Monday, January 13, 2014

නොවරදවා බලන්න.....

අමිලගේ අලුත්ම අඩවියෙන් මා සිත් ගත් එක්සේයාරුවක්.
මේ ෆොටෝ එක බාගත්තේ අපේ අමිල නිරෝෂන් මලයා පටන් ගත්ත අලුත්ම ෆොටෝ බ්ලොග්  එකෙන්. මෙතනින් ගිනින් බලන්න මේ තියෙන්නේ ලින්ක් එක http://anwsphotos.blogspot.it/.

අමිල, මම ෆොටෝග්‍රෆි ගැන ලියන්න පටන්ගත්ත දවසේ ඉඳන් බොහොම උනන්දුවෙන් ෆොටෝග්‍රෆි ගැන ලියපු සැම පොස්ට් එකක්ම කියවපු කෙනෙක්. එමෙන්ම ඔහුට ගැටළු ඇතිවුන සමහර අවස්ථාවන් වලදී ඒ ගැන ඊමේල් මගින් පුද්ගලිකව අසා දැනගැනීමට කිසිසේත්ම පසුබට උනේ නැහැ. ඔහුගේ උනන්දුව සහ කැපවීම නිසාම අමිල මෙතරම් දුරක් ඡායාරුප ශිල්පය නම් මගේ ගමන් කරලා තියෙනවා.

මේ බ්ලොග් අඩවියේ තියෙන බොහොමයක් ඡායාරුප ඉතාම හොඳ තත්වයේ ඡායාරුප ලෙස මම දකිනවා. ඔහු හොඳ ඇසක් තියෙන කෙනෙක්. අපි සැම දෙනාම අමිලගේ මේ උත්සාහය අගය කල යුතු වෙනවා. සියලු දෙනාම නොවරදවා  මේ අඩවියට ගොඩවන්න. ඔබට ඉතා හොඳ ඡායාරුප එකතුවක් දකින්න පුළුවන්.

අමිල, ඔබට ඉතා දක්ෂ ඡායාරුප ශිල්පියෙක් වීමට ශක්තිය ලැබේවා කියා පතනවා.

22 comments:

  1. ගෝලයාගේ කෙරුවාව ඉතිං ගුරාට සන්තෘප්තියෙයි කියනව නෙව. කමක් නෑ අයිලයා කියල දීපු ඒවා එහෙකුට හරි තේරුනා කියන එකත් මදෑ.. හැක්..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අයියේ, හිතේ තිබුණු කැමැත්ත ආශාවක්, පෙලබවීමක් බවට පත්කරලා මේ මගේ යන්න පාර පෙන්වලදුන්නේ ඔබයි, ඔයාගේ මේ ලිපිපෙළ නොවෙන්න මමත් තවත් එක කැමර් කාරයෙක් වෙන්න තිබුනා, මම දැනටත් ජයාරූප ශිල්පියෙක් නොවෙයි, තවමත් එහෙම උත්සහගන්නවා, ඒ උත්සාහයේ පිටුපස දැවැන්ත ශක්තිය ඔයා අයිලාෂ් අයියේ, ඒවගේම ඔයාගේ බ්ලොග් එකේ comment 1ක් දාන මිතුරන්ගෙන් ඔවුන් නොදන්නා උපකාරයක්ද ලැබුනා කියන එක අනිවාර්යෙන් කියන්න ඕන, මිත්‍රවරුනි ඔබලාටත් ස්තුතියි...

    ReplyDelete
  3. මොකද බං උඹේ බ්ලොගේ මේ ලින්ක් රයිට් ක්ලික් කරලා open in a new tab කරලා අරින්න බැරි? ඒක පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බුද්ධාගමේ එහෙම ඒවා කියල දීල තියේද.. තමන්ගේ එක ආස්ස්සා කොරගන්න එකයි ඇත්තේ.. හැක්

      Delete
    2. අහවල් එකටද බන් ඕවා කරන්නේ, මවුස් ගේ මැද බටන් එක ඔබපන් එතකොට වැඩේ හරි.

      Delete
  4. තිබ්බ කැමරාවත් කැඩුනා.දැං ඉතිං අනුංගේ ෆොටෝ බල බල හූල්ලනවා...

    ReplyDelete
    Replies
    1. අලුත් එකක් ගනින් මලේ.. දොස්තරයෙක්ට කැමරාවක් ගන්න එකත් කජ්ජක්ද?

      Delete
  5. සුබ පැතුම් අමිල ඔබට... ඒ වගේම අයිලෂ් අයියටත් ස්තූතියි චායාරූපකරණය ගැන ලිවීම ගැන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි SilentSahanමිත්‍රයා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අම්මෝ මේ පැත්තේ ආපු කල්!! ඉතින් ඉතින් කොහොමද..
    ආපහු අර පරණ ෆ්රීක්වන්සි එකට එන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැඩ ටිකක් වැඩියි....

      Delete
  8. ගුරුතුමාගෙන් හැකි පමණින් වැඩ ගන්න ගෝලයාට ඉඩ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඇයිබන් උබලා ඔක්කොම අයිලාෂ් අයියාගේ ගෝලයෝනේ ..
      උබලත් උත්සහ කරනවානම් තමයි හොඳ, ( ස්තුතියි )

      Delete
  9. අමිලගේ හැකියාවට සුබ පැතුම්.. ඔන්න ගුරාගේ සන්තෝසේ බෙදා ගන්න මාත් ආවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන..

      Delete
    2. හෑ චන්දනයා කාලෙකින්..කෝ උඹේ ටෙස්ටරේ

      Delete
    3. ටෙස්ටරේ තවම යහතින් තියනවා/ඉන්නවා බං... :)

      Delete
  10. ස්තුතියි පාර පෙන්නුවට..

    ReplyDelete
    Replies
    1. අපිට කවදත් හරි පාර අයිලාෂ් අයියා පෙන්වනවනේ,
      ස්තුතියි නලින් දිල්රුක්ෂ

      Delete
  11. නැවතත් අයිලාස් ගෙන සාර්ථක ගෝලයෙක්,

    ReplyDelete
  12. බලමු ! අපේ ඇසටත් තේරේවිද කියා

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...