Monday, December 31, 2012

සිසන් ෆෝම්




ඔන්න ඉතින් ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ   ලං.ග.ම. සීසන් ටිකට් එකෙන්. මේ  සීසන් ටිකට් එකක් ගන්න පාසලෙන් ෆෝම් එකක් පුරවාගෙන අංශ බාර ප්‍රධානීගෙන් හරි උප විදුහල් පති තුමාගෙන් හරි අත්සන සහ නිල මුද්‍රාව තබාගෙන යන්න ඕනේ. (දැනුත් එහෙමද දන්නේ නැහැ)  ඔන්න සීසන් පතක් ලබාගන්න තිබුන ක්‍රමය. හොඳයි දැන් මම  කියන්න යන කතාවට මේ සීසන් ලබාගැනීමට  ඉතා ම සම්බන්දයි.

මගේ කලින් පොස්ටුවේ කියල තිබුණා නේ අළුත් ප්‍රින්සිපල් ගැන. බැලුවේ නැති අය මෙතනින් බලාගන්න. ඉතින් දැන් විදුහලේ විනය උපරිමහෙන් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ඇරෙන්න කලින් පනිනවා කියන එක බොරු. ප්‍රධාන ගේට්ටුවෙත් අනිකුත් අවධානම් කලාප වලත් ශිෂ්‍ය නායකයෝ මුර. කලින් යනව නම්  එකම විදිහ තමයි තමාට හදිසි  අසනීප තත්වයක් ඇති බව ලිපියකින් ඉදිරිපත්කර, අංශ බාර ප්‍රධානී ලවා  පරීක්ශා කරවාගෙන, ඔහුගේ අත්සන ලිපියේ සටහන් කරවාගෙන කලින් පිටවීමේ අනුමැතිය ලබා ගැනීම.

 ඔන්න ඉතින් එදා මොකක්දෝ අළුත් චිත්තරපටියක් ඇවිත්. දැන් පන්තියේ වැඩි දෙනෙක්ට මේක බලන්න යන්න ඕනේ උනත් පාසලෙන් පිටවෙන්න විදිහක් නැහැ.  මේ වෙලේ තමයි  ඔය ගැන්සියේ හිටපු එකෙක්ට ගණ දෙවි නුවණ පහල උනේ. දැන් මේ ගැන්සියේ උන් ඔක්කොම 20 දෙනෙක් විතර ලිපි ලියනවා තමාට අසනීප නිසා කලින් ගෙදර යන්න අවසර දෙන්න කියලා. දැන් මේ ඔක්කොමල මේ ලිපි අරගෙන අංශ ප්‍රධානි තැන වන ඊෂොප් (ඇත්ත  නම නෙවේ) සර් ලඟට පෝලිමේ යනවා. ඊෂොප් සර්ට සිංහල කියවන්න බැහැ. කතා කරන්නෙත් ඉංගිරිසියෙන් නැත්තන් බොහොම කැඩිච්ච සිංහලෙන්.

"what is these  letters  boys...?" 

දැන් කොල්ලෝ ටික මෙහෙම කියනවා 
"request letters  to  obtain season ticket, sir .. for  your approval " 

" oh good .. get it in time ..." 

ඔන්න ඔහොම කියපු සර් මේ සිංහලෙන් ලියපු ලියුම් ඔක්කොම අත්සන් කරලා දෙනවා බොහොම සත් භාවයෙන් යුක්තව. දැන් ඉතින් මුන් ටිකට රජකම ලැබුණා වගේ පොත් එහෙම අරගෙන එක එකා ප්‍රධාන ගේට්ටුවෙන්ම පිටවෙලා ගියා තමාගේ ප්‍රියතම චිත්තරපටිය බලන්න. 

දැන් ඉතින් පන්තියේ ඉන්නේ අපි 7 -8 දෙනෙක්, ඔන්න බෙල් එක වැදුනා. විනාඩි දෙක තුනකින් පන්තිය භාර ගුරුතුමී අවා. අපිට Zoology කලේ මේ ටීචර් තමයි. 

"කෝ මේ පන්තියේ අනිත් ළමයි"

"ගෙදර ගියා  ටීචර් .. "   මම උත්තර දුන්නා. මම තමයි මොනිටෝර්. හි... හි...

"කවුද යන්න දුන්නේ?"

" ඊෂොප්  සර් ලියුම් වලට අත්සන් කරලා තිබුණා.. මම ඒ ලියුම් බලල යන්න දුන්න.." 
 (මම ඉතින් කවදත් නීතියට වැඩ)

මේ  කතාව ඇහුවා විතරයි ටීචර් දැනගත්තා උන දේ. වෙසමුණි වරම් ලැබුණ යක්ෂ සේනාධිපතිනියක් වගේ ටීචර් ගියා  ඊෂොප්  සර් ලඟට.. මමත් පිටි පස්සෙන්. දැන් ටිචර් බනිනවා ඊෂොප් සර්ට, ඉංගිරිසියෙන්, ඇයි යකෝ සිංහලෙන් බැන්නොත් ඉතින් ඔක්කොම අහගෙන ඉඳල "Thank you" කියනවනේ.  ඔය ඉංගිරිසියෙන් බැන්න ඒ වා  මෙන්න මෙහෙම තමයි සිංහලේට පරිවර්තනය කලාම.

"සර් මොකටද මගේ පන්තියේ ළමයි ගෙදර ඇරියේ...? සිංහල කියවන්න දන්නේ නැත්තන් අත්සන් කරන්න එපා.. එක්කෝ වෙන කෙනෙක්ට කියලා කියව ගන්න ඕනේ.. මිට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා."

"මම කාටවත්  ගෙදර යන්න පර්මිෂන් දුන්නේ නැහැ. මම අත්සන් කලේ සීසන් ෆෝර්ම් වලට "

"සීසන් ෆෝම් කියලා අත්සන් කරලා තියෙන්නේ ගෙදර යන්න ඉල්ලපු ලියුම් වලට..මිට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා."  

ඔන්න ඉතින් ZOOLOGY  පීරියඩ්  එක ඔතනින් ඉවරයි. ඔන්න ඉතින් දැන් තමයි වැඩේ උනේ අපේ පන්තියේ ඉතිරිවෙලා හිටිය බොහොම අහිංසක එකෙක්ට (මු දැන් ඩොකෙක්, නිකම් නෙවේ ඉස්පේසැලීස්ට්)  සීසන් එන ගන්න ඕන වෙලා ලිපියක් ලියාගෙන ගියා  ජෝශප් සර් ලඟට. 

"what is this   letter  boy...?" 

"request letter to  obtain season ticket, sir .. for  your approval " 

" උම් ඹ  එනවද මට උගන්නන්ඩ ... උතුවද මට හිංගල බේ කියල...  මේ උම්ඹට ගෙඩර යන්ට ලියම් නේද  යකොඕ.." 

"චටාස් පටාස් ...... චටාස් පටාස් ...... චටාස් පටාස් ...... " 

කම්මුල් දෙකම රතුවෙලා.. මේකා  අඬ අඬා පන්තියට අවා 

10 comments:

  1. Replies
    1. ස්තුතියි මාරයා, මේ පැත්තේ ඇවිත් අපිට අත වැනුවට.
      මාරයා අත වනනවට මිනිස්සු බයයි නේද?

      Delete
  2. හෆොයි ....
    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා!!!!

      Delete
  3. අයියෝ..... පව් දෙයියනේ......

    ReplyDelete
    Replies
    1. කොහොමත් තැලෙන්නේ අහිංසකයෝ නේ.

      Delete
  4. හපෝයි.. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ

    ReplyDelete
  5. අපි සීසන් එකෙන් සීටිබී බස්වල ගිය කාලේ 2005-2008 කාලේ නම් ඉස්සෙල්ලාම සීසන් එක ගන්න ඉස්කෝලෙන් ලියුමක් උවමනා වුණා. ඊට පස්සේ පරණ සීසන් එකට තමා අලුත් සීසන් නිකුත් කෙරුණේ. හැබැයි කෝච්චි සීසන් එකට නම් හැම මාසෙම ඉස්කෝලෙන් ලියුමක් නිකුත් කෙරුණා.

    මම නම් මුලින්ම ගියේ යාලුවෙක් සීසන් එකකින් හදාගත්තු සීසන් එකකින්. අවුරුද්දකට විතර පස්සේ තමා මගේ නමට සීසන් එකක් හදා ගත්තේ. ඉස්සර සීසන් එක තියෙන නිසා සීටීබී බස් එකක් එනකම් බස් හෝල්ට් එකේ පැය දෙකක් විතරත් ඉදලා තියෙනවා. ඒ තරම් සීටීබී බස්වලට ආදරෙයි අපි :D

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ කාලේ හරිම සුන්දරයි. ඔය CTB එක කල දැම්මෙත් අර රජා ගේ කලෙදිනේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...