Thursday, September 5, 2013

මොකක්ද මේ VR ?



ඔන්න ලමයි පොඩි විවේකයක් ඕනා කියපු නිසා විහිළු කතා දෙකක්ම දුන්නා, දැන් ඉතින් ආපහු අපේ ෆොටෝ පාඩමට යමු. පසු  ගිය දිනක  පල කල "zoom එක මදිද?" පොස්ට් එකට කොමෙන්ට් කරලා සෙන්නා අහල ප්‍රශ්නෙකුයි එයම මං තුමා දුන්න උත්තරෙයි මෙන්න තියෙනවා.


මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම් කීවට මං තුමාට එක අමතක වුනා. අද මට ඊයක් විදලා අමිල නිරෝෂන් මලයා මේ ගැන මතක් කරලා තිබුනා. මේ ගැන මතක් කලාට ඔබට බොහොම ස්තුතියි අමිල.

අපි බොහෝ විට ඡායාරුප ගන්නේ කැමරාව අතේ තියාගෙන (hand held) එවිට අඩු ද්වාර වේගයන් (slow shutter speed) භාවිතා කිරීමේදී, අපේ අතේ ඇතිවන සුළු සෙලවීමක් (camera shake) නිසා වුවද ඡායාරූපයේ පැහැදිලි තාවයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි ඡායාරුප අපි blur image ලෙස හඳුන්වනවා. පහත ඇති ඡායාරුපය බලන්න.
camera shake දෝෂය සහිතයි.
දැන් අපිට ඇතිවන ප්‍රශ්නය තමයි කැමරාව අතේ තියාගෙන ෆොටෝ ගැනීමේදී camera shake දෝෂය නැතිව ෆොටෝ ගත හැකි  අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද යන කාරණය. මේ අවම ද්වාර වේගය අපි භාවිතා කරණ කාචයේ නාභි දුර අනුව වෙනස් වනවා.  මේ සඳහා ඉතා සරල සමීකරණයක් තියෙනවා එය හඳුන්වන්නේ rule of thumb ලෙසයි.  එනම්

අවම  ද්වාර වේග =  1/ කාචයේ නාභි දුර 

 මි.මි. 18 කාචයක් භාවිතා කිරීමේදී  1/18 
 මි.මි. 50 කාචයක් භාවිතා කිරීමේදී  1/50 
 මි.මි.  100 කාචයක් භාවිතා කිරීමේදී  1/100 
 මි.මි. 300  කාචයක් භාවිතා කිරීමේදී  1/300

නමුත් පළපුරුදු දක්ෂ ඡායාරුප ශිල්පියෙකුට මිට වඩා අගයන් දෙකක් හෝ තුනක් පමණ පහලින් සිටින සේ ද්වාර වේග සකසා සාර්ථක ඡායාරුපයක් ගැනීමට හැකියාව තිබෙනවා.

මොකක්ද මේ VR  එහෙම නැතිනම් IS ලෙන්ස් කියන්නේ?

අපි ඉහත ඉගෙනගත්ත rule of thumb එකට අනුව දැන් අපි දන්නවා කාචය අනුව, කැමරාව අතේ තබාගෙන ෆොටෝ ගැනීමේදී යොදාගන්න ඕන කරණ අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද කියා. මේ VR එහෙමත් නැතිනම් IS ලෙස හඳුන්වන්නේ කාචයට යොදා ඇති තාක්ෂණික ක්‍රමයක් මගින් මේ අවම ද්වාර වේගය (shutter speed)   තවත් දුරට අඩුකර දීමයි. VR  වලදී  සාමාන්‍ය අගයට වඩා අගයන් දෙකක් ද VR -II වලදී අගයන් හතරක් ද ලෙස ද්වාර වේගය අඩු කල හැකියි)

VR සක්‍රිය නොකර

VR සක්‍රිය කර
මෙම තාක්ෂනය  Canon හඳුන්වන්නේ   IS (Image Stabilization) ලෙස සහ Nikon හඳුන්වන්නේ   VR (Vibration Reduction) ලෙසයි. නමුත් මේ දෙකේම ඇත්තේ එකම තාක්ෂණයයි.  එනම් කාචය තුල ඇති එක ලෙන්ස් එකක් VR unit එකක්  ලෙස සකස් කර තිබීමයි. මෙහිදී  කැමරාවේ ඇතිවන සෙලවීම දැනගත හැකිවන මෝෂන් ඩිටෙක්ටරයක් මගින් එහි ඇතිවන සෙලවිමෙහි ප්‍රමාණය සහ දිශාව තීරණය කර ඒ අනුව එයට ප්‍රතිවිරුධව මෝටරයක් මගින් මේ කාචය චලනය කරවීමෙන්, සෙන්සරය මතට ලැබෙන ප්‍රතිබිම්බය ස්ථාවරව තබාගැනීමයි.




ඉහත තිබෙන flash applet එකේ තිබෙන play එක ඔබලා බලන්න. ඊට අමතරව මේ පහත තියෙන වීඩියෝ දෙක බලන්න, එවිත ඔබට මේ VR ක්‍රියාකරන ආකාරය ගැන හොඳ වැටහීමක් ලැබේවි.





73 comments:

  1. ලොකු වැදගත් කමක් තියෙන විස්තරයක් නේ මේක.. ස්තුතියි දෙන්නෙකුට දෙන්න ඕන මේක කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබේ අගය කිරීම සතුටක්.

      Delete
  2. මෙතන දාල තියෙන පින්තූරේ ලොකු කරලා බැලුවා. ඇහැටත් අමාරුයි ඒක දිහා බලද්දී.එච්චරටම බොඳ වෙලා.. ලෙන්ස් එක එහෙට මෙහෙට කරනවා කියන්නේ නාභි දුරත් එහෙ මෙහෙ වෙනවා කියන එක නේද ..? එතකොට ආයෙම නාභි දුරත් සකස් වෙන්න ඕනේ නේද දෙවෙනියට වුනු වෙනස් වීමට අනුරූපව ..

    වැඩේ බරපතළයි හිතනවට වඩා..වැදගත් පෝස්ට් එකක් අය්යේ..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. නැහැ ලෙන්ස් එක ඇතුලේ තියෙන එක ලෙන්ස් කොටසක් තමයි චනය වෙන්නේ. නමුත් නාභි දුර වෙනස් වෙඉමක් වෙන්නේ නැහැ. පහල තියෙන වීඩියෝ එක බලන්න.

      Delete
  3. නාකි අපේ අත පය වෙව්ලනවා දැන් නම්..ඒ නිසාම තියෙන එක හොඳයි..මේ ලෙන්ස් එක එක්ක ශටර් ස්පීඩ් එක දාපු කතන්දරේ අද තමයි දන්නෙ..ට්‍රයිපොඩ් එක හමතැනම උස්සන් යන්නත් බැහැනෙ..මම කරන්නෙ මොකක් හරි සමතල මතුපිටක් තියේ නම් ඒක උඩ තියලා ෆොටෝ එක ගන්නව !

    ReplyDelete
    Replies
    1. ඔය එක එක ඒවා උඩතියල ෆොටෝ ගන්න ගිහින් මොකද්ද වෙන්න ගියාලු නේද වෙනි අයියා, http://liyanna-liyanna.blogspot.it/2013/09/blog-post_5.html

      Delete
    2. අනේ වෙනි මලයෝ ඔය අතපය වෙව්ලන්නේ මොකද? බොටත් වඩා වයසින් වැඩි මට තාම මිමි50 ලෙන්ස් එකක් දාලා 1/15 ෆොටෝ එකක් ගන්න පුළුවන් VR නැතිව.

      අනේ බන් කම්මැලි නැතිව යන තැන තෙපාව අරන් පලයන්. එන අරන් යන්න බැරිනම් මොනෝ පොඩ් එකක් ගනින්, අතපය වෙව්ලන එකේ බස්තමක් විදිහටත් පාවිච්චි කරන්නත් හැකියි.

      Delete
  4. මමත් ආසයි ඡයාරුප ගන්න. :) එත් මේ තරම් දේවල් නම්, මේ තරම් ගැඹුරටනම් දැනගෙන උන්නේ නැහැ. අද දැන ගත්තා. ගොඩක් දේවල් නොතේරුණත් ( ඒ මම ඒ ගැන වැඩිය යූස්ෆුලි නැති නිසා වෙන්න ඇති ) බොහෝම ස්තුතියි.. :)

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. // මමත් ආසයි ඡායාරුප ගන්න..//

      ඔය ආසාව තමයි ඔබව ඡායාරුප ශිලියෙක් බවට පත්කරන්නේ.

      Delete
  5. අයිලාස් ......
    මේවා මෙලෝ දෙයක් නොදන්න එවුන් චායාරූප ශිල්පය ගැන පන්ති දාලා ගරනවා ලක්ෂ ගණන්,

    ReplyDelete
    Replies
    1. ඉව්වන් තවමත් නොමිලයේ ඡායාරුප ශිල්පය කියාදෙන ආයතන තිබෙනවා...

      Delete
  6. ගොඩක් ස්තුතියි අයිලාෂ් අයියේ මතක් කරපු ගමන් මේ පොස්ට් එක දැම්මට. දැන් තමයි ටිකක් වැඩේ මීටර්, ඒ කියන්නේ ලෙන්ස් එක VR II වෙනවනම් ගොඩක් හොදයි නේද,එකම කැමරාවක මිල වෙනස් වෙන්න මේ VRද VR IIද කියන එකත් බලපානවා වෙන්නඇති.

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා Cannon , Nikon වල ලෙන්ස් එකතුල තියෙන මේ පහසුකම sony olympus වගේ කැමරාවල තියෙන්නේ කැමරාවතුලබව,

      Delete
    2. කැමරාවේ මිල නෙවේ අමිල, ලෙන්ස් එක මිල තමයි වෙනස් වෙන්නේ VR ඇති නැති බව මත.

      දල වශයෙන් මිල ගණන් මේ ආකාරයට
      Nikon AF Zoom Lens Nikkor 70-300mm F4-5.6G Black Without VR $ 170 - $ 220 පමණ

      Nikon AF-S Zoom Lens Nikkor 70-300mm F/4.5-5.6 AF-S VR IF ED G Lens $ 380 - $ 480 පමණ

      මේ මිල වෙනසට හේතුව VR පමණක් ම නොවෙයි, දෙවෙනියට ඇති AF-S ලෙන්ස් එකේ ෆොකසින්ග් මොටේ එකක් තියෙනවා නමුත් පළමු AF ලෙන්ස් එකේ ෆොකසින්ග් මෝටර් එක සහ VR දෙකම නැහැ. ඒ නිසා පළමු ලෙන්ස් එක භාවිතා කරන්න පුළුවන් වන්නේ කැමරා බොඩි එකේ ෆොකසින්ග් මෝටර් එකක් තියෙන බොඩි සමග පමණයි.


      මේ දක්වලා තියෙන IS සහ VR ක්‍රම optical image stabilization ක්‍රම. තව සෙන්සර් එක shift වෙලා
      image stabilization වන ක්‍රමයක් තියෙනවා.

      අනිත් ක්‍රම digital image stabilization ක්‍රම. ඔයා ළඟ තියෙන ෆුජි එකේ තියෙන්නේ digital image stabilization. වඩා සාර්ථක optical image stabilization බව මතක තියා ගන්න.

      Delete
    3. මං ආයේ මේ බ්ලොග් එක බලන් නැ , මොකටද නිකං හීන දැක දැක හිත රිදෝ ගන්නෙ

      Delete
    4. ඉතින් හීනෙන් කැමරාවක් අරන් ෆොටෝ ගහපන් බන්.

      Delete
  7. එහෙම මෝටරුත් තියෙනවද කැමරා ඇතුලේ...
    මං දැනං හිටියට වඩා හෙන සංකීර්ණයිනේ....
    මේකනං හෙන වටින පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. කැමරා ඇතුලෙ නෙමෙයි ලෙන්ස් ඇතුලෙ.
      කැමරා ඇතුලෙනං කොහොමත් මෝටර් තියෙනව. :D

      Delete
    2. @ තරියා , ප්‍රසන්න.

      කැමරා ඇතුලේ මෝටර් තියෙනවා, ඒ ලෙන්ස් එක ෆෝකස් කරන්න යොදාගන්න මෝටර් එක. (මේක මෑත කාලයේ නෙවේ ඔටෝ ෆෝකස් තාක්ෂනය අපු මුල් කාලයේදීම තිබුනා.) නමුත් සමහර DSLR කැමරා බොඩි එකේ මෝටර් එකක් නැහැ. ඒවාට සවිකරන ලෙන්ස් එක ඇතුලේ තමයි මේ ෆොකසින්ග් මොටේ එක තියෙන්නේ.

      VR මෝටර් එක කියපුවහම වරදවා ත්රුම් ගන්න එපා සාමාන්යෙන් අපි දකින මෝටරයක් වගේ කියලා. පහත තියෙන පලවෙනි වීඩියෝ එක බලන්න. මේකෙදි කරන්නේ ඒ ලෙන්ස් unit එක විද්‍යුත් චුම්බක කෙශ්ත්ය`ක්ෂේශ්ත්‍රයක් මගින් චලනය කිරීමක්. මෝටරයක වෙන්නෙත් මේ දෙයම නිසා තමයි මෙතනත් මෝටරය ලෙස හැඳින්වූවේ.

      ** කැමරා බොඩි සහ ලෙන්ස් යන දෙවර්ගය තුලම මෝටර් තිබෙනවා.

      Delete
  8. Sony වල එන්නේ Steady Shot කියලා නේද? මට මතක ඒවගේ. උඹ කියන එක ඇත්ත. ඇත්තෙන්ම ට්‍රයිපොඩ් එකෙන් හුඟාක් කරදර අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සයිබර් ෂොට් නේ...
      ඒකෙදිත් වෙන්නේ මේ සීන් එකමද නැත්තං ෂටර් ස්පීඩ් වැඩි කරන එකද???

      Delete
    2. Sony calls theirs "CyberShot"
      Canon calls theirs "PowerShot"
      Nikon calls theirs "Coolpix"
      Fuji calls theirs "FinePix"

      මේ ව්‍යාපාර නාම (brand names) පමණයි.

      Delete
    3. ඔව් තරියා. Cybershot, Handycam දෙකම. මම අදහස් කලේ Handycam.

      Delete
  9. මේකනම් නොදැනම හිටි කරුණක් අයිලාෂ් බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දැනුම බෙදා ගැනීමට ලැබීම සතුටක්.

      Delete
  10. අපේ ගෙදර තියෙන්නෙ අවුරුදු 10කට විතර කලින් ගනිපු ෆිල්ම් රෝල් දාන කැනොන් මෙව්ව එකක්.. ඒකෙත් හොම්බ පට්ට දිගයි. සූම් කරන්නත් පුළුවන්.. හෙන පත ෆ්ලෑශර් එකකුත් තියේ.. ඒත් ඉතිං රෝල දාල තමයි ගහන්න වෙන්නෙ :(

    ReplyDelete
    Replies
    1. ඕක නාස්ති කරගන්න එපා. අධ්‍යාපනයට හොඳ මෙවලමක්.

      Delete
  11. මාර තාක්ෂණයක්නෙ. ඔයවගේ එහෙක මොකක්හරි ලෙඩක් ආවොත් සොරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දැන් එන හැම තාක්ෂණික උපකරනයක්ම එහෙම නේද?

      Delete
  12. මට නම් ඔව්ව තේරෙන්නෙ නෑ. කැමරාවෙ බොත්තම ඔබන්න විතරයි දන්නේ. ඒකත් මදෑ :-)

    ReplyDelete
    Replies
    1. ඡායාරුපකනය පොස්ට් ටික මුල ඉඳලා කියවුවොතින්, බොත්තම ඔබනවාට වඩා යමක් කරන්න හැකි වේවි. දනට් ඔය බොත්තම එබිල්ලෙන් වෙන්නේ කැමරාවට ඕන විදිහට ෆොටෝ එක වඩින එකනේ, ඔයාට් ඕන විටිහට ෆොටෝ එක ගන්න ඉගෙන ඉගෙන ගන්න.

      Delete
  13. මගේ අත්දැකීම අනුව ඉස්සර මම පාවිච්චි කල Yashica Electro 35 වගේ කැමරාවකට වඩා දැන් තියන point and shoot කැමරාවක වුනත් මේ stability එක බොහොම ඉහලයි.

    ReplyDelete
    Replies
    1. stability පහත එන්නේ shutter speed එක අඩුවෙනකොට, වඩාත්ම ලොකු ටෙලි එකක් එක්ක.

      Delete
  14. කැමරා සාස්තරේට මාව හරියන්නේ නෑ අප්පා :(

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පා....

      ඔයාව සාදරයෙන් පිලිගන්නවා, පරණ පොස්ට් ටික හිමින් සැරේ කියවන්න.

      Delete
  15. විවේකේ මදි සෑර්.
    මේ පොස්ට් එකනම් ගණන් වගේ අප්පා:(

    ReplyDelete
  16. මං ඉතින් කියෝනව විතරයි මේවා. :(

    ReplyDelete
    Replies
    1. කියවීමෙන් දැනීම ලබාගෙන පසුව ප්‍රායෝගික දැනුම ලබාගන්න.

      Delete
  17. අදහසක් තියෙනවා සල්ලි ටිකක් ඉතිරි කරන් ප්‍රොෆෙෂනල් කැමරාවක් ගන්න. එදාට මේවා ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරමු, එක හොඳයි.

      Delete
  18. දන්නේ නැති මාතෘකාවලට කොහොම කමෙන්ට් කරන්ටද මන්දා...:D

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් කරලා තියෙන්නේ.

      Delete
  19. තැන්කූ ....... කරන විදිය දැනගෙන හිටියට වෙන්නෙ කොහොමද කියන එක දැනගත්තේ අද.

    ReplyDelete
  20. කැමරා ඇතුලේ මෝටරුත් තියේද? :O

    ReplyDelete
    Replies
    1. කැමරා ඇතුලේ නෙවයි ලෙන්ස් එක ඇතුලේ :P

      Delete
    2. ශම්මි & කෝරලේ

      කැමරාව ඇතුලේ මෝටර් තියෙනවා, ලෙන්ස් ඇතුලෙත් තියෙනවා. උඩ තරියට දීලා තියෙන රිප්ලයි එක බලන්න.

      Delete
  21. මට බෑ ඉගෙණගන්න.මට ඕන හිනාවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් හිනා වෙයන් බන්, කවුද එපා කිවේ...

      Delete
  22. VR ගැන දන්නවා උනත් ක්‍රියාකරන විදිය දන්නේ අදයි. බොහොම ස්තූතියි අයියේ. මට තියෙන ගැටළුවක් තමයි 55-200mm ලෙන්ස් එක දාලා දුර තියෙන දෙයක් ගනිද්දී ගොඩක් වෙලාවට ඔබ්ජෙක්ට් එක ෆෝකස් කරගන්න අමාරුයි මැනුවල් ෆෝකස් කරත් ෆොටෝ එක ගත්තම ෆෝකස් අවුට් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නය ෆොකසින්ග් නොවීමද? නැතිනම් camera shake එක නිසා පින්තුරේ සෙලවීමද?

      සෙලවීම නිසා වෙන දෙයක් නම්, වැඩි ශටර් වේගයන් යොදන්න නැතිනම් තෙපාවක් බාවිතා කරන්න.


      ෆෝකසින් නොවීම නම් එලෙස වෙන්නේ අඩු ආලෝක තත්වයන් වලදී පමණද? අඩු ආලෝක තත්වයන් පමණ නම ඔය ප්‍රශ්නය තියෙන්නේ, හිත හදාගන්න වෙනවා 55-200 කියන්නේ එතරම් speed ලෙන්ස් එකක් නෙවේ. මේක අඩු ආලෝක වලදී භාවිතා කරන්න ටිකක් අමාරුයි. ඒ වගේ වෙලාවට 70-300 වඩා සාර්ථකයි.

      Delete
  23. ස්තුතියි අයිලාෂ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි

      Delete
  24. හැමදාම මම මොනවාම හරි දෙයක් ඔබගෙන් ඉගෙන ගන්නවා අයිලාෂ් ... ස්තුත්යි ඔබට

    ReplyDelete
    Replies
    1. මේවා මොනවද විදුර, ඔබගේ බ්ලොග් එකෙන් තමයි අපි නොදුටු ලෝකය දකින්නේ, ස්තුති කරන්න ඕන ඔබටයි.

      Delete
  25. Canon EF-S 55-250 mm IS II ලෙන්ස් එකක් ගන්න ඉන්නකොට තමා මේ පෝස්ට් එක දැක්කේ. දැනගෙන හිටිය එකක් වුනත් ආයේ කියවද්දී මතකය අලුත් වුණා.

    ලබන සතියේ වගේ ඔය මම කියපු ලෙන්ස් එක ගන්නවා මගේ Canon කැමරාවට.

    ස්තූතියි අයිලාෂ්

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම්. අලුත් ලෙන්ස් එක ගත්තම ෆොටෝ ටිකක් දාමු අපිටත් බලන්න.

      ඔය ලෙන්ස් එක අඩු මිලට ගත් හැකි ඉතා හොඳ ලෙන්ස් එකක්.

      Delete
  26. http://digital-photography-school.com/how-to-avoid-camera-shake
    කැමරාව හෙල්ලෙනවට කෙල්ලෙකුගෙන් විසඳුම්!
    ඉංග්‍රීසියෙන් තියෙන කතාව පුලුවන්නම් සිංහලෙන් දාන්න. අපේ කොලු කෙල්ලන්ට වැදගත් වේවි.
    මේ ඉස්කොලෙටත් බැඳුනොත් ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනව. කැන්ගරු රටේ ඉස්කොලයක්.
    හොඳම දේ, IT IS FREE!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රබාත් මේ පැත්තේ ගොඩ වුනාට. ඔබ දුන් දිනක් එක බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි.

      Delete
  27. මේව නම් මම දන්නෙවත් නෑ. හැමදාම කැමරාවක් ගන්න ඕනෙ කියල හිතුවට තාම ගන්න බැරි වුනා.ඊමෙල් එකත් ඉල්ල ගත්තෙ විස්තර ටිකක් අහගන්න. ඒකත් කරන්න බැරිවුනා. මේවල ගනන් දකින කොට තරු පේනවා.

    ReplyDelete
    Replies
    1. තරු පෙන්නේ දෙයක් නැහැ ආධුනිකයන්ට අඩු මිලට ගන්න කැමරා තිබෙනවා.

      Delete
  28. මොකෝ මේ දවස්වල දකින්න නැත්තේ අයිලාෂ් අයියා.....

    ReplyDelete
    Replies
    1. අයිලෂ් අයියගේ පුතාට ටිකක් අසනීපයිලු ..ඉතින් බ්ලොග් පැත්තේ වැඩිය එන්න වෙන්නේ නැහැ කිව්වා...

      Delete
    2. මා ගැන සොයා බැලු සියලු දෙනාටම ස්තුතියි.

      පසුගිට ටිකේ ලොකු කරදරයක් උනා. ඒ ගැන වෙනමම පොස්ට් එකක් දාන්න ඕන. සියලු දෙනාගේ දැනගැනීමට. විශේෂයෙන් සමහර දොස්තරලා ගෙන් පරිස්සන් වීමට.

      Delete
    3. සතුටුයි අපහු ආවට.... මෙහෙම දෙයක් ගැන ඉතින් සහන්ගෙන් තමා අහන්න වෙන්නේ.

      Delete
    4. අයිලාස්, උඹේ පුතාට අසනීපයිද? මම දැක්කේ කමෙන්ට් වලින්. මට උඹට ඊ මේල් එකක් එවන්නවත් විදියක් නෑ උඹේ ඇඩ්‍රස් එක නොදන්න නිසා. දැන් කොහොමද මචං පොඩි එකාට?

      Delete
    5. හෙන්රි මම උඹට මේල් එකක් එවුවා විස්තර කියලා.

      Delete
  29. මොකද අයියේ සීන් එක මොකද දැන් ලියන්නේ නැත්තේ පුතාට සනීපද මොකක්ද වෙලතියෙන සිද්දිය. මොකද ඩොකා කරලා තියෙන්නේ? ප්‍රශ්න ගොඩයි. ඉක්මනට ලියනවනම් හොඳයි අපිට දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ. කොල්ලට උන සින් එක පසුව කියන්නම්. ප්‍රශ්නේ තියෙන්නේ අසනීප වල නෙවේ දොකාලාගේ ප්‍රමිතියක් නැති එක. එක එකා කියන්නේ කරන්නේ තමන්ට හිතෙන දේවල්. නමුත් වෙන ඔනම වෘතියක ප්‍රමිතියක් තියෙනවා. මුන් ගේ එහෙම දෙයක් නැහැ.

      Delete
  30. අද තමා ඉස්සෙලම ඔයාගේ බ්ලොග් එකට අවේ. ඉන්ටරස්ටින් පෝස්ට්ස් තොගයක් තියනව. නිවිහැනහිල්ලේ කියවන්න සබ්ක්‍රයිබ් කරගත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම එන්න.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...