Sunday, August 11, 2013

එළවලු කඩේ නිවුන්නු....

මේ දෙන්නා ගුගල් එකෙන් 
මං තුමා පහුගිය දොහක එළවලු පලතුරු ටිකක් ගන්න ගියා.  සුපුරුදු ලෙස මේ ගමනට අයිලාශිනි සහභාගී වුනා. එදා රියදුරු තනතුරේ වැඩ බැලුවේ ලොකු පුතණ්ඩියා. ඉතින් අපි තුන්දෙනා දැන් එළවලු තෝරනකොට මං තුමාගේ උකුසු ඇසට හසුවුණා එළවලු ගොඩක් අසල පොඩි නිවුන්නු දෙන්නෙක්. කිසි කෙනෙක් මේ දෙන්නා දිහා බලන්නේ නැහැ. මේක දැක්කා විතරයි මගේ පපුව හෝස් ගාලා ගියා. "අනේ පවු අසරණයෝ දෙන්නා" මටම කියාගනිමින් මේ දෙන්නා අතට ගත්තා.

"අනේ තාත්තේ හරිම ෂෝක් .. අපි ගෙනියමු"

"අපෝ ඔව් මොන හිතකින් මෙතැන දාලා යන්නද, කිසි කෙනෙක් ගේ හව් හරණක් නැහැ.. කඩේ අයට සල්ලි දීලා හරි මේ දෙන්නා ගෙනියමු"

"අනේ අයිලාෂ්.... ඔය මොන ජරාවක්ද? තියන්න, තියන්න, ඕවා ගෙදර අරගෙන යන්න බැහැ.. ඔයාට ඉතින් මොන දේ දැක්කත් ගෙදර අරන් යන්න ඕන.. :("

"එහෙම කියන්න එපා අයිලාශිනි, ඔයා කොහොම කිවත් මේ දෙන්නා නම් මම මෙතැන දාලා යන්නේ නැහැ"

"අනේ ඔව් අම්මේ අපි ගෙනියමු...., පවුනේ, අනික තාත්තාගේත් හිත රිදෙනවා ඔය දෙන්නා මෙතැන දාලා ගියොත්"

වැඩේ 2/3 චන්දෙන් සම්මත උනා. දැන් මේ දෙන්නා මගේ අතේ. ඒ ගොල්ලන්ගේ ඇඟේ ගෑවිලා තිබුන පස් එහෙම මම ටිකින් ටික මගේ අතින්ම පිස දමමින් බොහොම පරිස්සමින් අතේම තියාගෙන හිටියා. එළවලු ගන්න ආපු අනිත් මිනිස්සුත් දැන් මේ ගැන විපරම.

අවසානයේ අපි එළවලු වලට මුදල් ගෙවලා අහවර උනහම, මම මුදලාලිගෙන් මෙහෙම ඇහුවා.

"මුදලාලි, මේ දෙන්නට කියක් ඕනෙද?"

"කියක් හරි දීලා ගෙනියන්න මහත්තයා, අම්මාපා..., මමත් මෙච්චර හිටියට දැක්කේ නැහැ නේ?"

මුදලාලියෙක් නිකන්ම දෙයි අහක දාන දෙයක්වත්.  මුගේ දැන් කතාව දැක්කේ නැහැ කියලා.  හුහ්..

දැන් ඉතින් ඉතිරි බඩු ටිකත් අරගෙන ගෙදර ආපු මම ඉසේල්ලම කලේ මේ දෙන්නව නාවලා එහෙම ෆොටෝ එකක් දෙකක් ගන්න රාජකාරිය ලොකු පුතාට පවරපු එක. මිනිහත් ඇරියේ නැහැ වැඩේ, බේසමකට දාලා සඳුන් මිශ්‍ර ෂැම්පු  වතුරෙන් නෑවුවා ගඳ යන්නත් එක්ක කියලා.

ඔන්න එහෙනම් බලන්න මේ දෙන්නා බේසමට බැහැලා සන්තෝෂෙන් ඉන්න හැටි.








62 comments:

  1. Replies
    1. හික් හික්.... පුසෝ දෙන්නා ගුගල් එකෙන් කියලා දාල තිබ්බේ...

      Delete
  2. පස්ස ටිකක් රතු පාටයි...

    ReplyDelete
  3. හික් .. හික්... මම එළවළු ගන්න යන තැන සමහරදාට ඔව්ව තුන තුන තියෙන ඒවත් තියෙනව. මම නම් හැමදාම තනි අලවලින් තමයි තෝරල ගන්නෙ. අනික මම නම් අර උඩ තියෙන ගස් කෑලි එතනම අයිනට කඩල දාලා ගන්නෙ, නැත්නම් කිලෝ එකක් ගන්නකොට ග්‍රෑම් සීයක් විතර තියෙන්නෙ විසිකරන ගස් කෑලි. කැරට්වල ගානෙ හැටියට නැත්නම් පාඩුයි, මේ සතියෙ 110 යි, ඊට කලින් සතියෙ 120 යි ඊටත් කලින් සතියෙ 170. ඉතිං නිවුන්නු හුරතල් කරන්න පුළුවන්ද.

    ReplyDelete
    Replies
    1. මමත් කැරට් ගන්නේ එහෙම තමයි. හික්... හික්...

      Delete
  4. හපොයි මන් හිතුවෙත් මේ පූස් පැටව දෙන්නෙක් කියල නොවැ

    ReplyDelete
    Replies
    1. කවුද කිවේ පුස් පැටවූ කියලා....

      Delete
  5. නිවුන්නු කපාගෙන කෑවද...?

    ReplyDelete
    Replies
    1. තාම නැහැ බන්, අයිස් පෙට්ටියේ ඉන්නවා.

      Delete
  6. කැරට් හෝදන්නෙත් ශැම්පු වතුරෙන් එතකොට ඈ.....

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ෆොටෝ එකට ඕන නිසා පොඩි වැඩ කැල්ලක් දැම්මා. දන්නේ නැතිද ෆොටෝ ගන්න කලින් "මේක්අප්" කොරනවා කියලා.

      Delete
  7. කැරට්ද ගත්තේ බළල් පැටව්ද

    ReplyDelete
    Replies
    1. ඇයි බන් හලපයියේ මේක කියවුවේ නැතිද?, කැරට් බන් කැරට්. තාම 22ක් එකතු කරගන්න බැරි උනා.

      Delete
  8. ඕකනේ ඉතිං බැරි අයිලාස් අයියා අක්කා පෙන්නලා නංගි දෙනවා නේ. අපේ ගෙදරටත් ගෙනත් තිබබා මේ වගේම කැරට් මිනිහෙක්. මිනිහෙක් කිව්වේ අපුරුවට පුරුෂ අවයවය තිබ්බ හින්දා. මේක ඉතිං ගෙදරට කියන්න බැරි හින්දා මම අම්මට හොරෙන් ඒක අමුවෙන්ම කාලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා අර මොකක්ද එක අමුවෙන්ම කනවෝ.....

      Delete
  9. ඔහේ කැරට් විකුණන්නෙ ගස් පිටිංද?

    ReplyDelete
    Replies
    1. කොලොම්පුරේ හැටි, කැරට් කිලෝ එකක් ගත්තම එකේ 750ක් තියෙන්නේ ගස්.

      Delete
  10. කැරට් පෙනුණේ පුස් පැටව් වගේද? :D

    ReplyDelete
    Replies
    1. ඔයාට පෙනුනේ ඒ වගේද?

      Delete
  11. අයිලාස් මහත්තයත් කරන දේවල්..

    ReplyDelete
  12. නිව්න් ජෝඩු දෙකක්ම එක තැන... මම මේක කලින්ම ස්කොර්ල් ඩවුන් කොළා.. ඒකෙන් කුතුහලය නැතුව ගියා..

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි, හදිස්සි නැතිව හිමින් සීරුවේ වැඩ කොරන්න ඉගෙන ගනින්.

      Delete
  13. මඟුලක් කතා කරනවා. යකෝ සැමා වගේ උඹත් අපිව අන්දන්න ගත්තද ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්. මම ඇන්දුවේ නැහැ, උඹලම නේ ඇදගෙන තියෙන්නේ? :D

      Delete
  14. ඔය වගේ ඒවා කෑවම නිවුන්නු හම්බ වෙනවා කියලා මම අහල තියනවා :D

    ReplyDelete
    Replies
    1. මොන බොරි කතා ද සයුරි, ඕවට රැවටෙන්න එපා.

      Delete
  15. මං හිතුවෙ අයිලාෂ් අයියා සතුන්ට කරුණාව දක්වන මනුස්සයා නිසා බළල් පැටව් දෙන්නෙක් වත් අරන් ඇවිත් කියල.. :) ඔය කැරට් අල වල නම් තියනව අමුතු අමුතු ඒවා.

    ReplyDelete
  16. ඔයත් දැන් එක ජාතියක එව්වා දාන්නේ නේ

    ReplyDelete
    Replies
    1. එකම ජාතියෙන් දාලා බැහැ නේ.

      Delete
  17. ඕවා තනිකඩ ගෑනු මනුස්පයන්ට ගෙනියන්න තියන්නේ නැතුව මෙයත් කරන වැඩ . . හිකිස්

    ReplyDelete
    Replies
    1. හෙක්,,, හෙක්,,, ඒ මොකද?

      Delete
  18. මදෑයි...!! ගෙදර ගෙනාපු පූස් පැටව් බලන්න හිටියා....:D

    ReplyDelete
    Replies
    1. කවුදැයි කිවේ පුස් පැටවූ ගෙනාවා කියලා.

      Delete
  19. මදැයි පූසො දෙන්නව වෙන්න ඇති සල්ලි දීලා ගේන්ඩ ඇත්තෙ ..කියලා හිතුවෙ...බැලින්නම් කැරටො දෙන්නෙක්නෙ

    ReplyDelete
    Replies
    1. කැරට් පැටවූ දෙන්නෙක් :D

      Delete
  20. වලත්ත එළවලු සහ අයිලාස්

    ReplyDelete
    Replies
    1. පවු අහිංසක එළවලු,,,

      Delete
  21. අයියෝ සල්ලි ..... මමත් හිතුවේ ඤාවුවො දෙන්නෙක් කියල :)))
    අයිලාෂ්ට මතකද හාවයි , කොටියයි කැරට් අලෙයි කතාව??
    ------------------
    මතක නැත්තං ඔන්න :
    හාවයි කොටියයි කැරට් අලෙයි දාල වචන පහක වාක්‍යක් හදන්න .....
    හදප රිප්ලයි කරන්නකෝ

    ReplyDelete
    Replies
    1. හික්,,හික්,,,, හික්...

      කැරට් කන හාවාව කොටියා කැවා.

      හරිද?

      Delete
  22. මමත් හිතුවේ පූස් පැටව් දෙන්නෙක් කියලනේ. දන්නෙ ම නැතු ව රැවටුණා. මීට පස්සේ මුලින් ම පහළට ඇවිත් බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපෝ අපෝ එහෙම කරන්න එපා. හැමවෙලේම රිවස් එකට යන එක හරි නැහැ.

      Delete
  23. මම හිතුවේ පූස් පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් කියලා... මේ කැරට් ඩබලක්නේ...හික්

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි, ඔයාත් රැවටුනාද මලේ. මම මේ පොස්ට් එකේ කොහෙවත් පුසෝ කියලා සඳහන් කරලා නැතිවත් මේ ඔක්කොමලා මොකද පුස් පැටවූ කියලා රැවටෙන්නේ..

      Delete
  24. කැරට් කෑවම සුදු වෙනවයි කියන්නේ..

    ReplyDelete
  25. එලවළු හින්දම හොදයි මනුස්ස පරාණයක් නම් ඉතින් කොච්චර දුකද නේද

    ReplyDelete
    Replies
    1. එළවලු උනත් පවු අප්පා...

      Delete
  26. මම හිතුවේ අයිලාශුත් අපේ තාත්තා වගේ රට වටේම ඉන්න පූසෝ බල්ලෝ ගෙදර අරන් එන ජාතියේ පොරක් කියලා.අන්තිම වෙනකම්ම ඒ ගැන හිත හිත කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඒ වැඩේ කරා..

      Delete
  27. maara vidiyata patakaya nomaga yawala

    ReplyDelete
    Replies
    1. හික්... ඔයත් නොමග ගියාද මලේ.

      Delete
  28. මට හිතුනෙ බලු පැටව් දෙන්නෙක් වෙන්න ඇති කියල. ඒත් කඩේ ළඟ ඉන්න කිසි කෙනෙක් බලන්නෙවත් නැති බල්ලො දෙන්නව ගේන්න මුදළාලිගෙන් "මේ දෙන්නට කීයක් ඕනේද" කියල අහන්නෙ ඇයි කියලයි මම කල්පනා කලේ :D

    ReplyDelete
    Replies
    1. මේ මොකද හොමෝම බලු පැටවූ, බළල් පැටවූ ගැන හිතන්නේ.

      Delete
  29. මේ පෝස්ට් එක මොන විදියෙන් හරි මට මිස් වෙලානේ. දැනුයි බං දැක්කේ.

    ඒක නෙවෙයි මචං. ගෑණු අයට ඔය වගේ නිවුන්/දෙබිඩි කෙසෙල් නම් කන්න දෙන්න හොඳ නෑ කියලා මිත්‍යා විශ්වාසයක් තියෙනවා උඹ අහලා තියෙනවද? නිවුන්නු හම්බවෙනවලු.

    කොයිකටත්, උඹ ඕක අයිලාශිනීට කන්න නොදී හිටපං මචං. හියැක් හූ!:D

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම කතාවක් අහලා තියෙනවා. ඕවා බොරු බන්.

      Delete
  30. සිකේ.. මං හිතුවෙම පූසෝ දෙන්නෙක් කියල...

    ReplyDelete
    Replies
    1. හික් හික්,,, හුවක් :D

      Delete
  31. මාත් හිතුවේ එහෙමමයි..බැලින්නම් කැරට්..නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබගේ පැමිණීම සතුටක්. දිගටම එන්න. හැකිනම් පරණ පොස්ට් හිමින් සැරේ කියවන්න.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...