Saturday, December 22, 2012

තීන්ත පාර




මේ කතාව අපේ ඉංගිරිසි සර් සහ තවත් කොලුවෙක් ගැන තමයි අපේ සගයාගේ නම ජයේ කියල කියමු. මේ සිද්දියට ඉතින් ඍජුවම නැති උනත් මං තුමාත් සම්බන්ධයි. ඉංගිරිසි සර් ටිකක් පොඩි පහේ සරිරයක් තිබුන තට්ටය පෑදුන හාදයා . නම ගැන ඉතින් අහන්න දෙයක් නැහැනේ ... තට්ටයා තමයි. මේ සර් අර යු. ජි. සර් වගේ නෙවේ. බොහොම නිවිච්ච මනුස්සයා. හබැයි  පුතෝ තරහ ගියොත් ඉතින් මළ යකා තමයි. මේ සර් අඳින්නේ බොහෝම ලා පාට ඇඳුම්. කලිසමේ ඉන ටිකක් ලොකුවට තමයි ඇන්දේ. 


මේ සර් ගේ ගෙවල් තිබුනෙත් අපේ ගෙවල් වලට බොහොම කිට්ටුව. අපේ නෑදෑ සනුහරේ ගොඩක් අය සර් ගේ බොහොම හිතවත් අය, ඒ නිසාවෙන් පන්තියේ දීත් මට සර් බොහොම ආදරෙන් හිටියා මේ සිදුවීම වෙනකල්ම.

සර් හැමදාම වගේ ගෙදර වැඩ පවරලා පහුවෙනිදට ඒ පැවරුම් බලලා පොත් පත් වල සටහන් තබනවා. සර්  පුරුද්දක් විදිහට මේ පැවරුම් ටික බලන්නේ ළමය ලඟට ඇවිත්, එතකොට ළමයා නැගිටිනවා සර් එම ළමයාගේ පුටුවේ වාඩිවෙලා තමයි පොත බලන්නේ. ඉතින් එදත් පුරුදු විදිහටම සර් පොත් බලනවා. ඔන්න දැන් මම ඉන්න තැනට ඉස්සරහ පුටුවේ සර් වාඩිවෙලා පොතක් ලකුණුකරනවා. ඔන්න ඔය වෙලේ තමයි වැඩේ උනේ. මම කලින් කීවනේ සර් කලිසමේ ඉන ටිකක් ලොකුවට අඳිනවා කියල, ඉතින් සර් අපිට‍ ඉස්සරහින් වාඩි උනහම සර්ගේ පිටිපස්සෙන් කලිසම ටිකක් නෙරලා ඇවිත් යට කලිසම ටිකක් විතර පේනවා. ඔන්න ඉතින් එවෙලේ මට එහා පැත්තෙන්  වාඩි වෙලා හිටපු ජයේ මගෙන් අහනවා 

"මචං සර් ගේ ජොකා පේනවා .. මම ජෝකාට තීන්ත ගහන්නද?"

(ඒ දවස් වල අපි ලියුවේ තීන්ත පෑන් වලින්. ඉස්කෝලේ කාබන් පැනෙන් ලියන්න දෙන්නේ නැහැ අකුරු කැත වෙනවා කියල. කොච්චර තීන්ත පෑනෙන් ලියුවත් තාමත් මගේ අකුරුනම් කැතයි. සමහරවෙලාවට මම ලියපුවා මටම කියවගන්න බැහැ. අපෝ මේ මොනවද කියවන්නේ. නැහැ නැහැ මගේ අකුරු ලස්සනයි.)

ඒ වෙලේ මට හිතාගන්න බැරිඋනා ජයේ කොහොමද කලිසමට යටින් තියෙන ජෝකාට තින්ත ගහන්නේ කියල. ඒක බලාගන්නත් එක්ක මම කියපි..

"හා පුලුවන්නම් කරපිය. කීයක් ඔට්ටුද ඕක කරන්න බැහැ"

මෙන්න ඒ ගමන මේකා  පැන ගලවල හිමින් සීරුවේ සර් ගේ කලිසම ඉදිරියට නෙරපූ තැනින් ඇතුලට දාල තීන්ත ටික ඔක්කොම කලිසම ඇතුලට මිරිකුවා.  සිදුවීම ඔතනින් ඉවරයි. වැඩේ වෙන්නේ පහුවෙනිදා.

ඔන්න ඉතින් පහුවෙනිදත් සුපුරුදු ලෙස සර් පොත් සලකුණු කරමින් ඇවිත් අර ඊයේ මට ඉදිරියෙන් හිටපුතැනම වාඩි වෙලා සර්ගේ පාඩුවේ පොත බලනවා. ඔන්න එදා  ජයේ කියපි  

"මචෝ අදනම් මට හිතෙනවා සර්ගේ shirt එකට තීන්ත ගහන්න"

මටත් නිකන් ඉන්න බැරි කමට මෙහෙම කියුවා 

"හොඳයි පුලුවන්නම් ගහපිය"

පැනේ මුඩිය ගැලවුණා......, විදුලි වේගයෙන් ජයාගෙ පැන ඒ මේ අත ගියා............ සර් ගේ කමිසයේ නිල් පාට කතිර ලකුණක් මතු උණා........... අපිට පිටුපසින් හිටපු හැමෝම මේ දේ දැක්කා. දැන් පිටිපස්සේ එවුන් ඔක්කොම මහා හඬින් හිනා වෙනවා. 

"අඩි මොකද තොපි කෑගහන්නේ.. කට වහගෙන හිටපියව්" 

ඔන්න මාරාවේශ උන සර් ගේ භාෂාවත් වෙනස් උණා. සර් ට තර ගියේ ළමයි හිනා උනාට. තීන්ත කතාව සර් දන්නේ නැහැ. ඔන්න කොහොමහරි පිටිපස්සේ පේලිවලත් පොත් ඔක්කොම බලල සර් ඉස්සරහ කළු ලෑල්ල ලඟට ගියා  විතරයි...

"සර් .. සර්..,   සර් ගේ කමිසයේ තීන්ත..." 

ඉස්සරහ පේලියේ කඩාකප්පල් කාරයෙක් කියපි. දැන් උන දේ හිතා ගන්න පුලුවන් නේද?   මෙන්න සර් shirt එක ගලවල බලනවා මෙන්න මේ විදිහට.


දැන් ඉතින් සර් නෙමේ, මාර දිව්‍ය පුත්තරය තමයි. shirt එක ගලවල ගුරු මෙසේ උඩ. බැනියම පිටින් තමයි  සර් ඉන්නේ.එහෙම ඉඳගෙන හොඳම ඉංගිරිසි වලින් බණිනවා. (ඒවා මේකේ ලියන්න බැරියෝ) 

"මුන් ඊයේ මගේ කලිසමටත් තීන්ත ගහල, අද කමිසෙට .... හිටු තොපිට කරන දේ බලන්න.. පන්තියේ හැම එකාටම ගහන්න කලින් කියපිය කව්ද මේ බලු වැඩේ කලේ.."

හොඳ වෙලාවට, කඩාකප්පල් කාරීන් ඉන්නේ ඉස්සරහ පේලි වල නිසා උන් දැක්කේ නැහැ  කලේ කවුද කියලා, නැත්තන් අමු පාවාදීම තමයි. පන්තියෙන් කිසිම සද්දයක් නැහැ, ජීවිතේට වැරද්දක් නොකරන උන් වගේ ඉන්නවා.

"හොඳයි කියන්නනේ බැරි.. මේක එකෙක් වත් දැක්කේ නැහැ වෙන්න බැහැනේ .. ගන්නවා හැමෝම කොළ කෑල්ල බැගින්.. දැන් මේක කරපු එකාගේ නම ලියල කොල කෑලි ටික නවල ගෙනත් මගේ මෙසේ උඩින් තියනවා එතකොට කියපු කෙනාව කවුරුත් දන්නේ නැහැ නේ "

කොහොමද සර් ගේ පොත ? දැන් හැමෝම තම තමාගේ කොලකැල්ල නවල ගුරු මෙසේ උඩින් ගිහින්  තියනවා. දැන් නවපු කොළ කැලි   ගොඩයි. සර් මේ එකින් එක දිග ඇර ඇර  බලන ගමන් මෙහෙම තනියම කියවනවා.."

"හ්ම් .. හිස් ,  එකෙත් නැහැ,.... මේකත් හිස්." 

එකපාරටම සර්ගේ ටෝන් එක වෙනස් උනා.. කෙලින් වෙලා ගියා..

"මොකක්.... තට්ටයා ...  කවුද යකෝ තට්ටයා  ... ගෙදර ගිහින් බලාපිය තොපේ අප්පගේ තට්ටේ තියෙනවද කියලා"

තවත් මොකෙක්දෝ එකෙක් ඇවිලෙන ගින්නට පිදුරු දාලා. කොළ කැලි බැලිල්ල එතනින් ඉවරයි. පටන්ගත්තා එතන ඉඳන් සබ්බුව මුළු පන්තියටම. අන්තිමටම  මම තමයි සර් ලඟටගියේ වේවැල් කසාය ලබාගන්න .

සර් වේවැල අතේ තියාගෙනම මගෙන් අහනවා ..

"කවුද පුතා මේ වැඩේ කලේ..?"

"දන්නේ නැහැ සර්"

"හැරියන්  යකෝ  අනිත් පැත්ත"

චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්...චාටස්... එක දිගට 10-12 මගේ පස්ස පැත්තට 

"මේ තොගේ ගෙදර  උන්ටත් එක්ක".

13 comments:

  1. හැක් හැක්!:D
    මරු ඇම්ඩන් ඩයල් නෙ බං උබලටත් සෙට් වෙන්නෙ :D

    ඔන්න මේ වෙන කං ලියල තිබ්බ කතා ඔක්කොම කියෙව්වා.. ලියමු තවත්.. :)

    ReplyDelete
    Replies
    1. අපෝ මලේ මේ මතක තියෙන්නේ ටිකයි.

      Delete
  2. අපොයි....... යකෝ ගෙදර ඉන්න උනුත් ගුටිකාලා අන්තිමට. :O

    ReplyDelete
    Replies
    1. දඬු කදේ නොගහ ඇති කොලරේ මහත්තයෝ

      Delete
  3. හයියෝ......අන්තිමට අර මුකුත් නොදන්න ගෙදර මිනිස්සුත් ගුටි කාලනේ.....

    ReplyDelete
  4. hapoyi gedara aeyontath ekkama guti hambawela :)

    ReplyDelete
  5. අයිලාසුත් ඉස්කෝලෙ කාලෙ උපරිමේට විඳලා තියෙන හැඩයි. ඉංගිරිසි සර් කාරයත් එක විදියක චරිතයක් නේ? අර ගෝලයගෙ පු‍ටුවෙ ඉඳගෙන පොත් බලන එක හෙම.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හැබැයි dude පුදුම ජොලියක් තමයි ඒ කාලේ. දැන් ඉන්න එඋන්ට මෙහෙම වින්දනයක් නැහැ. පන්ති.. පන්ති,,, පන්ති.. එකම තරගයක්

      Delete
  6. කොහෙන්ද බං අර පින්තූරෙ..කතාවටම ඔබින.

    තින්ත ගහපු එකා මාර බුවෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. පින්තුරේ .... මගේ වැඩ තමයි බන්.

      ඔව් තීන්ත ගහපු එක මාර (මාරයා සමාවෙන්ට හොඳේ?) එකෙක් තමයි. අපේ පන්තියේ නියම බඩු ටිකක් හිටියා.

      Delete
  7. කොල්ලට ගහලා වගේ ගෙදර අයට උණ ගැනෙන්න :P

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...