Sunday, August 4, 2013

කැමරා ෆෝන් එකට ටෙලිෆොටෝ ලෙන්ස් එකක්

මිට කලින් පලකල මෙයා දැකලා තියෙනවද?පොස්ට් එකට උකුස්සා මෙන්ට් කමෙන්ට් එකක් දාලා, අහලා තිබුණා කැමරා ෆෝන් එකට ටෙලි ෆොටෝ ලෙන්ස් එකක් සවිකරන්න පුලුවන්ද කියලා. ඒ වෙලේ මං තුමා පොරොන්දු උනා ඒ ගැන වෙනම ම විස්තරයක් පින්තුර සහිතව පලකරන්නම් කියලා. අද ඒ පොරොන්දුව ඉෂ්ට කොරන්න තමයි මේ ලක ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් මේ පහළ තියෙන පින්තුර වලින් බලාගන්න ෆෝන් කැමරා එකට අමතර ලෙන්ස් එකක් සවිකරන හැටි.


  






මං තුමාගේ ලොකු පුතණ්ඩියා ට මේ ජාතියේ එකක් අවශ්‍ය වෙලා තිබුණා. මේ විදිහේ ලෙන්ස් ලංකාවෙන් හොයාගන්න බැරි උන නිසා, මං තුමාගේ හිතවතෙක් මාර්ගයෙන් ගෙනල්ලා දුන්නා. වැඩි මිලක් උනෙත් නැහැ. මේ ෆොටෝ වල උපකරණය සවිකරන්නේ ඒ ගොයියා තමයි.

මේ උපකරණය සවි කරහම ෆෝන් එක ට්‍රයිපොඩ් එකකට සවි කරන්නත් පුළුවන්.


ඒ විතරක් නෙවේ පොඩි වීඩියෝ කෑල්ලක් එහෙමත් කොරලා දුන්නා මේක සවි කොරන හැටි පෙන්නලා, එකත් කැමති කෙනෙක් බලා ගන්නකෝ.



එහෙනම් ඉතින් මං තුමාගේ පොරොන්දුව ඉෂ්ට කොලා. කැමති අය දැන් ෆෝන් එකට අමතර ලෙන්ස් එකක් හයි කොරගන්න එකයි ඇත්තේ.


38 comments:

  1. තෑන්ක්ස් අයිලාශ්. ඔය ලෙන්ස් කොහෙද තියෙන්නෙ? ඊ බේ එකේ නම් තියනවා. ඒ උනාට ඒවගෙ කොලිටිය කොහොමද කියන්න දන්නෙ නෑනේ. ඔය තියන ලෙන්ස් එක කොහොම එකක්ද? සූමින්ග් එහෙම කොහොමද?
    මට නම් මේ පෝස්ට් එක හරිම වැදගත්. මොකද මට කැමරාවත් අරගෙන යන එක ටිකක් කරදර කාර වැඩක්. ෆෝන් එකෙන් ගන්න පුලුවන් නම් ලේසියි. ඒත් ෆෝන් වල ඩිජිටල් සූම් විතරනේ තියෙන්නෙ. මේ ලෙන්ස් එක දාපුවහම ෆොටෝ එකේ කොලිටිය කොහොමද? ගත්ත ෆොටෝ ටිකකුත් දාමුද?

    ReplyDelete
    Replies
    1. මේ ලෙන්ස් එක දන්නා කෙනෙක්ට කියලා හෙන්නවා ගත්තා. e-bay එකේ මිල අඩුයි, නමුත් e-bay එකෙන් බඩු වගයක් අරන් නන්නත්තාර උනා, ඒ නිසා දැන් e-bay ගැන විශ්වාසයක් නැහැ.

      මේක 8x ලංකරලා ගන්න පුළුවන් ප්‍රයිම් ලෙන්ස් එකක්, ෆෝකස් කරන්න රින්ග් එකක් තියෙනවා. ටෙස්ටින් වලට ෆොටෝ එකක් ගත්තා සෑහෙන්න හොඳයි.

      මාසේ අන්තිමට වගේ ෆොටෝ ටිකක් දාන්නම්. ඊයේ උ.පෙ. පටන් ගත්ත නිසා පුතණ්ඩියාට ෆොටෝ ටිකක ගන්න වෙන්නේ විභාගේ ඉවර වෙලා.

      Delete
  2. කොලිටි පින්තුරයක් ගන්න පෝන්(පෝන් කියලමයි ලියවෙන්නේ පුරුද්ද)එකේ රිසොලුෂන් එක ඇතිද???

    ReplyDelete
    Replies
    1. ජම්මෙට වැඩියිනේ ඒක නේද දේශකයෝ.

      Delete
    2. අනේද කියන්නේ නලියෝ...

      Delete
    3. පොන් එක හොඳනම් කොලිටියට ගන්න පුළුවන්. පොන් කොලිටියට අනුව තමයි තීරණය වෙන්නේ.

      Delete
    4. එහෙනං අහවල් මගුලෙන් වැඩක් නෑ මගේ පෝන් එකට. මොකද පෝන් එක අන්තිම සව්තුතු එකක්

      Delete
  3. ෂාහ්! මරුනේ බං ඒ ගැජමැටික්ස් එක? ඇත්තටම කීයක් වුනාද? කොහෙන්ද ගත්තේ? මොකක්ද මේක් එක?

    ලංකාවේ නෑ කියන එක වැඩි දවසක් වලංගු වෙන්නේ නෑ මචං. ලංකාවෙත් නැති දෙයක් නෑ. ඉක්මනින්ම එයි. නමුත් වැඩි දවසක් තියෙන එකක් නෑ, මොකද ඊ ලඟට එන ෆෝන් වලට ලෙන්ස් හයි කරන්න පුලුවන් විදියටම ත්‍රෙඩ් එක හෙම දාලා එයි ලෙන්ස් සෙට් එකකුත් එක්ක. දැනුත් තියෙනවද නේද zoom බැරල් එකක් එන ඒවා?

    ReplyDelete
    Replies
    1. මම දන්නා කෙනෙක්ට කියලා තමයි ගෙන්නගත්තේ මචෝ, ඒ ගමන්ම කැමරා බැගයත් ගෙනාවා. ඒ කැමරා බැගය නම මරු. මේකට 2500/- උනේ. මේ ලෙන්ස් එක දන්නා කෙනෙක්ට කියලා හෙන්නවා ගත්තා. e-bay එකේ මිල අඩුයි, නමුත් e-bay එකෙන් බඩු වගයක් අරන් නන්නත්තාර උනා, ඒ නිසා දැන් e-bay එකෙන් මොනවත් ගන්නේ නැහැ.

      මටනම් ෆෝන් ගැන එච්චර කැමැත්තක් නැහැ, මේ ලොක්කට ඕන නිසා ගත්ත, නමුත් කොලිටි එක සැහෙන්න හොඳයි.

      Delete
  4. මේකනං මරුම ආරංචියක්නේ.. ඒත් බ්ලැක් බෙරියට හයිකරන්න හැකිද මේ ලෙන්සයක්..

    ReplyDelete
    Replies
    1. ඕනෑම ෆෝන් එකකට හයි කරන්න පුළුවන්.

      Delete
  5. ඒකත් මරු ගැජමැටික් එක. මම නම් ඔය දැක්කමයි.....

    ReplyDelete
    Replies
    1. ලොකු පුතණ්ඩියා තමයි මේ ගැජට් එක නෙට් එකෙන් හොයාගත්තේ.

      Delete
  6. එකත් එහෙමයි එහෙනම් ඈ.

    ReplyDelete
  7. මාත් ඔය ලෙන්ස් හයි කරල තියෙන ෆෝන් දැකල තිබුණට හයිකරන්නෙ කොහොමද කියල දැනගත්තෙ අද තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩක් තියෙන්නේ ප්‍රසන්න, තත්පර ගානෙන් සවි කරන්න පුළුවන්.

      Delete
  8. ඒක නම් සෑහෙන්න ප්‍රයෝජනවත්.. ස්තුතියි දෙන්නටම.

    ReplyDelete
    Replies
    1. ඈත ඉඳන් ෆෝන් කැමරාවෙන් ෆොටෝ ගන්න පුළුවන්. :D

      Delete
  9. තව තවත් හොඳින් මේ රාජකාරි කොරන්නට සත්තිය දහිරිය ලැබෙන්න කියලා අක්මාවෙන්ම ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
  10. නියමයි. දැනගත්ත එක නම් හොඳටම වටිනවා...eaby එකේ ගන්නවනම් හොඳ brand එකක් කියන්න අයිලාෂ්...

    ReplyDelete
    Replies
    1. e-bay එකේ මිල අඩුයි, නමුත් මම e-bay එකෙන් බඩු වගයක් අරන් නන්නත්තාර උනා, ඒ නිසා දැන් e-bay ගැන විශ්වාසයක් නැහැ.

      Delete
    2. මටත් ඊබේබි(?) ගැන තියෙන විස්වාසේ මීට අවුරුදු 5 කට විතර කලින් ඉදලම පළුදු වෙලා තියෙන්නේ...

      Delete
  11. තාත්තට වඩා පුතා වැඩකාරයා වගේ.ඔහුගේ ඉදිරි ගමනට බ්ලොග් ලෝකේ සියල්ලෝ ම වෙනුවෙන් මම සුභ පැතුම් සහ ආශිර්වාදය එක් කරමි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඕන නේද ගයනි, ඔයාට ස්තුතියි.

      Delete
  12. Anna niyamayi. Keeyak withara wenawada mekak? Ebay 1n gannawa nam kohomada honda ekak hoyaganne? Nokia 6720c eke uda thiyana lense eke cover 1 heerunahama (hondatama newe.) eka aapahu hadanna puluwanida?

    ReplyDelete
    Replies
    1. e-bay එක ගැන කලින් කියලා තියෙන එක බලන්න. වඩා හොඳයි දන්නා කෙනෙක්ට කියලා ගෙන්නාගන්න. ටිකක මිල වැඩි උනත් බඩු ෂුවර්.

      කොල්ලෝ දැන්වත් සිංහලෙන් කොටන්න ඉගෙන ගනින්. ගුගල් ඉන්පුට් ටුල්ස් දාගන්න. එතකොට හරි.

      Delete
  13. අදේ අප්පා,ඒක සිරානේ.. :D

    ReplyDelete
  14. සෝක් ගැජමැටික් එක අප්පා. මගේ බ්‍රිජ් කැමරාවේ ඔප්ටිකල් සූම් එක වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා, තියෙනවා බයවෙන්න එපා. ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්.

      Delete
  15. ඔකනෙ බැරි, කස්ටිය හෝයියට පොඑස්ට් දානවනෙ.
    මම පරක්කුද මන්ද අයිලාශ්.
    එඅ ටෙලිපොටො පොඩ්ඩ නම් සුපිරියි නෙ.පුතන්ඩියටත් වුර්තිමය චායරුපශිල්පියෙක් ගෙ ජාන ටියනව වගේ.
    ඩැන් අලුත් පරම්පරාව මාර වැඩකෑලි හොයාගන්නෙ.එකත් මරු.,

    ReplyDelete
  16. ලොක්කයි පොඩ්ඩයි දෙන්නම ඡායාරුප කරණයට ඉතාම දක්ෂයි. පොඩ්ඩා කලාත්මක ඡායරුපකරණයේදී මා අභිභවා සිටිනවා.

    ReplyDelete
  17. මේක නම් ට්‍රයි කරලා බලන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සැහෙන ප්‍රමාණයක් ෆෝන් එකෙන්ම ලංකර ෆොටෝ ගන්න හැකියි.

      Delete
  18. 8mp තියෙන ෆෝන් එකට මේ ලෙන්ස් එක සෙට් කරාම කොලිටියට තියෙයිද බං.......

    ReplyDelete
  19. Now you can get 3in one phone camera lenses from aliexpress.I tried and it is best.

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...