මම කාර් එක හෝදන විට ඒ දිහා බලාගෙන සිටීම ඔබට විශාල සතුටක් නේද? .... ඔබගේ අවසන් දිනයේත් ඒ දේ එලෙසම කළා...
ඔබ මගෙන් බලාපොරොත්තු උනේ ...ආදරණිය වචනයක්...හිස අතගෑම සහ දවසට විනාඩි කීපයක් බෝලය විසිකරමින් ඔබ සමග සෙල්ලම් කිරීම පමණයි...
ඒ වෙනුවෙන් ඔබ ඔබගේ මුළු ජිවිතයම අප වෙනුවෙන් කැප කලා....
අපේ ආදරණිය මිතුරා බෙන්ජි... |
ඉතාම සාමකාමී මෙන්ම ආදරණිය ගතිගුණ තිබු ඔබ මා හට හමුවූ බොහෝ මිනිසුන්ට වඩා ඉතා යහපත් කෙනෙක්.ඔබ වෙනුවෙන් දැන් අපට කළහැකි එකම දේ නම් ඔබට මනුෂ්‍ය ජිවිතයක් ලබාගෙන, හැකි ඉක්මනින් මේ සසරෙන් එතෙර වීමට හැකිවේවා කියා පින් අනුමෝදන් කිරීම පමණයි...
ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා.....
අප නිවසට පැමිණි මුල් දින කීපයේදී... |
දඟකාරයොවුන් වියේදී... |
ආදරණියන් සමග... |
අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ ආදරණීයන් ඉන්නව.. නමුත් ලෝක ස්වභාවය අනුව ඒ ගොල්ලො කවදහරි අපෙන් වෙන් වෙනවා..
ReplyDeleteසුභ ගමන් බෙන්ජි මිත්‍රයා..!!
මම දැකල තියන ලස්සනම ඇස් තියන කෙනෙක් තමයි cocker spaniel.
ReplyDeleteලෝකේ තියන අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගෙ ජීවිත කාලයේ කෙටි බව.
හරියටම හරි ඒක හරිම අසාදාරනයි
Deleteබල්ලෙක් කියන්නේ ආදරණීය මිත්‍රයෙක් තමයි මචං. බෙන්ජිට සුභ ගමන්. උඹ දන්නවද මේ රටේ නීති වලට අනුව බල්ලෝ හැදීම තහනම්. එයාපොර්ට් එකේ හිටපු පොලිස් බල්ලොත් දැන් නෑ. අපිත් බල්ලෙක් දකින්නෙත් ලංකාවට ආවාම විතරයි. අපිට මිස් වෙන තවත් දෙයක් තමයි ඔය.
ReplyDeleteයකෝ ඒක බල්ලගෙ නීතියක්නෙ.
Deleteඒත් ලංකාවෙ බල්ලන්ට (කකුල් හතරෙ) වෙන අපරාධ දැක්කම ඒක හොඳයි කියලත් හිතෙනව එක අතකට.
අපිත් කියන්නම් සුබ ගමන් මිත්‍රයා
ReplyDeleteබලු යාලුවෝ කියන්නේ සුපිරි මිත්‍රයෝ , මිත්‍රයා ඔබට සුබ ගමන !!!
ReplyDeleteඅපෝ ඔව්... නියම මිත්‍රයෝ...
Deleteසුභ ගමන් බෙන්ජි යාලුවා … !!!
ReplyDeleteසුභ ගමන් බෙන්ජි ;(
ReplyDeleteමිනිසත්බව ලබන්නට පිං ලැබේවා
ReplyDeleteඔඑ වැව්, මගෙත් එකම ප්‍රාර්ථනය එයයි. මේ වෙනුවෙන් මහාසංගයා වෙනුවෙන් 7 නමක් වැඩමකර සාංගික දානයක් පිරිනමා පින් අනුමෝදන් කළා.
Deleteමමත් ඔය දුක විදලා තියෙනවා අයියා......සතුන්ට බොහොම ආදරේ මිනිහෙක් විදියට අපේ ගෙදර බල්ලො හදන්න බැරි තත්වයක් තියෙද්දිත් ආශාවටම ගෙනාපු බල්ලා අවුරුදු 3 කට පස්සෙ අසනීප උනා. අපේ ගෙදර බල්ලෙක් හැදුවොත් ඒක එහෙමම තමයි. එතැන ඉදන් තවත් අවුරුදු 7 ක්ම මම ඒ තුවාල පිරිසිදු කරලා නාවලා කන්න බොන්න දීලා සතාව බලාගත්තා. පාරට එලවන්නෙ නැතුව. ලංකාවෙ අපි හරියට අපේ පවුලෙ කෙනෙක් හා සමානවම තමයි සුරතලාටත් සලකන්නෙ. ඉතිං ඒ අය තමන්ගෙ කෙටි ආයුෂ ගෙවලා නික්මී ගියාම මට නම් හරිම හිස් බවක් තමයි දැනුනෙ. ජීවිතයේ අනිත්‍ය ගැන තමයි ඒ අයත් අපට සිහිපත් කරන්නෙ.
ReplyDeleteඔබ බොහොම පින් වැඩක් කරලා තියෙන්නේ සිරා. මෙයා නම් හදිසියේ ඉතා සාමකාමී මරණයකට පත්වුනා.
Deleteසාමාන්‍යයෙන් බල්ලකුගේ ජීවිත කාලය අවුරුදු 12 - 15 විතර වෙනවා නේද? මෙයාට මොකද වුණේ? අපේ ගෙදර ඉන්න එක්කෙනාටත් දැන් වයස අවුරුදු 5 1/2 ක්. එයාට මොනවාහරි වුනොත් නම් අපේ උන්දැයි දුවලා දෙන්නයි ගඟේ මූදේ පනිනවා ෂුවර්. අපේ දරුවෙක් වගේ හැදෙන්නේ.
ReplyDeleteඊළඟ ලිපිය බලන්න, එය ඔබට ප්‍රයෝජනවත් වේවි.
Deleteඅවුරැදු හයකින් ඇයි එච්චර ඉක්මනට ගියේ
ReplyDeleteමටත් ලොකු ප්‍රශ්නයක් ඊළඟ ලිපිය බලපන්..
Deleteමිනිසත් බව ලැබූ සමහර ඈයන්ට වඩා බෙන්ජිලා හොදයි...
ReplyDeleteනැද්ද මං අහන්නෙ..
සුභ ගමන් යාළු
මගේ දුක බෙදාගැනීමට ඉදිරිපත් වූ සියලුම දෙනාට බොහොම ස්තුතියි.. විශේෂයෙන්ම ප්‍රතිබිම්බ බ්ලොග් එක කරන පශුවෛද්‍යවරක් වන විරේට ස්තුතිවන්ත වෙනවා. මගේ මේ මිතුරාගේ මරණය සම්බන්ධයෙන් මට පන නැගුන ගැටළු වලට ඔහි ඉතා දීර්ඝ email මගින් පිළිතුරු දුන්නා.
ReplyDeleteමේ අහිංසකයා ජිවිතයෙන් හරි අඩක් පමණයි ගතකලේ. තවමත් මට හිතෙන්නේ මම ඔහු වෙනුවෙන් කාලය කැපකලා මදි කියලා. ඒ වරදකාරී හැඟීම මා තුල තියෙනවා. මමත් විරෙත් අතර හුවමාරු වූ email ඊළඟ පොස්ට් එකෙන් පල කරන්නම් එය බොහෝ දෙනෙක්ට වැදගත් වේවි.
යහලුවා..මේ සටහන ඔබට උපහාරයක්.
ReplyDeleteසැබවින්ම ඔව්...
Deleteආසාවෙන් ඇති දැඩි කරන සතෙක් වියෝ උනාම සෑහෙන්න දුකක් දැනෙනව තමයි. අපේ ගෙදරත් බල්ලො කීප දෙනෙක්ම හැදුව. ඒත් අන්තිම සතාගෙ වියෝවෙන් පස්සෙ තවම කාලෙකින් බල්ලෙක් ගෙනාවෙ නෑ.
ReplyDeleteඒකටත් එක්ක පූසොනං ඉන්නව.
පොඩි කාලේ මම උඩුබැලි අතට නිදිකරවලා ඉන්නකාලේ මාව පරිස්සම් කරපු මේ වගේම මිත්‍රයෙක් හිටියා . අපේ ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත් මගේ ලඟට එන්න දුන්නේ නෑ එයා . මේ මිත්‍රයාගේ නික්මයාම ගැන කියනකොට මට ඒ මිත්‍රයාගේ නික්මයාම මතක් උනා . අවසන් මොහොතේ එයා සිහිනතුව ඇදගෙන වැටුනේ මට අවුරුදු 5 ක් විතර වයස කාලේ . ඉන් පස්සේ අපේ ගෙදර අය තව කෙනෙක් ගෙදරට ගෙනාවේ නෑ . ඒ තරමටම අපේ ගෙදර් අය ඒ මිත්‍රයාට ආදරේ කළා . ඔබගේ මිත්‍රයාට මනුෂ්‍ය ආත්මයක් ප්‍රාර්ථනා කරනවට වඩා මම කැමතියි නිවන් සුව ප්‍රාර්ථනා කරන්න .
ReplyDeleteඔබගේ ගෙදර උදවිය හරි වයලිනෝ, අපිත් නැවත කවදාවත් සුරතලේක් ගෙනෙන්නේ නැහැ. මෙයාට මිනිස් හිවිතයක් ප්‍රර්ථනා කරන්නේ, තිරිසන් අපායක ඉපදුන සත්වයෙන් අවම වශයෙන් නැවත මිනිසත් බවක් හෝ ලබාගත යුතු නිසා ධර්මය අවබෝධ කිරීමට.
Deleteසුබ ගමන් මිත්‍රයා.. අපේ ගෙදර හිටිය එක්කෙනත් අවුරුදු 10ක්ම අපිත් එක්ක හිටියා..
ReplyDeleteමෙයාටත් තව අවම වශයෙන් අවුරුදු 4ක් වත් ඉන්න තිබුනා..ස්පැනියල්ලාගේ ආයුෂ අනුව.
Deleteබල්ලෝ කියන්නේ ඇත්තටම වැරදි නමක් මෙයාලට.. මට අමතක කරන්න බැරි හොඳ මිත්‍රයෙක් හිටියා ඔය වගේම දැනට අවුරුදු 15 විතර කාලේ..
ReplyDeleteබෙන්ජි ඔබටත් සුභ ගමන්..
බල්ලෝ කියන්නේ කෙළෙහිගුණ දන්න සත්තු.පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ
ReplyDeleteඅනේ..... :(
ReplyDeleteමටත් හිටියා ඔය පාටම කෙනෙක් ....එයත් මාව දාල ගියා :(
සුබ ගමන් බෙන්ජි ...!
ලස්සන බව්වෙක්...
ReplyDelete