මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
Thursday, November 21, 2013
Food Photography
මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
56 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...
-
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා, පෙන්නන්න දෙයක් අරගෙන. මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද?...
-
අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට්...
මරු ෆොටෝ ටික අප්ප. දැක්කම කන්න හිතෙනව.
ReplyDeleteවැඩේ කියන්නෙ ෆොටෝ ගහන්න මතක්වෙනකොට කෑම එකේ පිඟාන විතරක් තියෙන එකනෙ. :D
+++++
Deleteඉතින් හිස් පිගානේ ෆොටෝ එකක් ගමු.. :D
Deleteඅපි පොඩි කාලේ පංසලට අරන් එන දානේ වේලක තිබුණ ව්‍යංජන මතක් උනා අය්යේ.. අල තෙල් දාලා.. ලා කහ පාට අල කෑලි උඩින් කෑලි මිරිස් පේන අපූරුව..
ReplyDelete//අපි පොඩි කාලේ පංසලට අරන් එන දානේ වේලක තිබුණ ......//
Deleteඈ... පංසලට අරන් එන ද? පංසලට අරන් යන ද?
පංසලට අරන් එන කීවාම ගම්‍ය වෙන්නේ උඹ පොඩි කාලේ මහණ වෙලා හිටිය එකෙක් කියලා මලේ....
රෙදි ගැලවී යයි දස අතේ...හැක හැක ...
Deleteරෙදි නෙවෙයි සිවුර :)
Deleteනියමයි ,, කොච්චර වටිනා කැමරාවක් තිබ්බත් හොද ඇහැක් නැත්තම් වැඩක් නැහැ නේද ... ඒක නෙමේ පහලම තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මගේ සාමාන්‍ය රාත්‍රී කෑම වේල ,, :)
ReplyDeleteඅපුර්වී ෆොටෝ එක ගන්නේ කැමරාව නෙවෙයි, එය හසුරුවන කෙනයි. එක මගෙත් ප්‍රියතම ආහාර වේලක් තමයි නමුත් සෞක්යට නම් හිතකර නැහැ. :D
Deleteහොඳ පෝස්ට් එකක්... ෆොටෝ ග්‍රැෆි කියන්නෙ කැමරාවකින් පින්තූර ගන්න එක විතරයි කියලා හිතං ඉන්න කෙනෙක්ට නං තේරම් ගන්න ගොඩක් දේවල් තියෙනව...
ReplyDeleteස්තුතියි හිරු, බොහොම කාලෙකින් දැක්කේ.
Deleteපිඟාන මුළුමනින් ගන්නවට වැඩිය හොඳයි තමා. කියන්න ඕන අපේ මාරයට
ReplyDeleteඑක තමයි රාජ් හැම එකක්ම ඔහොම තමයි, සම්පුර්ණයෙන් පෙන්නනවට වඩා ටිකක් පෙන්නන එක හොඳයි... :D
Deleteවැඩේ තියෙන්නෙ මේව බැලුවට බඩ පිරෙන්නෙ නැති එක නොවැ :D
ReplyDeleteහ්ම්ම්.. ඇත්ත තමයි.
Deleteමදි මදි. මේ ගැන මෙයිට වඩා ලියවෙන්න ඕන... විශේෂයෙන්ම ආලෝකය හසුරුවා ගන්න හැටි එහෙම ලිව්වනං අපිට වටිනවා.... :D
ReplyDeleteමගේ බුකියේ තියෙන කන බොන පින්තූර ටික මං මුලින්ම පටන් ගත්තේ කැමරා ෆෝන් එකෙන්ම තමා... පස්සේ තමා ඩිජිටල් කැමරාවට බැස්සේ... මට තියෙන ලොකුම අවුල තමා මේ ආලෝකය පාලනය කරගන්න එක... ෆ්ලෑෂර් ගැහුවොත් කෑම එක දිලිසෙනවා තියෙන දේවල් පේනවත් හොරයි.. එහෙම නැතිව ගැහුවොත් මලානිකයි.. නියම වර්ණ පේන්නේ නැහැ... වැඩි හරියක් හොදට එකක් ගහගත්තොත් ඉතිං හොදට ඉර තියෙන වෙලාවක ජනේලයක් අයිනේ තියලා පොටෝ ගැහුවොත් විතරයි... කොහොම උනත් මං ආස කරන වැඩක් තමා කෑම පොටෝ අල්ලන එක... ඉස්සරහට ටිකක් ඉගෙන ගන්න ඕන ඒ ගැන... දැනට ඔය ගැන පොඩි පොඩි උපදෙස් එහෙම දෙන්නේ අපේ චින්තක අයියා තමා... මං දැකලා තියෙන ලස්සනම කෑම පිළීබඳ පොටෝ ටික මං දැක්කේ එයාගෙන්.. ඒ චින්තක අයියට හොඳට උයන්න වගේම කැමරාව හසුරුවන්නත් පුළුවන් වීම හින්දා කියලයි මං හිතන්නේ නං...
[im]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc3/s720x720/379967_1933243909148_61279882_n.jpg[/im]
Deleteමාරඅයියා හරි, මමත් ඒ කතාව අනුමත කරනවා, ඔබතුමාගෙන් අපි ජායාරුපකරණය ගැන ලිපියකදී මිටවඩා යමක් බලාපොරොත්තු වෙනවා, නිවැරදි ආලෝකකරණය ඉතාම වැදගත්වන නිසා ඒගැන පැහැදිලි කිරීමක්වත් කරනමෙන් ඉල්ලා සිටිනවා..
Deleteඋඹ ඒ ගමන මෙතනත් කෑම පිඟං දාන්න ගත්තද? :D
Deleteමාරයා මලේ, අමිල මලේ උඹලා දෙදෙනාටම ස්තුතියි. වතුර තිබහ තියෙන එකාට තමයි වතුර ඕන වෙන්නේ ඒ වගේ තමයි උඹලා දෙන්නා.
Deleteපළමුව මේ පොස්ට් එක බලන්න.http://sundaramathaka.blogspot.com/2013/03/blog-post_11.html
ආලෝක කරණය ගැන වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා. එක පසුව කරමු. නමුත් මාරයාගේ ෆ්ලෑෂ් කිරීම ගැන ප්‍රශ්නයට පිළිතුරු නොදී බැහැ.
ඔයා දැනට භාවිතා කරන්නේ ෆුජි S 2980 එකක් නේ. මෙතැන පොඩි ගටලිවක් තියෙනවා ඒ තමයි මේ කැමරා එකට අමතර ෆ්ලෑෂ් එකක් සවි කිරීමට නොහැකි වීම.
ෆ්ලෑෂ් එක කෙලින්ම වස්තුව වෙත එල්ල වීමේදී එම ඡායරුපයේ ගුණාත්මක භාවය නැති වෙනවා. එය වලකා ගැනීම සඳහා කරන්නේ බවුන්ස් ෆ්ලෑෂ් කිරීමයි. එනක් ෆ්ලෑෂ් එක වෙනත් තලයකට යොමුකර ඉන් පරාවර්තනය වන ආලෝකය වස්තුවට ලබාදීමයි. නමුත් ඔබගේ කැමරාවේ ඇති ෆ්ලෑෂ් එකෙන් එය කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ඔබට පොඩි ගැජට් එකක් හදාගන්න වෙනවා
[im]http://www.flickr.com/photos/93665014@N07/10988809006/[/im]
[im]http://farm3.staticflickr.com/2850/10988809006_2a2d7cbaf7_n.jpg[/im]
තවත් දෙයක් කරන්න පුළුවන් ඒ තමයි ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් බාවිතා කිරීම. කැමරාවේ තියෙන පොප් අප් ෆ්ලෑෂ් එකට ඩිෆියුසර් එකක් සවි කරන්න බැහැ. ඒ වෙනුවට සුදු පැහැ සවුකොල කැබැල්ලක් ෆ්ලෑෂ් එකේ ඉදිරියෙන් සවි කරන්න.
මාරයා මලේ මට ඊයක් විදපන් උඹේ ෆෝන් නම්බර් එක දාලා. දැනට තව උපදෙස් ටිකක් දෙන්නම්. ayilas419@gmail.com
Deleteමම දැක්ක ගමන් හිතුවේ අයිලාසුත් ඒ පාර කෑම හදලා දෙන්න හදනවා කියලා. හිතන්න ගොඩක් දේ තියෙනවා
ReplyDeleteහැක්.. හැක්.. මම හිතුවා කස්ටිය එහෙම තිතයි කියලා.
Deleteදැක්ක ගමන් කන්න හිතෙනවා..... බොන උන්ගේ ෆොටෝ ගහන්නේ කොහොමද කියලත් පොස්ට් එකක් දාන්න බැරිද? හැබැයි ෆ්ලෑෂර් නම් දාන්න බෑ... මොකද එතකොට මාට්ටු වෙනවනේ.
ReplyDeleteබොන උන්ගේ ෆොටෝ ගන්න හරිම ලේසියි, හේතුව උන්ට ඒ වෙලාවේ සිහියක් නැහැ නේ.. ඉතින් ඕන විදිහට ෆොටෝ ගන්න හැකියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකැමරාව කියන්නෙ මෙවලමක් විතරයි...ඒක පිටිපස්සෙ තියෙන ඇහැ සහ වේගය තමයි නිර්මාණයට මග කියන්නෙ...
ReplyDeleteඔබ හරි සිරා.
Deleteනියම ෆොටෝ ටික, කටට කෙලත් ඉනුවා :)
ReplyDeleteඅන්න එක තමයි මම කිවේ food Photograph එකක් දැක්කම කටට කෙල උනන විදිහට ගන්න ඕන කියලා.
Deletefood photography කියන්නෙ කලාවක් වගේම ට්‍රික් එකක්, රැවටීමක්. මෙතනින් බලන්ට ට්‍රික්ස් ටිකක්!
ReplyDeletehttp://kids.nationalgeographic.co.uk/kids/stories/wackystories/food-that-fools-you/
http://www.wimp.com/foodtricks/
http://youtu.be/gOwK57eljwM
මේවා වානිජ්‍ය ඡායාරුප කරණයේදී යොදාගන්නා දේවල්. ස්තුතියි බෙදා ගැනීමට.
Deleteඋයන්නත් පුළුවන්.....කන්නත් පුළුවන්....ෆොටෝ තමයි බැරි...අයිලාෂ් මම දැකලා තියෙනවා ෆොටෝ ගන්න එන අය....කියනවා ....හදලා තියෙන ඩිෂ් එකේ උඩින් ...අරේන්ජ් කරාට පස්සේ ඔයිල් ටිකක් බ්‍රෂ් කරන්න කියනවා. වෙජිටබල්ස් යාන්තම් උනුවතුරේ බස්සලා දෙන්න කියනවා ෆොටෝ එකට විතරක් බ්‍රයිට් කලර්ස් තියාගන්න.
ReplyDeleteඔයිල් ටිකක් බ්‍රෂ් කරන්නේ නැවුම් පෙනුම ගන්න. මේ ෆොටෝ කිසිම දෙයකට එහෙම කරලා නැහැ. ගෙදර හදපු ගමන් ගත්ත ඒවා. ආලෝක කරණය විතරයි කෘතිමව කරලා තියෙන්නේ.
Deleteමේවා දිහා බලලා කෙළ ගිලින්න නම් පුළුවන් අපිට
ReplyDeleteහැක් හැක්.... එහෙනම් කෙලවත් ගිලිමු.
Deleteකැමරාව එක එක පැත්තට ඇල්ලුවට මේ පැත්තට ඇල්ලුවේ නෑ! බලමු අල්ලලා...
ReplyDeleteඑක තමයි දැන් ඉතින් මේ පැත්තටත් අල්ලමු නේද?
Deleteබඩගිනියි :( මේක බැලුව මේ වෙලාවෙ මට හොදටම බඩගිනියි
ReplyDeleteමටත් බඩගිනියි සමි.
Deleteකන්න හිතුනා :)
ReplyDeleteකමු.. කමු..
Deleteමට බඩගිනි :( මම යනවා කාල එන්න.
ReplyDeleteහ්ම්.. කාලා වරෙන් කෝ. :D
Deleteපොටෝ ටික නම් මරූ.. එත් මම වඩා මනාප අනිත් කෑම වල පොටෝ වලට...
ReplyDeleteඒ කෑම වල අල්ලපු ෆොටෝ එහෙම නැතිද මචෝ.
Deleteඒකනේ මං පුලු පුලු වන් විදිහට පොං එකෙන් පොටෝ කන්නේ
ReplyDeleteඑක හොඳා...
Deleteමමත් ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා දාන්න ඕනේ කියලා හිතුනේ මේක දැක්කාම තමයි. මේ බඩගින්නේ ඉන්න වෙලාවේ මේවගේ ඒවා දකින එකනම් ඉවසන්න බැරි වැඩක්
ReplyDeleteදාමු දාමු, අපිටත් බලන්න...
Deleteඅපිත් ටව ටිකක් කල් යත්දී ශිල්පීය ඡායාරුප ශිල්පීන් වෙන එක නවත්වන්න බැහැ. ඕනෑම දෙයක් දැනගෙන කිරීම වැදගත්.
ReplyDeleteස්තුතියි සුදික.
Deleteමචං ඔය හුඟක් ඩිජිටල් කැමරාවල Food කියලා option එකක් තියෙනවා නේද ඔය තවත් කලින් සැකසුම් කල ඒවාගේ option රාසිය අතරේ?
ReplyDeleteඔව් මචෝ food මෝඩ් එකෙන් ෆොටෝ ගන්න එක පහසුයි ආධුනිකයන්ට.
Deleteමමත් හරිම ආස දෙයක් තමා food photograpy. එකක්වත් අරන් නෑ. නමුත් බලන්න හරි ආසයි.නෙට් එකේ ගොඩක් ෆුඩ් බ්ලොග්ස් බලනවා. පොටෝස් නම් හරිම ලස්සනයි.
ReplyDeleteකොච්චර කියෙව්වත් තාම කැමරාවක් ගන්න බැරි වුනානෙ. පුතාගෙ අත කොහොමද දැන් ?
ස්තුතියි නිල්..
Deleteදැන් පොඩ්ඩාගේ අත සෑහෙන්න හොඳයි.