Friday, August 16, 2013

Zoom එක මදිද?

 

මිට කලින් අපි කථා කලේ ෆෝන් කැමරා එකට ටෙලිෆොටෝ ලෙන්ස් එකක් සවිකරන ආකාරය ගැන. අද මේ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ කැමරාවේ ඇති ලෙන්ස් එකේ නාභි දුර (focal length) එක වැඩි කරගන්න හැකි ක්‍රමයක් ගැන.

මෙතෙක් අපි ඉගෙන ගත් කරුණු අනුව අපි දැන් දන්නවා, වැඩි නාභි දුරක් ඇති කාච ටෙලි ෆොටෝ ලෙන්ස් ගණයට වැටෙන බවත්,  නාහි දුර වැඩි වන විට,  වැඩි දුරකින් ඇති වස්තුවක් ඡායරුපයට නැගිය හැකි බවත්. මේ පහත තියෙන ෆොටෝ කිහිපය බලලා ඒ පිලිබඳ මතකය අලුත් කරගන්න. ඔය  ෆොටෝ කීපය මාලිගාතැන්න අරණ්‍ය සේනාසනය ගැන ලියවුන පොස්ට් එකේදී දකින්න ඇති නේද? 

18 මි.මි. ලෙන්ස් එක යොදාගෙන 

 50 මි.මි. ලෙන්ස් එක යොදාගෙන 

 300 මි..මි. ලෙන්ස් එක යොදාගෙන 

දැන් අපිට මීටත් වඩා මේ රුපය ලංකර ඡායාරුපයක් ගැනීමට අවශ්‍ය වූ විට කරන්න තියෙන්නේ මි.මි. 300 වඩා වැඩි නාභි දුරක් ඇති කාචයක් කැමරාවට සවිකර ගැනීමයි. නමුත් එය කල හැකිවන්නේ කැමරා කාච මාරුකිරීමේ පහසුකම ඇති DSLR හිමියන්ට පමණයි. නමුත් මි.මි. 300 වඩා වැඩි නාභි දුරක් ඇති කාච ඉතාම මිල අධික වෙනවා. Nikon කැමරා සඳහා මිට පසුව ඇත්තේ මි.මි. 400 කාචයක්.

400 mm Nikon 



ඉහත රුපරාමුවලින් දැක්වෙන්නේ මි.මි. 400 නිකොන් ලෙන්ස් එකක් සහ එය කැමරාවට සවිකර ඇති ආකාරය. මේ ලෙන්ස් ඉතාම මිල අධික වෙනවා. US $ 3000 කට වඩා වැඩි මිලක් ගන්නවා. එමෙන්ම බ්‍රිජ් සහ point & Shoot කැමරා භාවිතා කරණ අය එම කැමරාවේ ඇති ලෙන්ස් එකට සිමාවෙනවා.  මේ සීමාවන්ට ඇති සරල සහ මිල අඩු විසඳුම වන්නේ Teleconverter එකක් භාවිතා කිරීමයි.

Teleconverter

Teleconverter එකක්  යනු විශේෂිත ලෙන්ස් එකක්. මෙය ආකාර දෙකකට නිෂ්පාදනය වෙනවා. එනම්, කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට යෙදිය හැකි මාදිලිය  සහ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන් ෆිල්ටර් යොදන කොටසට සවිකල හැකි මාදිලිය ලෙසට.

කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට 

කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන් Teleconverter සවිකර ඇත 

මෙම Teleconverter විවිධ විශාලනයන් ගෙන් නිෂ්පාදනය කරනවා එනම් 1.2X, 1.5X, 2X, 3X යනාදී වශයෙන් .  මෙහි  x ලෙස සඳහන් වන්නේ එහි විශාලනයයි. මේ පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණ වල Teleconverter කිහිපයක්. 


ඉහත දක්වා තියෙන්නේ කැමරා බොඩිය  සහ ලෙන්ස් එක අතරට  සවිකරන DSLR සඳහා භාවිතා කරණ, විශාලනයන් කිහිපයකින් යුක්ත  Teleconverter කිහිපයක්. පහත රුපයෙන් දැක්වෙන්නේ කැමරා කාචයට ඉදිරියෙන් සවිකරන මාදිලියේ ටෙලි කන්වර්ටර කිහිපයක්.


බ්‍රිජ් කැමරා සඳහා යොදාගත හැකිවන්නේ ඉහත ආකාරයේ කැමරා කාචයට ඉදිරියෙන් සවිකළ හැකි මාදිලියයි.

වැදගත් :
මෙලෙස Teleconverter යොදාගැනීමෙන් ඔබගේ optical zooම එකේ විශාලත්වය වැඩිකරගත හැකි වේ. නමුත් Teleconverter මිලදී ගැනීමේදී ඉතාම ඉහල තත්වයේ නිෂ්පදානම මිලදී ගන්න. මෙම උසස් තත්වයේ Teleconverter මිල අධික වුවත් ඔබගේ ඡායරුපයේ ගුණාත්මක භාවය රැක දෙණු ඇත. මිල අඩු Teleconverter කිසිවිටකත් මිලදී ගන්න එපා. ඒ මහින් ලබාගන්නා ඡායාරුප තත්වයෙන් ඉතාම පහල මට්ටමක් ගන්නවා.

69 comments:

  1. ඕනෑම පොයින්ට් & ෂුට් කැමරා එකකට Teleconverter එකක් දාන්න පුලුවන්ද ?

    (කැමරා එකක් ගත්තා ඈ )

    ReplyDelete
    Replies
    1. ජයවේවා!!!

      සැම එකකටම බැහැ, ඔයාගේ මොඩල් එක නෙට් එකේ සර්ච් කරලා බලන්න ටෙලි කන්වර්ටර් තියෙනවද කියලා.

      Delete
  2. අඩේ මේ පෝස්ට් ටික කියෝල මටත් කැමරමන් කෙනෙක් වෙන්න හිතුන අෆ්ෆා. ජය වේවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. පොඩි සහන් ට පොඩ්ඩක් වැරදිලා.

      කැමරාවක් අතට ගත්ත ඕනෑම කෙනෙක් කැමරාමන් කෙනෙක්. ඔබ මේ ශිල්පය හොඳින් ඉගෙනගෙන ප්‍රගුණ කරලා ඡායාරුප ශිල්පියෙක් වෙන්න උත්සාහ කරන්න. ඡායාරුප ශිල්පියෙක් ළඟ ශිල්පිය දැනුම සහ හැකියාව තිබෙනවා, කැමරාවට අමතරව. නමුත් කැමරාමන් කෙනෙක් ළඟ තියෙන්නේ කැමරාවක් පමණයි.

      Delete
  3. ඒකත් මරු බඩුවක් නෙ.
    අපිට කොයින්ද ලෙන්ස් ගන්න ඩොලර්.

    ReplyDelete
    Replies
    1. ඩොලර් ඕනි නැහැ සුපියල් වලටත් ගන්න පුළුවනි.

      Delete
  4. වටිනා දෙයක් දැනගත්තා, මිටකලින් පුද්ගලිකව අහපු ප්‍රශ්නෙටත් පිළිතුරක් තියෙනවා මෙතන, ගොඩක් ස්තුතියි අයිලාෂ් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල, දැන් වැඩේ පැහැදිලියි නේද?

      Delete
  5. දැන් ෆොටෝ ගන්නේ අහවලා...:)

    ReplyDelete
    Replies
    1. අහවලාට කියලා ඔයාගේ ෆොටෝ එකක් අරගෙන දාන්න බලන්න බ්ලොග් එකේ ...කලාත්මකද , දැකුම් කළුද බලන්න..:D

      Delete
    2. ඔව් ඔව් චමියගේ අදහස හොඳයි.

      Delete
    3. පොඩ්ඩි කැමති නැහැල්ලු ෆොටෝ එක දාල තවත් කොමන්ට් වැඩි කරගන්න.

      Delete
    4. ඒ උනාට කෙන්ජි, පොඩ්ඩි ෆොටෝ ටිකක දැම්මොත් මසුරං නේද?

      Delete
    5. ඊට වඩා පුරස්න තියෙනවා නේ. ආචාර්යවරුත් ලස්සනයි කියල කිව්වොත් හෙම පැනල..

      Delete
  6. ෆොටෝ ගහන්න හිතලාවත් නැතිවුනාට ,මේ පොස්ටු ටික කියවලා ටික ටික ඒ පැත්තට හිත යනවා වගේ, අයියෝ සල්ලි වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නැහැ හරියට කරනවානම් මේක බොහොම හොඳ විනෝදාංශයක්, ඒ වගේම සල්ලි හොයන්නත් පුළුවන්.

      Delete
    2. ඉවාන්,
      ඔබ කතා ලියන්නත් දක්ෂය නිසා අයියෝ සල්ලි වෙන එකක් නැහැ.
      ලියන කතාවලට යක්ෂ ෆොටෝ ටිකකුත් එකතු කරන්න බැරිය.
      නොදාන්න දේවල් දැනගන්න අපේ අයිලාස් ලොක්ක ඉන්නෙ.
      කෙල්ලො හරි ලයික් කැමරා කාරයන්ට.

      Delete
    3. ඔය කෙන්ජිත් කියන්නේ ඉවාන්, බයවෙන්න එපා මේ වැඩේ පටන් ගන්න.

      Delete
  7. පුංචි කාෙල ඉදන් ඒක ඒක බලාෙපාෙරාත්තු තිබුණා. කැමරාමන් ෙකෙනක් ෙවන අදහසකුත් හෙත් ෙකානක තුබුණා ඒ්ත් ඔය කියන විදියට කැමරා ගන්න ෙකා් සල්ලි . ඉතින් ඒ් හින්ද ඒ බලාෙපාෙරාත්තු අනාගෙත්ටම කල් දැම්ම

    ReplyDelete
    Replies
    1. හිමින් සැරේ එකක් ගමු.

      Delete
    2. ඔව් ඔව් තාම පුංචි එකානෙ නේද

      Delete
  8. 200-400mm ලෙන්ස් එකක් තියෙනවා අයිලාස් අනේ ඕක උස්සගෙන ගිහින් අටෝ ගෙන ෆොටෝ එකක් ගන්නවා කියලා හිතෙන කොට 18-270mm ලෙන්ස් එකත් එපා වෙනවා අප්පේ..ඒත් අපරාදෙ ගත්තෙ කියලත් හිතෙනවා..අන්තිමේ අවුරුද්දකට කිට්ටු වෙන්න ආවා..ගතපු ෆොටෝ එකකුත් නෑ..ඊටත් වඩා මේක අටෝ ගෙන කොහෙ හරි ෆොටෝ එකක් ගන්න ගියහම මිනිස්සු බලන්නෙ සත්තු වත්තට ආපු අළුත්ම ජාතියේ සතෙක් දිහා බලනවා වගේ කුතුහලේකින්..

    ReplyDelete
    Replies
    1. වෙනියෝ උඹ පාවිච්චි කරන්නේ canon නේද? nikon පාවිච්චි කරානම් මට ඔය ලෙන්ස් එක ගන්න තිබ්බා. මට දැන් 300mm ලෙන්ස් එක මදි වෙලා තියෙන්නේ.

      Delete
    2. ඔව් කැනන් නොවැ..

      Delete
    3. හොම්බ දිගයි අරකයි මේකයි කියනවා නේද වෙනියෝ

      Delete
    4. මටනම් ඕවා ගණනක් නැහැ. මේ ලඟදි දවසක හවස මම කැමරාව ට්‍රයි පොඩ් එකේ අටවාගෙන ඉන්නවා කුරුල්ලෝ වගයක්ගේ ෆොටෝ ටිකක ගන්න. ඔන්න ඔය වෙලේ එතනට සවස ජෝගින් කරන්න යන එකෙක් ඇවිත් කරා ගැන එහෙම ටිකක් වෙලා මගෙත් එක්ක කතාවක් දාගෙන ඉඳලා ගියා.

      Delete
  9. Matath camera 1k labuna. Nikon Cool pix S6200.
    Ekata owa daanna puluwanda? Meke aperture, exposure ehema hadanna puluwanda? E kiwwe ara Long Exposure arawa mewa ehema?

    ReplyDelete
    Replies
    1. කොලුවෝ දැන් සිංහලෙන් කොටන්න ඉගෙන ගනින් බන්.
      මේ තියෙන ලින්ක් එකට ගිහින් මේ සිංහල වැඩේ කොරගනින්.

      s6200 එකට ටෙලි කොන්වර්ටර් එකක් ගහන්න බැරි වෙයි. මේ point & shoot වල කරන්න හැකි වැඩ සීමාසහිතයි. නයිට් මෝඩ වගේ මොඩ්ස් වලට ගිහින් තමයි ඒ දේවල් කරගන්න වෙන්නේ.

      Delete
    2. ඔන්න අද ඉඳන් කමෙන්ට් සිංහලෙන්! මගේ ෆෝන් එකේ සිංහල නෑ. ඒත් කොම්පියුටරේ තියනවා. අර ඇපචර් මාරු කරන වැඩේ කරන්න බැරිද?

      Delete
    3. ෂා... නියමයි. ඔහොම තමයි හැදෙන ළමයි.

      සමහර ඒවා වල ඇපචර් මාරුකරන්න පුළුවන්.

      Delete
  10. එතකොට අයිලාශ් ඔතන අපි ඔප්ටිකල් සූම් 25x වෙන කැමරාවකට 2x ටෙලි කන්වර්ටර් එකක් එකක් සෙට් කරාම 50x සූම් එකක් ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. 2X කියන්නේ විශාලනය දෙගුණයක්, එතකොට 50X වගේ තමයි.

      Delete
  11. බොහොම වටිනා පෝස්ට් එකක්. නිකොන් 4000 ටෙලියක් මෙහෙ කොහොමත් රියාල් 4000 ට උඩින් යන්නේ. ඉතිං කොහොමෙයි පූසෝ මාළු කන්නේ කිය කියා ඉන්නකොට නේ මේක දැක්කේ. හරිම වටිනවා. බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. 300 මි.මි. වලට උඩින් තියෙන ලෙන්ස් ඔක්කොම් pro lens ඒවා හරි ගණන්.

      Delete
  12. මේක නම් මටම දාපු පෝස්ට් එකක්. මගේ කැනන් එකට ටෙලිකන්වර්ටර් එකක් හොයාගන්න තැනක් කියන්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයෝ මේ පසුගිය පොස්ට් එකට කොමෙන්ට් එකකින් ඔයා අහලා තිබුන නිසා තමයි මේ ගැන මතක් වුනේ. ලංකාවෙනම් ඔයාට මේකක් හොයාගන්න බැරිවෙයි. නිකොන් ඔරිගීනල් ඒවා විතරක් ඒජන්ට් ළඟ තියෙනවා, ඒවත් DSLR වලට යොදන ඒවා. නමුත් ඔයාගේ canon බ්‍රිජ් එකට හරියන එකක් මෙහෙන් හොයාගන්න බැරි වෙයි.

      Delete
  13. මමත් කැමරාවක් ගත්තා.point @ shoot එකක්.
    එක ගන්න කාලේ මම මේ අයියාගේ බ්ලොග් එක ගැන දැනන් හිටියේ නැහැ නොවැ.
    දැනම් හිටියානම් ගන්නේ බ්‍රිජ් එකක් අප්පා...:(

    ReplyDelete
    Replies
    1. බ්‍රිජ් එකක් ගත්තානම් වඩා හොඳයි, දැන් මක් කොරන්නෙයි, තියෙන එකෙන් සැනසෙමු.

      Delete
  14. නොදන්න අයට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනව මේ දැනුවත් කිරීම් වලින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි, ඔබගේ පැමිණීම සතුටක්. හැකි වෙලාවට ගොඩ වෙන්න.

      Delete
  15. උඹල තමා රාවණා ගැන බොරු පොටෝ හැදුවේ එහෙනං. අර යානෙයි මේ යානෙයි කියල කොළ කෑලි සුම් කරල අරගෙන..

    ReplyDelete
    Replies
    1. උඹලා කියලා බහු වචනෙන් අරින්ඩ ලෑස්ති වෙනවා නෙවෙයි දේශකයා මෙතන ! දැන් අපිද සූම් ලෙන්ස් ගැන දෙසුවෙ අල්ලා ගනින් අයිලාස්ව හුහ්...

      Delete
    2. වෙනියෝ මේවට තමයි කියන්නේ "වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටෙනවා" කියලා, ශිල්පය ගැන තව කරුණු කියනකොට මොනවට අල්ලගනිවිද දන්නේ නැහැ.

      Delete
    3. අප්පට සිරි තව තොප්පි කාරයො ඉන්නවැයි!!!

      Delete
  16. තියන දෙයක් විකුණලා හරි ගන්නවා කැමරාවක්

    ReplyDelete
    Replies
    1. විකුනන්න දෙයක් නෑ බන් මට නම් තියෙන්නේ යට දෙක පමනයි.

      Delete
    2. හිමින් ගමු බන්, අත්‍යවශ්‍ය දේවල් නෙවේනේ.

      Delete
  17. මටත් මේවගේ හොට බරියෙක් ගන්න ලොකු ඕනේ කමක් තියෙනවා. ඒත් මේ අනිත් වගකීම් එක්ක ටිකක් අමාරුයි බං.

    ReplyDelete
    Replies
    1. මමත් සැහෙන්න පෙරුම් පුරලා තමයි ගත්තේ.

      Delete
  18. මේ සේවය අගේ කරනවා.කී දෙනෙක් ඉගෙනගන්නවාද නේද?

    ReplyDelete
  19. ඒවයේ ගණන්.. :)

    ඇත්තටම සෑහෙන්න වටිනව මේව ලියන් එක.

    ReplyDelete
    Replies
    1. ලෙන්ස් එකේ mm අගය වැඩිම තියන්නෙ කීයද..?

      Delete
    2. දැනට නිකොන් වල තියෙන්නේ මි.මි.800 තමයි උපරිම. මිල දන්නවද ? US$ 17,899.95 කොහොමද අපිට හිතන්නවත් පුලුවන්ද?

      Delete
  20. සිහිනයකි මට......... කැම් එකක්....
    ඇඬෙනවා ගනන් දුටුවම.......

    ReplyDelete
    Replies
    1. ඔය ගණන් තියෙන්නේ ඉතාම ඉහල මට්ටමේ ඒවාවල. DSLR පටන් ගන්නවා රු 75000/- සිට ඉහලට, බ්‍රිජ් පටන් ගන්නවා රු. 35000/- සිට ඉහලට.

      සිහින සැබෑකරගන්න පුළුවන්.

      Delete
  21. මටත් ෆොටෝ පිස්සුව බෝ කරලා එනවා මෙතන තව සූමිං ගැනත් කියන්න... ඒ මදිවට අතේ සතේ නැති කාලේ..... ගර්ර්ර්ර්....

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔයාටත් ලෙඩේ හැදුනද? මොකද ගොරවන්නේ නිදිද? තරහා ගොහින් ද?

      Delete
  22. ඔන්න මමත් ආවා. පිස්සු හදා ගන්න නම් නෙමේ ඔන්න :D

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටෙන් පිලිගන්නවා දිලිනි, මේ පරණ පොස්ට් ටිකත් කියවන්න ෆොටෝග්‍රෆි ගැන. දිගටම් මේ පැත්තේ ගොඩවෙන්න, එතකොට පිස්සුව නිකන්ම හැදෙයි.

      Delete
  23. අයිලාෂ්, ස්තූතියි මේ විස්තරයට. මම මිළදී ගත්තා ඔලිම්පස් SZ 16 වර්ගයේ කැමරාවක්. නිශ්පාදකයන් කියන හැටියට 24 x OZ කරන්න පුළුවන්. ඒත් උපරිමයටමZOOM කළාම අදාල රූපය ෆොකස් කර ගන්න අමාරුයි. දරුණු සෙලවීමක් තියනවා. ඒකට මොකක් හෝ ප්‍රතිකර්මයක් තියේද ?

    ReplyDelete
    Replies
    1. ලොකු ටෙලි එකකට යනකොට අනිවාර්යයෙන් ට්‍රයිපොඩ් එකක් භාවිතා කරන්න වෙනවා සෙලවීම නවතා ගන්න. DSLR කැමරා සහ ඒවාගේ ලෙන්ස් වල ඔය සෙලවීම අවම කරගන්න තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරනවා. මෙය නිකොන් වල හඳුන්වන්නේ VR- Vibration Reduction කැනොන් වලදී IS - Image Stabilization කියලා හඳුන්වනවා. මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම්.

      Delete
    2. ස්තූතිය් අයිලාෂ්.. මේකෙත් තියනවා IS කියලා එකක්.. ටිකක් බලන්නම් මොකක්ද කියලා..

      Delete
  24. බලමු ඉදිරියට. බ්ලොග් කරන හැමෝම ෆොටෝ කාරයෝ වෙයිද මන්දා :)

    ReplyDelete
  25. මාත් ගත්තා යන්තං ෆුජි ෆිල්ම් S 2980 ක් 20ක් විතර උනේ... (ඔයිට වඩා ලොකු වැඩ කරන්න බැහැ නෙව)

    දැන් ඔන්න මේවා එකින් එක කියවන්න පටන් ගත්තා.. මේකටත් ඔය කියන එකක් දාතැකිද කියලා හොයන්න ඕන.. දැනට මේකේ ඔප්ටිකල් සූම් එක 18 ක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කැමරාව ගන්න කලින් මට කීවානම් ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න තිබුනා. දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ.

      S2980 එකට අමතර ටෙලි කන්වර්ටර් සවි කරන්න බැහැ.

      Delete
  26. ඔහ්හ් නියමයි ඔය ගමන්ම බ්‍රදර් ෆ්ලෑෂ් කරන ශටර් ස්පීඩ්, අපචර් එක ගෙන එහෙම පොඩ්ඩක් කියල දුන්න නම් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. ෆ්ලෑෂ් කරන ශටර් ස්පීඩ් එක ඒ ඒ කැමරාව අනුව වෙනස් වෙනවා. කැමරාවේ භාවිතාකලහැකි උපරිම ශටර් ස්පීඩ් එක නිෂ්පාදකයා ලබාදෙනවා. ඊට වඩා අඩු ශටර් ස්පීඩ් එකක් භාවිතා කලාට කමක් නැහැ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...