Wednesday, August 6, 2014

කොහෙද ඔයා යාළු...



මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි.  අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න  වෙලාවට  ඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.

යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


 

නමුත් අද වෙනකොට ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මාසයක් ගතවෙනවා...  ඇත්තෙන්ම මේ කවිය දැන් සාධාරණ වෙන්නේ අපටයි. ඇත්තෙන්ම ඔයා නැතිව අපිට හරිම පාළුයි ආදරණිය බෙන්ජි... ඒ පාළුව මුළු ජිවිත කාලයටම තියේවි..


යාළු යාළු යාළු...
කොහෙද ඔයා  යාළු... 
නැතිව ඔයා යාළු ...
මට භරියට  පාළු. 


බෙන්ජි, ඔබගේ  වෙන්වීමෙන් මට එක් දෙයක් ප්‍රත්‍යක්ෂ උනා.. ඒ තමයි අපි ආදරය කරන අය අපට කොතරම් වැදගත්ද යන කාරණය වඩා හොඳින් වැටහෙන්නේ ඒ අය අපට නැතිවූ විට බව.  ඒ නිසා අපේ මේ කෙටි ජිවිත කාලය තුලදී, අපි ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් රැකබලාගෙන ඔවුන්ට උපරිම ලෙස ආදරය දැක්විය යුතුබව මගේ හැඟීමයි.

මගේ ආදරණිය මිතුර මේ පාඩම මට කියාදුන් ගුරුතුමා ඔබයි.  මේ සටහන ඔබට උපහාරයක් වේවා!!!

17 comments:

  1. මං බල්ලන්ට කැමතිම නෑ...
    ඔව්...

    ReplyDelete
  2. අනේ හැබෑට දැං මිනිස්සු සත්තුන්ම විතරයි නෙව ආදරේ..

    ReplyDelete
    Replies
    1. බොහෝ මිනිස්සුන්ට වඩා මේ සත්තු ඉතා හොඳයි, මිනිසුන් ගැන දැනගැනීම වැඩිවෙන තරමට බල්ලන්ට ආදරය කිරීම වැඩිවෙනවා. මෙතරම් කෙලෙහිගුණ තියෙන තවත් සතෙක් මේ ලෝකයේ නැහැ කිවොත් එය වරදක් නොවෙයි.

      Delete
  3. සතුන්ගෙන් ඉගනගත හැකි දේ බොහෝයි..

    ReplyDelete
    Replies
    1. සම්පුර්න ඇත්ත නලින්.

      Delete
  4. මචං. ටැංකියේ ඉන්න පොඩි මාලුවෙක් මැරුණාම කොච්චර හිතට අමාරුද? ඌ පණ අදිනවා දැක්කොත් අපි ඌව වෙන් කරලා පොඩි ටැංකියකට දානවා ඇක්වා ෆ්ලේවීන් එක්ක. වෙනම කන්න දීලා වෙනම ඔක්සිජනුත් දෙනවා. සමහර වෙලාවට ගොඩ යනවා. ඉඳහිට එළොව යනවා.

    බල්ලෙක් කියන්නේ හාම්පුතාට කොන්දේසි විරහිතව ආදරය කරන සතෙක්. එහෙම සතෙක් නැති වුනාම දැනෙන වේදනාව මට හිතා ගත හැකි.

    (මම පූසෝ ගැන නම් එච්චර යහපත් ආකල්පයක් නොදැරුවට මම මේ ලඟදි දැක්කා වීඩියෝවක් පූසෙක් බල්ලෙකුගෙන් පොඩි දරුවෙක්ව බේරාගන්න. එහෙමත් පූසෝ ඉන්නවා.)

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, මිනිසුන් ගැන දැනගැනීම වැඩිවෙන තරමට බල්ලන්ට ආදරය කිරීම වැඩිවෙනවා නේද?

      Delete
  5. ලෙඩවෙලා මැරුනහම ආයිත් ඇතිකරන්නෙ නැහැ කියල හිතනව. ඒත් ටිකකලකින් නැතුව බැරිවෙනව. බල්ලෙක්ව හරියට ඇතිනොකරපු කෙනෙක් මිනිසෙකුට ලැබිය හැකි හොදම අතිදැකීමක් මිස් වුන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. මෙයාට ලොකු ලෙඩක් තිබුනේ නැහැ, නමුත් ඉතා සුවදායක මරණයක් ලෙස අපිට හිතන්න පුළුවන්.

      Delete
  6. ඕනෙම දෙයක් අහිමි වෙන්න ඕනේ එකේ වටිනාකම වැඩියෙන් දැනෙන්න.

    ReplyDelete
    Replies
    1. සමුර්ණ ඇත්ත මනෝජ්

      Delete
  7. මටනම් බල්ලො, පුසො එක්ක තියෙන්නෙ මධ්‍යස්ථ සම්බණ්ධතා විතරයි.. හිතුනම හුරතල් කරනවා, කෙන්ති ගියාම ගහලා එළවනවා.. ඉන්නකම් කන්න බොන්න දෙනවා, නැතිවුනා කියලා ලොකු දුකකුත් නෑ.. හිටියා කියලා ලොකු සතුටකුත් නෑ.. මිනිස්සු එක්කත් ඒ වගේ ඉන්න පුළුවන්නම් මම හරිම කැමතියි, ඒත් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ඒක අමාරුයි..

    ReplyDelete
  8. අනේ... අපේ බවුවත් ඔහොම ඉන්නවා අපි ගණන් ගන්නෙ නැති උනාම. එහෙම ඉන්න අතරෙ හොරේ....න් බලනව අපි එයා ගැන කතාවෙනවද කියල

    ReplyDelete
  9. අපි නම් බලු සරතලුන්ට මාරම කැමතියි..ස්කූබිඩූ කාටුනයේ ස්කූබිඩූ වගේම බලු සුරතලෙක් අපිට ඉන්නවා.මිනිසුන්ට වඩා හොඳ ගතිගුණ තියනවා එයා ළඟ.හරිම හිතවත් බල්ලෙක්.ලෙඩක් දුකක් උනොත් අපිට උනා වගේ තමයි දැනෙන්නෙ.ඔබගෙ සටහන දැක්කම මේවා ලියන්න හිතුවා.......

    ReplyDelete
  10. අපේ ගෙදර නම් බල්ලො නෑ. ඒත් බල්ලන්ට මම හරි කැමතියි.

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...