  දැන් ඒ ගමන සර් මෙහෙම කියනවා

"දැන් දෙන්නම හැරෙනවා අනිත්  පැත්ත." 

" චටාස්.." මගේ පස්ස පැත්තට එකයි , "චටාස්.. චටාස්.." ලන්දයාගේ පස්ස පැත්තට දෙකයි . අපි දෙන්නා ඇරුනම පන්තියේ ළමයි 35 දෙනෙක් හිටියා ඒ 35 දෙනාගේම අතට එක බැගින් මගේ පස්ස පැත්තට 35 යි , ලන්දයාගේ  පස්ස පැත්තට 70යි".  අප්පා පශ්චාත් භාගයට ඒ වෙලේ දැනුන සනීපය 

සියලු දඬුවම් අහවර කල අදුරුතුමෝ මෙසේ පැවැසීය

 " එක ගානේ අතට ගැහුවේ පිට්ටනියට ගියාට නෙවේ, ගිය වැඩේ වෙලාවට ඉවරකරලා අනිත් වැඩේට වෙලාවට අවේ නැති නිසා. මොනිටෝර්ට ළමයි 35 දෙනා  වෙනුවෙන් පිටිපස්සට 35 ගැහුවේ වෙලාවට ළමයි 35 නැවත පන්තියට එක්කගෙන ඒමේ වගකීම පැහැරහැරීමට, ලන්දයාට ළමයි 35 දෙනා  වෙනුවෙන් (35 x 2) 70  ගැහුවේ බලහත්කාරකම් සහ චන්ඩිකම් වලට."

අදටත් වගකීමක් බාරගන්නකොට මේ සිද්දිය මතක් වෙනවා. ඒ නිසා හැකි උපරිමයෙන් එම වගකීම වෙලාවට ඉටුකිරීමට කටයුතු කරනවා. (හැබැයි මගේ මංගල දිනයේදීනම් නැකතට යන්න බැරි උනා.   හි.. හී..  හික් ...)

මේ සටහන යු. ජි. සර් ට උපහාර පිණිස. මෙවන් වූ ගුරු දෙවිවරු මතු බුදුවේවා !! 

පසු සටහන:
දැනට වසර 5 කට පමණ පෙර ගුරු උපහාරක් තිබුණා . එදා මම  යු. ජි. සර් ට වැඳලා එහෙම මෙසිද්ධිය මතක්කරලා කීවා "සර්ට පින් සිද්ද වෙන්න අදටත් මම වෙලාවට වැඩකරනවා සර් " කියලා. එතකොට සර් කියපි "අනේ කොල්ලෝ මම ඔච්චර් ගහල තියෙනවද" කියලා.

23 comments:

  1. මට අපේ නිලවීර සර් මතක් උනා... උන්දැත් ඔහොමම තමා... දෙන්නේ කුනුහබ්බ කිය කිය හිනා වෙවී... කවදාවත් තරහක් හිතෙන්නේ නැහැ. ඒ තරමට හොඳ මනුස්සයා...

    මේකේ වර්ඩ් වෙරිෆිනේෂන් අහක් කරපියෝ...

    ReplyDelete
    Replies
    1. තෑන්කියු මාරයා. මාරයාගෙන් පලමු කොමෙන්ටුව දාලා දිරිදුන්නාට. ඔන්න වෙරිෆිකේශන් අයින් කලා.

      Delete
  2. හික්.... මරු පනිෂ්මන්ට් එක..... හැබැයි ඒකෙන් දෙයක් ඉගෙන ගෙනනේ.... ඒකත් වටිනවා.....

    ඔන්න මගේ පොස්ට් එකේ තිබ්බ කමෙන්ට් එක හරහා මම මේ පැත්තට ආවා..... දිගටම ලියන්න....අපි එනවා බලන්න..... :)

    ReplyDelete
    Replies
    1. තෑන්කියු සමනලී. කොමෙන්ටුවක් දම්මාට, දිරිදුන්නාට. දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      බලන්න එනවා කියපු එක ලොකු සතුටක්.

      Delete
  3. word verification තියෙද්දි කමෙන්ට් දාන්න කරදරයි... ඒක අයින් කලා නම් තවත් හොදයි....

    Settings - Posts and comments - Show word verification = NO කරන්න...

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙරිෆිකේශන් අයින් කලා.

      Delete
  4. අපෙත් හිටියා ඔයවගේ ඩයල් එකක් චිත්‍රාල් සර් කියල ලංකාවේ සර් කෙනෙක් ඉන්ටනැෂනල් කියලා නැහැ අපේ ලංකාවේ සෙට් එකට දුන්නේ පස්සේ වේවැල් පාර හිටින්න.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මලයෝ, ගුරුවරු ළමයින්ට ගහන්නේ හදන්නනේ.

      Delete
  5. ඒ වගේ ගුරුවරු වගේම ඒ කාලේ හිටිය දරුවන්වත් අගය කරන්න ඕනේ. දැන් කාලේ මේ වගේ අය නැහැනේ. දැන් කාලේ මෙහෙම වුණා නම් සර් මේ වෙද්දී හිරේ මානව හිමිකම් චෝදනා යටතේ :P

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මල්ලි, දැන් කොල්ලෙක්ට මෙහෙම ගැහුවොත් උන් ටික සර්ට ගහලතමයි පස්සබලන්නේ.

      Delete
  6. මම ආවෙ කමෙන්ට් එකක් ඔස්සේ. මරු බ්ලොගක්නෙ. ඇත්තෙන්ම අර මාරයා කිව්වා වගේ මටත් නිලවීර සර්ව මතක් වුනා. අපිත් ගුටිකාලා ඇති සිය දාස් වතාවක්. අප්පා එහෙම කාලයක්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගුටිකාපු නැති පාසැල් ජිඉවිතේ වැඩක් නැහැ dude.

      Delete
    2. මමත් ගියේ මාරයා සහ dude ගිය ඉස්කෝලෙටමයි. නිලවීර සර්ගෙන් ගුටි කෑමේ වාසනාව නොලැබුනත් නෙල්සන් මෙන්ඩිස් සර් ගෙන් ඇතිවෙන්න ගුටි කාලා තියෙනවා. ඉස්සරහට නැමිලා බිත්තිය අල්ල ගනිං කියලා තමයි පුකට වේවැල් පාර දෙන්නේ.

      Delete
    3. හපොඕ.. මම හිතුවේ නැහැ ගාමිණී අය්යා ගුටි කාල ඇති කියලා.

      Delete
  7. අපේ සෞක්ය සර්ව මතක් උනා මටත් .. ඔයිට දෙවෙනි නෑ :D

    ReplyDelete
    Replies
    1. මල්ලියේ උබත් එහෙහම් රස දන්නවා ඈ ?

      Delete
  8. හප්පේ අපේ ඉංගිරිසි සර්
    මමනම් වැඩිපුර කන්නේ ගහද්දි හිනා යන නිසා
    වරදට එකයි
    හිනාවට ගොඩයි
    අන්‍තිමෙට හැබැයි සර්ටත් හිනා
    ගුටිකෑවට පාඩුත් නැ සර්ට දුක හිතුනාම පන්තියටම මොනාහරි ගෙනත් දෙනවා

    චන්දන සර්ට පින් සිද්ධවෙන්න කඩු වැනිල්ල කෙසේ වෙතත් ජාමේ බෙරගන්නවා

    අතිතයට ගෙන ගියාට බොහොම ස්තුතියි යාළුවා

    ReplyDelete
  9. හප්පා.. ඒක මාර ගැහිල්ලක්නේ... මං නං ඔහොම ගුටි කන්න වෙච්ච වෙලාවක කොහෙන් හරි රිංගලා පැන ගන්න නිසා කවදාවත් එහෙමට ගුටි කාලා නෑ... ( දෙවනි බෙල් එකට පීටී ඉවර වෙලා පන්තියට එන්න එපැයි.. අපි හැමදාම එන්නේ ඊළඟ පීරියඩ් එකෙනුත් බාගයක් විතර ගිහින්...) සර්ට මාව අල්ලන්න බෑ... අවුරුදු ගානකට පස්සේ දවසක මාව දැකලා සර් කිව්වේ... මාව දැක්කම මතක් වෙන්නේ මේකි හැමදාම වැරදි කරලා මගෙන් ගුටි නොකා බේරුනු හැටි කියලා .. හි හි

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ඔහොම ගැහුවොත් කොහොමට හිටීද? අපි නම් තාම ඔය සර්ට ආදරෙයි. ඇත්තටම එදා ඒ කාපු ගුටි නිසා අදටත් ඕනෑම දෙයකට වෙලාවට කලින් යනවා මිසක් පරක්කු වෙන්නේ නම් නැහැ.

      කොපමණ ගැහුවත් ගුරුවරුන්ට ගරු කරන්න එදා ළමයි වගේම දෙමාපියන් පවා පුරුදු වෙලා තිබුනා. අද ඒ දේ නැතිවෙලා ගිහිල්ලා.

      Delete
  10. ඉස්සර අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් කෙනෙක් හිටියා වික්‍රමසිංහ කියල.එයා ළමයින්ට ගහන්නෙ උදේ රැස්වීමෙදි මුළු ඉස්කොලෙටම පේන්න ස්ටේජ් එක උඩට නග්ගලා.එයා වේවැලෙන් පස්සට ගහන පාරවල් වලට සැරට ළමයින්ට ඇදුමෙම චූ යනවා.මටත් එහෙම වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම කලොත් ප්‍රින්සිපල්ට දනගහගෙන තමයි ඉන්න වෙන්නේ.

      Delete
  11. ape loku amma issara gedara clz kara english.1- 11 wasara wala lamai awe.ape loku amma harima sarai eyata loku podi bedayak na gahanna giyama eya gahannama ona na saren kathakarath adatath mata kalisame chu yanawa mage amma pallai e tharam sarai mama chu kakka yannama eyagen guti kala thiyenawa eya dawasak mama 1 wasaredi dog kiyana ekata bog kiyala liyala chu yanna gahuwa.thawa dawasak cl awa podi ganu lamayek gedara wada karan awe nathuwa waren issarahata kiyala kiwwa.e lamaya issarahata awa gaman loku amma wewala gaththa e welawe e ganu lamaya kakul deka ekata thada karagena chu karanathana athin mirika gaththa baya wadikamata eyata gahannath kalin ethanama chu giya.puduma sarai ape loku amma dawasak mai mallii randu wela chu dala waren kiwwa api chu karala giya eda mage gawma ussala pantiya pahath karala gahuwa wewalen.palaweni parinma mage passa hitiwatila giya aith gahaddi mata chui kakkai giya.eth nawaththuwe na gahagena gahagena giya mama ka gahala aduwa.ita passe ath deka dik karapan kiwwa.mage athe agili walata wadinna haiyen wewalen gahuwa.mata aith chu giya.eka dakala mallitath kalisamema chu giya.ita passe maliwa adala aran eyage kalisama galawala gahagena gahagena giya wewalen eya uda panna ada ada.thunak witara gahaddi eya kagahuwaa ane kakka baraaai kiyala.eth nawaththuwe na malli ehemama bima wadi una eyata bada burulen giya.kakka yaddima eyawa adala aran aith wewalen passata gahagena gahagena giya.e gahapu parak malli chu karana thanata wadila budu ammooo gagena eya eka allagena bima peraluna.ita passe loku amma kiwwa aga sodan dennama waren kiyala.api aga hodan giya.ubala aith randu wenawada ahuwa.saren ahuwe mata ehema ahaddith kalisame chu giya.bohoma hodai ohoma thamai wenna ona aith waradi wada karana ekak naha kiyala loku amma kiwwa.ita passeth api sarin sare guti kala thiyenawa eth loku amma banina kotath e sidiwimen passe mage kalisame chu poddak yanawa

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************