ඇට දෙකම කැඩුන වෙලාවක දොස්තරලා කරපු වැඩක් ගැන මං තුමා කලින් ලියලා තියෙනවා. අමතක අය මෙතනින් ගොහින් බලාන අවොතින් හොඳා.
අපොයි මගේ ඇ* (18+)
නමුත් මේ ලියන්නේ ඒ වගේ එකක් ගැන නෙවේ. සත්‍ය සිදුවීමක්. සැමෝටම වෙන්න පුලුහන් අකරතැබ්බයක්, දොස්තරලාගේ නොසැලකිලිමත් කම ගැන. ඒ නිසා හැමෝම මේ ගැන විමසිලිමත් උනොත් හොඳා. මේක වෛද්‍ය විද්‍යාව ගැන පොස්ට් එකක් නොවයි.
මතක ඇති නේ අපේ පොඩි එකා මේ වසරේ ජනවාරි මාසේ අත කඩා ගත්තා. මෙන්න මේ ලිපියට ගිහින් බලන්න
පොලිසියෙන් කලා පොළ කයි එකා අත කඩාගෙන ඉන්න ෆොටෝ එකක් දෙකක් එකේ තියෙනවා. ඒ සැරේ අත කඩා ගත්තා කීවට එක බොහොම සුළු අස්ථි බිඳීමක් (hairline fracture) ඒ කියන්නේ අස්ථියක ඇතිවන ඉතාම සුළු ඉරි තැලීමක්. එවැනි අවස්ථාවක කරන්නේ ඒ අස්ථිය පිහිටි කොටස නොසෙල්වන සේ තබා, කැල්සියම් ලබාදීම. එවිට සති කිහිපයකදී එම ස්‌ථානය වැසි යනවා.
ඔන්න ඉතින් දැනුයි කතාව පටන් ගන්න යන්නේ, ඔය කලින් කිව අස්ථි බිඳීම පොඩිඑකාට මදි උනාද මන්දා, සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මේකා අපහු අත කඩා ගත්තා. පාසැලේ සිට මට දුරකථන ඇමතුමක් ලබාදුන් ගුරුවරයෙක් කියා සිටියා "පුතා පාසලේදී වැටිලා වහාම එන්න" කියා. ඉතින් මගේ ඔෆිස් එකේ ඉඳන් කොලුවගේ පාසැලට තියෙන්නේ හුවක විතර දුරක්. ගිහි බලනකොට වැටුන පාරට අපහු අත කැඩිලා. වහාම x-කිරණ සටහනක් ලබාගත්තා. මේ තියෙන්නේ ඒක.
කොහොමද වැඩේ ඇට දෙකම කැඩිලා. වහාම ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුල් කළා. එදිනම රාත්‍රී 12.00 ට පමණ මේ කැඩුණු අස්ථි නැවත සකස් කරලා ප්ලාස්ටරයක් (POP) දැම්මා.
ඔය අවසානයට තියෙන්නේ POP එක දැමීමෙන් පසුගත් x-කිරණ සටහන. හොඳින් බලන්න එහි එක අස්ථියක් නියමාකාරයෙන් සවි වී නොමැති බව පැහැදිලිව පෙනෙනවා.
පසු දින උදේ විශේෂඥ වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසු විට ඔහු කියා සිටියේ මෙය ඉතා සාර්ථ බවයි. ඔහු සමග සිදු වූ සංවාදය මේ ආකාර උනා.
මේ x-කිරණ සටහනට අනුව එක අස්ථියක් නියමාකාරයෙන් සවිවී නැහැ මේ ගැන ඔබ මොකක්ද කියන්නේ?
අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම අනවශ්‍යයයි , මෙය ඉතා සාර්ථකයි.
එසේ නම් එක අස්ථියක් පමණක් බිඳුන රෝගියෙක් පැමිණි විට ඔබ එම අස්ථිය යතා තත්වයට පත් කරන්නේ නැතිද?
එවිට අපි එම අස්ටිය නියමාකාරයෙන් සකස් කරනවා.
එසේනම් ඔබ මෙහිදී අස්ථි දෙකම නියමාකාරයෙන් සකස් නොකළේ ඇයි?
අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම කලනොහැකියි, අස්ථි දෙකම බිඳුන විට අප කරන්නේ එක අස්ථියක් නියමාකාරයෙන් සකස් කිරීමයි,
එසේනම් දැන් ඔහු පසුවන්නේ එක අස්ථියක් බිඳුන කෙනෙකුගේ තත්වයෙන් නොවේද? ඔබ නැවත දිනක එම අස්ථිය යතා තත්වයට සකස් කරනවාද?
එසේ කරීමට අවශ්‍ය නැහැ, එක කාලයත් සමග හරියාවි.
දැන් ඉතින් මගේ මල ඉතා හොඳින් පැන ඇත, දොස්තරයා ගේද පුෂ්පය විකසිත වීමට ආසන්නව ඇති බව මට දැනුනි. මේ සංවාදය මෙතම් දුරක් හෝ පැවැත්වීමට හැකි වුයේද සුද්දාට පින් සිදුවන්න උගේ භාෂාව භාවිතා කල බැවිනි. තව දුරටත් මේ සංවාදය පැවැත් වීමෙන් සිදු වන්නේ අනිවාර්යයෙන් දොස්තරගේ කන හරහා පහරක් ගැසීමට සිදුවීමත්, එහි අතුරු ප්‍රතිපල ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය පිලිබඳ බ්ලොග් සටහනක් ලිවීමට සිදුවීමත් බව වැටහුණු නිසා සංවාදය එතකින් නිමා කරන ලදී.
දැන් ඉතින් දින 5ක් දිවා රාත්‍රී රෝහලේ ගත කරන්න උනා. මුන්ගේ වැඩ ගැන කිසිම ලෙසකින් සෑහීමකට පත්වීමට නොහැකි නිසා, විටින් විට ඔහුගේ ඇඟිලි වල රුධිර ගමනාගමනය සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින්, සැක සහිත අවස්ථාවන් වල හෙදියන්ට දන්වමින් එම දින 5 ගත කළා.
රෝහලෙන් පිටවූ වහාම නැවත කලේ x-කිරණ සටහනක් ගැනීමයි. මේ තියෙන්නේ එම සටහන.
එම x-කිරණ සටහනට අනුව, නියමාකාරයෙන් සවි නොවූ අස්ථිය සම්පුර්ණයෙන්ම විසන්දී වී ඇති ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉන් පසු එම x-කිරණ හටහන විශේෂඥ වෛද්‍යවරයා වෙත පෙන්වූ විට ඔහුගේ පිළිතුර පෙර පරිදිම උනා.
මෙම විශේෂඥ වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝ.
මේ x-කිරණ සටහන් වලට අනුව කොළඹ ජාතික රෝහල මගින් ලබාදුන් ප්‍රතිකාර පිලිබඳ කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකියි. ඒ නිසා මේ සියලුම x-කිරණ සටහන්, වෙනත් රෝහලක විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වෙත යොමු කළා.
එවිට ඔහු කියා සිටියේ,ජාතික රෝහලේ සිදුකල ක්‍රියාව සම්පුර්ණයෙන්ම අසාර්ථක බවත්, එලෙස එම අස්ථින් සවිවිමට ඉඩ ලබා දුනහොත් රෝගියාට කිසිදිනක තම අත හැරවීමට නොහැකි වන බවත්ය. ඔහුගේ අදහස උනේ වහාම ශල්‍ය කර්මයක් කොට අස්ථි දෙක නියමාකාරයෙන් සකස් කොට ඇට මිදුළු හරහා K-wire නම් වන කම්බි දෙකක් ඇතුල් කල යුතු බවත් මාස 6 ට පමණ පසු එම කම්බි දෙක ඉවත් කිරීමට හැකි බවත්ය. ඒ අනුව ඔහු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබා එම ශල්‍ය කර්මය සිදු කිරීමට අවසර ලබා දුන්නා. ඔහු විසින් එදිනම සවස පැය 2 ක පමණ කාලයක් වැය කරමින් සාර්ථක ලෙස එම ශල්‍ය කර්මය සිදුකලා. මේ තියෙන්නේ ඊට පසු ලබාගත් x-කිරණ සටහන. (ජාතික රෝහලේ ක්‍රියාව පිළිබඳව, වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන නිසා දෙවන වර ශල්‍ය කර්මය සිදුකල රෝහල හෝ වෛද්‍ය විශේෂඥවරයා පිළිබඳව මෙහිදී සඳහන් නොකරමි)
එම ශල්‍ය කර්මයෙන් පසු දාමු POP එක ඉවත් කලේ දැනට සුමාන දෙකකට කලින්. දැන් ඔහුට දිනපතාම භෞතචික්තිසාව (physiotherapy) ලබාදීම සිදුවෙනවා. එය දිනපතා මාස දෙකක් පමණ කාලයක් ලබාදිය යුතු බව තමයි පවසන්නේ.
දැන් කාලයේ හැටියට නම් වෛද්‍යවරයකු වෙත යාමට පෙර රෝගියා සහ ඥාතින් රෝගය පිළිබඳවත් එයට ලබාදිය යුතු නිවැරදි ප්‍රකිකාර පිළිබඳවත් යම් හෝ දැනුවත් වීමක් ලබාගැනීම වඩාහොඳ බව මගේ පුද්ගලික වැටහීමයි.
ඔන්න ඔය සිදුවීම නිසා තමයි පහුගිය මාස දෙකක පමණ කාලයක් මේ පැත්තේ ගොඩවෙන්න නොහැකි උනේ. ඒ කාලය තුල බොහෝ දෙනක් මා ගැනසොයා බැලුවා. සමහර අය ඊමේල් වලින් වගේම, දුරකතනයෙන් පවා විටින් විට කතාකලා. මගේ ඊමේල් සහ දුරකථන අංක නැති අය කමෙන්ට් වලින් සොයා බැලුවා. ඒ සැමෝම දැක්වූ සහෝදරත්වය ඉතා අගය කරනවා.
මේ අත්දැකීම බෙදා ගැනීම හරිම වටිනවා.. දොස්තරලා නිසා ලෙඩ වැඩි කර ගත් අය, ජීවිතයත් නැති කර ගත් අය කොයිතරම්ද? ඒ අතර දෙවිවරු වගේ වෛද්‍යවරුත් ඉන්නවා...
ReplyDeleteඔව්. පහුගිය ටිකේ මේ වගේ සැත්කම් කොච්චර සිදු වුණා ද?
Deleteදෙවෙනියට සැත්කම කල දොස්තර ඒ වගේ ඉතාම හොඳ කෙනෙක්.
Deleteමෙහෙම දොස්තරලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි කලයුතු නිවැරදිම දේ.
ReplyDeleteකලබල වෙලා වැඩකරන්න ගියොත් අපි පොලිසි යන එක විතරක් නෙමේ.දොස්තර සංගමය වැඩ වර්ජනය කරලා තවත් අහිංසක ජිවිත ටිකක් මාරයා ගාවට යවයි.
පොඩි එකට ඉක්මන් සුව පතනවා. ..!
ස්තුතියි මනෝජ්
Deleteමේ වගේ එකක් ඇහුව නම් කොහොමද ?
ReplyDelete"මම දැන් ඔබතුමාගේ අස්ථි දෙකත් බිඳින්නම්. එතකොට බලමු දෙකම හදනවද කියලා ?"
හරියටම් හරි සුදික, එක තමයි අහන්න තිබ්බේ.
Deleteහප්පෝ මදැයි, දැන් ඉන්න දොස්තරලා ගැන දන්නවනම් සොක්‍රටීස් දිවිනහ ගන්නවා. අර අචලා කියන ශිෂ්‍යාවගේ අතක් කපලා කිව්වේ ඔය විදිහේ වැරදීම් සාමාන්‍යයෙන් වෙනවා කියලා
ReplyDeleteඒ විතරක් නෙවේ ඉවාන්
Deleteහෙදියන් ගැන දැනගත්තොත් නය්ටින්ගේල් කම්පා වෙනවා..
යකඩෝ මා සිතා සිටියේ කොළඹ මහරොහල හදිසියට යන්න ඉතා යහපත් තැනක් ලෙසටයි දැන් බලාගෙන යනකොට මෙලො යකෙක් විස්වාස කොරන්ට බැහැනේව...ඔබගේ පුතාට ඉක්මන් සුවය පතමි...!!
ReplyDeleteහදිසියට යන්න නම් ඉතා හොඳ තැනක්, නමුත් වැඩේ වෙන්නේ නැහැ... :D
Deleteපුතාට ඉක්මන් නිසි සුවය පතනවා !
ReplyDeleteමේ ලිපියේ පිටපතක් මම ජාතික රෝහලේ දැනට ඉන්න සහ මට නිතර හමුවන වෛද්‍යවරයෙකුට දුන්නට කමක් නැද්ද ?
ස්තුතියි වෙනි, දන්නා කියන හැමෝම සමග මෙය බෙදා ගන්න. එය තමා විය යුත්තේ.
Deleteපුතාට ඉක්මන් සුව පතනවා. දැන් විශේෂඥ යෝ පවා විස්වාස කරන්න අමාරුයි. ඒ වගේම දෙවිවරු වගේ අයත් ඉන්නවා. වැරදීම් වෙන්න පුළුවන් නමුත් එවැන්නක් වුනාම වැරැද්ද පිළිගෙන නිසි ප්‍රතිකාරයට යා යුතුයි. මම නම් දැන් දොස්තර කෙනෙක් ගාවට යන්නේ අදාළ දේ ගැන අන්තර්ජාලය පීරලා ඉවර වෙලා ලෙඩේ ගැන දැනගෙන. ඒ වගේම දොස්තර ගැනත් හොඳට සොයලා. මට ලොකු හානියක් නොවුනත් දොස්තරලා ගේ දැනුම පිළිඹඳ අත්දැකීම් කිහිපයක් තියෙනවා.
ReplyDeleteස්තිතියි විශ්ව,
Deleteමෙතන මම දකින දේ තමයි දොස්තරලාට ප්‍රමිතියක් නැතිවීම. එකම ක්ෂේශ්ත්‍රයක විශේෂඥ දොස්තරලා දෙන්නෙක් එක ලෙඩෙක් ගැන තීරණය කරන්නේ දෙයාකාරයකට. මම එය දකින්නේ ප්‍රමිතියක් නැති කම ලෙසයි. වෙනත් ඕනෑම වෘතිකයෙක් ඇති මේ දේ සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගනකාධිකාර වරු හට ප්‍රමිතියක් තියෙනවා, ඒ නිසා ඕනෑම ආයතනයක මුල්‍ය වාර්තා මොන ගනකාධිකාර වරයෙක් අතින් සිදු වුවත් එකම ප්‍රමිතියකට ලැබෙනවා. අනිකුත් ක්ෂේශ්ත්‍ර වලද එලෙසමයි. නමුත් මේ දෙය දොස්තරලා අතර දකින්නට නැහැ.
උගේ ආච්චිට හාල් ගරන්න යකෝ...
ReplyDeleteඕකගේ එක අතක් කුඩු වෙන්න දෙන්න තියෙන්නේ ගිහින්... දෙකට කැඩුනට පස්සේ එක පැත්තක් විතරක් හයිකරලා තිබ්බම ඌටම තේරෙයි සනීපේ!!!
මල්ලිට ඉක්මන් සුව..
සම්පුර්ණ ඇත්ත.
Deleteඋගේ ආච්චිට හාල් ගරන්න යකෝ...
ReplyDeleteඕකගේ එක අතක් කුඩු වෙන්න දෙන්න තියෙන්නේ ගිහින්... දෙකට කැඩුනට පස්සේ එක පැත්තක් විතරක් හයිකරලා තිබ්බම ඌටම තේරෙයි සනීපේ!!!
මල්ලිට ඉක්මන් සුව..
ස්තුතියි, මොකද මේ එකම කොමෙන්ට් එක දෙපාරක්?
Deleteයකෝ දැං දොස්තරයෙක්ගෙන් බෙහෙත් ගන්න යනකොට මෙඩිකල් සයන්ස් ගැන ඉගෙනගෙන යන්න එපැයි. නැත්තං එහෙම මොනව කොහාට හයිකරයිද දන්නෑ.
ReplyDeleteපුතාට ඉක්මන් සුවය පතනවා.
අපෝ ඔවු ප්‍රසන්න අපි ලෙඩේ ගැන සපුර්නයෙන්ම දැනුවත් වෙලා යන්න ඕන බෙහෙත් ගන්න යනකොට. නැත්නම් ඉවරයි. එකත් හරියට වාහනයක් ගැරේජ් එකකට හදන්න දානකොට වාහනේ තියෙන ලෙඩේ ගැන දැනගෙන හිටියේ නැත්නම් ඉවරයි වගේ තමයි.
Deleteඔයා වගේ කෙනෙක් නොවී අන්ත අසරණ මිනිහෙක්ට ඔහොම දෙයක් උනා උඩ ඉන්න දෙවියොත් නැහැ.. අන්න එතනයි ගැටලුව.. ඒ නිසා ඔය වගේ අයගේ ගමන නවත්තන්න.. තව දාස් ගණනකගේ ජීවිතේ බේරේවි ....
ReplyDeleteකරන්න තියෙන හැම දේම කරන්න අය්යේ...
නමුත් මල්ලි මුන්ට විරුද්දව නීති මාර්ගයෙන් කටයුතු කරණ එකත් එතරම් පහසු නැහැ. මුන්ට විරුද්ධව ශාක්ෂි ලබාගන්න තියෙන්නෙත් දොස්තරලාගෙන්ම නේ, එකත් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වාගේ තමයි.
Deleteහපොයි දෙයියනේ, මන් හිතුවේ අයියේ මුලින් කර සැත්කමෙන් පස්සේ දරුවට සනීපවෙන්න ඇති කියලා, ඔයවගේම තිරිසන් දොස්තර කෙනෙක් නිසා මගේ නෝනාගේ පුංචිගේ පුතෙක් සධාකාලික ආබ්බගාත වෙලා ඉන්නවා, කොන්දෙන් වතුර ඇදල බෙහෙත් කරන්න වැරදිලා
ReplyDeleteපුළුවන් ඉහලම විදියට මුන්ට නීතිමය පයවර ගන්න ඕන, මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවට..
සමාවෙන්න ඒ දවස්ටිකේ කරදර කරාට.
සමාවෙන්න කියන්න දෙයක් නැහැ මලේ, ඔයාගේ සහෝදරත්වය මම ඉතා අගය කරනවා.
Deleteඔහොම මිනිස්සුන්ට එරහිව නම් නීත්‍යානුකූලව කටයුතු කරන්නම ඕන.
ReplyDeleteඔතන ලොකුම ගැටළුව ඔබ කිවුව විදියටම ඔහු ඔබත් එක්ක ඔහොම හරි කතා කලේ කඩ්ඩෙන් කොටපු නිසා ඒත් ඉංගිරීසී බැරි අසරණ නූගත් ගැමියනට මොහුන්ගේ සැලකීම කෙසේ විය හැකිද???? :-/
සිංහලෙන් කතා කලානම් උන් කතා කරන්නෙත් නැහැ.
Deleteකිව්වත් වගේ හොදයි කියන තැන්වල මෙහම නම් පොඩි ඉස්පිරිතාලවල ඉන්න අය ගැන හිතාගන්න පුළුවන්. යකඩ මල්ලේ ගුල්ලෝ නම් හාල් මල්ලේ ලොවෙත් ඉන්නවා නේ
ReplyDeleteනමුත් කලාතුරකින් ඉතා හොඳ අයත් ඉන්නවා.
Deleteමිනිස්සුන්ට සළකන්නෙ තිරිසන්නුන්ටත් අන්ත විදිහට. හොස්පිට්ල් එකකට යන්න නම් හොඳ ශරීර සෞඛ්‍යෙයන් යුක්ත කෙනෙක්ම වෙන්න ඕනෙ.
ReplyDeleteහොඳ ශරීර සෞක්‍යයෙන් යුක්ත නම ඉස්පිරිතාලේ යන්නේ අහවල් දෙයක් කොරන්නද?
Deleteමොනව උනත් අයිලාෂ් කරපු වැඩෙයි කරන්න ඉන්න වැඩෙයි දෙකම වැදගත්. හදිසි කෝපය හින්ද ගහන්න ගියා නම් අයිලාෂ්ගේ තත්වේ නැති වෙනව. හැබැයි ඔය වගේ උන්ට නිකම් ඉන්න දුන්නොත් තව ලෙඩ්ඩු අමාරුවේ දානවා. බාප්පද දාන්නේ නෑ ස්පෙෂලිස්ට් පට්ටම දුන්නේ.
ReplyDelete.
පොඩ්ඩට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි ඔබට.
Deleteඋඹ කරපු වැඩේ නොවෙන්න අහිංසකයගේ අතට මොකද වෙන්නෙ,ඔවැනි වෛද්‍යවරුන්ට විරුද්ධව කරන්න තියෙන හැමදේම කරන්න.
ReplyDeleteස්තුතියි මචෝ, දොස්තරලා මේ තත්වෙට පත්වෙලා ඉන්නේ සමාජයේ වරදින්. පොඩ්ඩක් හිතපන් උන්ට තියෙන්නෙත් මුලික උපාධියක්. මුලික උපාධිය තියෙන උන්ට එළවලු ගන්න කඩේ ගියත් අමතන්නේ ඩොක්ටර් කියලා. ඔතන තමයි වරද. ඩොක්ටර් කියන්න ආචාර්ය උපාධියක් තියෙන්න ඕන.
DeleteEven Vets and Dentists are "Dr"s here!
Deleteආචාර්ය උපාධියක් ඇති අයට හැර අනිත් අයට ඩොක්ටර් කියා ඇමතීම නවතා දැමීමට සමාජ කතිකාවක් ඇතිකළ යුතු කාලයක් මේ.
Deleteහපොයි පොඩි එකා... ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteදොස්තරයට නඩු දාන්ට තමයි ඕන... ආය මේ වගේ අපරාද වැඩ නොකරන්ට. දොස්තරයා චැනල් කරලා ඔය එක්ස් රේ එක වෙන කෙනෙක් අතේ යවලා බලන්ට..ඌ කියයි වෙන කතාවක්!
ඇත්තම තමයි, එහෙම උනොත් ඕකා කියන්නේ වෙන දෙයක්. නමුත් ලක්ෂ ගානක් වියදම් කත අවසානයේ ප්‍රතිපලය මෙයම විය හැකියි.
Deleteමට පෙන්නම බැරි උන් තමයි ඔය දොස්ත්හොරු. කොහොමත් ඉස්පිරිතාල වල එවුන් ඔක්කොම එක වගේ උන් හිතාගෙන ඉන්නේ උන් තරම් දන්න එවුං නැ කියලා. පුළුවන් දෙයක් කරලා ඕකා දවස් 2ටවත් යවපන් අයියේ හිරේ.
ReplyDeleteසම්පුර්ණ ඇත්ත. උන් හිතාගෙන් ඉන්නේ වෙනම ජාතියක් කියලා. මටනම් පුන් පෙනෙන්නේ හරක් වගේ එකනේ මුන්ගේ වාහන වලත් හංවඩු ගහලා තියෙන්නේ.
Deleteලෙඩක් ගැන දැනගත්තාම පුලුවන් තරම් කියවලා ඒ ගැන දැනුවත් වෙන එකත් වැදගත්. එතකොට තමන්ට ඕනි ප්‍රශ්නයක් උණත් දොස්තරගෙන ඇහුව හැකි. ලංකාවේ දොස්තරලාට ලෙඩ්ඩු එක්ක කතා කරන්ට වෙලා නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ.
ReplyDeleteපොඩ්ඩගේ මූනේ තියෙන වේදනාව දැක්කාම දුක හිතෙනවා. :(
පොඩ්ඩගේ මූනේ තියෙන වේදනාව දැක්කාම දුක හිතෙනවා.
මොකද වෙලාව නැත්තේ? මුන් වෙලාව නැහැ වගේ පෙන්නනවා.
Deleteහ්ම්... මේ ගැන අගතියට පත් පාර්ශවය පැත්තෙන් උපරිමය කිරීම අවශ්‍යයි. මොකද හුගක් අය එහෙම විරුද්ධව නැගී නොසිටීමම මේ වෛද්‍ය සේවය වල පල්ලට යෑමට ඉඩ සලස්වනවා. ඉක්මන් සුවය පතමි...
ReplyDeleteස්තුතියි දේශකයෝ.
Deleteඔන්න මම ඊයේ දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා සුපුරුදු විදියට.
ReplyDeleteමම පුතාට ඉක්මන් සුව පතනවා නැවතත්.
ස්තුතියි හෙන්රි,
Deleteඋඹේ කමෙන්ට් එකක් ස්පෑම් වල නැහැ.
අපොයි! අඩු ගානෙ වැරැද්ද පිලිගත්තනං මොකද වෙන්නෙ? මේක නොදැනීම වෙන්න බෑ. නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිං අනිවාර්යෙන්ම. මුදල් අවශ්‍යතාවයක් තියනව නං කියපං එකතු කරල හරි දෙන්නං. මොකද ලෙඩෙකුට ආධාර කිරීම තරම්ම වැදගත් මේවගේ එවුන්ට විරුද්ධව නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමත්.
ReplyDeleteස්තුතියි මචං, මුන් එක්ක නඩු කියන එකත් ලේසි වැඩක් නෙවේ, මුන්ට විරුද්ධව සාක්ෂි ගන්න වෙන්නෙත් තව ඒ ජාතියෙම් එකෙක්ගෙන් නේ . හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.
Delete*රි ඩොකෙක් ළමයෙක් පොඩි එකෙක් කියලවත් මු හිතල නැහැනේ අවලමා.මේ වගේ එකෙක් හින්ද තමයි මගේ ගෑනි තවමත් දුක් විඳින්නේ හරියට ඇවිදගන්න බැරිව.
ReplyDeleteඋඹගේ වෛෆ්ට වෙදකම් කරපු එකාගේ නම දාල ඒ විස්තර සහිතව පොස්ට් එකක් ලියපන් අඩු ගානේ මේ වගේ උන් ගැන වෙනමම සයිට් එකක් හදලා දැන් ඕන මචෝ. හරියට අර crib එක වගේ. පුළුවන් නම් ඒ වැඩේට අත ගහපන්.
Deleteමචං හිතහං ඕක මට උනා කියලා ,
ReplyDeleteමට ඌට ඉංගිරිසියෙන් කතා කරන්නත් බැ
පුද්ගලික රෝහලකට යන්න සල්ලිත් නැ
සදාකාලික අබ්බගාතයෙක් විදිහට ජීවත් වෙන්න වෙනවා
එහෙම අතපය ඇද කරපු පොඩි ළමයි හිටං කොච්චර ඉන්නවද
ඔයා මේ කරන්න යන්නේ මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් රත්තරං වැඩක්
සමහරක් විට නිතියේ තියන හිඩැසකින් ඔය වල් බල්ලා රිංගලා යයි
පත්තරේ නම වැටෙන විදිහට වැඩේ කරහං
හත් අටපාරක් උසාවි දක්කපං, මේ රට යන විදිහට ඒකත් ලොකු ජයක්ග්‍රහනයක්
අතඅරින්න එපා ඕකගේ දොස්තර පට්ටම ගලවලා ගෙදර අරින්ඩ උඹට ශක්තිය ධෛහිර්ය ලැබෙන්ඩ කියලා අටම ප්‍රර්ථනා කරනවා
දන්න දන්න අය අතරේ මේක බෙදලා ඇරියට කමක් නැද්ද
දන්නා හැමෝම අතරේ බෙදා හැරපන් මචෝ, මුගේ නම හැම එකාම දැනගන්න ඕන.
Deleteකැඩුම් බිඳුම් වෙදමහත්තයෙක් නම් ඔය කතාව කියන්නෙ නෑ කවදාවත්.අපි පොඩි කාලෙ නම් යනව ඔයවගෙ දෙයක් වුනහම වීදාගම පන්සලේ ඉන්න හාමුදුරුවො ලඟට .බොහොම ප්‍රසිද්ධයි කැඩුම් බිඳුම් වලට.කරන දේ හරියටම හරි.මම අහල තියනව ඔය වගෙ ඇදේට ඉස්පිරිතාල වල හදපුවා ආයි කඩල එක්ස් රේ මොකුත් නැතුව හදන වෙද මහත්වරු ගැන.
ReplyDeleteසම්පුර්ණ ඇත්ත කුමාර.
Deleteපුතාට ඉක්මන් සුවය පතන ගමන් උඹ කරන්න යන සද් කාර්යයෙන් ජයම වේවා කියලා පතනවා. අනිත් මිනිස්සු ගැන නොතකන ඔහොම උන් දොස්තරලා වෙන එක, අංගුලිමාලලා දාහක් එක වර බිහි වෙනවටත් වඩා භයානකයි..
ReplyDeleteස්තුතියි සෙන්නා.
Deleteඉක්මන් සුවය ලැබේවා..
ReplyDeleteඋඹ මේක ලියපු එකම පිනක් බං..
ගොඩක් අස්ථි බිදීම් වලදි රජයේ රෝහල් වල එවුන් කරන්නේ ඔතල ගෙදර එවන එක විතරයි .....
ස්තුතියි සෑම්, දැන්නම් මටත් හිතෙන්නේ ඔයා කියන දේ වෙනවා කියලා.
Deleteපළමුව පුතාට ඉක්මන් සුවය පතමි. ඔබ මෙන්ම මම ද දැන් බ්ලොගය අතහැර දැමුවා සේය. ඒ තරමටම අවිවේකීය. මේ සිද්ධිය ගැන ඔබ නෛතිකව කටයුතු කරන්නේ නම් මේ සිද්ධිය මාධ්‍ය හරහා ලොවට කියන්නට ඔබට සහාය දෙන්නම්. අධිකරණය තුළ දී සිදුවෙන දේත් එක්කම. නොඑසේ නම් පියෙකුගේ කතාවක් ලෙස මේ කතාවම වුව මට ප්‍රචාරයක් කළ හැකියි. අර ප්‍රියානී ද සොයිසා කළෙත් මේ වගේ දෙයක් තමා රියන්සි අර්ස කුලරත්න නිතිඥ තුමාට. ඕනම විදියකින් මාත් සහායක් දෙන්නම්. මේ ලිපිය කියවන්නෙත් කෝච්චියේ යන කාලයේදීයි අයිලාෂ්. තොරතුරු සොයා නොබැලුවාට සමාව.
ReplyDeleteස්තුතියි නලින්, හැකිනම් මෙය පත්තරයේ පල කරන්න. මේ දේවල් සමාජය දැනගන්න ඕන.
Deleteඅනිවාර්යෙන්ම නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න...මේ වගේ බොරු උපදෙස් දෙන දොස්තරලා සමාජයට පිළිලයක්...ඈත පළාතක අසරණ දෙමාපිය යුවලකට මේ අව නඩුව උනා නම් ඒ අය දොස්තරගෙ කීම පිළිඅරන් නිකං ඉදියි නේද ?
ReplyDeleteස්තුතියි සිරා, බලමු දිරියේදී කල හැක්කේ කුමක්ද කියා.
Deleteඔබේ පුතාට වුන දේට කනගටුයි.ඔහුට ඉක්මන් සුවය පතනවා. ඔය ජරා දොස්තරට විරුද්දව උපරිම ක්‍රියා මාර්ගයක් ගන්න ශක්තිය ලැබේව කියා පතනවා. මොකද වුනේ කියල තව පොස්ට් එකකින් අපිව දැනුවත් කරන්න.
ReplyDeleteස්තුතියි මානෙල්.
Deleteමම මේක යාළු ඩොකෙකුට පෙන්නුවා....ඌ අහනව අර ඩොකා ගංජා ගහලද හිටියේ කියලා.....
ReplyDeleteඅයිලාෂ්.....පුතාට නිදුක් නිරෝගිබව පතමි.....පාසැල් වැඩ එහෙම සෑහෙන්න අතපසු වෙන්න ඇති නේද?
මගේ උපන් දිනය දවසේම දෙවැනි වරටත් අතකඩා ගත් කොළුවා මට හැම උපන්දිනයකම මතක්වෙනු ඇත.
හැක්... හැක්.. ඇත්තටම මට හිතෙන්නේ ඒ වාටුවේ හිටපු දොකාලා ඔක්කොම ගංජා ගහලා කියලා තමයි.
Deleteමෙවැනි තත්ත්වයන් හදුන්වන්නේ වෛද්‍ය නොසැලකිල්ල (Medical negligence) කියන නමින්. වෛද්‍ය නොසැලකිල්ල සෞඛ්‍ය සේවාවේ නිරත ඕනෑම වෘත්තිකයෙක් අතින් සිදුවෙන්න පුළුවන්. එයට ප්‍රධාන හේතුව තමයි අපේ සෞඛ්‍ය අධ්‍යාපනයේ පවතින අඩුපාඩු. අපේ රටේ සෞඛ්‍ය සේවාවේ උගන්වන්නේ රෝගයට ප්‍රතිකාර කරන්න මිස රෝගියාට ප්‍රතිකාර කරන්න නෙමෙයි. අනිත් අතට අපේ රෝගීන් රෝග පිළිබද නොදන්නා කම නිසා එවැනි වැරදි වලට සහනය ලැබෙනවා.
ReplyDeleteනොසැලකිල්ල කියන්නෙ ඕනම කෙනෙකුට සිදුවෙන්න පුළුවන් දෙයක්. නමුත් නොසැලකිල්ලට වැඩි දෙයක් මෙතන තියනවනේ. අඩුගානෙ ඌ පිලිගත්ත නං වැරැද්දක් වෙලා කියල මේ මනුස්සය මෙච්චර දුර යන්නෙ නෑ නෙව.
Deleteස්තුතියි ප්‍රදීප් ඔබගේ අදහස් දැක්වීමට. නමුත් රාජ් කියනවා වගේ මේක අතපසුවීමක්, නොසැලකිල්ලක් විදිහට ගන්න බැහැ. මේ අය සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ජිවිත සමග. රජයෙන් රුපියල් ලක්ෂ 3ක් පමණ වැටුපක් ලබන මොවුන්, ඒ ලබන වැටුපට සරිලන සේවාවක් ලබා දෙන්නේ නැහැ.
Deleteපුදුම දොස්තරයෙක්නේ.....නීතිමය පියවර ගන්න එක නම් හොඳයි තමයි.
ReplyDeleteපුතාට ඉක්මන් සුව පතනවා...!
ස්තුතියි රෙහානි
Deleteස්තූතියි මේ ගැන සදහන් කලාට. පොඩ්ඩට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteස්තුතියි ගිහාන්..
Deletenational hospital eke jarama Dr. kenek thamai mu. mage malligeth hodata thibunu kakula kapanna kiwwa me paraya
ReplyDeleteගිය සුමානේ හාට් ඇටැක් එකක් හැදිලා මෙයා මලා.
ReplyDelete