මෙම පොස්ටුව ලියන්න කල් ගිය නිසා කලින් පොස්ටුවේ තිබුන දේවල් අමතක වෙලා ඇති නේද? ඒ නිසා
DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද? පළමු කොටස මෙතනින් බලාගෙන අවොතින් හොදයි.
බොහෝ DSLR කැමරා වලින් වීඩියෝ ගත කල හැකි බව දන්නවා නේ. ඔය කැමරා එකේ තියෙන වීඩියෝ බටන් එක ඔබලා වීඩියෝ කරන්න පුළුවන්. විවිධ කැමරා වල මේ බටන් එක තිබෙන තැන වෙනස්.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.. ඔය වීඩියෝ බටන් එක ඔබන්න කලින් කැමරාව ලයිව් විව් (Live View) දමන්න ඕන. ලයිව් විව් (Live View) කියන එක දන්නවා නේ.
පහල තියෙන රුප හොඳින් බලන්න.
 |
Nikon කැමරාවේ වීඩියෝ බටන් එක |
 |
Canon කැමරාවේ වීඩියෝ බටන් එක |
|
දැන් ඉතින් ඔක්කොම හරි මට වීඩියෝ කරන්න පුළුවන් කියලා හිතන්න නම් එපා. මේ විදිහට වීඩියෝ කරන එක හරියටම කැමරාවේ ඔටෝ මෝඩ් එකෙන් ෆොටෝ ගන්නවා වගේ තමයි. අවශ්‍ය නම්
කැමරාවේ AUTO මෝඩ් එකෙන් Manual ගමු පොස්ට්එක බලන්න. ඉතින් වීඩියෝ කරනකොට බොහොම වැදගත් වන දෙයක් තමයි කැමරාවේ සෙටින්ග් ටික. අපි ඒ ගැන පසුවට කතා කරමු.
මේ පහල තියෙන කැමරා තමයි වීඩියෝ වලට හොඳම DSLR කැමරා විදිහට තියෙන්නේ. ඒ කැමරා ගැනත් පහල ඇති ලින්ක් වලට ගිහින් පොඩ්ඩක් බැලුවොතින් බොහොම හොඳයි.
ඉහත ඇති කැමරා ලැයිස්තුවෙන් පහලම ඇති කැමරා වර්ග තුන මිලෙන් අඩු බැවින් ආධුනික ශිල්පියෙකුට ඉතා හොඳ බව මහේ අදහසයි.
මම මිට පෙර පොස්ටුවේ සඳහන් කල මියුසික් වීඩියෝව කර ඇත්තේ
Nikon D5100. කැමරාවකින්. ඒ
වීඩියෝව මෙතනින් බලන්න පුලුඑවන්. එම කැමරාවේ වීඩියෝ කිරීම1080p ප්‍රමාණයේ (resolution) කල හැකි නිසා වීඩියෝ කොලිටිය ඉතා හොඳයි. එමෙන්ම එහි flip-out ස්ක්‍රීන් එකක් තියෙන නිසා වීඩියෝ කිරීම් පහසුයි. මේ පහත තියෙන පින්තුර ඔබලා
Nikon D5100. කැමරාවකින් කර ඇති කෙටි වීඩියෝ ටික බලන්න.
ඊළඟ පොස්ට් කිහිපයෙන් කැමරාවේ සෙටින්ග්ස්, අමතර උපාංග සහ වීඩියෝ එඩිටිං ගැන කතා කරමු.
ඉස්සෙල්ල කැමරාවක් ගන්න එපැයි. හැක්..
ReplyDeleteබලමු ඊගාව පෝස්ට් ටිකත්