Wednesday, July 16, 2014

අපිට මොකෝ ......

අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද? තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්‍රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ  මානසිකත්වය.... 

මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.

ඔන්න එකමත් එක ගොවිපලක් තිබුනා මේ ගොවිපලේ හිටියේ කවුද දන්නවද? මෙන්න මේ  තුන් දෙනා..


ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.




 මේ මියන් පස්දෙනා,අර මුලින් කිවූ එළදෙන, ඌරා සහ කිකිළිය සමග බොහෝ හිතවත්. ඒ නිසාම ගමගෙදර ඇතුලත සිදුවන කතාබහ වලට ඇහුන්කම් දී  මිතුරන් තිදෙනාට හානියන් වෙන කාරණයක් ගැන දැන ගැනීමට ලැබුන විගස ඒ බව ඔවුන්ට දැනුම් දීමට මේ මියන් පස්දෙනා පුරුදු වී සිටියා.

එක් දවසක් මේ මියන්ට අසන්න ලැබුනා ගමගෙදරට හිතවතුන් කිහිප දෙනෙක් පැමිණෙන බැවින්, ඒ සඳහා කුකුළු මස් ව්‍යංජනයක් පිළියෙළ කිරීමට ලැස්ති වෙන බව. ඔවුන් ඒ බව වහාම තම හිතවත් කිකිලියට  පවසා දින කිහිපයක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නා.

තවත් දවසක් ඔවුන්ට අසන්න ලැබුනා හරක් මස් මිල අධික වී ඇති බැවින් එළදෙන මරා මස්කර, ඔවුන් විශාල මුදලක් ලබාගැනීමට යන බව. මේ බවත් වහාම එළදෙන වෙත දැනුම් දී ඉක්මනින්ම ගොවිපලෙන් පැනගොස් කැලයේ සැඟවී  සිට නැවත පැමිණෙන ලෙස උපදෙස් උන්නා.

එමෙන්ම ඌරා මරා මස්කිරීමට සැරසෙන විටමත්  ඒ බව ඌරා ට දැනුම් දී, ලෙඩවී ඇති සෙයක් දැනෙන ලෙස, සෙම පෙරාගෙන වැතිරී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබුවා. මේ  ආකාරයෙන් මෙම සතුන් තුන්දෙනාගේ ජිවිත බොහෝ වාරයක් බේරා දෙනු ලැබුවේ මෙම මියන් පස් දෙනා විසින්.

එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.


දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද? ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා...

" අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"

ඔවුන් පළමුව ගියේ කිකිළිය  හමුවෙන්න.



 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"

ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා....


 "අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."

"අපිට  මොකෝ... මි කතුරකින් හරක්  මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........

"අනේ යාළුවේ  අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."


"අපිට   මොකෝ... මි කතුරකින් ඌරො   මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම  ඒ ගැන බලාගන්න"

 මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක්  දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක්  සෑදීමට තීරණය උනා.

මී කතුරකින්  කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......

දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...
මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට......

දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...
මී කතුරකින් එළදෙනක්  මැරුනේ ඔය විදිහට...... 


ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්‍රාකාරව හෝ  ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.





39 comments:

  1. Beefsteak = බීෆ්ස්ටේක්.

    සිංහලෙන් කියන්නේ බිස්ටේක්

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ස්තුතියි.

      Delete
  2. Sahathika aththa.
    Api hamoma purudu wela inne thaman gana witharak hithanna. E unath, api hamoma yam widiyakin apita sambandayi, apita one. Habayi godak denek eka therum ganithdi parakku wadyi....

    ReplyDelete
    Replies
    1. අඟහරුවෝ, සිංහල ෆොන්ට් වලට මොකද උනේ?

      Delete
    2. ආපහු අගෝස්තු පහු වෙනකල් පොඩි ෆෝන් එකට මාරු උනා.. එකෙන් සිංහල ටයිප් කරන්න තියා කමෙන්ට් රිප්ලයි කමෙන්ට් දාන්නත් බෑ.. නොකියා 6220c. බ්‍රිටිෂ් කවුන්සිල් ඇවිල්ල තමා මේ කමෙන්ට් එක කොටන්නේ.

      Delete
    3. මොකද මේ අගෝස්තු වල A/L කරනවද? එහෙමනම් බ්ලොග් කියවිල්ල පැත්තකින් තියලා පාඩම් කොරහන්.

      Delete
  3. ඔය බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ ශෛලියට මාත් බොහොම මනාපයි. සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් බන කියද්දි විශේෂිත රඟපෑමක් කරන්නෙ නෑ නෙව. මේ හාමුදුරුවො එතනදි වෙනස්. ඔන්න ඌරෙක් කෑගහනව කිව්වොත් ඒ විදියටම කෑගහල පෙන්නනව.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත රාජ්, උන්වහන්සේ දන්නවා සාමාන්‍ය ජනතාවගේ හදවත් වලට ලංවෙන ආකාරය.

      Delete
  4. අගේ ඇති කතාව. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේට දාන්න ලින්ක් එකත් අපට එවන්න. මෙන්න අපේ දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීමට..

      Delete
  5. වටිනා කතාවක්.. අනුන්ට පිහිට වෙන්න ඕන කියන ආදර්ශය වගේම මේ කතාවෙ කළගුණ සැළකීමේ වටිනාකමත් පෙන්නල දෙනව නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් මව් කතාවෙන් ගන්න හැකි ආදර්ශ බොහොමයි.

      Delete
  6. Replies
    1. මටත් මතක් වුනේ ඒ කතාව මචං. Then they came for us නේද?

      Delete
    2. මම ඒ කතාව දන්නේ නැහැ... දෙන්නගෙන් එකෙක් කියහල්ලකෝ.

      Delete
    3. යට කියපු නිමෝලර්ගේ කතාව...

      Delete
  7. ඕ ජාතියෙ බුවාල අපි අතරත් ඉන්නව නෙව...
    අනික් අයගෙන් උදව් බලාපොරොත්තු වෙනව..
    ඒත් කාටවත් උදව් කරන්නෙ නෑ...
    ඒ විතරක් නෙවී...
    උදව් ඉල්ලං ආවමත් මොකක් හරි දොඩල සේප් වෙලා යනව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම අය බොහෝ ඉන්නවා.

      Delete
  8. අයිලාස් මේ මාටින් නිමොලර්ගේ කතාවෙම තව වර්ෂන් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව දන්නේ නැහැ බන්, කියහන්කෝ අපිටත් දැනගන්න.

      Delete
    2. http://en.wikipedia.org/wiki/First_they_came_...

      Delete
  9. කවදාවත් පරණ නොවන කතා.මොකද මිනිස්සු එදා ඉඳන්ම එක වගේනේ.තමන් ගැන විතරයි.අනුන් ගැන නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බොහොම අය එහෙම තමයි.

      Delete
  10. තමුන් ගැන විතරක් හිතන මිනිහට අවසානෙදි කිසිවෙක් නැතිවෙන බව හැම විටම ඔප්පු වුන් දෙයක් නේ

    ReplyDelete
    Replies
    1. ඔක අපේ දියවන්නා බබාලට තේරෙන්නේ නැහැ නේ, ඒ අය තාම බබ්බු හින්දා වෙන්න ඇති නේද?

      Delete
  11. අපේ රජතුමාටත් ඔහොම වෙයි කියලා මම මේ බලං ඉන්නේ.ඒත් එහෙම වෙන්නෑ නෙ ෂිඃ

    ReplyDelete
    Replies
    1. ඇති රජ තුමා විතරක්? රාජ සභාව?

      Delete
  12. පුජනීය අජාන් කියන්නේ මොකද බං...

    ReplyDelete
    Replies
    1. කියන ඕන දෙයක් බොරුවට හරි “නියමයි“ කියනවනං විතරද ඔයැයිල කැමති????

      Delete
  13. ආදර්ශයක් ගත හැකි අගනා කතාවක් අයිලාෂ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්..

      Delete
  14. ආදර්ශමත් කතාවක් :)

    ReplyDelete
    Replies
    1. අද නේද ඉස්සෙල්ලම මේ පැත්තේ ගොඩවුනේ? ස්තුතියි.

      Delete
  15. දැන් දිගටම බන කියන්ඩද කල්පනාව

    ReplyDelete
  16. අපි හැමෝම වගේ එහෙම හිතනවා. අපිටත් කවද හරි ඔහොම වෙයි. දැන් රටට වෙන දේ ගැන උනත් එහෙම නෙ.

    ReplyDelete
  17. ඕක තමා රතුපස්වල වුනේ, ඊට පස්සෙ තුන්තාන. ඊටපස්සෙ බේරුවල, (ඒ අතරෙ මහනුවර කාර්රේස්...) ඊළඟට...?

    ReplyDelete
    Replies
    1. එක තමයි, අපිට මොකෝ......

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...