Thursday, November 21, 2013

Food Photography


බ්ලොග් ලියන අපේ හිතවතුන් බොහෝ දෙනෙක්  ආහාර වර්ග හදන විදිහ ගැන පොස්ට් දමනවානේ. මට හිතෙන විදිහට ඒ අතින් මුල් තැනට ඉන්නේ  අපේ කුක්කු මාර හෙවත් මාරයා තමයි. මොනවා උනත් උගේ රෙසිපි නම් මාර රෙසිපි තමයි. 

 දැන් ඉතින් හැමෝම වගේ මේ කෑම ගැන උනන්දු වන එකේ මං තුමා විතරක් අහවල් දේකටද මේගැන නොලියා ඉන්නේ කියලා හිතුනා.ඔන්න එහෙනම් මමත් අත දැම්මා වැඩේට. හෝව්... හෝව්.. කලබොල වෙන්න කාරී නැහැ. මේ පොස්ට් එක ආහාර හදන හැටි කියලා දෙන්න නම් නෙවෙයි. ආහාර වර්ග ෆොටෝ අල්ලන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටාන් ගමු.

Food Photography කියන්නේ ඡායාරුප කලාවේ තවත් එක අංගයක්. මෙය වාණිජ ඡායාරුප කරණය යටතට ගන්න පුළුවන්. මේ අංශය දියුණු කලොත් හොඳ ආදායමක් එහෙමත් ලබන්න බැරි කමක් නැහැ.

Food Photography වල මුලික දේ වන්නේ අපි ගන්නා ඡායාරුපය ඉතා සජීවී ලෙස දැක්වීමයි. කොටින්ම කියනවානම් ෆොටෝ එක දැක්ක  ගමන් කටට කෙල ඇවිත් ෆොටෝ එක හරි කන්න හිතෙන්න ඕන.  ඉතින් මේ සඳහා අපි ඡායාරුප ගත කරණ වස්තුවට ඉතා හොඳ ආලෝක කරණයක් ලබාදෙන්න ඕන. ඒ තුලින් අපිට එම ආහාර වල නැවුම් බව ඉස්මතු කරලා පෙන්නන්න පුලුහන්.

ඒ වගේම වැදගත් අනිකුත් කාරණය වන්නේ ආහාර සකසන ආකාරයයි (arrangement) . මේ සැකසීමේදී ආහාර වල වර්ණ සමබර කරගැනීමද ඉතා වැදගත්. ඒ තුලිනුත් ඡායරුපයට විශාල බලපෑමක් කරන්න පුලුහන්.

මම දැකපු තවත් දෙයක් තමා,  බොහෝවිට ආහාර පිගානකට බෙදලා එයට ඉහලින් කෙලින්ම කැමරාව මානලා ෆොටෝ ගන්න එක. මේ තියෙන්නේ ඒ වගේ එකක්.


නමුත් මං තුමාගේ පුද්ගලික අදහස නම් ඉහත ආකාරයට ඡායාරුප ගැනීම ඉතරම් හොඳ මදි කියන එකයි. ඒ ඡායරුපයෙන් අපිට හැඟෙන්නේ නිකම්ම නිකම් කෑම පිගානක්. නමුත් කැමරා කෝණය වෙනස්කිරීම හෝ සම්පුර්ණ පිගාන වෙනුවට ඉන් කොටසක් පමණක් පෙනෙන ලෙස ඡායාරුප ගත කිරීම වඩා සාර්ථක බව මං තුමාගේ අදහසයි. මේ පහල තියෙන ෆොටෝ එක වඩා සාර්ථකයි නේද?


මේ පහල තියෙන ෆොටෝ කීපය බලන්න. මේ සැම ෆොටෝ එකක්ම DSLR එකකින් ඉතා හොඳ ලෙන්ස් එකක් සහිතව ගත්ත ඒවා.






මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
ඒ නිසා, අනේ අපිට කොහින්ද DSLR කියලා හිතන්නේ නැතිව, තමන් අත තියෙන ඕනෑම කැමරාවකින් ෆොටෝ ගන්න උත්සාහ කරන්න. මං තුමා සැමදාම කියනවා වගේ ඔබව හොඳ ඡායාරුප ශිල්පියෙක් බවට පත් කරන්නේ ඔබගේ උනන්දුව, කැපකිරීම, දක්ෂතාවය වැනි කරුණු මිස ඔබ අත ඇති කැමරාව නොවන බව කිසි විටකත් අමතක කරන්න එපා.

56 comments:

  1. මරු ෆොටෝ ටික අප්ප. දැක්කම කන්න හිතෙනව.

    වැඩේ කියන්නෙ ෆොටෝ ගහන්න මතක්වෙනකොට කෑම එකේ පිඟාන විතරක් තියෙන එකනෙ. :D

    ReplyDelete
  2. අපි පොඩි කාලේ පංසලට අරන් එන දානේ වේලක තිබුණ ව්‍යංජන මතක් උනා අය්යේ.. අල තෙල් දාලා.. ලා කහ පාට අල කෑලි උඩින් කෑලි මිරිස් පේන අපූරුව..

    ReplyDelete
    Replies
    1. //අපි පොඩි කාලේ පංසලට අරන් එන දානේ වේලක තිබුණ ......//

      ඈ... පංසලට අරන් එන ද? පංසලට අරන් යන ද?

      පංසලට අරන් එන කීවාම ගම්‍ය වෙන්නේ උඹ පොඩි කාලේ මහණ වෙලා හිටිය එකෙක් කියලා මලේ....

      Delete
    2. රෙදි ගැලවී යයි දස අතේ...හැක හැක ...

      Delete
    3. රෙදි නෙවෙයි සිවුර :)

      Delete
  3. නියමයි ,, කොච්චර වටිනා කැමරාවක් තිබ්බත් හොද ඇහැක් නැත්තම් වැඩක් නැහැ නේද ... ඒක නෙමේ පහලම තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මගේ සාමාන්‍ය රාත්‍රී කෑම වේල ,, :)

    ReplyDelete
    Replies
    1. අපුර්වී ෆොටෝ එක ගන්නේ කැමරාව නෙවෙයි, එය හසුරුවන කෙනයි. එක මගෙත් ප්‍රියතම ආහාර වේලක් තමයි නමුත් සෞක්යට නම් හිතකර නැහැ. :D

      Delete
  4. හොඳ පෝස්ට් එකක්... ෆොටෝ ග්‍රැෆි කියන්නෙ කැමරාවකින් පින්තූර ගන්න එක විතරයි කියලා හිතං ඉන්න කෙනෙක්ට නං තේරම් ගන්න ගොඩක් දේවල් තියෙනව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු, බොහොම කාලෙකින් දැක්කේ.

      Delete
  5. පිඟාන මුළුමනින් ගන්නවට වැඩිය හොඳයි තමා. කියන්න ඕන අපේ මාරයට

    ReplyDelete
    Replies
    1. එක තමයි රාජ් හැම එකක්ම ඔහොම තමයි, සම්පුර්ණයෙන් පෙන්නනවට වඩා ටිකක් පෙන්නන එක හොඳයි... :D

      Delete
  6. වැඩේ තියෙන්නෙ මේව බැලුවට බඩ පිරෙන්නෙ නැති එක නොවැ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත තමයි.

      Delete
  7. මදි මදි. මේ ගැන මෙයිට වඩා ලියවෙන්න ඕන... විශේෂයෙන්ම ආලෝකය හසුරුවා ගන්න හැටි එහෙම ලිව්වනං අපිට වටිනවා.... :D

    මගේ බුකියේ තියෙන කන බොන පින්තූර ටික මං මුලින්ම පටන් ගත්තේ කැමරා ෆෝන් එකෙන්ම තමා... පස්සේ තමා ඩිජිටල් කැමරාවට බැස්සේ... මට තියෙන ලොකුම අවුල තමා මේ ආලෝකය පාලනය කරගන්න එක... ෆ්ලෑෂර් ගැහුවොත් කෑම එක දිලිසෙනවා තියෙන දේවල් පේනවත් හොරයි.. එහෙම නැතිව ගැහුවොත් මලානිකයි.. නියම වර්ණ පේන්නේ නැහැ... වැඩි හරියක් හොදට එකක් ගහගත්තොත් ඉතිං හොදට ඉර තියෙන වෙලාවක ජනේලයක් අයිනේ තියලා පොටෝ ගැහුවොත් විතරයි... කොහොම උනත් මං ආස කරන වැඩක් තමා කෑම පොටෝ අල්ලන එක... ඉස්සරහට ටිකක් ඉගෙන ගන්න ඕන ඒ ගැන... දැනට ඔය ගැන පොඩි පොඩි උපදෙස් එහෙම දෙන්නේ අපේ චින්තක අයියා තමා... මං දැකලා තියෙන ලස්සනම කෑම පිළීබඳ පොටෝ ටික මං දැක්කේ එයාගෙන්.. ඒ චින්තක අයියට හොඳට උයන්න වගේම කැමරාව හසුරුවන්නත් පුළුවන් වීම හින්දා කියලයි මං හිතන්නේ නං...

    ReplyDelete
    Replies
    1. [im]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc3/s720x720/379967_1933243909148_61279882_n.jpg[/im]

      Delete
    2. මාරඅයියා හරි, මමත් ඒ කතාව අනුමත කරනවා, ඔබතුමාගෙන් අපි ජායාරුපකරණය ගැන ලිපියකදී මිටවඩා යමක් බලාපොරොත්තු වෙනවා, නිවැරදි ආලෝකකරණය ඉතාම වැදගත්වන නිසා ඒගැන පැහැදිලි කිරීමක්වත් කරනමෙන් ඉල්ලා සිටිනවා..

      Delete
    3. උඹ ඒ ගමන මෙතනත් කෑම පිඟං දාන්න ගත්තද? :D

      Delete
    4. මාරයා මලේ, අමිල මලේ උඹලා දෙදෙනාටම ස්තුතියි. වතුර තිබහ තියෙන එකාට තමයි වතුර ඕන වෙන්නේ ඒ වගේ තමයි උඹලා දෙන්නා.

      පළමුව මේ පොස්ට් එක බලන්න.http://sundaramathaka.blogspot.com/2013/03/blog-post_11.html

      ආලෝක කරණය ගැන වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා. එක පසුව කරමු. නමුත් මාරයාගේ ෆ්ලෑෂ් කිරීම ගැන ප්‍රශ්නයට පිළිතුරු නොදී බැහැ.

      ඔයා දැනට භාවිතා කරන්නේ ෆුජි S 2980 එකක් නේ. මෙතැන පොඩි ගටලිවක් තියෙනවා ඒ තමයි මේ කැමරා එකට අමතර ෆ්ලෑෂ් එකක් සවි කිරීමට නොහැකි වීම.

      ෆ්ලෑෂ් එක කෙලින්ම වස්තුව වෙත එල්ල වීමේදී එම ඡායරුපයේ ගුණාත්මක භාවය නැති වෙනවා. එය වලකා ගැනීම සඳහා කරන්නේ බවුන්ස් ෆ්ලෑෂ් කිරීමයි. එනක් ෆ්ලෑෂ් එක වෙනත් තලයකට යොමුකර ඉන් පරාවර්තනය වන ආලෝකය වස්තුවට ලබාදීමයි. නමුත් ඔබගේ කැමරාවේ ඇති ෆ්ලෑෂ් එකෙන් එය කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ඔබට පොඩි ගැජට් එකක් හදාගන්න වෙනවා

      [im]http://www.flickr.com/photos/93665014@N07/10988809006/[/im]

      [im]http://farm3.staticflickr.com/2850/10988809006_2a2d7cbaf7_n.jpg[/im]
      තවත් දෙයක් කරන්න පුළුවන් ඒ තමයි ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් බාවිතා කිරීම. කැමරාවේ තියෙන පොප් අප් ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් සවි කරන්න බැහැ. ඒ වෙනුවට සුදු පැහැ සවුකොල කැබැල්ලක් ෆ්ලෑෂ් එකේ ඉදිරියෙන් සවි කරන්න.





      Delete
    5. මාරයා මලේ මට ඊයක් විදපන් උඹේ ෆෝන් නම්බර් එක දාලා. දැනට තව උපදෙස් ටිකක් දෙන්නම්. ayilas419@gmail.com

      Delete
  8. මම දැක්ක ගමන් හිතුවේ අයිලාසුත් ඒ පාර කෑම හදලා දෙන්න හදනවා කියලා. හිතන්න ගොඩක් දේ තියෙනවා

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. මම හිතුවා කස්ටිය එහෙම තිතයි කියලා.

      Delete
  9. දැක්ක ගමන් කන්න හිතෙනවා..... බොන උන්ගේ ෆොටෝ ගහන්නේ කොහොමද කියලත් පොස්ට් එකක් දාන්න බැරිද? හැබැයි ෆ්ලෑෂර් නම් දාන්න බෑ... මොකද එතකොට මාට්ටු වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. බොන උන්ගේ ෆොටෝ ගන්න හරිම ලේසියි, හේතුව උන්ට ඒ වෙලාවේ සිහියක් නැහැ නේ.. ඉතින් ඕන විදිහට ෆොටෝ ගන්න හැකියි.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කැමරාව කියන්නෙ මෙවලමක් විතරයි...ඒක පිටිපස්සෙ තියෙන ඇහැ සහ වේගය තමයි නිර්මාණයට මග කියන්නෙ...

    ReplyDelete
  12. නියම ෆොටෝ ටික, කටට කෙලත් ඉනුවා :)

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මම කිවේ food Photograph එකක් දැක්කම කටට කෙල උනන විදිහට ගන්න ඕන කියලා.

      Delete
  13. food photography කියන්නෙ කලාවක් වගේම ට්‍රික් එකක්, රැවටීමක්. මෙතනින් බලන්ට ට්‍රික්ස් ටිකක්!
    http://kids.nationalgeographic.co.uk/kids/stories/wackystories/food-that-fools-you/
    http://www.wimp.com/foodtricks/
    http://youtu.be/gOwK57eljwM

    ReplyDelete
    Replies
    1. මේවා වානිජ්‍ය ඡායාරුප කරණයේදී යොදාගන්නා දේවල්. ස්තුතියි බෙදා ගැනීමට.

      Delete
  14. උයන්නත් පුළුවන්.....කන්නත් පුළුවන්....ෆොටෝ තමයි බැරි...අයිලාෂ් මම දැකලා තියෙනවා ෆොටෝ ගන්න එන අය....කියනවා ....හදලා තියෙන ඩිෂ් එකේ උඩින් ...අරේන්ජ් කරාට පස්සේ ඔයිල් ටිකක් බ්‍රෂ් කරන්න කියනවා. වෙජිටබල්ස් යාන්තම් උනුවතුරේ බස්සලා දෙන්න කියනවා ෆොටෝ එකට විතරක් බ්‍රයිට් කලර්ස් තියාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔයිල් ටිකක් බ්‍රෂ් කරන්නේ නැවුම් පෙනුම ගන්න. මේ ෆොටෝ කිසිම දෙයකට එහෙම කරලා නැහැ. ගෙදර හදපු ගමන් ගත්ත ඒවා. ආලෝක කරණය විතරයි කෘතිමව කරලා තියෙන්නේ.

      Delete
  15. මේවා දිහා බලලා කෙළ ගිලින්න නම් පුළුවන් අපිට

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... එහෙනම් කෙලවත් ගිලිමු.

      Delete
  16. කැමරාව එක එක පැත්තට ඇල්ලුවට මේ පැත්තට ඇල්ලුවේ නෑ! බලමු අල්ලලා...

    ReplyDelete
    Replies
    1. එක තමයි දැන් ඉතින් මේ පැත්තටත් අල්ලමු නේද?

      Delete
  17. බඩගිනියි :( මේක බැලුව මේ වෙලාවෙ මට හොදටම බඩගිනියි

    ReplyDelete
    Replies
    1. මටත් බඩගිනියි සමි.

      Delete
  18. මට බඩගිනි :( මම යනවා කාල එන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. කාලා වරෙන් කෝ. :D

      Delete
  19. පොටෝ ටික නම් මරූ.. එත් මම වඩා මනාප අනිත් කෑම වල පොටෝ වලට...

    ReplyDelete
    Replies
    1. ඒ කෑම වල අල්ලපු ෆොටෝ එහෙම නැතිද මචෝ.

      Delete
  20. ඒකනේ මං පුලු පුලු වන් විදිහට පොං එකෙන් පොටෝ කන්නේ

    ReplyDelete
  21. මමත් ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා දාන්න ඕනේ කියලා හිතුනේ මේක දැක්කාම තමයි. මේ බඩගින්නේ ඉන්න වෙලාවේ මේවගේ ඒවා දකින එකනම් ඉවසන්න බැරි වැඩක්

    ReplyDelete
    Replies
    1. දාමු දාමු, අපිටත් බලන්න...

      Delete
  22. අපිත් ටව ටිකක් කල් යත්දී ශිල්පීය ඡායාරුප ශිල්පීන් වෙන එක නවත්වන්න බැහැ. ඕනෑම දෙයක් දැනගෙන කිරීම වැදගත්.

    ReplyDelete
  23. මචං ඔය හුඟක් ඩිජිටල් කැමරාවල Food කියලා option එකක් තියෙනවා නේද ඔය තවත් කලින් සැකසුම් කල ඒවාගේ option රාසිය අතරේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ food මෝඩ් එකෙන් ෆොටෝ ගන්න එක පහසුයි ආධුනිකයන්ට.

      Delete
  24. මමත් හරිම ආස දෙයක් තමා food photograpy. එකක්වත් අරන් නෑ. නමුත් බලන්න හරි ආසයි.නෙට් එකේ ගොඩක් ෆුඩ් බ්ලොග්ස් බලනවා. පොටෝස් නම් හරිම ලස්සනයි.

    කොච්චර කියෙව්වත් තාම කැමරාවක් ගන්න බැරි වුනානෙ. පුතාගෙ අත කොහොමද දැන් ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල්..

      දැන් පොඩ්ඩාගේ අත සෑහෙන්න හොඳයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...