ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.
එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.
දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද? ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා...
" අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"
ඔවුන් පළමුව ගියේ කිකිළිය හමුවෙන්න.
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා....
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් හරක් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් ඌරො මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක් දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක් සෑදීමට තීරණය උනා.
මී කතුරකින් කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......
දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...
මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට......
දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...
මී කතුරකින් එළදෙනක් මැරුනේ ඔය විදිහට......
ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්‍රාකාරව හෝ ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.
Beefsteak = බීෆ්ස්ටේක්.
ReplyDeleteසිංහලෙන් කියන්නේ බිස්ටේක්
දැනුවත් කිරීමට ස්තුතියි.
DeleteSahathika aththa.
ReplyDeleteApi hamoma purudu wela inne thaman gana witharak hithanna. E unath, api hamoma yam widiyakin apita sambandayi, apita one. Habayi godak denek eka therum ganithdi parakku wadyi....
අඟහරුවෝ, සිංහල ෆොන්ට් වලට මොකද උනේ?
Deleteආපහු අගෝස්තු පහු වෙනකල් පොඩි ෆෝන් එකට මාරු උනා.. එකෙන් සිංහල ටයිප් කරන්න තියා කමෙන්ට් රිප්ලයි කමෙන්ට් දාන්නත් බෑ.. නොකියා 6220c. බ්‍රිටිෂ් කවුන්සිල් ඇවිල්ල තමා මේ කමෙන්ට් එක කොටන්නේ.
Deleteමොකද මේ අගෝස්තු වල A/L කරනවද? එහෙමනම් බ්ලොග් කියවිල්ල පැත්තකින් තියලා පාඩම් කොරහන්.
Deleteඔය බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ ශෛලියට මාත් බොහොම මනාපයි. සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් බන කියද්දි විශේෂිත රඟපෑමක් කරන්නෙ නෑ නෙව. මේ හාමුදුරුවො එතනදි වෙනස්. ඔන්න ඌරෙක් කෑගහනව කිව්වොත් ඒ විදියටම කෑගහල පෙන්නනව.
ReplyDeleteසම්පුර්ණ ඇත්ත රාජ්, උන්වහන්සේ දන්නවා සාමාන්‍ය ජනතාවගේ හදවත් වලට ලංවෙන ආකාරය.
Deleteඅගේ ඇති කතාව. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේට දාන්න ලින්ක් එකත් අපට එවන්න. මෙන්න අපේ දර්ශකය.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තුතියි ඔබේ පැමිණීමට..
Deleteවටිනා කතාවක්.. අනුන්ට පිහිට වෙන්න ඕන කියන ආදර්ශය වගේම මේ කතාවෙ කළගුණ සැළකීමේ වටිනාකමත් පෙන්නල දෙනව නේද..
ReplyDeleteඔව් මව් කතාවෙන් ගන්න හැකි ආදර්ශ බොහොමයි.
DeleteThen they came to me !
ReplyDeleteමටත් මතක් වුනේ ඒ කතාව මචං. Then they came for us නේද?
Deleteමම ඒ කතාව දන්නේ නැහැ... දෙන්නගෙන් එකෙක් කියහල්ලකෝ.
Deleteයට කියපු නිමෝලර්ගේ කතාව...
Deleteඕ ජාතියෙ බුවාල අපි අතරත් ඉන්නව නෙව...
ReplyDeleteඅනික් අයගෙන් උදව් බලාපොරොත්තු වෙනව..
ඒත් කාටවත් උදව් කරන්නෙ නෑ...
ඒ විතරක් නෙවී...
උදව් ඉල්ලං ආවමත් මොකක් හරි දොඩල සේප් වෙලා යනව...
ඔව් ඔව් එහෙම අය බොහෝ ඉන්නවා.
Deleteඅයිලාස් මේ මාටින් නිමොලර්ගේ කතාවෙම තව වර්ෂන් එකක් නේද?
ReplyDeleteඒ කතාව දන්නේ නැහැ බන්, කියහන්කෝ අපිටත් දැනගන්න.
Deletehttp://en.wikipedia.org/wiki/First_they_came_...
Deleteකවදාවත් පරණ නොවන කතා.මොකද මිනිස්සු එදා ඉඳන්ම එක වගේනේ.තමන් ගැන විතරයි.අනුන් ගැන නැහැ.
ReplyDeleteහ්ම්ම්.. බොහොම අය එහෙම තමයි.
Deleteතමුන් ගැන විතරක් හිතන මිනිහට අවසානෙදි කිසිවෙක් නැතිවෙන බව හැම විටම ඔප්පු වුන් දෙයක් නේ
ReplyDeleteඔක අපේ දියවන්නා බබාලට තේරෙන්නේ නැහැ නේ, ඒ අය තාම බබ්බු හින්දා වෙන්න ඇති නේද?
Deleteඅපේ රජතුමාටත් ඔහොම වෙයි කියලා මම මේ බලං ඉන්නේ.ඒත් එහෙම වෙන්නෑ නෙ ෂිඃ
ReplyDeleteඇති රජ තුමා විතරක්? රාජ සභාව?
Deleteපුජනීය අජාන් කියන්නේ මොකද බං...
ReplyDeleteකියන ඕන දෙයක් බොරුවට හරි “නියමයි“ කියනවනං විතරද ඔයැයිල කැමති????
Deleteආදර්ශයක් ගත හැකි අගනා කතාවක් අයිලාෂ්..
ReplyDeleteස්තුතියි නලින්..
Deleteආදර්ශමත් කතාවක් :)
ReplyDeleteඅද නේද ඉස්සෙල්ලම මේ පැත්තේ ගොඩවුනේ? ස්තුතියි.
Deleteදැන් දිගටම බන කියන්ඩද කල්පනාව
ReplyDeleteඇයි හොඳ නැතිද?
Deleteඅපි හැමෝම වගේ එහෙම හිතනවා. අපිටත් කවද හරි ඔහොම වෙයි. දැන් රටට වෙන දේ ගැන උනත් එහෙම නෙ.
ReplyDeleteස්තුතියි ඔබට
Deleteඕක තමා රතුපස්වල වුනේ, ඊට පස්සෙ තුන්තාන. ඊටපස්සෙ බේරුවල, (ඒ අතරෙ මහනුවර කාර්රේස්...) ඊළඟට...?
ReplyDeleteඑක තමයි, අපිට මොකෝ......
Delete