Friday, July 25, 2014

ඔබට සුබ ගමන්...!!!


එදා 2014 ජුලි මාසේ 6දා .. සුපුරුදු ඉරිදා දිනයක් ලෙසින් ඉර පැයුවත්, මගේ ජිවිතයේ කිසිදා අමතක කල නොහැකි වන සිදුවීමක් එදා සිදුවෙයි සිහිනෙකින් වත් සිතුවේ නැහැ. මගේ ජිවිතයේ සිටි කිසිදා සදාදරණිය මිතුරා එදා  අපෙන් සදහටම සමුගනිවී යැයි සිහිනෙන්වත් සිතුනේ නැහැ. ජිවිතයේ නැවත කිසි දිනක පිරවිය නොහැකි අඩුවක් තබමින් ඔබ එදා අපෙන් සමුගත්තා.

මම කාර් එක හෝදන විට ඒ දිහා බලාගෙන සිටීම ඔබට විශාල සතුටක් නේද? .... ඔබගේ අවසන් දිනයේත්  ඒ දේ එලෙසම කළා...

ඔබ මගෙන් බලාපොරොත්තු උනේ ...ආදරණිය වචනයක්...හිස අතගෑම සහ දවසට විනාඩි කීපයක් බෝලය විසිකරමින් ඔබ  සමග සෙල්ලම් කිරීම පමණයි...

ඒ වෙනුවෙන් ඔබ  ඔබගේ  මුළු ජිවිතයම අප වෙනුවෙන් කැප කලා....

අපේ ආදරණිය මිතුරා බෙන්ජි...
අපත් සමග වසර 6ක් ජිවත් වී අප සතුටු කල ඔබ අපට කිසිදින අමතක  වන්නේ නැහැ... ඒ වගේම ඒ වෙනුවෙන් අපි මුළු ජිවිත කාල පුරාවටම ඔබට ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා...

ඉතාම සාමකාමී මෙන්ම ආදරණිය ගතිගුණ තිබු ඔබ මා හට හමුවූ බොහෝ මිනිසුන්ට වඩා ඉතා යහපත් කෙනෙක්.ඔබ වෙනුවෙන් දැන් අපට කළහැකි එකම දේ නම් ඔබට  මනුෂ්‍ය ජිවිතයක් ලබාගෙන, හැකි ඉක්මනින් මේ සසරෙන් එතෙර වීමට හැකිවේවා කියා පින් අනුමෝදන් කිරීම පමණයි...

ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා.....


අප නිවසට පැමිණි මුල් දින කීපයේදී...

දඟකාරයොවුන් වියේදී...
ආදරණියන් සමග...

31 comments:

  1. අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ ආදරණීයන් ඉන්නව.. නමුත් ලෝක ස්වභාවය අනුව ඒ ගොල්ලො කවදහරි අපෙන් වෙන් වෙනවා..
    සුභ ගමන් බෙන්ජි මිත්‍රයා..!!

    ReplyDelete
  2. මම දැකල තියන ලස්සනම ඇස් තියන කෙනෙක් තමයි cocker spaniel.
    ලෝකේ තියන අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගෙ ජීවිත කාලයේ කෙටි බව.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඒක හරිම අසාදාරනයි

      Delete
  3. බල්ලෙක් කියන්නේ ආදරණීය මිත්‍රයෙක් තමයි මචං. බෙන්ජිට සුභ ගමන්. උඹ දන්නවද මේ රටේ නීති වලට අනුව බල්ලෝ හැදීම තහනම්. එයාපොර්ට් එකේ හිටපු පොලිස් බල්ලොත් දැන් නෑ. අපිත් බල්ලෙක් දකින්නෙත් ලංකාවට ආවාම විතරයි. අපිට මිස් වෙන තවත් දෙයක් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක බල්ලගෙ නීතියක්නෙ.
      ඒත් ලංකාවෙ බල්ලන්ට (කකුල් හතරෙ) වෙන අපරාධ දැක්කම ඒක හොඳයි කියලත් හිතෙනව එක අතකට.

      Delete
  4. අපිත් කියන්නම් සුබ ගමන් මිත්‍රයා

    ReplyDelete
  5. බලු යාලුවෝ කියන්නේ සුපිරි මිත්‍රයෝ , මිත්‍රයා ඔබට සුබ ගමන !!!

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්... නියම මිත්‍රයෝ...

      Delete
  6. සුභ ගමන් බෙන්ජි යාලුවා … !!!

    ReplyDelete
  7. සුභ ගමන් බෙන්ජි ;(

    ReplyDelete
  8. මිනිසත්බව ලබන්නට පිං ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඔඑ වැව්, මගෙත් එකම ප්‍රාර්ථනය එයයි. මේ වෙනුවෙන් මහාසංගයා වෙනුවෙන් 7 නමක් වැඩමකර සාංගික දානයක් පිරිනමා පින් අනුමෝදන් කළා.

      Delete
  9. මමත් ඔය දුක විදලා තියෙනවා අයියා......සතුන්ට බොහොම ආදරේ මිනිහෙක් විදියට අපේ ගෙදර බල්ලො හදන්න බැරි තත්වයක් තියෙද්දිත් ආශාවටම ගෙනාපු බල්ලා අවුරුදු 3 කට පස්සෙ අසනීප උනා. අපේ ගෙදර බල්ලෙක් හැදුවොත් ඒක එහෙමම තමයි. එතැන ඉදන් තවත් අවුරුදු 7 ක්ම මම ඒ තුවාල පිරිසිදු කරලා නාවලා කන්න බොන්න දීලා සතාව බලාගත්තා. පාරට එලවන්නෙ නැතුව. ලංකාවෙ අපි හරියට අපේ පවුලෙ කෙනෙක් හා සමානවම තමයි සුරතලාටත් සලකන්නෙ. ඉතිං ඒ අය තමන්ගෙ කෙටි ආයුෂ ගෙවලා නික්මී ගියාම මට නම් හරිම හිස් බවක් තමයි දැනුනෙ. ජීවිතයේ අනිත්‍ය ගැන තමයි ඒ අයත් අපට සිහිපත් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ බොහොම පින් වැඩක් කරලා තියෙන්නේ සිරා. මෙයා නම් හදිසියේ ඉතා සාමකාමී මරණයකට පත්වුනා.

      Delete
  10. සාමාන්‍යයෙන් බල්ලකුගේ ජීවිත කාලය අවුරුදු 12 - 15 විතර වෙනවා නේද? මෙයාට මොකද වුණේ? අපේ ගෙදර ඉන්න එක්කෙනාටත් දැන් වයස අවුරුදු 5 1/2 ක්. එයාට මොනවාහරි වුනොත් නම් අපේ උන්දැයි දුවලා දෙන්නයි ගඟේ මූදේ පනිනවා ෂුවර්. අපේ දරුවෙක් වගේ හැදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපිය බලන්න, එය ඔබට ප්‍රයෝජනවත් වේවි.

      Delete
  11. අවුරැදු හයකින් ඇයි එච්චර ඉක්මනට ගියේ

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු ප්‍රශ්නයක් ඊළඟ ලිපිය බලපන්..

      Delete
  12. මිනිසත් බව ලැබූ සමහර ඈයන්ට වඩා බෙන්ජිලා හොදයි...
    නැද්ද මං අහන්නෙ..
    සුභ ගමන් යාළු

    ReplyDelete
  13. මගේ දුක බෙදාගැනීමට ඉදිරිපත් වූ සියලුම දෙනාට බොහොම ස්තුතියි.. විශේෂයෙන්ම ප්‍රතිබිම්බ බ්ලොග් එක කරන පශුවෛද්‍යවරක් වන විරේට ස්තුතිවන්ත වෙනවා. මගේ මේ මිතුරාගේ මරණය සම්බන්ධයෙන් මට පන නැගුන ගැටළු වලට ඔහි ඉතා දීර්ඝ email මගින් පිළිතුරු දුන්නා.

    මේ අහිංසකයා ජිවිතයෙන් හරි අඩක් පමණයි ගතකලේ. තවමත් මට හිතෙන්නේ මම ඔහු වෙනුවෙන් කාලය කැපකලා මදි කියලා. ඒ වරදකාරී හැඟීම මා තුල තියෙනවා. මමත් විරෙත් අතර හුවමාරු වූ email ඊළඟ පොස්ට් එකෙන් පල කරන්නම් එය බොහෝ දෙනෙක්ට වැදගත් වේවි.

    ReplyDelete
  14. යහලුවා..මේ සටහන ඔබට උපහාරයක්.

    ReplyDelete
  15. ආසාවෙන් ඇති දැඩි කරන සතෙක් වියෝ උනාම සෑහෙන්න දුකක් දැනෙනව තමයි. අපේ ගෙදරත් බල්ල‍ො කීප දෙනෙක්ම හැදුව. ඒත් අන්තිම සතාගෙ වියෝවෙන් පස්සෙ තවම කාලෙකින් බල්ලෙක් ගෙනාවෙ නෑ.
    ඒකටත් එක්ක පූසොනං ඉන්නව.

    ReplyDelete
  16. පොඩි කාලේ මම උඩුබැලි අතට නිදිකරවලා ඉන්නකාලේ මාව පරිස්සම් කරපු මේ වගේම මිත්‍රයෙක් හිටියා . අපේ ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත් මගේ ලඟට එන්න දුන්නේ නෑ එයා . මේ මිත්‍රයාගේ නික්මයාම ගැන කියනකොට මට ඒ මිත්‍රයාගේ නික්මයාම මතක් උනා . අවසන් මොහොතේ එයා සිහිනතුව ඇදගෙන වැටුනේ මට අවුරුදු 5 ක් විතර වයස කාලේ . ඉන් පස්සේ අපේ ගෙදර අය තව කෙනෙක් ගෙදරට ගෙනාවේ නෑ . ඒ තරමටම අපේ ගෙදර් අය ඒ මිත්‍රයාට ආදරේ කළා . ඔබගේ මිත්‍රයාට මනුෂ්‍ය ආත්මයක් ප්‍රාර්ථනා කරනවට වඩා මම කැමතියි නිවන් සුව ප්‍රාර්ථනා කරන්න .

    ReplyDelete
    Replies
    1. ඔබගේ ගෙදර උදවිය හරි වයලිනෝ, අපිත් නැවත කවදාවත් සුරතලේක් ගෙනෙන්නේ නැහැ. මෙයාට මිනිස් හිවිතයක් ප්‍රර්ථනා කරන්නේ, තිරිසන් අපායක ඉපදුන සත්වයෙන් අවම වශයෙන් නැවත මිනිසත් බවක් හෝ ලබාගත යුතු නිසා ධර්මය අවබෝධ කිරීමට.

      Delete
  17. සුබ ගමන් මිත්‍රයා.. අපේ ගෙදර හිටිය එක්කෙනත් අවුරුදු 10ක්ම අපිත් එක්ක හිටියා..

    ReplyDelete
    Replies
    1. මෙයාටත් තව අවම වශයෙන් අවුරුදු 4ක් වත් ඉන්න තිබුනා..ස්පැනියල්ලාගේ ආයුෂ අනුව.

      Delete
  18. බල්ලෝ කියන්නේ ඇත්තටම වැරදි නමක් මෙයාලට.. මට අමතක කරන්න බැරි හොඳ මිත්‍රයෙක් හිටියා ඔය වගේම දැනට අවුරුදු 15 විතර කාලේ..

    බෙන්ජි ඔබටත් සුභ ගමන්..

    ReplyDelete
  19. බල්ලෝ කියන්නේ කෙළෙහිගුණ දන්න සත්තු.පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ

    ReplyDelete
  20. අනේ..... :(

    මටත් හිටියා ඔය පාටම කෙනෙක් ....එයත් මාව දාල ගියා :(

    සුබ ගමන් බෙන්ජි ...!

    ReplyDelete
  21. ලස්සන බව්වෙක්...

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...