Friday, December 13, 2013

බෝලයක ෆොටෝ එකක් ගනිමු ... ප්‍රායෝගික ක්‍රියාකාරකමක්


ෆොටෝ එක ගුගල් එකෙන්
ඡායාරුපකරණය ගැන ලිපි ගණනාවක් කියවීම නිසා, ඔබ සැමට මේ විෂය පිළිබඳව සැහෙන දැනුමක් තියෙනවා. අද  පොස්ට් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ දෙයක්. ඒ  තමයි මේ විෂය ගැන උනන්දුවක් ඇති අයට කල හැකි ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

බෝලයක් අරගන්න. දැන් මේ බෝලය මේසයක් උඩින් තබන්න. දැන් ඔබ එම බෝලය දිහා සැම පැත්තකින්ම බලන්න. මොන පැත්තෙන් බෝලය බැලුවත් ඔබට දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ දර්ශනයක්.  දැන් ඔබට කරන්න තියෙන්නේ මේ බෝලය එකිනෙකට වෙනස් ආකාර 8 කින් පෙනෙන ලෙස ඡායාරුපගත කිරීමයි.

ඔන්න වැඩේ මෙතෙක් කල් ඉගෙන ගත් දැනුම දැන් ප්‍රායෝගිකව පරික්ෂාකර බලන්න හැකියි. මේ සඳහා ඔබට ඕනෑම කැමරාවක් භාවිතා කරන්න පුළුවන්. මෙතැනදී වැදගත් වන්නේ ඔබ භාවිතා කරණ කැමරාව නොව ඔබ මේ සඳහා යොදාගන්නා තාක්ෂණයයි. මේ ප්‍රායෝගික දැනීම ඉදිරියෙදී   බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.


හැකිනම් ඔබ ගන්නා ඡායාරුප කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න එවිට ඒ ගැන අපිට වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්

එහෙනම් දැන් වැඩේ කොරන එකයි ඇත්තේ.


46 comments:

  1. මම නං හෙවනැල්ල ගැන තමා අවධානය යොමු කරන්න් ඇන්ගල් කරලා...

    ReplyDelete
    Replies
    1. පොටෝ ගහන කොට බෝලේ වැටුනා... බං අයිලෝ...

      Delete
    2. හෙවනැල්ල ගැන නෙවේ....


      මල සේක ... දැන් ඉතින් හොයපන්කෝ මුට හරියන බෝලයක්

      Delete
    3. එකයිනෙ වැටුණෙ, තව එකක් තියෙනවනෙ. :D

      Delete
    4. අනේ බං ඒකත් වැටුනොත් මොකෑ කරන්නේ. ප්‍රසා එකක් දීපං..

      Delete
    5. ඒක ෂුවර් එකටම එදා නිදිමරගාතෙ බඩ දරු අම්මගෙ කොහෙද අත ගාන්න ගිහිල්ලා බස් එකේ හිටිය සැට් එකෙන් බඩ පුරා කාපු දවසෙ බස් එකේ වැටෙන්න ඇත්තෙ....දැන් සමහර විට ගියර් පොල්ල උඩ අතට අහුවෙන්න හයි කොරලත් ඇති.

      Delete
    6. ඩ්‍රැයිවරට හැමදාම ඒක අඹර අඹර ඇති හැක් හැක්.. බොලාටත් මතක් වෙන ඒවා අම්මප...

      Delete
  2. ඉස්සර චිත්‍ර අන්දිනකොටනම් බලා ඇඳීම කරන්න ඔහොම ක්‍රියාකාරකම් කළා, ෆොටෝනම් අනේ මංදා?

    ReplyDelete
  3. ඔය ප්‍රගීත් කියල තියෙනව වගේ ද්‍රව්‍ය සම්පිණ්ඩන චිත්‍ර අඳිනකොටනං ඔය වැඩේ කරල තියෙනව. බලමු කැමරාවෙනුත් උත්සාහයක් දාල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ෆොටෝ අරන් මේ කොමෙන්ට් එකට ඒ ෆොටෝ දාන්න බලන්න.

      Delete
  4. ඔන්න මාත් බෝලයක් ගත්ත. මේසෙ උඩ තිබ්බ. පුටුවෙ ඉඳගෙන ගැහුව පොටෝවක්. බොලෙ අංශක 45කින් කැරකුව(පැති අටකින්නේ ගන්න ඕන 360/8=45). ආයෙත් ගැහුව, ආයේ කරකැව්ව ආයෙ ගැහුව.....(ඔයවගේ අටක් ටයිප් වෙන්න ඕන)
    දැං මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙමනම් දැන් ඒ ෆොටෝ මෙතන දාමු බලන්න, ඒවා එකිනෙකට වෙනස් ද කියලා.

      Delete
  5. බෝලනං තියෙනවා.. අවුල මේක මේසේ උඩ තියන එකනේ... යන්තං හරි මේසේ කොනකින් තියා ගත්තයි කියමුකෝ.. දැන් කොහොමද පොටෝ ගහන්නේ..? මෙව්වනං මහ කුමණ්ත්‍රණ... :D

    ReplyDelete
    Replies
    1. මල්ලියේ ඔයා මගේ කලින් පොස්ට් එකේ අහලා තිබුන ප්‍රශ්නවලට ප්‍රායෝගිකව උත්තර ලබාදෙන්න තමයි මේ දේ කලේ. හ්ම්ම් ෆොටෝ ටිකක් ගමු බලන්න කම්මැලි කම පැත්තකට දාලා.

      Delete
    2. මෙසේ මැද්දට ගන්න විඉහක් නැද්ද ...

      Delete
    3. මේ දවස්වල මෙසේ මැදින් තියාගන්න ෆුල් ට්‍රයි කරනවාලු.

      Delete
  6. බලමු උත්සාහයක් දාන්න. මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක බොහොම වටිනා ක්‍රියාකාරකමක්. පහල තියෙන අමිලගේ උත්සාහය බලන්න.

      Delete
  7. කැමරාවක් තියන කාලෙක උත්සහ කරන්නම් :'(

    ReplyDelete
  8. කැමරාවක් සහ...බෝලයක් යන වස්තූන් දෙකම නැති කල කුමන උත්සාහයක්ද ? බලමු ඉදිරි ලිපියෙන් සැට් එක බෝල ගසා ඇති ආකාරය...

    ReplyDelete
    Replies
    1. හුටා.. දැන් එහෙනම් උඹ යන්නේ බෝල ගහන හැටි බලන්නද?

      Delete
  9. වැදගත් දෙයක් වගේ කතා කරන්න යන්නේ, හදිස්සියට out of focus ගත්තේ මේකෙදි අයිලාෂ් අයිය බලන්න මුලික දේ shadow එක කියල හිතුන නිසා,
    උදේම පොස්ට් එක දැක්කට කැමරාව අල්ලන්න ඉඩක් ලැබුනේ රෑවෙලා, ඒ නිසා බෝලයට අංශක 20ක් පැත්තටවෙන්න ඉහලින් තියෙන ලයිට් එකක් යට තියලා තමයි මේ ටික ගත්තේ.
    [im]http://img191.imageshack.us/img191/9973/ld2e.jpg[/im]

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ ලොකු අයියේ මේකේ දැම්මට ෆොටෝ එක වැටෙන්නේ නැහැනේ, අනිත් එක මාරම කරදරයි මේ right click disable කරලා හින්ද, නමුත් ඉතින් එහෙම නැත්නම් මේ ලිපිටික ගෙඩිපිටින් උස්සල තමන්ගේ වගේ දාගන්න බලන් ඉන්න එවුනුත් ඉන්න හින්ද එහෙම කරන එකේ වරදකුත් නෑ, එත් ... අනේ මන්ද
      http://imageshack.us/photo/my-images/191/ld2e.jpg/

      Delete
    3. ෆොටෝ එක වැටෙනවා නමුත් දැන් මේ කෝඩ්ස් වැඩ කරන්නේ ෆයර් ෆොක්ස් වලට විතරයි. ඒ නිසා ෆයර් ෆොක්ස් භාවිතා කරන්න.

      හොඳ උත්සාහයක්.... අනිවාර්යයෙන්ම අමිල මේ ක්‍රියාකාරකම කරණ බව මම දන්නවා. මාරයත් මේක කරාවි කියලා හිතුවා , නමුත් මාරයාට බොලේ මාරුවෙලා..:D

      ඔන්න එහෙනම් දැන් කියන්නම්. මෙන්න මේ කාරනා වෙනස් කරමින් ෆොටෝ ටික ගන්න.
      1. කැමරා කෝණය. - high angle & low angle
      2. කාචය - wide, normal, tele
      3. ආලෝකය වැටෙන දිශාව

      මේ කාරණා පාලනය කිරීමෙන් එකම බෝලය විවිධ ආකාරයට ඡායාරුප ගත කරන්න පුළුවන්.

      Delete
    4. ඒක තමා ඩෝ කිව්වේ ෂැඩෝ එක ගැන හිතන්න කියලා. එතකොට ඔක්කෝම පැති ටික හරියනවා.. අම්මප මට කැමරාවක් තිබ්බ නං මේ පොටෝ ගුරාට කියල දෙනවා කොහොමද බෝලෙට ගහන්නනේ (වැරදුනා) බෝලේ පොලේ ඒත් වැරදුනා අම්මප පොටෝ ගහන්නේ කියලා..

      Delete
    5. සෙවනැල්ල නෙවේ බන් තව දේවල් තියෙනවා...

      Delete
  10. මේ කාලෙ කොහෙන් හොයන්ඩද බන් බෝල ? හිටිං බලන්ඩ අල්ලපු ගෙදර පොඩි එකාගෙන්වත් ඉල්ලලා අරන් ගහන්නම් !

    ReplyDelete
    Replies
    1. අර මාරයා වගේ උඹේ එකවත් මෙසේ කොනෙන් තියාගනින්. මලා... අමතක උනා.. එකට කෙලුනා නේද? යාන්තමින් බේරා ගත්

      Delete
  11. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ මල්ලි මෙතනටත් රිංගලා, ඊයේ රෑ මන් right click නැතිකරපු එක වැරදි කියල හිතුව, අද බලනකොට එහෙම කරන්නම වෙනවා, මෙයා තමයි වසරේ හොදම ''spam කරන්නා සහ ලිපි උස්සන්නා'' සම්මාන ලාභියා, අනේ කමක් නෑ අයිලාෂ් අයියේ Right click Disable කරලම තියන්න..

      Delete
  12. වෙන වැඩ නැත්නම් හොඳා :-D

    ReplyDelete
    Replies
    1. මේවත් කරන්න ඕනේ දිලිනි කොහෙන් හරි වෙලාව හොයාගෙන ....

      Delete
    2. දිලිනිගේ මේ කමෙන්ටුව ගැන දුකයි. මොනතරම් වටින පාඩමක් කියාදෙන්නද මේ අයිලාෂ් උත්සාහ කරන්නේ..

      Delete
    3. මම හිතන්නෙ දිලිනි කියලා තියෙන්නෙ උඩ Spam කාරයා ගැන වෙන්න ඕන..

      Delete
    4. ඔයා හරි දිලිනි, වෙන වැඩ අතහැරලා තමයි ෆොටෝග්‍රැෆි කරන්න වෙන්නේ... හැම වැඩේම එහෙම තමයි. අපිට තියෙන සීමිත කාලය කැප කරන්න වෙනවා. මේ බ්ලොග් ලියවිල්ල උනත් එහෙමයි.

      Delete
  13. අර අමිල දාල තිබුන ෆොටෝ ටික නම් හොඳයි ........

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ උත්සහයක්

      Delete
  14. ඔන්න කියපු විදියට ආයිත් උත්සහයක් ගත්තා,
    [im]http://img202.imageshack.us/img202/5548/qtav.jpg[/im]
    [im]http://img42.imageshack.us/img42/6529/8q44.jpg[/im]
    දෙවැනි ටික ගද්දි ටිකක් focus අවුල් උනා.
    අයිලාෂ් අයියේ ලෙන්ස් එක auto දාල තියෙද්දී focus කරනකොට පොඩි සද්දයක් එක්ක ඉස්සරහට පස්සට යනවා ෆොටෝ එක ගන්න බෑ , මේක focus කරද්දී වෙන්නේ ඇයි.?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ෆෝකස් වෙන්නේ නැති නිසා.
      * අවම ෆෝකසින් දුරට වඩා වස්තුවට ලඟා වීමේදී
      * ෆෝකස් කරගැනීමට ප්‍රමාණවත් තරම් ආලෝකයක් නොමැති විටදී මෙය විය හැකියි.

      ඉතාම හොඳ උත්සාහයක් අමිල.

      මේක තමයි කරන්න අමාරුම ප්‍රැක්ටිකල් එක. high angel, low angle ලෙස කෝණය වෙනස් කිරීමෙන් සහ කාචයේ නාභි දුර වෙනස් කිරීමෙන් යම් තරමක් දුරට වෙනස් ආකාරයකට ඡායාරුප ගත කිරීම කල හැකි වුවත් වඩා වැදගත් වන්නේ ආලෝකය පාලනය කිරීම බව ඔබට තේරෙනවා ඇති නේද?

      මෙතන ආලෝකය පාලය කිරීම් කීමේදී , මුලින් දේශකයා කියා ඇති පරිදි බෝලය නිසා ඇතිවන සෙවනැල්ල ගැන අවධානය යොමු කරන්න එපා. එය වැදගත් නැහැ.

      වැදගත් වන්නේ ආලෝකය පාලනය කිරීමෙන් බෝලයේ ඇතිවන අඳුර සහ ආලෝකය නිසා එහි ත්‍රිමාන ස්වභාවය ඉස්මතු කර ගැනීම. බෝලය මත කෙලින්ම ඒකාකාරී ආලෝකයක් පතිත වීමේදී එහි ත්‍රිමාන බව නැතිවෙන බව දකින්නට ලැබෙනවා.

      මේ සඳහා ආලෝක ප්‍රභවය වෙනස් කරමින් උත්සාහ කර බලන්න. ෆ්ලෑෂ් එක භාවිතා කරන්න කැමරාවට සවිකර හස කැමරාවෙන් ඉවත්කර් මෙන්ම ෆ්ලෑෂ් ආලෝකය පරාවර්තනය කරමින්.

      Delete
    2. ෆ්ලැශර් එකක් ගන්නකන් ඉන්න වෙනවා, දවල්වෙලාවක ආයිත් උත්සාහ කරලාබලන්න ඕන, තව අය කිහිප දෙනෙක්වත් පින්තුර ටිකක් දැම්මනම් තව මොනවාහරි දැනගන්න තිබුනා,

      Delete
    3. මේක මම ෆොටෝ ටිකක් අරන් දාලා හරියන්නේ නැහැ. තම තමන්ම ප්‍රයෝගිකව කරන්න ඕන එතකොට තමයි වැඩේ හරියන්නේ.

      Delete
  15. ලයිට් එක වෙනස් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. එක තමයි කරන්න ඕන අමිලට දීලා තියෙන පිළිතුර බලන්න.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...