Wednesday, August 7, 2013

සල්ලි, දෙය්යන් ගේ මල්ලි


මම කලින් රැකියාව කල ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා නිතරම කිවේ  "මගේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ" කියලා. නමුත්  මං තුමා නම් ඒ කියමන කිසිසේත් විශ්වාස කලේ නැහැ.  ඔහු පමණක් නොවෙයි ,බොහෝ ධන කුවේරයන්  සිතාගෙන සිටින්නේ ද  "මගේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ" කියායි.

නමුත් සල්ලි බලෙන් කරන්න බැරි දේවල් බොහෝම  තිබෙනවා. මේ තියෙන්නේ  මට විද්ද ඊයක තිබුන,  සල්ලි වලින් කල හැකි සහ නොකළ හැකි දේවල් කිහිපයක්. ඉතින් ඒ ටික මම දන්නා විදිහට සිංහල වලට හැරෙවුවා.  එහෙනම් කියවලා බලන්න. ඩුඩ් සෑර්, අඩුපාඩු  පෙන්නලා දෙනවානම් බොහොම පිං.


1. මුදලින්  ඔබට තනතුරු ලබාගත හැකි වුවත් ගෞරවය ලබාගත නොහැක.
With Money you can buy a position but not respect


2. මුදලින් ඔබට පොත් මිලදී ගත හැකි මුත් දැනුම මිලදී ගත නොහැක.
With Money you can buy a book but not knowledge


3. මුදල් ඇත්නම් ඔබට ඇඳක්  මිලදී ගත හැක නමුත්  නින්ද මිලට ගත නොහැක.
With Money you can buy a bed but not sleep


4 . ඔරලෝසුවක් මිලදී ගත හැකි මුත් කාලය මිලදී ගත නොහැක.
With Money you can buy a clock but not time


5. මුදල් ගෙවා වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වුවද, ඔබගේ සෞඛ්‍යය මිලදී ගත නොහැක.
With Money you can see a doctor but not good health


6.මුදල් ගෙවා රුධිරය ලබාගත හැකිමුත් ජීවිතය ලබාගත නොහැක.
With Money you can buy blood but not life


7. මුදල් වැයකර සත්‍ය සැඟවිය හැකිවුවද,  එය ඔබගේ හෘර්ද සාක්ෂියෙන් සැඟවිය නොහැක.
With Money you can hide the truth but not from your soul and heart


8. මුදල් වැයකර චන්දය ලබාගත හැකි මුත් මහජන ප්‍රසාදය ලබාගත නොහැක.
With Money you can win elections but not the respect from citizen


34 comments:

  1. අනේ අනිච්චං මේකා දන්න මගුල..ඔය ඔක්කෝම කරන්න පුළුවන් බං සල්ලි වලින්.. බැහැයි කියල ඔප්පු කරපං..

    ReplyDelete
    Replies
    1. ඊට කලින් පුළුවන් කියලා ඔප්පු කරලා හිටහන්කො.

      Delete
    2. සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් ,

      Delete
    3. අටමෝ ඒකනම් සහතික ඇත්ත.. ඒත් සල්ලි වලට කරන්න බැරි දේවලුත් ගොඩක් තියනවා...

      Delete
    4. // සල්ලිවලට ගොඩක් දේවල් කරන්න පුළුවන්//

      මේ අද දවසට මට ඕක දහවෙනි පාරටත් මතක් උනා බන්ස්ල. එක වියදමක් ඉවර වෙනකොට තව එකක්, කරත්ත රෝදෙ පස්සෙන් එනව වගේ බං. වෙලාවකට හිතෙනව මේ දුක පවත්වගෙන යන්නෙත් ඒක නඩත්තු කරන්නෙත් අපිමයි කියල.

      (අනේ අයිලාස්, මට මේ මෙනුගානෙ බඩ ගාන්න කම්මැලි කමටම අර උපුටනය ටයිප් කරා. මෙන්න මේ මඟුලෙ රයිට් ක්ලික් එක ඉනේබල් කරන්නකෝ.)

      Delete
    5. පුතේ සෙන්නෝ ඔය ටික නං සල්ලි වලින් කරගන්න පුළුවන්. උදාහරණ ඇති තරං තියෙනවා ඇහැ ඇරල බලහල්ලා

      Delete
  2. ඔය ඔක්කෝම සල්ලි වලින් ගන්න පුළුවන්..

    ReplyDelete
  3. 77 න් පස්සෙ බැරිවෙලා තිබුනෙ ගැනියෙක් මිනිහෙක් කරන්ඩ විතරයි. දැන් වලහෙක්ව හාවෙක් කරන්ඩත් පුළුවන්, ඒ හාවත් හත්පොලේ දිවුරල මම හාවෙක්ම කියන රටේ මොනාද මෙයා කතා .

    ReplyDelete
  4. 1. ගම් පලාත්වල ඉන්න සල්ලිකාරයන්ට ගම් වැසියන් 'හාමුදුරුවනේ' කියලා ගරු කරන්නේ මුදල් නිසාය.

    2.මුදල් ගෙවා, පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලුවී, දැනුම ලබා ගත හැක.

    3.මුදල්දී, නිදි පෙත්තක් ගෙන නින්ද ලබා ගත හැක.

    4.කාලය ඉතිරි කරගැනීම සඳහා සමහරු ගුවන් ගමන් කරති. මීට මුදල් ඕනෑය. මෙය කාලය මුදලට ගැනීමකි.

    5.මුදල් ගෙවා, පන්තිවලට යාමෙන්, ගුණදායක කෑම ගැනීමෙන්, එක්තරා දුරකට සෞඛ්‍ය රැක ගත හැක.

    6.ජීවිතයක් බේරා ගැනීමට රුධිරය ඕනෑ විටක එය මුදලට ගත හැක.

    7.සත්‍ය සැඟවීමට මුදල් අවශ්‍ය නොවේ. මේ කරුන අදාල නැත.

    8.මහජන ප්‍රසාදය දැන් කාලේ මුදලට පහසුවෙන් ලබා ගත හැක.

    ඔය මට හිතෙන හැටි :D:D:D

    ReplyDelete
    Replies
    1. මේ මට හිතෙන හැටි..

      1. ඒ හදවතින්ම එන සැබෑ ගෞරවය නොවේය.

      2. මුදල් ගෙවා පුද්ගලික විශ්ව විද්‍යල වල්ට ඇතුල් වීම මුදල් ගෙවා පොත් ගැනීමට සමානය. මුදල් ගෙවා උන්මන්තකයෙකු එයට ඇතුල් කළහොත් ඔහුට දැනුම ලබා ගත හැකිද ?

      3. එය කෘතිම නින්දකි. එය ලබන්නා කෙතරම් අකමැත්තෙන් එය ලබයිද යන්න දැන ගත හැක්කේ නිදි පෙති බොන්නෙකුගෙන්ම පමණී. ස්වාභාවික නින්ද මුදලට ගත නොහැක. ඒ සඳහා සන්තෘෂ්ඨිය අත්‍යවශ්‍යය.

      4. එය කාලය ඉතිරි කර ගැනීමක් මිස මිළදී ගැනීමක් නොවේය. දවසේ වැඩ ටික කර ගැනීමට පැය 24 ප්‍රමාණවත් නොවේනම් ඔබට වෙන කෙනෙකුගෙන් පැයක් මිළදී ගත නොහැකිය.

      5. මෙයට යම්තාක් දුරට එකඟ විය හැකිය. එහෙත් සමහර රෝග ඉදිරියේ මුදල බලු වේ.

      6. මෙය අදාල වේ. අල්ලස් දී කෙනෙකුව නිහඬ කරවිය හැකි වුවත්, හෘද සාක්ෂිය ඒ මුදලින් යටපත් කළ නොහැකිය.

      7. එකට දුන්නු පිළිතුරම මෙයටත් අදාල වේ..

      Delete
    2. ඒ කියන්නෙ පොඩ්ඩිගෙ හිතන එකත් ධනපති පන්තියෙ එකක්, මෙන්න ලිඛිත සාක්‍ෂි. :D

      Delete
    3. හදවතතත් සල්ලි වලට ගත හැක. ගත නොහැකි දේ හෘද සාක්ෂිය පමණි. හුටා දැං ඒකත් නඩු වාර වලිදි මුදලට ගත හැක..

      Delete
  5. සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියන තැන මමත් නැහැ.
    හුගක් දේ මුදල් වලින් කල හැකි බව ඇත්ත නමුත් හැමදේම නෙමේ..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කාසි වලට ගන්නත් බැහැ කාසි වලට දෙන්නත් බැහැ මනුස්සකම මිනිස්සුනේ...
    කාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නැහැ මනුස්සකම මිනිස්සුනේ....

    ReplyDelete
    Replies
    1. පහසුවෙන්ම සල්ලි වලින් ගන්න පුළුවන් එක තමා “මනුස්සකම“

      Delete
  8. සල්ලි අපිට විහිලු කරයි

    ReplyDelete
  9. සල්ලි සල්ලි සල්ලි... ඔයදේ නිසානේ අපිත් මෙහෙම දුක් විදින්නෙ මෙහෙට වෙලා..

    ReplyDelete
  10. සතුට මුදලට ගත නොහැක. නමුත් සතුට ලබාගැනීමට අවශ්‍ය බෝහෝ දේවල් ලබා ගැනීමට මුදල් අවශ්‍යය.

    එසේම:

    WHEN MONEY TALKS, IDEOLOGY WALKS!

    ReplyDelete
  11. ඇයි අයියා, සල්ලි විසිකරනකොට කෙල්ලො පන දෙන්න පස්සෙන් ආවට සැබෑ ආදරයක් කවදාවත් සල්ලිවලට ගන්න බෑ. :)

    ReplyDelete
  12. සල්ලි දෙයියන්ටත් ඉහලයි. දෙයියොත් සල්ලි වලට ගන්න හැකියි.. හැබැයි එකක් තියෙනවා සල්ලි සදාකාලිය දෙයියෙක් නෙමෙයි. එතකොට ඒකෙන් ගත්ත හැම එකක්ම දංවැලේ පුරුක් වගේ ගැලවෙනවා

    ReplyDelete
  13. මෑරෙන එක ඈරුනම අනිත් හෑමදෙම සල්ලි තියෙනව නම් අපිට ඔන විදියට වෙනස් කරගන්න පුලුවන් .

    ReplyDelete
  14. මටත් හිතෙන්නේ වෙන්නේ නෑ කියල හිතුන ගොඩක් දේවල් සල්ලි තිබුනානම් වෙයි කියලා. සල්ලි තියනම් අනික් ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්. කෘතිමව හරි.

    ReplyDelete
  15. සිරි ලංකාවට ඉහත ප්‍රකාශ වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න........

    ReplyDelete
  16. ඇත්තටම මේක හෘද සාක්ෂිය සම්බන්ධ දෙයක්

    ReplyDelete
  17. මෙතන කියල තියන සමහර දේවල් ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  18. ඉහත කියල තියෙන 5,6, 7 ට මාත් එකඟයි. අනෙක් ඒව නෑ කියනව නෙමේ. නමුත් ඒව ටිකක් එහ මෙහා කරන්න පුලුවන් සල්ලි වලින්.

    කොච්චර සල්ලි තිබුනත්, ඔටිසම්, මොන්ගොලිස්ම් වගේ හැදුන කෙනෙක්ව නිට්ටවට සුව කරන්න බෑනෙ.

    ReplyDelete
  19. සල්ලිවලට හිතේ සතුට ගන්න බැහැ වගේම සතුටින් සිටීම සදහා යම්තාක් දුරකට මුදලුත් උවමනායි.

    ReplyDelete
  20. ඔය සීන් එක ගැන මට හොඳම උපදේසේ දුන්නේ අපේ ෆැකල්ටියේ කැන්ටිමේ වැඩ කරපු අයියා කෙනෙක්.එක දවසක් මොකක් හරි දෙයක් අරං සල්ලි මදි වෙලා මම ඒ අයියගෙං ඇහුවා 'අයියේ සල්ලිද වටින්නේ මිනිස්සුද?' කියලා.එතකොට ඒ අයියා කිව්වා 'සල්ලි තියෙන මිනිස්සු මල්ලි ' කියලා.

    ReplyDelete
  21. දැන් මේ රටේ ඉන්න ගොඩක් රට හරක් ආචාරියෝ, තරුණ නීති පුතාලා, ක්‍රීඩා බේබිලා ඔය යස අගේට ඔක්කොම කරන තියෙන්නේ සල්ලි වලට....

    ඔය කතාව අදාල වෙන්නේ ලැජ්ජා බයක් ඇතිව, අවංකව වැඩ කරන උන්ට විතරයි.

    ReplyDelete
  22. මට මේකට මේල් එකක් දාපන්කෝ පොඩි උපදෙසක් ගන්න කැමරාවක් ගැන ,

    chamiblogz@gmail.com

    ReplyDelete
  23. කියවන ගමන් කල්පනා කරේ තව මක්කද මේකට add කරන්න පුළුවන් කියාලා . හැක හැක හැක

    ReplyDelete
  24. අදහස් දැක්වූ සැමට බෙහෙවින් තුති.

    සෙන්නා සහ DDT පිලිතුරු සපයා ඇති බැවින් නැවත ඒ පිළිබඳව පිළිතුරු සැපයීම අවශ්‍ය නැති බව මගේ හැඟීමයි. මගේ පුද්ගලික මතය නම් මුදල් අපට අවශ්‍යය, නමුත් මුදලින් කල හැකි දේ ඉතා සීමිත බවයි. එබැවින් මුදලට ගිජු නොවී එය ජිවිතයට අත්වැලක් පමණක් කරගැනීම වඩා සුදුසු බවයි.

    මෙහි පළවූ කොමෙන්ට් වලින් අද සමාජයේ මුදල පිලිබඳ ඇති ආකල්ප මනාව පැහැදිලිවේ. බොහෝ අයගේ අදහස වන්නේ මුදලින් නොකළ හැකි දෙයක් නොමැති බවයි. අද සමාජයට ගසා ඇති හෙනයද මෙයයි, ඒ නිසාම තමයි සියලුම සාර ධර්ම පසෙක ලා මුදල පසුපසම හඹා යන සමාජයක් බිහි වී ඇත්තේ.

    ආගමක් ධර්මයක් පවා අවශ්‍ය නැතැයි කියන, මුදලින් හැම දෙයක්ම කල හැකියි සිතන අය කොපමණ බියකරුද යන ප්‍රශ්නය මතුවේ.

    ReplyDelete
    Replies
    1. සල්ලි මිටියක් අතේ තියාගෙන ඕක හිතහං...

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...