පහුගිය දවසක මාතලන් මලයා පොස්ට් එකක් දාල තිබුනා "අනේ අපව බේරගන්න කවුරුත් නැත්දෝ " කියල. මමත් ඉතින් මගේ අදහස කොමෙන්ටුවකින් දල ආව. ඒ පොස්ට් එක කියවනකොට මට මේ පරණ කතාවක් මතක් උනා. කියවලම බලමුකෝ.
"යටගිය දවස මෙසිරිලක උන්නාවූ ඉංජිනේරු මානවකයෙක් අකාලයේ මිය පරලොව ගොස් අපායේ පහල වුවෝය........"
ඔන්න ඔහොමයි ළමයිනේ කතාව පටන් ගන්නේ.
ඉතින් මේ අපායේ පහල උන ඉංජා දඬුවම් සඳහා කටු ඉඹුල ලඟට ගෙනියනකොට එතන ෆුල් තදබදේ. ලේ පෙරාගෙන නිරී සත්තු කටු ඉඹුලේ නගිනවා, බහිනවා. යාම පල්ලොත් කස තියාගෙන ගහ ගහා කෑ ගහනවලු "නැගපියව්.... බැහැපියයව්... ඉක්මක් කරපියව්...."  මල කෙලියයි, මේක දැකපු අපේ ඉංජා යමයෙක්ට කියල පර්මිසන් අරගෙන මෙතන ලිෆ්ට් එකක් හලද තියෙනවා. දැන් ඔය යන්නේ ෂෝක් එකට... කස්ටිය ෆුල් චුන් එකේ ලිෆ්ට් එකෙන් කටු ඉඹුලේ නගිනවා.. බහිනවා.. 
මේක දැකපු යමයන්ටත් ෆුල් ෆන්.. ඇයි බොලේ දැන් කෑගහන්න දෙයක් නැහැනේ. ඉතින් එක යමයෙක් ඉන්ජා ලඟට ගිහින් කීවාලු 
"මල්ලි ඔයා මාර වැඩර් තමයි.. බැරිද මල්ලියේ ලෝදිය හැලිය ලගටත් සප් එකක් දෙන්නන? එතනත් මාර කචල් මල්ලි"
"අයියෝ ඔක සුළු දෙයක්නේ බොස්. මාව එතනට එක්කගෙන යන්න "  ඔන්න ඔහොම තමයි  ඉංජා උතර දුන්නේ.
දැන් ඉතින් යමයෝ ටික ඉංජාව ලෝදිය හැලිය ලගට අරගෙන ගියා. එතනත් මල කෙලියයි යමයෙක්  ලෝදිය බෙදනවා අනික් යමයෝ මෙතන ඉන්න නිරිසතුන්ට කසයෙන් ගහ ගහා පෝලිම් හදනවා එකම කාලගොට්ටියි. ඉතින් ඒ ගමන අපේ ඉංජා  "feasibility study" එකක් එහෙම කරලා මෙතන රොබෝවෙක් හැදුවා, ලෝදිය බෙදන්න. තව "conveyor belt" එකක් එහෙම දාලා, දැන් ඔය ලෝදිය කෝප්ප බෙල්ට් එක දිගේ යනවා. මුන් ටික බෙල්ට් එක  දෙපැත්තේ ඉඳගෙන ෆුල් ෆන් එකේ ලෝදිය බොනවා. දැන් යමයන්ටත් කරදරයක් නැහැ. අපායට  සුබ අනාගතයක්.
  
දැන් මේ වැඩ අපේ යම රජ්ජුරුවන්ට ආරංච් වෙලා බොහොම සතුටු උනා. ඊට පස්සේ ඉංජාගේ වදබන්දන වලින් නිදහස් කරලා "Staff" කියල අයිදෙන්ටියක් එහෙමත් දීල තියෙනවා. දැන් ඉතින් ඉංජා  අපායේ ෆුල් වැඩ.
ඔන්න ඔය අතරේදී මේ කතාව CID  එක මාර්ගයෙන් දිව්‍ය ලෝකෙට ආරංචි උනා. ඒ පාර දිව්‍ය ලෝකෙ රජ්ජුරුවෝ වන ශක්‍ර දෙවියෝ මේගැන සොයල බලලා මෙන්න මෙහෙම SMS  එකක් යවනවා    යම රජ්ජුරුවන්ට.
"ඔය ඉංජා  ඉන්නද ඕනේ අපායේ  නෙවේ, දිව්‍ය ලෝකෙ. වහාම මෙහෙට ට්රාන්සරයක් දෙන්න"
මේක දැකපු යම රජ්ජුරුවන්ට මල පැනපි, "ඇයි යකෝ මගේ විමානේ එයාර් කොන්දිසෝන් කොරන්න ගියා  විතරයි.., මේකා  යවල කොහොමද?" තමාටම කියාගෙන මේ විදිහට රිප්ලයි  එක යැවුවා.
"බොහොම කණගාටුයි, දැන් ඔහු මෙහේ ඉස්තිර සේවකයෙක්"
මේක දැකපු ගමන් ශක්‍ර දෙවියන්ට මලපැනල මෙහෙම අලුත් SMS  එකක් එවනවා.
"පැය 24ක් තුල ඉංජා දිව්‍ය ලෝකෙට එවුවේ නැතිනම් අපායට නඩු පැවැරීමට කටයුතු කරමි"
ඔන්න බලන්නකෝ යම රජ්ජුරුවන්ගේ රිප්ලයි එක.
"හු හු හූ ...... නඩු දාන්න දිව්‍ය ලෝකෙ කොහෙද ලොයර්ල... උන් ඔක්කොම මෙහේ"
 
 
 
හික් හික්! :D
ReplyDeleteඅකුරු ටිකක් ලොකු කරමු
එතකොට මචං ඔය සිරා බණ්ඩාරනායක මැතිණිය, මලින්ද රාජපක්ෂ,මානල් රාජපක්ෂ, වගේ අයත් අපයාටද යන්නේ.. එහෙම හරි නෑඈඈඈ වගේ නේද?
ReplyDeleteමන් හිතන්නේ මචෝ එහෙ විසා රෙඩි මෙයාලට
Deleteහික්ස්.....අයියෝ....අයියෝ..... :D
ReplyDeleteමොකද සමනළියේ හිනාව....
Deleteඑතකොට ඔක්කොම ලොය්ර්සලා බොරුකාරයෝ වන්චාකාරයෝ ..ලොය්ර්ලට ගිය කලක් ! :D
ReplyDeleteඅයියෝ සල්ලි......... මමත් වෙලාවට ඔය අහවල් ලෝ කොලේජ් යන්න ගිහිං පෙර පිනකට ඉන්ජෙක් උනේ. මම ගියොත් අපායේ සර්වර් එකට පොඩි ජිල්මාට් එකක් දාල ස්ටාෆ් අයිඩින්ටිය ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ.
ReplyDeleteකෝරලේ වලව්ව
එහෙනම් උඹ යන්තම් බේරුණා කෝරලේ මලයෝ..
Delete