Tuesday, September 2, 2014

නිධානයක් සොයාගන්න....

සතුට, සැනසුම, ධනය මේවා සොයාගැනීම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ.  ඒ වගේම නිධාන සොයා ගැනීමටත් බොහෝ අය වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් ඉතා වටිනා පුරාවස්තු, ජිවිත කොතරම් විනාශ කරනවද? නමුත් මේ සියලු දේ ඔබට ලබාගත් හැකි මගක් ලැබුනොත්? ... එහෙනම් මේ කතාවත් කියවලා බලන්න ඔබටත් මේ සියලු දේ ලබාගත හැකිද ? ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා දැනගන්න හැකිවේවි.  මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් විසින් කියන ලද්දක්.

ඔන්න එකමත් එක කාලෙක පිටිසර බද ගම්මානයක ජිවත් උනා දුප්පත් ගොවි පවුලක්. මේ  ගොවියාට දවසක් දකින්න ලැබුනා පිණ්ඩපාතය ලබාගැනීම සඳහා මේ ගම වෙත පැමිණ සිටි මහළු භික්ෂුන්වහන්සේ නමක්. ඒ භික්ෂුන්වහන්සේ දුටු පමණින්ම පැහැදුන ගොවි මහතා දානය පූජාකර පසු දිනද දානය සඳහා ආරාධනා කළා. එමෙන්ම දින කීපයකින් පසු එළබෙන වස් සමය, තමන්ගේ ගොවිපලේ නවතින ලෙසද ආරාධනය කළා.



දැන් වස්කාලය ඇරඹුණා. මේ භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ගොවිපලේ සැකසුණ කුඩා පැලේ උන්වහන්සේ වස් කාලය ගත කරනවා. දැන් ඉතින් දිනපතාම මේ ගොවි පවුලේ උදවිය, මේ වස් සමාදන් වුන භික්ෂුන්වහන්සේ වෙත දාන-මාන පුජා කරනවා. උන්වහන්සේත් මේ ගොවි පවුලේ සියලු දෙනාටම බොහෝසෙයින් අර්ථයෙන් ධර්මයෙන් කරනා කියාදෙමින් වස් කාලය ගත කළා. වස් තුන්මාසය අවසන් වන විට මේ මහළු  භික්ෂුන්වහන්සේ සහ ගොවිපවුලේ සියලු දෙනා ඉතා හිතවත්ව සිටි නිසාම, වස් කාලය අවසානයේ උන්වහන්සේ පිටත්ව යෑම මේ ගොවි පවුලේ උදවියට බොහෝ දුකක් උනා. එබැවින් උන්වහන්සේ තවදුරටත් නවතවා ගැනීමට ඔවුන් උත්සාහ කලත් එය පලක් උනේ නැහැ. පසු දින තමන් මේ ගමෙන් පිටත් වන බව මේ භික්ෂුන්වහන්සේ දැනුම් දුන්නා.


පසුදින උදයේම පවුලේ සියලුම දෙනා මේ භික්ෂුන්වහන්සේ ට සමුදීම සඳහා මේ කුඩා පැල වෙත පැමිණි වෙලේ උන්වහන්සේ මෙලෙස කියා සිටියා.

"පසුගිය මාස තුන මුළුල්ලේම ඔබ සියලුම් දෙනා මා වෙනුවෙන්  බොහෝ  උපකාර කළා. එයට බොහොම පින්. ඔබලා බොහෝ දුප්පත් උදවිය. මම දැන් ඔබට කියා දෙනවා ඉතා වටිනා නිධානයක් ඇති තැනක් ගැන.  ඒ නිධානය සොයා ගැනීමට මා කියන ආකාරයට කටයුතු කරන්න. හෙට උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා හරින්න... එම ඊතලය වැටෙන තැන සැරු  විට ඔබට ඉතා විශාල නිධානයක් ලැබෙනු ඇති"

 මෙලෙස උපදෙස් දුන්  එම භික්ෂුන්වහන්සේ පිටත්ව ගියා.. තමන්ට ලැබෙන්නට නියමිත නිධානය ගැන බොහෝ සතුටට පත්වුන මේ උදවිය, පසුදින හිරුපයා  එනවිට එතැනට පැමිණ ඒ කියූ ලෙසටම හිරු දෙසට මුහුණ ලා  හැකි පමණ ශක්තිය යොදාගෙන ර්තලය විද්දා. දැන් මේ පවුලේ සියලුම දෙනා මේ ඊතලය පසුපස දිවගියා. බොහෝ දුරගිය ඊතලය වැටුනේ අසල්වැසි නීතිඥයකු සතු ඉඩමකට.  දැන් මොකද කරන්නේ? නිධානය ලබාගන්නත් ඕන, නමුත් මේ ඊතලය වැටුනේ වෙනත් කෙනෙකුගේ ඉඩමකට ඕන දෙයක් උනාවේ කියා හිතාගෙන මේ උදවිය මෙතැන හාරන්න පටන් ගත්තා................ කොතරම් ගැඹුරට මේ වල සැරුවත් ඔවුනට හමු වූ නිධානයක් නම් නැහැ.  නිධානය වෙනුවට ඔවුනට මුහුණදීමට සිදුවුනේ විශාල ප්‍රශ්නයකට. එනම් ... ඉඩම් හිමි නීතිඥයා එතැනට පැමිණීමයි.

මේ සිදුවීම බව දුටු නීතිඥයා දීර්ඝ දේශනයක් පවත්වමින්, නිතිය අනුව ඔවුන් වරදකරුවන් බව දක්වමින්, මේ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණවන බවට තර්ජනය කර සිටියා.  ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් නීතිඥයාගෙ අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ ගොවියා එතරම් ශක්තිමත් අයකු නොවූ බැවින් එම ඊය  ප්‍රමාණවත් තරම් දුර නොගිය බවයි. එබැවින් මෙම නීතිඥයා ගොවියා සමග හවුල් ගිවිසුමකට එළඹියා ... එයින් කියවුනේ වඩා ශක්තිමත් කෙනෙකු වන නීතිඥයා විසින් පසුදින මහළු භික්ෂුන්වහන්සේ කියූ ආකාරයට ඊය  විදීමටත්, එම ඊතලය වැටුන තැන සාරා නිධානය ගොඩගෙන සමාන කොටස් දෙකකට දෙපාර්ශවය විසින් බෙදාගන්නා ලෙසත්ය.

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. නීතිඥයා ඉරපයා එනවිටම  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......


ඉතිරි කොටස මීළඟ පොස්ටුවෙන්........ 



28 comments:

  1. අනේ මන්ද මේවයේ තියෙන කොපිරයිට් නිසා වැරැද්දක් කියන්නවත් විදියක් නෑ. ඒ තරං උත්කුරුස්ටයි..

    ReplyDelete
  2. ඇයි බං කෑලි දෙකක් කැඩුවෙ. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙනම් කෑලි තුනකට කඩමුද? :)

      Delete
  3. අනේ ඉක්මනට ඉතුරැ කොටස. කථාව එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. දෙන්නං..... දෙන්නං..... ඉවසලා හිටහන්

      Delete
  4. තනි කොටසට අමුණන්න තිබ්බනෙ අප්පා....ඊතලේ තාම උඩ යනවා ඇති....

    ReplyDelete
    Replies
    1. උඹනම් කියයි, මම එපැයි මේකේ අකුරු කොටන්න...

      Delete
  5. දෙකට කැඩීම ගැන සෑහෙන්න මෙවුවා එක.. ඉක්මනට ඉතින් ඒකත් දාමු..

    ReplyDelete
    Replies
    1. මගෙත් මෙවුවා එක, මලේ

      Delete
  6. දැන් ඉතින් මොකද වෙන්නේ?කෝ දෙක ?

    ReplyDelete
    Replies
    1. දෙක දෙනවා බය නොවී ඉන්න..

      Delete
  7. අයියෝ කතාව දෙකට කඩල නේ.. මම ඉන්ටසිටිය වගේ කියවන් ආව මොකෝ වෙන්නේ බලන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්ටසිටිය වගේ යන්න හොඳ නැහැ.

      Delete
  8. පොහ්.............නීතීඥයෙක් වැඩේට ගෑවෙච්චි එකයි මට තියන බය.

    අම්මපා මේ කතාව කෑලි කඩන්න කිව්වේ කවුද ඈ?

    ReplyDelete
    Replies
    1. තව තව දේවල් ඊළඟ කොටසින්. අනේ අම්මෝ සමා වෙන්න ඕන දෙකට කැඩුවට. එට්ය්හ් ඉතින් ඔබතුමා කියයි, මම එපැය කොටන්න...

      Delete
  9. කෝ බං ඉතිං ඉතුරු කොටස?

    ReplyDelete
    Replies
    1. දෙන්නං පොඩ්ඩක් ඉවසලා හිටු.

      Delete
  10. දෙවන කොටස වහා ලබා දියව්!!!
    දෙකට කැඩීම හෙලා දකිමු!!!
    :D
    මහන්සියි තමා මචෝ ඒත් කට්ටියගෙ දෑස රිදෙනවා දෙක දිහා බලා ඉදලා.

    ReplyDelete
    Replies
    1. ඔය උද්ගෝෂණ නවත්වලා හොඳ ළමයි වගේ පන්ති වලට යන්න. ඊට පස්සේ දෙවන කොටස දෙන්නම්.

      Delete
  11. නියමයි කතාව දෙකට කඩල මොකද /. මම අලුතෙන් ලියපු පොස්ට් එකත් ඔයාගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නැති පාටයි....... බ්ලොග් එකේ ඩොමේන් එක වෙනස් කළා එකයි .... COM වෙනුවට BLOGSPOT.COM දාගත්තහම වැඩේ හරියයි....

    ReplyDelete
  12. දෙවනි කොටස ගැන අහන්න බැහැ. මගෙත් දෙවෙනි කොටසක් එන්න තියෙනවනෙ.

    ReplyDelete
  13. මේ වගේ ආදර්ශ කතා 2ට කැඩුවම ගන්න තියෙන ආදර්ශේ දෙවෙනි කොටසේදී අමතක වෙනවනේ.. :)

    ReplyDelete
  14. Ithuru kotasa koheda yaluwane...?

    ReplyDelete
    Replies
    1. අවසාන කොටස තියෙනවා, කියවන්න.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...