Thursday, June 6, 2013

යමන් බන්ඩෝ වෙසක් බලන්න.

ISO 100, f 7.1, 1/15"

ISO 800, f 4, 1/60"

ISO 3200, f 5.3, 1/10"

ISO 3200, f 5.6, 1/13"

ISO 3200, f 5.3, 1/25"

ISO 3200, f 3.5, 1/25"

ISO 100, f 13, 5"

ISO 100, f 20, 5"

ISO 800, f 5.6, 1/5"

ISO 800, f 5.6, 1/3"

43 comments:

  1. කියාගන්ට බැරි තරම් හැම එකම ලස්සණයි. ඒත් අර වතුරේ පාවෙන නෙලුම් මල් ටික තමා හිත ඇදලා ගත්තේ.

    දැන් බණ්ඩත් ආවද වෙසක් බලන්ට?:D

    ReplyDelete
    Replies
    1. නෙලුම් මල් දෙකක් තියෙන ෆොටෝ එක නේද? මමත් එකට හරිම කැමතියි.

      බණ්ඩා අවේ නැහැ අනේ.

      Delete
  2. සමහර විට තව ඉස්සරහට වෙසක් තොරණ එහෙම තවත් අඩුවෙයිනේ. මේ විදියට විදුලිය අර්බුධයකටම ගියොත් කිසිම උත්සවයකට ඔහොම විචිත්‍රවත්ව ආලෝකය යොදා ගන්න බැරි වෙයි. දැන් බලාගන්න තරමක් තමයි. මුන් බිල වැඩිකරනව ඇරෙන්න ප්‍රශ්නවලට උත්තර හොයන පාටක් නෑනේ.

    මේ ෆොටෝ අයිලාස්ම වෙසක් බලන්න ගිහින් ගතිපුවද.

    ReplyDelete
    Replies
    1. මෙම අඩවියේ ෆොටෝස් ඔක්කොම මා විසින් ගන්නා ලද ඒවා. සමහර විට පොඩි අයිලාෂ් ගත්ත එපා පහු ගිය පිලි වල දාලා තියෙනවා ඒ වගේ එයාගේ නම සඳහන් කරලා තියෙනවා.

      (සමහර අවස්ථාවන් හි දී පමණක් පොස්ට් එකේ මාතෘකාවට අදාල ෆෝට් ගුගල් මාමා ගෙන් ඉල්ලා ගන්නවා)

      Delete
  3. සිරා පින්තූර ටිකක්. ෆොටෝග්‍රැෆි ඇත්තටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකක් ගන්න හිතාගෙන තමයි එදා එලි බැස්සේ. ෆොටෝග්‍රෆි මගේ විනෝදාංශය නේ.

      Delete
  4. සැහ්.. මට යන්න උනේ නෑනේ වෙසක් කලාපෙ බලන්න. තැංකූ ඈ මෙහෙම හරි පෙන්නුවට.
    මේකෙ කැමරා සෙටින්ග්ස් ටිකත් කිව්ව නම්... මට කෙසේ වෙතත් අලුත් එකෙකුට උදව්වක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මතක් කලාට, ඔන්න එක්පොසර් එක දාලා තියෙනවා.

      Delete
  5. ෆොටෝ ටික නං උපරිම ලස්සනයි.
    මේ පැත්තෙ තොරණක් බලන්න වෙන්නෙ පොසොන් එකට තමයි.

    ReplyDelete
    Replies
    1. දකුණු පළාතේ නේද? අපි එන්නම් ප්ලේන් එකෙන්ම.

      Delete
  6. සෑහෙන්න ලස්සනයි සහ එක්ස්පෝසර් එක දාපු එක නම් හරිම වටිනවා...මට නම් ගොඩක් වටිනවා ඒක..

    ReplyDelete
    Replies
    1. එක්ස්පොසර් එක දාන්න මතක් කලේ උකුස්සා.

      Delete
  7. පට්ටනේ කියන්නේ

    ReplyDelete
  8. ඔක්කොම ෆෝටෝස් හොඳයි. නමුත් නෙලුම් මල් දෙක තමයි මගේ ප්‍රියතම එක.

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් නේද මචං. මගෙත් කැමතිම එක තමයි ඒ ෆොටෝ එක.

      Delete
  9. ඉස්සර නං බණ්ඩෝ ගියා වෙසක් බලන්න. දැං ලයිට් එළි බලන එක තමා බුද්ධාලම්භන ප්‍රීතිය කියන්නේ.. හැක්.. කොහොම උනත් මාර ලස්සන පොටෝ ටිකක්.. (ඇවිලෙනවද නැත්ද කියල බැලුවේ)

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකක් ගහන්න කියලා හිටහෙනම තමයි වැස්ස නැති දවසක් බලලා එලියට බැස්සේ. හිතා ගත්ත විදිහට ෆොටෝ නම් ගහගන්න ලැබුනා මචන්.

      Delete
  10. ලස්සනයි උපරිම.අනේ මගේ කැමරාවෙන් රාත්‍රියට මේ තරම් ලස්සනට ෆොටෝ ගන්න බැරි ඇයි.?

    ReplyDelete
    Replies
    1. මගේ රාත්‍රී ඡායාරුප ගැන ලියපු පොස්ට් එක බලන්න.

      Delete
  11. ලස්සනයි අයියන්ඩියේ ෆොටෝ ටික...
    මමත් ආසම අර නෙළුම් මල් දෙකට...:)

    ReplyDelete
  12. වෙසක් වෙසක් විදිහටම තියෙනවා. නියමයි අයියා :D

    ReplyDelete
    Replies
    1. ස්වභාවික ලයිට් වලින්ම ෆොටෝ ගත්ත නිසා තමයි ඔය විදිහට තියෙන්නේ. කැමරාවක් ගත්තා ද මල්ලි?

      Delete
    2. නැහැ අයියා තාම විමධ්‍යගත අරමුදලෙන් ප්‍රතිපාදන අනුමත වුණේ නැහැනේ :D

      Delete
  13. හරිම ලස්සනයි අයිලාශ් අයියා පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චම්ස්. ගොඩ දවසකින් නේද?

      Delete
    2. මම කලින් "බුදුබණ ඇසුවා නිරන්තරේ" කියන පෝස්ට් එකට දාපු කමෙන්ට් එක මම හිතන්නෙ ස්පෑම් වෙලා අයියෙ.

      Delete
    3. ස්පෑම් වල බැලුවා, එහෙම කොමෙන්ට් එකක් නැහැ. ඔයාට ආපහු කමෙන්ට් එක දන්නා වේවි.

      Delete
  14. උඹ කම්මැලි වෙලා අයිලාශ් අයියේ. පොටෝ එකත් එක්ක වචනයක් දෙකකුත් කොටාපන්කො. අපට තව විස්තර ටිකක් දැනගන්නත් එක්ක, නෑ නෑ උබේ පොටෝ ටික ගොළු නැහැ, ඒත් ඉතින් පින්තූරවලට උනත් නම ගම විස්තර ඔක්කොම කියන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. එකත් හැබෑ තමයි මලයෝ. මටත් හිතෙනවා දැන් මම කම්මැලි වෙලා කියලා.

      Delete
  15. නියමම පින්තූර ටිකක් අයිලාෂ් අයියේ..... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතිය සමනලියේ.

      Delete
  16. කැමරා ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කළාද අයිලාශ්?අර කිව්ව රෑට ෆොටෝ ගන්න එක ගැන තියෙන පෝස්ට් එකත් කියවලා බලලම ඉන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි පොර්ඩ් එකයි රිමෝට් ශටර් රිලීස් එකයි දෙකම පාවිච්චි කළා දිනුක. ට්‍රයි පොර්ඩ් එක මත කැමරාව මවුන්ට් කලත්, අතින් ශටර් බටන් එක ක්‍රියාත්මක කළහොත් කැමරාවේ ඇතිවන සෙලවීම වලක්වන්න අපහසුයි. ඒ නිසා රිමෝට් ශටර් රිලීස් එක ඉතා වැදගත් වෙනවා මේ වගේ දිගු අනාවරණයක් සහිත ඡායාරුප ගැනීමේදී.

      Delete
  17. ඔබේ තෙවැනි ඇසට පින් සිදුවන්න ඉමිහිරි හැගුමක් හිතට ආවා අයිලාෂ්.

    ReplyDelete
    Replies
    1. මට එය සතුටක් නලින්.

      Delete
  18. එකක් කියන්න බැරි තරම් සේරම ෆොටෝ ලස්සනයි...මට මේක මිස් වෙලා තිබුනනේ අයියේ...
    කොහොමත් ඔන්න අයියා පිනක් කරගත්තා අපි වගේ වෙසක් බලන්න නැති උන්ට වෙසක් පෙන්නලා..

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔයා කලින් පොස්ට් එකකදී කියලා තිබුනා සෙනග අතරදී අතරමන් වෙයි කියලා බයක් තියෙනවා කියලා.

      තව ෆොටෝ ගොඩක් තියෙනවා. මේ ටික විතරක් ඇති කියලා හිතුනා.

      Delete
  19. මම බලන්න ආසාවෙන් හිටපු පින්තූර ටිකක්.. ^_^

    ReplyDelete
    Replies
    1. ඇයි, ඔයාට තවම රාත්‍රී ඡායාරුප ටිකක් ගන්න බැරි උනාද ?

      Delete
  20. ලස්සන ඡායාරුප ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා ස්නෝ වයිට්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...