Tuesday, January 21, 2014

නවතම ඩිජිටල් කැමරාව.

මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.

මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.


ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.

 මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි  වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.

Sony QX 100
Sony QX 10 
මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.

Sony QX 100 Sample Image
Sony QX 10 Sample Image


(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)


50 comments:

  1. අප්පට සිලි අලුත් අයිටම් එකක් ,මේකනම් සෑහෙන ජනප්‍රිය වෙයි වගේ

    ReplyDelete
  2. කෝ අයියෝ සල්ලි ඔව්වා ගන්න...:D

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඉතින් අය්යෝ සල්ලි තමයි...

      Delete
  3. තාක්ෂණයේ දියුණුව තමයි ඉතින්, පිස්සු හැදෙනවනේ. ඉස්සෙල්ල ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවෙනවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හැමෝම ළඟ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් නේද?

      Delete
  4. අයියට කියන්න මට සල්ලි තිබ්බනං බොට එකක් අරන් දෙනවා අනිවා. එතකොට ඔය නැට් එකේ එල්ලිච්ච ඒවා දාන්න ඕන නෑනේ..

    ReplyDelete
    Replies
    1. මල්ලියේ උඹේ චේතනාවම වටිනවා.. උමට ඉක්මනට ලොතරැයියක් වත් ඇදියන් කියලා පතනවා.

      Delete
  5. ඩැයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ..මොක කොරන්නත් ඉස්සෙරලා ‍ෆෝන් එකක් ගන්න එපායෑ අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳා දිගමට වරෙන් මේ පැත්තේ.. :)

      Delete
  6. අර කැමරාව වෙනම තියාගෙන පින්තූර ගන්න එක නම් ටිකක් අමාරුයි වගේ. (හරියට මම එහෙම කැමරාවකින් පින්තූර ගන්න යනවා වගේ කථාව..නේ? ;) )

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ එක ලේසි වේවි චම්ස් low/ high angel ෆොටෝ ගන්නකොට

      Delete
  7. ශා ඒක නම් මරු! කවද ගන්නද ඉතින් ඒ උනාට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එතරම් මිලක් නැහැ.

      Delete
  8. කලින් දවසක පෙන්නුවේ ෆෝන් එකට ක්ලිප් කරන්න පුළුවන් ලෙන්ස් එකක් නේ? මේක කැමරාවක්!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ මේක කැමරාවක්

      Delete
  9. ඔයා හැමදාම එක එක එව්වා දැලා මගේ හිත රිදවනවා අනේ

    ReplyDelete
    Replies
    1. එකක් ගනින් අටමෝ.. එතකොට වැඩේ හරි

      Delete
  10. ෆෝන් කට්ටේ දැනටමත් තියෙන්නේ Carl Zeisis එකක්...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේක වෙනමම කැමරාවක් නේ...

      Delete
  11. ඩොලර් 500 නං මහලොකු ගානක් නෙමෙයි ඒත් ඕක ගන්න ඉස්සෙල්ල ස්මාට් ෆෝං එකක අරන් ඉන්න එපැයි. :D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දැන් හැමෝම ළඟ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් නේ..

      Delete
  12. කිව්වොත් ඉතින් කැමරාවක් ගැන නේ :-DD

    ReplyDelete
    Replies
    1. තව මොනවා ගැනද කියන්න ඕන.. :)

      Delete
  13. මරු භාණ්ඩයක්.. තරංග වලින් වැඩ කරනවා ඇත්තේ නේද..

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකට සම්බන්ධ වන්නේ එහෙමයි.

      Delete
  14. අයිලාස් සහෝ බොහෝම කාඅලෙකට පස්සෙ ඇවිත්.. ආයු බෝ වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොහොම කාලෙකින්. ඔබටත් ආයුබෝවේවා කියා පතනවා සරත්.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අර උඹ එක්ක ඒ දවස්වල කතා කර කර ඉඳලා මාත් ගත්තනේ කැමරාවක් . . ආං ඒක ලස්සනට අල්මාරියේ කොනක වැජඹෙනවා . . . ආයේ නම් කැමරා . . ම්හු . . .. .

    ReplyDelete
    Replies
    1. අල්මාරියේ දාන්න එපෝ ෆන්ගස් එනවා ලෙන්සයට...

      Delete
    2. යකෝ දැන් එහෙනම් එකට වැඩේ වෙලා ඇති. ඩ්‍රයි බොක්ස් එකක් හදාගනින් මෙන්න තියෙනවා ක්‍රමේ කැමරාව බේරාගන්න ඩ්‍රයි බොක්ස් එකක් හදාගන්න

      උඹට මම කිවනේ සපත්තු වල ෆොටෝ ටික අරන් දෙන්නම් කියලා. කෝ උඹලා කියන දේ අහන්නේ නැහැ නේ.

      Delete
    3. සපත්තු වැඩේ නැවැත්තුවා බන් . . නදීෂයි පුතයි ගිය අගෝස්තුවේ පුතාගේ නිවාඩුවට මෙහේ ආපු ගමන් නතර කර ගත්තා . . පුතා මෙහේ ඉස්කෝලේ දැම්මා දැන් අපි ආපහු පවුලම එකට . . .

      Delete
    4. තැන්කු නලින් අයියා . . ඔන්න අද රෑටත් අපිට සෙට් වීමක් තියෙනවා . . ඒකට කැමරා එක අරන් යමු කියලා මම නදීෂාට කිව්වා . . තැන්කූ දැනුම් දුන්නට ෆන්ගර්ස් ගැන . . අයිලාෂ් හරි මචෝ මම ඒක බලන්නම් . . උඹටත් තැන්කූ

      Delete
  17. ඇපල් එකෙත් මේ ජාතියේ එකක් දැන් ගහලා තියෙන බව ආරංචියි..

    ReplyDelete
    Replies
    1. එකනම් තාම දැක්කේ නැහැ.

      Delete
  18. ශා මරුනේ.. අයී4න් එකත් තියෙන එකේ ගන්න ඕනේ එකක් බලන්න.

    ReplyDelete
    Replies
    1. මේක iphone එකට link කරන්න පුලුවන්

      Delete
  19. samsung කාරයත් බිල්ටින් ලෙන්ස් එකක් එක්ක ෆෝන් එකක් ගහල විකුණගෙන යනවා මේ දවස් වල

    ReplyDelete
  20. ඒවට අපිත් අහැ ගහගෙන තමා ඉන්නෙ කෝරලේ...මෙහෙ ඉතිං සැම්සුන්ග් තමා අංක 1

    ReplyDelete
    Replies
    1. කොහොමද සිරා, බොහොම කාලෙකින්...

      Delete
  21. මචන් උබේ පොස්ට් කියවලම මට දැන් dslr එකක් ගන්නකන් පිස්සු වගේ මචන් මම ගන්න ඉන්නේ Canon EOS Rebel T3i ඕක 73ක් වෙනවා මට උපරිම 80ක් වගේ වියදම් කරන්න පුළුවන් 80ට අඩුවෙන් ඕකට වඩා හොද DSLR එකක් තියනවද අනිත් එක මන් කවදාවත් DSLR එකක් අතින් වත් අල්ලලා නැ Canon EOS Rebel T3i ඕකට පුරුදු වෙන එක්කෙනෙක්ට හොද ලෙන්ස් එක මොකක්ද උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් බන්

    ReplyDelete
    Replies
    1. Canon EOS Rebel T3i එක එන්නේ 18-55 ලෙන්ස් එකක් එක්ක. මුලින් එක ඇති. පසුවට තව ලෙන්ස් ගන්න පුළුවන්.
      තව nikon D5100, D3100 වගේ ඒවා ගැනත් සොයලා බලන්න.

      Delete
  22. තැන්ක්ස් මචන් ලොකු දෙයක් ඔය ඉන්න එක මට කැමරා එකක් ගන්න අනුග්ග්‍රහයක් අක්කාගෙන් හම්බ උන එක නිසා දැන් හිතැන ඉන්නේ ටිකක් වැඩි ගානක වියදම් කරලා කැමර එකක්ගන්න nikon D 7000 එක හරි canon eos 60 D එක ගැන තම දැන් අදහස තියෙන්නේ මට හොදට video කරන්න පුළුවන් එකකුත් වෙන්න ඕන canon eos 700D එක ගැනත් මොකක්ද කියන්නේ ඒ මොඩෙල් එක අලුත් නිසා video කොලිටි නේද ඔය DSRL කැමරවල කල් පැවැත්ම කොහමද අවුරුදු 4ක් වත් පාවිචිචි කරන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මෙන්නේ උත්තරේ තියෙනවා මේ ලින්ක් එකට ගිහින් බලන්න
      http://snapsort.com/compare/Canon-EOS-700D-vs-Nikon_D7000

      කැමරාව පමණක් නොවෙයි ඕනෑම දෙයක් පාවිච්චි කරන පිළිවෙන අනුව තමයි එය පාවිච්චි කරන කාලය තීරණය වන්නේ. අවුරුදු 4 ක් පාවිච්චි කරන්න පුළුවන්.

      Delete
    2. බොහොම තූති මචන්

      Delete
  23. තාක්ෂණය වසර 04 කට පමණ වරක් දෙගුණ වෙනවා කියනවාලු නේද!

    ReplyDelete
  24. ම්ම්ම්ම් ගන්න සල්ලි නෑ..කැමරා ෆොන් එකක් ගන්න හින දකිනවා තවම බැරි උනා

    ReplyDelete
  25. කෝ මේ blog එකේ අයිතිකාරයා :D

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...