සැම දෙනාටම සුභ නවවසරක් වේවා!
අද පොස්ට් එක ලියන්න හිතුවේ ඡායාරුප කරණය ගැන උනන්දුවක් ඇති යට පොඩි ඔත්තුවක් දෙන්න ඒ තමයි National Geographic එකෙන් පවත්වන ඡායාරුප තරගයක් ගැන
ඔය තියෙන පින්තුරය උඩ click කොරලා බලන්න. මේ තරගයට ඡායාරුප ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.
මිට කාලෙකට පෙර සිංහල වෙබ් අවකාශයේ ඡායාරුප ප්‍රදර්ශනයක් පැවැත්වීමක් ගැන මා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු අය ඉන්නවානම් මේ වසර තුල එය පවත්වමු නේද?
සුභ අලුත් අවුරුද්දක් වේවා!!! අයිලාශ් අයියා ඇයි පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තෙ? තොරතුරට ස්තූතියි...පොඩ්ඩක් හොයල බලන්න ඕන ගත්ත හොඳ පින්තූරයක් තියෙනවද කියල ;)
ReplyDeleteස්තුතියි චම්ස්. පසුගිය ටිකේ වැඩ අධික උනා.
Deleteහප්පේ අයිලාෂ් අයිය දැක්ක කල්. සුභ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!! මලේ, දැන් ඉතින් දැක්කා නේ. :)
Deleteඋඹ අපිත් එක්ක තරහා වෙලාද බං? මොකෝ පහුගිය ටිකේ මොකුත් ලිව්වේ වත් නැත්තේ?
ReplyDeleteඔහේ පට්ට හීතලයි බං. දිනුවාමත් කේස් එක. මට බෑයි කියලා හිතුනා.
ලියන්න නිදහසක් ලැබුනේ නැහැ මචෝ, උමත් එක්ක බදුලු ගිය නිසා...
Deleteනියමයි ...එකත් කරමු එහෙනම්
ReplyDeleteජයවේවා!!!!!
ස්තුතියි ඔබට.
Deleteදවසගානේ ඇවිත් බලනවා මේ මනුස්සය මොනවම හරි ලියල ඇතිද කියල, එන්න බැරි උන දවසෙම පොස්ට් එකක් දාලා, මෙහෙම හරි දැක්ක එක සතුටක්.
ReplyDeleteසේරටම කලින්, අයිලාෂ් අයියා, ඇතුළු පවුලේ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් පතනවා..!!! ඒවගේම චන්දන ඇතුළු මේ බ්ලොග් එකට ගොඩවදින සියලුම මිතුරු මිතුරියන්ටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..!!
වෙබ් අවකාශයේ පින්තුර ප්‍රදර්ශනයට නම් මමත් කැමතියි, අවශ්‍ය සහයක් දෙන්න සුදානම් හැකි අයුරින්. ඒ ගැන සලකා බලන්න අයියේ.
ස්තුතියි අමිල මලයෝ.
Deleteඅයිලාස් අයියා කාලෙකින් ,හැබැයි හොඳ අදහස යස අදහස
ReplyDeleteඑකත් කරන්න උත්සාහ කරමු නේද?
Deleteකරමු කරමු. මම ගාවත් තියනවා ඇස්වහගෙන ගහපු ෆොටෝ ටිකක්...
ReplyDeleteමගේ ගාවත් තියෙනවා බෙල්ල නැති.කකුල් නැති වගේ ඒවා.ඒවත් දෙන්නම් මම්...:D
Deleteෂා.. නියමයි නේ එහෙනම් කොරන්නම වෙනවා.
Deleteප්‍රදර්ශන කොරන්න කලින් ඒවා කියපු මනුස්සයා ඉන්න එපායැ :P දැන් ඉතින් අයියාත් ආපු එකේ වැඩේ වෙන විදිහ ගැන කතා කරමු :)
ReplyDeleteඅපි ඉන්නවෝ...
Deleteහොඳ අදහසක්! කරමු
ReplyDeleteස්තුතියි නාඩියෝ ..
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteඅපි ගහන ෆොටෝ වලට කවුද තෑගි දෙන්නෙ. :D
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteමම දැන් බ්ලොග් ලියන්නේ ප්‍රසන්නගේ කොරමේට තමයි.
සුබ අලුත් අවුරුද්දක් වේවා.!!
ReplyDeleteමේ වසරේ බ්ලොග් එක ලියවේව...!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා!!..
DeleteNational Geographic contest එකට ඩොලර්ම 15 ක් ගෙවන්න ඕන. සුටි සුපියල් වලින් පඩි ගන්න අයට එක අමාරු වෙයි. ඒ නිසා ලංකාවට ගැලපෙන එකක් කරමු. Cell phone photo, point and shoot, DSLR, people, event, nature වගේ category කීපයකට කලොත් කාටත් සාධාරණයක් වෙයි.
ReplyDeleteJust my thoughts.
එක තමයි මාත් මේ උත්සාහ කරන්නේ ඔබ සියලු දෙනාම සහභාගී කරගන්න වෙනවා ඒ වැඩේට..
Deleteලොකු ලොකු තරග වලට දාන්න තරම් පින්තුර නම් නෑ. එත්, අර ප්‍රදර්ශන් වැඩේට නම් එකෙන්ම සෙට් වෙනව ඕන් ඈ.
ReplyDeleteකරමු කරමු ... සහයෝගය අවශ්‍යයි...
Deleteනැට් ජියෝ එකට දාන්න කලින් අපේ පින්තුර වල හොඳ නරක කතා බහ කරන්න තැනක් තියෙනවද? ඩොලර් 15ක් ගෙවල දාන්න තරම් අපිට අපේ ෆොටෝ එක ගැන විශ්වාසයක් ඇති කරගන්න එක හොඳ අවස්ථාවක් වෙයි..
ReplyDeleteමෙතැන ඡායාරුප ගැන කතා කරන තැනක් කරගමු..
Delete