Monday, June 10, 2013

මැක්රෝ ඡායාරුප - Macro photography


මැක්රෝ  ඡායාරුප ( Macro Photography)  ප්‍රවීනයන්ට  මෙන්ම ආධුනිකයන්ට  ද  ඉතා සිත් ගන්නා අංශයක් වේ.  මැක්රෝ ඡායාරුප ගැනීම අපහසු කාර්යයක් නොවුවද ඒ වෙනුවෙන් විශේෂිත උපකරණ යොදාගැනීමට සිදුවීම සමහරක් අවස්ථාවන්හිදී ආධුනිකයන් හට ගැටළුවක් වන අවස්ථාවක් වේ.

බොහෝ අවස්ථාවන්හිදී මැක්රෝ  ඡායාරුප ඉතා සමීප ඡායාරුප සමග පටලවා ගැනීමක්  දක්නට ලැබේ. එබැවින්  පළමුව මැක්රෝ  ඡායාරුප යනු කුමක් දැයි අර්ථ විග්‍රහ කරගැනීම වටි.

මැක්රෝ  ඡායාරුප යනු අප ඇසට පෙනෙන ඉතා කුඩා වස්තුන්ගේ අති සමීප ඡායාරුපයක් වන අතර, එහි ප්‍රතිබිම්බයේ විශාලනය (සෙන්සරය හෝ සේයාපටලය මත ඇතිවන) සජීවී ප්‍රමාණයේ (1:1) හෝ ඊට වඩා විශාල විය යුතුය.


උපකරණ සහ තාක්ෂණික ක්‍රම 

මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා ඒ සඳහා විශේෂයෙන් සැකසු  මැක්රෝ කාච (Macro  Lens) භාවිතා කල යුතු වෙනවා, මෙම කාච ඉතා මිල අධික වෙනවා.

මැක්රෝ කාච (Macro  Lens) 

මෙම මිල අධික මැක්රෝ කාච (Macro  Lens) යොදා නොගෙන මැක්රෝ  ඡායාරුප ගැනීමේ ක්‍රම කීපයක් ද ඇත. එම ක්‍රම ගැන ද දැනගැනීම වැදගත් වෙනවා. මැක්රෝ කාච යොදා නොගෙන මෙම ක්‍රම මගින්ද ඉතා හොඳ තත්වයේ ඡායාරුප නිර්මාණය කරගත හැක.

Extension Tubes: සෙන්සරය සහ කාචය අතර දුර වැඩි වන පරිදි කාචයත් කැමරා බොඩි එකත් අතරට Extension Tub යෙදීම  මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම සිදුකල හැක. මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් වගේම මිල අඩු ක්‍රමයක් වශයෙන් ද දක්වන්න පුළුවන්. එමෙන්ම මෙහිදී කාචය ඉදිරියෙන් හෝ පිටිපසින් වෙනත් කාචයක් හෝ පෙරනයක් (optics) සවි නොවන  නිසා ඔබගේ කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවීම ඉතා විගාල වාසියක් වේ.

Extension Tubes

Close-up lens එකක් හෝ Close-up filter  එකක් කැමරා කාචයට ඉදිරියෙන් සවිකිරීම මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම කළ හැකි වුවද එය මහින් කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි අති විශාල බලපෑමක් සිදුකල හැක. බොහෝවිට මේ ආකාරයෙන් ගනු ලබන ඡායාරුප වල ගුණාත්මක භාවය, මැක්රෝ කාච  හෝ Extension Tub යොදා ගනු ලබන ඡායාරුප වලට වඩා අඩු වේ.



Reversing Ring : කැමරාවේ සාමාන්‍ය කාචය, එහි ඉදිරිපය කොටස කැමරා බොඩි එකට සවිවන සේ සකස් කර ඇති reversing ring  නමැති උපකරණය මගින් කැමරාවට සවිකිරීම ද තවත් එක්  ක්‍රමයකි.

Reversing Ring එකක් යොදා කැමරා කාචය සවිකර ඇති අයුරු.

Macro Coupler නම් උපකරණය මගින් සාමාන්‍ය කැමරා කාචය එලෙසම තිබියදී එයට ඉදිරියෙන් තවත් කාවයක්  පෙර කි අයුරින්  එහි ඉදිරිපස සසුපසට පිහිටන ආකාරයට සවිකිරීම මගින්ද ඉතා විශාලනයක් සහිත  මැක්රෝ  ඡායාරුප ලබාගත හැක. කැමරා කාච දෙකෙහි ෆිල්ටර් සඳහා ඇති කොටස් දෙක එකට යා කල හැකි ලෙස මෙම Macro Coupler ring එක සකසා ඇත.





බ්‍රිජ් සහ "point and  shoot" කැමරා වල ලෙන්ස් මාරු කිරීමේහැකියාව නොමැති නිසා, ඒ කැමරා වල මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා වෙනමම බොත්තමක්  ඒ වෙනුවෙන් ලබා දී ඇත. මෙවැනි අවස්ථාවකදී එම බොත්තම එබීමෙන් මැක්රෝ සක්‍රිය කරගත හැක. 



මැක්රෝ  ඡායාරුප කරණයේ අංශ කීපයක්.

සමනලුන් : ඉතා කුඩා සමනලුන් මැක්රෝ  ඡායාරුප කරණයේ ඉතාම සිත් ගන්නා  අංශයක් වන අතර මොවුන් වෙත ලඟා වීම ඉතා ඉවසීමෙන් මෙන්ම සීරුවෙන් කල යුත්තක් වෙනවා.




ජල බිඳු : වර්ෂාවකට පසු හෝ හිමිදිරි පාන්දර දකින්නට ලැබෙන ජල  බිඳු ද ඔබගේ මැක්රෝ  ඡායාරුප  වලට ඇතුලත් කරගත හැක.




මල්: ඉතා කුඩා මල් සහ කොළ වර්හ ද සිත් ගන්නා සුළු මැක්රෝ  ඡායාරුපයන්  වේ.




කෘමින්: ඉතා කුඩා කෘමින් ද ඔවුන්ගේ වර්ණ සහ හැඩතල ඉස්මතුවන ආකාරයට මැක්රෝ  ඡායාරුප වලට ලක් කල හැක.




52 comments:

  1. මගේ ලැයික්ම එක තමා ඔය ක්සුද්‍ර පින්තුරු බලන එක. මාර ගති...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.

      කොහොමද හැමදාම පළවෙනියා වෙන්නේ :D

      Delete
  2. මගේ නම් හිත ගත්තෙම අර වතුර බිංදු ටික. මොකද ඇත්තටම මාත් වහින වෙලාවට ඔයවගේ පින්තූර ගන්න සෑහෙන ට්‍රයි කරල තියෙනව. ඒත් කවදාවත් ලස්සනට ගන්න බෑ. ගොඩක් වෙලාවට වතුර බිංදුව ළඟටම ගිහින් ගත්ත පින්තූර බොඳ වෙලා වගේ පේන්නෙ.zoom කරත් එහෙමයි. මැක්‍රෝ කියල ඒකට වෙනම ඔප්ශන් එකක් සිලෙක්ට් කරන්න තියෙනව කියල දැනුයි දන්නෙ. බලන්නම්කො එහෙමත් කරල :)

    ReplyDelete
    Replies
    1. වතුර බින්දු වල මුල් ෆොටෝ දෙක මගේ පොඩි පුතා ගත්ත ඒවා.

      ඔයාට මැක්රෝ ඔප්ෂන් එක අනිවාර්යයෙන් සිලෙක්ට් කරන්න වෙනවා, නැතිනම් හරියට ෆෝකස් කරගන්න බැරිවෙනවා. ලග වැඩි නිසා.

      Delete
  3. මට නම් ඔය DSLR එකක් නැති නිසා ඔය මැක්‍රො බට්න් එක තමයි පාවිච්චි කරන්නේ, මචං.

    ලස්සන පින්තූර ටික කියලා නම් කියන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන ෆොටෝ ඔක්කොම බ්‍රිජ් කැමරා වලින් ගත්ත ඒවා.

      Delete
  4. නියමයි පිංතුරටිකත් මරුම තමා.

    ReplyDelete
  5. මාත් කැමති වතුර බිංදු ටිකට.:)

    ReplyDelete
    Replies
    1. තිබහට හරි ඉතින් වතුර බිංදුව නේ ඕනා වෙන්නේ.

      Delete
  6. තාම මැක්‍රෝ බටන් සරණං ගච්චාමි... මරු පින්තුර ටික අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන ඒවත් එහෙම්ම් තමයි.

      Delete
  7. මාත් මැක්‍රෝ බටන් එක ඔබල පින්තූර අරං තියෙනව. ගන්නකොට පොඩ්ඩක්වත් හෙලඋනොත් සොරි තමයි.

    ලස්සන පින්තූර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ටිකක් වැඩි ශටර් ස්පීඩ් එකක් දෙන්න ඕන.

      Delete
  8. නියමයි අයියේ..මමත් දැකලා තියෙනවා සමනල්ලු , බඹරු මල් පැණි බොන වෙලේම ගත්ත පින්තූර..මා ළඟ වීඩියෝ එකක් තිබ්බ NHK එකෙන් හදපු අමුතුම Extension Tub එකක් ගැන ..අඩියක් විතර දිග එස්ලෝන් බටෙකට ලෙන්ස් එකක් හයි කරලා වගේ බැලු බැල්මට...මේ වගේ දේවල් ගැන ලියන්න අයියේ..මොකෝ මේවා දකිද්දී දකිද්දී කරන්න ආසාව එනවනේ..


    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් මල්ලි, එතරම් දිග extension tubes ගැන මම මේ වෙනකල් අහලා තිබ්බේ නැහැ. ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා, නොදැන හිටි දෙයක් දැනගන්න ලැබුනා.

      Delete
    2. මේවා දකිද්දී ආසාව වැඩි වෙනවා දරාගෙන ඉන්න අමාරුයි අය්යේ..ඒත් ආසාව වැඩි කමට කලබලේට කැමරා අටවන් ලන් වෙද්දීම සමනළයා ඉගිලෙනවා...පොඩි කරලා දාන්න හිතෙනවා ඉතින් එන කේන්තියට ...කූඹි නම් අවුලක් නැහැ ඔහේ ඉන්නවා හරක් ටික වගේ..


      අපි කඩේ දකින extension tub එකක් වගේ නෙවේ ඒක..අඩියක් විතර දිගයි සහ ලෙන්ස් එක තියෙන්නේ අංශක 30 විතර කෝණිකව බටේ කෙළවර ...පැත්තෙන් ඉඳන් සමනලයගේ පින්තූර ගන්න පුළුවන්..මල් වත්තක අයිතිකාරයෙක් හදලා තිබුණේ...

      Delete
    3. සමනලයන් ෆොටෝ ගන්න එක හරිම අමාරු වැඩක්. මම මේගොල්ල ෆොටෝ ගන්න පුරුදු වුන හැටි වෙනමම පොස්ට් එකකින් කියන්න වේවි.

      මට හිතෙන්නේ ඔයා කියන විදිහට ඔය එක්ස්ටෙන්ෂන් ටියුබ් එක ඇතුලේ කන්නාඩියක් සවි කරලා ඇති, අර මිරර් ලෙන්සස් වල වගේ.

      Delete
    4. \\\මට හිතෙන්නේ ඔයා කියන විදිහට ඔය එක්ස්ටෙන්ෂන් ටියුබ් එක ඇතුලේ කන්නාඩියක් සවි කරලා ඇති, අර මිරර් ලෙන්සස් වල වගේ.\\\

      [im#]http://www.syneco.co.uk/solarspot/wp-content/uploads/2012/02/0-30-adjustable-angle-300mm-flipped.jpg[/im]

      මම කියපු එක නෙවේ ..නමුත් මෙන්න මෙහෙමයි බාහිර පෙණුම බටේ අග..අනිවා මිරර් එකක් තමයි අයියේ.

      Delete
    5. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ.

      Delete
    6. [im]http://www.syneco.co.uk/solarspot/wp-content/uploads/2012/02/Angled-sections.jpg[/im]

      Delete
    7. ස්තුතියි මල්ලි

      Delete
  9. වාව් වාව් වාව් .....! මේ තියෙන්නේ මන් කැමතිම වර්ගයේ ලිපියක් ....ස්තුතියි ඔබට !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි

      Delete
  10. අද නම් වැදගත්ම පාඩමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ගයනි.

      Delete
  11. මම ආස විදියේ පින්තූර ටිකක් අප්පා

    ReplyDelete
  12. මට මතකයි කලකට ඉහතදී ජපන් ජාතිකයකු මේ ආකාරයේ වීඩියෝ කැමරාවක් නිපදවා තිබුනා. එහි කාචය සෙන්ටි මීටරයක් තරම් විෂ්කම්බය තිබෙන දිග ලෝහ නලයක සවි කර තිබුණේ. ඔහු එයින් ලබාගත් කෘමීන්ගේ ඡායාරූප අද්භූත කතාවක එන මහා විශාල සතුන් වගේ පෙනුනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක, ඇත්තටම ඒ වගේ ඡායාරුප හරිම ලස්සනයි නේද?

      Delete
  13. චායාරූපවල මාත් බලන්න ආසම එකක් තමා මැක්‍රෝ චායාරූප.ඒ වගේ වතුර බිඳු, කුඩා කෲමින්,චූටි මල්වල පොටෝවලට මාත් හරි ආසයි.

    පොටෝ හරි ලස්සනයි. අර වතුර බිඳුව වැටෙන්න ඔන්න මෙන්න තියෙන හටි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල් මානෙල්, ගොඩ දවසකින් නේද.

      Delete
  14. එතකොට අර විසිරෙන වතුර බිංදු වල ෆොටෝ ගන්නෙ මැක්‍රො වලින් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මැක්‍රෝ වලින් තමයි.

      Delete
  15. තියෙන්නේ 18-55 ලෙන්ස් එකක් හින්දා අමාරුවෙන් හරි මාත් අම්බානක ට්‍රයි එකක් දෙනවා මැක්‍රො ෆොටෝස් ගන්න. ඒ හින්දම හ්‍මම Close-up Lens සෙට් එකක් Ebay එකෙන් ගෙන්න ගන්න බැලුවේ ගාන අඩු හින්දා. ඒත් අයියගේ විස්තරේ එක්ක ඒකෙන් ලොකු වෙනසක් වෙනවා කියලා තිබුන හින්දා පොටෝවට පොඩ්ඩක් හිත ගැස්සුනා. ඒත් අයියේ මම You tube බැලුව වීඩියෝ වල නම් ගොඩාක්ම ලොකු වෙනසක් පේන්න තිබුනේ නෑ.
    තව එකක් අයියේ Ebay එකෙත් ඕකට Close-up Filter කියන නම පාවිච්චි කලාට මම දැක්කා ලාල් හෑගොඩ සර්ගේ ඩිජිටල් ෆොටෝග්‍රැෆි කියන පොතේ තියනවා ඒ නම බාවිතා කිරීම වැරදියි කියලා.
    Reversing Ring එකෙයි Extension Tube වලයි තියන ලොකුම පාඩුව Auto Focus නැති වීම නේද. මොකද මම දන්න විදචිහට ඒ දෙකම Manual Focus විතරයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //ඕකට Close-up Filter කියන නම පාවිච්චි කලාට මම දැක්කා ලාල් හෑගොඩ සර්ගේ ඩිජිටල් ෆොටෝග්‍රැෆි කියන පොතේ තියනවා ඒ නම බාවිතා කිරීම වැරදියි කියලා.//

      මල්ලි ඉස්සෙල්ලම මම කියන්න කැමතියි ඔය වචන අල්ලාගෙන හරඹ කරන්න යන්න එපා. මේක තමයි අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ලෙඩේ. ආගම ධර්මය ගැන උනත් එහි සාර ධර්ම වට වඩා වචන අල්ලගෙන් තර්ක කරනවා. ඉතින් ඕකට මොන කෙහෙම්මල් කිවත් කමක් නැහැ වැඩේ වෙනවානම්. මේ මගේ මතය.

      Reversing Ring එකෙදී සියලුම auto පහසුකම් නැති වෙනවා.

      Extension Tube තියෙනවා auto focusing විතරක් නෙවේ සියලුම ඖටෝ පහසුකම් ලබාගත හැකි ලෙස electrical contacts සහිතව. මේ වගේ සෙට් එකක් ඩොලර් 80-90 විතර වෙනවා. manual Extension Tube set එකක් ඩොලර් 20කට වගේ ගන්න පුළුවන්.

      Delete
  16. අර උඩ තියෙන ජල බිදු ෆොටෝ දෙකට මම මාර ලයික් ඈ....
    මගේ චුටි කැමරාවේ මැක්‍රෝ නෑ අනේ.දුක තමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලියේ.

      Delete
  17. ඔබෙ පින්තුර අතරින් මගේ සිත් ගත් පින්තුර බොහෝ ඇත. ඉතම අලංකාරයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  18. ලස්සන ෆොටෝ ටික.. වතුර බිංදු ටිකට තමයි මං ආසම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන, බලං ගියාම හැමෝම කැමති වතුර බින්දු වලට.

      Delete
  19. ඔහෝ... මගෙත් ආසම එකක් ඔය මැක්‍රෝ ෆොටෝ ගැනිල්ල. අම්මගේ මල්ගස් අස්සේ රිංගන ඉඳල 18-55 ලෙන්ස් එකත් අරගෙන කරපු ෆොටෝ ගැනිල්ල ගැන මට මේවා දැක්කම මතක්වෙනවා. ඒ කාලේ තිබ්බේ එක ලෙන්ස් එකයි නේ. :) මොනවා කරන්නද ඉතිං. ඒකෙන් මං දාපු සෙල්ලන් :)

    ReplyDelete
    Replies
    1. හැකිනම් මැක්‍රෝ එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් ගන්න. ඔටෝ ෆෝකස් වලට සපෝර්ට් කරණ එකක් ගන්න.

      Delete
    2. වැඩේ කොහොමද ඕක කොරන්නේ? මට තවම වැඩේ අවුල්. බයයි කැමරාවට සොරි වෙයි කියල..

      Delete
    3. [im]http://i.ebayimg.com/t/Automatic-AF-Auto-Focus-Macro-Extension-Tube-Set-for-CANON-EOS-M-m2-Electronic-/00/s/Nzk4WDgwMA==/z/eGkAAOxyiOxR1TWd/$T2eC16Z,!yME9s5qHseQBR1TWdROC!~~60_12.JPG[/im]

      මේ ටියුබ් එක බලන්න. ඔයාට පේනවාද මේකේ contacts ටික ඉස්සෙල්ල මේක body එකට හයි කරන්න සාමාන්‍ය ලෙන්ස් එකක් හයි කරණ විදිහට ඊට පස්සේ ලෙන්ස් එක හයි කරන්න. බය වෙන්න එපා මේවා ප්‍රොෆෙෂනල් items .

      Delete
    4. කොහෙද අර බටයක් මැදින් තිබ්බ ටියුබ් එකට බයවෙලා ගිහින් නේ මං හිටියේ, දැන් නං මම මේ ගැන ඉගන ගන්නවා. ඒ හින්දා බයක් නෑ. මොකක් වුනත්, මේ ගැන මුලින්ම කියල කුතුහලය අවුස්සලා ගත්තු ඔබට ස්තුතියි..

      Delete
  20. පෝං කෑලි වලින් සූම් කරල නේද බං ගන්න වෙන්නෙ. මගෙ ඒකේ ඔය කියන එක නැහැනෙ ;(

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටෙන් පිලිගන්නවා, අද නේද ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ.

      අලුත් ෆෝන් කැමරා වල සුම්, මක්‍රරෝ, එෂ්පොසර් කම්පන්සේෂන් ඔක්කොම තිබෙනවා.

      Delete
  21. මේ වගේ පින්තූර කෙතරම් රස වින්ද තිබුනත්, එහි පසුබිම දන ගත්තේ අද. හිරුගේ ලින්ක් එකෙන් ආවේ. කැමරාකරණය මගේ ප්‍රිය මාතෘකාවක් නොවුනත් මෙය කියාව යම් රස වින්දනයක යෙදුනා. මට තිබෙන ප්‍රශ්නේ ඔය ත්‍රෙඩ් බොහොම සීරු-මාරුවට භාවිතා කරන්න ඕනේ නේද ? ෆෝන් වලත් මේ ඔප්ෂන් තියෙනව කිව්වා නිසා බලන්න ඕනේ හොයලා.

    ReplyDelete
    Replies
    1. ඈ බොල බැන්කුවෝ මේ පැත්තේ එන්න හිරැ පාර කියන්නම ඕන උනා නේද? කමක් නැහැ බොහොම ආදරයෙන් පිලිගන්නවා.

      ඔබේ ප්‍රියතම අංශය ක්‍රිකට් නේ, ඉතින් කැමරාවක් සහ හොඳ ටෙලි ලෙන්ස් එකක් අරන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ ඉරියව් ඡායාරුප ගැනීම පටන් ගන්න. පිස්සුව නිකන්ම හැදෙනවා.

      දැන් තියෙන කැමරාවල ත්‍රෙඩ් නැහැ ක්ලිපොන් තියෙන්නේ. ඉතාම ක්ෂණිකව මාරුකරන්න හැකියි.

      Delete
  22. නියම ලිපියක් ඔන්න දැනුයි දැනගත්තේ බ්‍රිච් කැමරාවක තියන වාසිය.

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...