Friday, December 28, 2012

හූ කීම සහ * කෑම (18+)



ඔන්න ඉතින් 18+ කියල දැම්මට මේ කතාවත් අපි ඉස්කෝලේ ගිය කාලේ එකක් තමයි. මේ කතාවේ කතානායකයා ඉතින් මං තුමා තමයි. මේ කියන දවස්වල අපේ විදුහලට  අළුත්  ප්‍රින්සිපල් කෙනෙක් අවා. අපිට  ප්‍රින්සිපල්  අළුත්  උනාට, ප්‍රින්සිපල්ට විදුහල අළුත් නැහැ ඒ කියන්නේ විදුහලේ ආදී ශිෂ්‍යයෙක් සහ ආදී ගුරුවරයෙක්. දැන් ඉතින් විනය සහ ඉගෙනුම උපරිමයෙන් කිරීම තමයි ප්‍රින්සිපල් ගේ නව දැක්ම. අපෙත් එක්ක කොහෙද එව්වා.....

ප්‍රින්සිපල් බොහෝවිට වේවැල් කෙටියත් අතින් දරාගෙන විදුහල් භුමියේ ඇවිදිමින් පන්තිවලින් පිට ඉන්න සිසුන් ගෙන් ප්‍රශ්න කිරිමත්, පන්තියක් පන්තියක් ගානේ ඇවිදිමින් ඒවායේ කටයුතු පරික්ෂා කිරීමත් දකින්නට ලැබුණා.

අපේ පන්ති පිහිටා තිබුන ගොඩනැගිල්ලේ එක පේලියට පන්ති කාමර 6ක් තිබුණා. එදා මේ සිදුවීම වෙන වෙලාවේ අපේ පන්ති කාමර 6යේම  කිසිම ගුරුවරයෙක් නැහැ. මොකක්දෝ සේමිනාර් එකකට ගිහින්. අපිටත් ඉතින් ෆුල් චුන් තමයි. හැම පන්තියකම වාගේ ගීත ගායනා, කොට්ට පොර, මල්ලව පොර, ලී කෙලි වැනි බාහිර ක්‍රියාකාරකම් ගොඩයි. මෙන්න මේ වෙලේ තමයි මං තුමා දැක්කේ ප්‍රින්සිපල් හිමින් හිමින්  අපේ පන්ති පැත්තට එනවග. ඔන්න පුතෝ ඒ වෙලාවේ මට ගණ දෙවි නුවණ පහල උණා. ඔන්න මම දැන් හැම පන්තියකටම ගිහින් මෙන්න මෙහෙම උපදෙස් දෙනවා. 

"ඔන්න ප්‍රින්සිපල් මේ පැත්තට එනවා.. අද අපි ප්‍රින්සිපල් ට හූ කියමු. උඹලට කරන්න තියෙන්නේ මෙච්චරයි, දැන් හූ ව පටන් ගනින්... ප්‍රින්සිපල් පන්තියට ලඟට එනකල්ම් නවත්තන්න  එපා. පන්තියට ලඟට  අපු ගමන් හූ ව නවත්තලා පාඩම් කරනවා වගේ හිටපන්. උඹල හූ කියන එක නැවැත්තුවත්  අනිත් පන්තිවලින් හූ ව දිගටම ගෙයනවා.  ප්‍රින්සිපල් පන්තියෙන් ගියගමන් අපහු හූ කියන එක පටන් ගනින්."

මේ මැසේජ් එක හැම පන්තියකටම දුන්නා.  දැන් වැඩේ පැහැදිලියි නේ.  ප්‍රින්සිපල් ඉන්න පන්තියේ අය  සද්ද නැතිව පාඩම් කරනවා වගේ ඉන්නවා, අනිත් උන් හූ කියනවා. ඔන්න මගේ මිෂන් එක. මේ සිද්දිය වෙනකොට අපි A/L පන්තිවල, අර කලින් සිද්දි වලදී වගේ පාවා දෙන්නෝ නැති නිසා මේ වගේ සමුහ ක්‍රියාකාරකම් බොහොම අපුරුවට කිරීමේ හැකියාව තිබුනා.

ඔන්න ඉතින් මගේ ප්ලැන් එක අකුරටම වැඩකලා. ප්‍රින්සිපල් කාරයත් අත ඇරියේ නැහැ, හැම පන්තියටම ගියා. අන්තිමටම තිබුනේ අපේ පන්තිය. ඉතින් අපේ පන්තියටත් ඇවිත් වැඩ එහෙම බලලා මෙන්න මෙහෙම කිවුවා.

" මේ ළමයි හූ කීවේ මටද ? ඕව මට ගානක් නැහැ,  මට හොඳට *කාල පුරුදුයි."

මුළු පන්තියම එක හඬින්

 "හු....... "


6 comments:

  1. අපූරු අත්දැකීමක්. හැබැයි වැඩේ අනුමත කරන්න බෑ. හේතුවක් නැතිව ප්‍රින්සිපල්ට හූ කීම තක්කඩි වැඩක්.

    ReplyDelete
    Replies
    1. කොළු කාලේ ඔහොම තමයි මලයෝ...

      Delete
  2. හයියෝ..... අපරාදේ කට්ටිය ගිරිය කඩා ගෙන හූ තිබ්බේ..... :p

    ReplyDelete
  3. මම ප්‍රාථමිකේ ඉන්න කාලෙත් හිටියා ඒ වගේ ප්‍රින්සිපල් තුමෙක්. වේවැල් කෙටිය පස්සට කරගෙන ඉස්කෝලෙ වටේ ඇවිදිනවා ගහන්න කොල්ලෙක් හොය හොයා.

    ReplyDelete
    Replies
    1. වේවැල අරන් ගියාට මෙයා කවදාවත් ළමයින්ට ගැහුවේ නැහැ. වරදක් කරලා අහු උනොත් ඉතින් පන්ති තහනම තමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...